කටට රහට උයමු.....අඹ ව්‍යංජනයක් - EK cookery class(10)

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කටට රහට උයමු.....අඹ ව්‍යංජනයක් - EK cookery class(10)

    අඹ උයමු..........!!!

    මේ ත්‍රෙඩ් එක විශේෂයෙන් ම පිළිගන්වන්නේ අපේ සෝමපාල සහෝදරයටයි. එතුමා උඩුගත කර තිබූ ෆොටෝ ෂොප් පැකේජ් එකේ ඉන්ටෝලේෂන් එක මගින් තමා මම දැන් මේවට ඕන කරන ෆොටෝ ටික හදා ගන්නේ. එතුමා පියෙකු වන්නට යන සතුටුදායක ප්‍රවෘත්තිය සති කීපයකට පෙර එළකිරියේ දාලා තිබුණා. මේ අඹ ව්‍යංජනය එතුමා ගේ ප්‍රියාදර බිරින්දෑට තනා දෙනු ඇතැයි මම උදක් ම බලාපොරොත්තු වෙනවා.

    අවශ්‍ය දේවල්.

    mango1.jpg


    1. පොත්ත ඉවත් කර තරමක කැබළි කපා ගත් හොදින් පැසුණු අමු අඹ ග්‍රෑම් 500ක්
    2. මිරිස් කුඩු මේස හැදි 3/4 ක්
    3. තුනපහ කුඩු මේස හැදි 2ක්
    4. කහ කුඩු මේස හැදි 1/4 ක්
    5. රස අනුව ලුණු
    6. කුරුදු පොතු සෙ.මී 2ක කැබැල්ලක්
    7. සිහින් ව ලියූ රතු ළූණු
    8. සිහින් ව ලියූ සුදු ළූණු
    9. කබලේ බදින ලද උළුහාල් ඇට 20ක් පමණ
    10. සිහින් ව ලියූ අමු මිරිස් කරලක්
    11. සීනි මේස හැදි 3ක්
    12. කරපිංචා ඉති 2ක් පමණ
    13. අබ ඇට තේ හැදි භාගයක්
    14. තරමක් ලොකුවට ලියා ගත් ලොකු ළූණු ගෙඩියක්
    15. සිහින්වට පෙති ගසා ගත් සුදු ළූනු බික් 2ක්
    16. සිහින් ව ලියූ වියළි මිරිස් කරල් 2ක්
    17. රම්පෙ සෙමී 4ක් පමණ කැබැල්ලක්.

    සහ (රූපයේ නොමැත) 18. එනසාල් කරලක් සහ කරාබු නැටි දෙකක්.
    19. පොල් කිරි -දියකිරි කෝප්ප 1ක්
    20. පොල් කිරි-මිටි කිරි කෝප්ප භාගයක්
    21. තෙල් මේස හැදි 2ක්


    සාදන ක්‍රමය.

    mango2f.jpg


    A.මැටි වළදක් ලිප තබා තුනපහ සහ මිරිස් කුඩු කබලේ බැද ගන්න.

    B.තුනපහ සහ මිරිස් මෙලෙස දුඹුරු පැහැ වනතෙක් බැද ගත යුතුය.

    C.බැද ගත් තුනපහ/මිරිස් මිශ්‍රණයට අඹ කැබළි එක්කර හොදින් කවළම් කර ගන්න. මෙයට ම ලුණු, කහ, කුරුදු පොතු සෙ.මී 1ක කැබැල්ලක්, සිහින් ව ලියූ රතු ළූණු, සිහින් ව ලියූ සුදු ළූණු, උළුහාල්, සිහින් ව ලියූ අමු මිරිස්, කරපිංචා ඉත්තක් සහ රම්පෙ සෙමී.2ක් පමණ කොටසක් එක්කර න්න.

    D.දියකිරි කෝප්ප 1ක් එක්කර මද ගින්නේ වසා අඹ කැබළි තැම්බෙන්නට හරින්න. නිතර හැදි ගෑමෙන් වලකින්න. නිතර හැදි ගෑමෙන් අඹ කැබළි දිය වී යාමට පුළුවන.

    mango3.jpg


    E.අඹ කැබළි තැම්ඹුණු පසුව සහ දිය ගතිය මදක් සිදුණු පසුව මිටි කිරි කෝප්ප භාගය එක්කරන්න. මිටි කිරි නැටූ පසු අඹ ව්‍යංජනය මැටි ඇතිළියෙන් ඉවත් කරන්න.

    F.මේ මැටි ඇතිළියට ම තෙල් මේස හැදි 2ක් දමා හොදින් රත් වූ පසු ඉතිරි කුරුදු පොතු සෙ.මී 1ක කැබැල්ල, ඉතිරි රම්පෙ සෙ.මී 2ක කැබැල්ල, කරපිංචා ඉත්තක්, ලොකුවට ලියා ගත් ලොකු ළූණු, පෙති ගසා ගත් සුදු ළූනු, සිහින් ව ලියූ වියළි මිරිස් කරල් 2, එනසාල් කරල සහ කරාබු නැටි දෙක සහ අබ තේ හැදි භාගය දමා බැදෙන්නට හරින්න. අබ ඇට පිපුරුණු පසුව සීනි මේස හැදි 3 එක් කරන්න.

    G.සීනි වල කැරමල් පැහැය යන්තමට එන විට ඉවත් කළ පිසූ අඹ ව්‍යංජනය මෙයට එක්කරන්න. හොදින් එක්වරක් කළවම් කර ගන්න.

    H.මෙසේ පිසූ අඹ ව්‍යංජනය ඇඹල් රස, සැර රස සහ පැණි රසයක් ලබා දෙන බත් පිගන් කීපයකට වගකිව හැකි වන එකකි. බොහෝ ගැබිණි මව්වරුන් ඉතාමත් ආසාවෙන් රස බැලීමට බලා හිදිනා අහරකි.


    මෙය පළ කිරීම වෙනුවෙන් මා හට කරනු ලබන හොදම සැළකිල්ල නම් ගැබිණි මාතාවකට මෙම අහර ඔබේ අතින් උයා දීම බව මම විශ්වාස කරමි.......!!!!!!
    ඔබේ යෝජනා සහ අදහස් පළකිරීම අගය කරමි.!!
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    තෑන්ක්ස් වෙන කෑමගැන දාපු පෝස්ට් තියෙන වනම් දාන්න:D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කටට කෙළ උනනවෝ.. දත් හිරිවැටෙනවෝ.. කීරි ගැහෙනවෝ (දත් ටික)
    එලම කිරි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කටට කෙළ උනනවෝ.. දත් හිරිවැටෙනවෝ.. කීරි ගැහෙනවෝ (දත් ටික)
    එලම කිරි

    :yes::yes::yes:
    උයන්ඩත් ඉගෙන ගන්ඩ ඔනේ ඉන්න ගමන් :)
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    කෙළ පෙරෙනවෝ!!!!!!!!!!!!!!!!!

    මම පොත්ත කන්න තමයි වැඩිය ආසා!!
     

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,098
    113
    Hali-ela
    දුක හිතෙන පොස්ට් දන්නා එපා දතෝ.මම කොහෙන්ද මෙහෙ අඹ හොයන්නේ..:baffled::baffled:
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    එල එල අපි නම් මේක බලාගෙන මාළුයි,පරිප්පුයි එක්ක බත් කන ගමන්..හී හී..:yes::yes::lol:
    දැකීමත් එක කෑමක්ලුනේ...
    cv+EZfiXqfOcEAAAAASUVORK5CYII=

    You have given out too much Reputation in the last 24 hours, try again later.
    thawa 1 hr meka hariyayi...i'll be back for u..:cool:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    Happatasiri balapanko ithin uba mata kola wade. yasa ageta nidagena hitiya man.
    ape mayiya meka balala mawa nagittola den town yannalu amu amba genna :(
    me patta wesse den palako ithin aba genna.

    kamak nha man deepu dekin ekek hari prayojana gatta eka gena santhosayi. den ithin man town gihin amba genalla hadala dennam wifta thanks wewa dathoo
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    Happatasiri balapanko ithin uba mata kola wade. yasa ageta nidagena hitiya man.
    ape mayiya meka balala mawa nagittola den town yannalu amu amba genna :(
    me patta wesse den palako ithin aba genna.

    kamak nha man deepu dekin ekek hari prayojana gatta eka gena santhosayi. den ithin man town gihin amba genalla hadala dennam wifta thanks wewa dathoo

    :):):):):):):):P:P:love:
    ෆොටෝ ෂොප් වලට කෙළවුණා බං........:(:(
    උඹ අප් කරපු එක බාල තමා මම දැන් පාවිච්චි කරන්නේ........
    මම රත් වෙලා උන්නේ...ආයෙ කෑම හදල ඉවරයි කියලා.........:dull:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    මම හිතුවා කිඹුලා උයන ත්‍රෙඩ් දාන එක නවත්තලා කියලා මාත් ආසම කෑමක් තමයි අඹ උයලා :P:P:P:P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    :):):):):):):):P:P:love:
    ෆොටෝ ෂොප් වලට කෙළවුණා බං........:(:(
    උඹ අප් කරපු එක බාල තමා මම දැන් පාවිච්චි කරන්නේ........
    මම රත් වෙලා උන්නේ...ආයෙ කෑම හදල ඉවරයි කියලා.........:dull:

    hammeee rata wqate duwala amba hoyan awa den ithin uyanna epayi:eek::eek:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උපරිමයි..මචන් !! මමත් ආසම කෑමක් ... :D බත් එක්ක නිකන් උනත් කන්න පුළුවන් මෙලෝ අප්පිරියාවක් නැතුව .. මේක මායියට කියල හදෝගන්න ඕන .. මම මේක හදන්න ගියොත් අඹ නෙමේ දෙල් වෙන්නේ :P