ලෝකයේ ප්‍රසිද්ධම හාදුව

shenu

Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    හාදුව

    311087_278611445511373_193218727383979_739120_725630003_n.jpg


    මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ මෙතෙක් ලෝකයේ මිනිසෙකු කාන්තාවකට දුන් වඩාත්ම ආන්දෝලනාත්මකම හාදුවයි, එසේම එය 20වන ශතවර්ශයේ සුප්‍රසිද්ධම ඡායාරූප වලින් එකකි.

    V-J Day in Times Square යනුවෙන් හැදින්වෙන මෙය ඡායාරූපයට නගා ඇත්තේ Alfred Eisenstaedt නම් ඡායාරූප ශිල්පියායි. V-J Day නමින් හදුන්වන්නේ දෙවන ලෝක යුද්ධයට නැවතීමේ තිත තබමින් ජපානය යටත් වූ 1945 අගෝස්තු 14 වන දිනයයි.

    දෙවන ලෝක යුද්ධයේ නිමාව එවකට ඇමරිකානු ජනාධිපති Harry S. Truman නිවේදනය කල විට ප්‍රීති ප්‍රමෝදයට පත් ඇමරිකානු නාවිකයෙකු පාරේ ගමන් කරමින් සිටි හෙදියක් සිප ගන්නා ආකාරය මෙම ඡායාරූපයෙන් නිරූපනය වේ. ඉන් සතියකට පසු මෙම ඡායාරූපය Life සගරාවේ පල විය.

    ඉන්පසු දශක ගණනාවක් පුරා බිලියන ගණනක් ලෝක වාසීන් නරඹා ඇති මෙම සුප්‍රසිද්ධ ඡායාරූපයේ සිටින හෙදිය සහ නාවිකයා හදුනා ගැනීමට වසර ගණනාවක් ගත විය.
    1970 දශකයේ අග භාගයේදී Edith Shain නම් කාන්තාව ඡායාරූප ශිල්පියා වන Eisenstaedtට ලියූ ලිපියකින් ඡායාරූපයේ සිටින්නේ තමා බව ප්‍රථමයෙන් හෙලි කලාය.
    වසර 91ක් ආයු වලදා 2010-06-20 වන දින ඇය මිය ගියාය.

    2005 අගෝස්තු මාසයේදී George Mendonça නමැත්තා මෙම ඡායාරූපයේ සිටින නාවිකයා බවට හදුනා ගත් අතර ඒ සදහා Mitsubishi Electric Research Lab නම් ආයතනය මෙම ඡායාරූපය විශ්ලේෂනය කර ඡායාරූපයේ නාවිකයාගේ සිරුරේ ඇති කැලැල් සහ පච්චා සලකුනු George Mendonçaගේ සිරුර සමග සැසදුවේය.
     
    Last edited:

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    උබට ඕක දාන්න තිබ්බේ අපේ යුද්දෙ ඉවර වෙන්න කලින් :P +
     
    • Like
    Reactions: shenu