ආයෙත් Photoshop

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    මෙන්න සිද්දිය.....

    377123_271179676254550_193218727383979_717462_1556003726_n.jpg
     
    Sep 24, 2011
    324
    113
    0
    උපුටා ගැනීම -
    276753_221718904541390_7118854_q.jpg


    පොදු රාජ්‍ය මණ්ඩලීය 22 වැනි රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ රාජ්‍ය නායකයන් හා දූත පිරිස් වෙත මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජන ඕස්ට්‍රේලියාවේ පෑන් පැසිෆික් හෝටලයේ දී 28 දා රාත්‍රි භෝජන සංග්‍රහයක් පිරිනැමුවාය.

    එම භෝජන සංග්‍රහයට එක්වූ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රැජින විසින් අතටඅත දී පිළිගන්නා ආකාරය ජනාධිපති මාධ්‍යය ඒකකය විසින් අද පුවත්පත්වලට නිකුත්කොට තිබුණි.


    රැජින විසින් ජනාධිපතිතුමාට අතට අතදී පිළිගෙන තිබුණි.නමුත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් එම ජායාරුපය නිකුත් කලේ සම්පුර්ණයෙන් විකෘති කරය.එසේ කිරීමට ඔවුන්ට බලයක් ඇතිදැයි හා එයින් ඔවුන් බලාපොරොත්තුවන්නේ කුමක්දැයි අපි නොදනිමු.


    මෙහිදී අප විසින් අවධාරණය කරනු ලබන්නේ රැජින ජනාධිපතිවරයාට අතට අත දුන්නේ නැති බව නොවේ.

    ජනාධිපති මාධ්‍ය අංශය විසින් රැජින විසින් ජනාධිපතිවරයාට අතට අත දුන් සත්‍යය ජායාරුපය විකෘති කර තිබීම ගැනය.

    එම ජායාරුපය පහතින්
    පළමු ජායරුපයෙන් දැක්වෙන්නේ ජනාධිපතිවරයා රැජිනට අතට අත දීමට මොහතකට පෙර ගත් ජායරුපයකි

    MR-NEW.jpg


    ජනාධිපති තුමා මහ රැජින ලඟ සිටින පුද්ගලයාට අතට අත දී ඊලඟට මහ රැජිනට අතට අත දෙන අවස්ථාව වන විට පසුබිම පුදුමාකාර ලෙස වෙනස්වී ඇති බවක් දක්නට ලැබෙනවා.

    පලමු ජායාරූපයේ පසුබිමෙන් ඇති බිත්තියේ නොමැති කලු පැහැති බීඩින් ටයිල් පටියක් දෙවන ජායාරූපයේ මතු වී තිබෙනවා. රජ පවුලේ ෆේස්බුක් ජායාරූප එකතුවේද එලෙස එම වෝල් ටයිල් පටිය දක්නට ලැබෙන්නේ නෑ...


    බිම එලා ඇති කාපට් වල ජනාධිපති තුමා සිටින කොටස පමනක් දෙවන ජායාරූපයේ ඇදීගොස් තිබෙනවා

    රජ පවුලේ නිල ෆේස්බුක් ජායාරූප එකතුවේද එම අවස්ථාව දැක්වෙන ජායාරූප වල එලෙස එම වෝල් ටයිල් පටිය පහත පරිදි දක්නට ලැබෙන්නේ නෑ.

    MR-2.jpg



    30photoshopfail.jpg