ගීතයක තේරුම ?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    එහෙනං මේකෙ තේරුම කියමු බලන්න :
    image.php

    :P :P
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    තොත්ත බබා;11417334 said:
    මේකෙ කියන්නෙ එකම ගෑණුළමයව දෙන්නෙක් දැකපු විදිහක්..
    එක්කෙනෙක් දකිනව ගිණි මලක් ( රාගික ) විදිහට
    අනික් කෙනා ඒ ළමයවම දකින්නෙ පුර හඳක් වගේ සෞම්ය විදිහට

    එක එකා බලන විදිහනෙ ඉතිං
    :rolleyes:

    Gini_Malak_Pipunaya_Dorakada_Kithsiri.jpg

    මට හිතෙන්නේ දොරකඩින් එබී බලපු කාන්තාව නිමේෂයකට ඔවුන්ගේ රාගික සිතිවිලි අවදි කල හැටි.ඇය ඔවුන්ගෙන් ඈතට ඇවිද යද්දී ඇය ගැනම ඔවුන් සිතපු හැටි ..
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos

    තවත් අර්ථ කතනයක්

    සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
    ගණඳුරු රෑ - තනිකම නෑ
    සොයා එන්න ගණඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි

    ජීවිතයම සතු එකම සුවේ
    හී සර පහරක වෙළෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ

    මා නැත අන් සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන හිඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා

    මේ ගීතයට නිමිති වන්නේ එක්ව වසන යුවළකි. විවාහක යුවළක් යයි කියමු. දිවියේ රස තැන් සුව තැන් කටුක ඉම් පසුකොට එළඹෙන එක්තරා මොහොතක බිරිඳ මෙතෙක් වූ බැඳීම නිමා කොට වෙනත් පෙම්වතෙකු හා නික්ම යාමට සැරසෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ බිරිඳ නොදන්නේ වුව ද සැමියා ඈ යන්නට සැරසෙන`යුරු ඇයටද නොදැනෙන සේ නිහඬව බලා සිටීමයි. ගීතය සිතුවම් වන්නේ ඒ මොහොතේ දී බිඳෙන ඉපදෙන ඔහුගේ සි‍තුවිලි රළ අනුවය.

    "ජීවිතයම සතු එකම සුවේ
    හී සර පහරක වෙළෙනු පෙනේ"

    අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම සිය සමස්ත පැවැත්මෙහි ප්‍රමෝදය ඔහු ද කේන්ද්‍රගත කොට ඇත්තේ තමන් පෙම් කළ මේ ගැහැණියට හා සමග බැඳි බැඳීමටය. "ජීවිතයම සතු එකම සුවේ" යනුවෙන් ඔහු පවසන්නේ එයයි. ප්‍රේමයෙහි උන්මාදය ද තමන්ට තමන් අහිමි කර ගැනීම ද ස්වකිය පරම උත්කර්ෂය අනෙකාට පිදීම ද එහි වෙයි. ඇගේ වෙනස ඔහුට දැනෙයි..සංවේදනය වෙයි.. ඒ එක්ව ගෙවී ගිය සුවහසක් නිමේෂයන්ගෙන් ලද දැනුමයි. ඇය වෙළෙන්නේ ක්ෂණික හී සරයකය. එය අනෙකෙකුගේ ඉංගිතයක්, මදහසක්, ඇරයුමක් විය හැකිය. ඔහු පරම සුවය ලෙස සැළකූ ප්‍රේමයේ බන්ධනය හැරදා ඇය එහි බැ‍ඳෙයි.

    "මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙක් සොයනු දැනේ"

    ඔහු ඇදහූ පරිදි ඈ ලොව දුටු නෙත් ඔහුගේය. පාරිශුද්ධ පෙම හා සංකලනය වී සතු කර ගැනීමේත් හිමිකම දැරීමේත් පුරුද්ද එහි දී මතුවෙයි. අනෙක් අතට ගැහැණිය ද නික්ම ගොස් ලබන්නට තනන්නේ බන්ධනයන්ගෙන් නිරවුල්වූ සැනසිල්ල හෝ පිරිමියාගේ දෑසින් නොව සිය දෑසින් ලොව දැකීමේ ස්වාධීනත්වය හෝ නොවේ. ඈ යළිත් පිවිසෙන්නේ සියළු ජීවින්ට පොදු වූ පරිදි තෘප්තිය හෝ සැනසිල්ල සොයා යාමේ අනවරත අරගලයටය. කෙනෙකුගෙන් ඉක්බිතිව තවෙකෙක්...ආශයන් පදනම් කොටගත් චෛතසිකයේ ස්වභාවික ස්වභාවය හෙවත් නොනවතින ගමන.

    "මා නැත අන් සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන හිඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා"

    සිතුවිලි කැළඹුණ ද ඔහු ඇගේ මේ තැත දෙස තැන්පත්ව බලා සිටියි. නික්මෙන්නට සැරසෙන ඈ නවතන්නට උත්සාහ නොදරයි. ශිෂ්ට යයි සම්මත සමාජයේ සුපුරුදු වියරු සහගත ප්‍රතිචාර වන යැදීම් හෝ තර්ජන ඔහුලෙන් නික්මෙන්නේ නැත. නොසරුප් බසින් බෙණෙමින් කඩු පිස්තෝල සොයා නොදුවයි. තමන් අන් සතු සිතක් නොබිඳි බැව් ඔහු දනියි. ඔහුගේ එකම ප්‍රතිඋත්තරය දෑත් බැඳ බලා සිටීමයි. බොහෝ විට ඒ පරිචය ඔහුට මුල පටන් නොතිබෙන්නට ඇත. කාලයේ තුවාල දැරීමම ඔහුට ඒ පන්නරය හිමි කළා විය හැකිය. එබඳු චරිත අපට සාහිත්‍යයේ දී මතු නොව සැබෑ ජීවිතයේදී ද ඉඳහිට හමුවෙයි. එක්ව යා නොහැකි තැන වෙන්ව යාමට ඉඩ දෙමැයි සමුනොගෙන නික්ම යන බිරිඳට ඔහු සිතින් පිළිණ දෙයි. සිදුවූ දෙය ලොවට හඬගා කියනු හැකිද? එක් අතෙකින් පවුල සහ සමාජයය. අනෙක් ප‍සින් කාලය විසින් හිමි කොට දුන් සංයමය සහ හික්මීමය. එය අත්දැකීම් විසින් පණ පෙවුණු හැඟීම් විරහිත ගූඨ චිත්තාවක ඉපදෙන ශුන්‍යවාදී සිතුවිලි සමූහයක ප්‍රතිවර්තනයක් ද?

    එය එසේ නොවන බැව් අපට ඇඟවෙන්නේ ඔහු ගණඳුර අමතන අයුරු දකින විටය.

    "සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
    ගණඳුරු රෑ - තනිකම නෑ ...
    සොයා එන්න ගණඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි"

    ඔහු තුළ ඇති සෞන්දර්යය මේ ඝණඳුරෙහි ද මිය ගොස් නැත. මේ මොහොතේ ඔහුට එළිය දීමට කිසිදු මිනිස් ප්‍රාණයක් තබා සඳ ද සමත් නොවන බැව් ඔහු දනියි. මෙතෙක් එළිය දුන් සඳ අඳුරෙහි ගිලී ගොසිනි. සියල්ල නිහඬය. අත්හැර දමනු ලැබ ඇත. එහෙත් ඔහු පූර්ණ වශයෙන් වේදනාවෙන් මිදී ඇත්තේ නොවේ. තනිකම නෑ කීවද මිනිස් ස්වභාවය ප්‍රකට කරමින් ඔහු හුදෙකලාවෙන් පෙළෙයි. ඔහු පිළිසරණ ලෙස හඳුනා ගන්නේ අඳුරය. සඳ අහිමි වූ කල තරු වලින් කවර ඵල ද? අතේ දුරින් සිටින ඔහුගේ ප්‍රේමයේ සජීවී සංකේතයට වඩා ඒ ගණඳුර ඔහුට ළඟය. අඳුරෙහි සැඟවීම තුළ ඔහු සිය වේදනාව ද සිතුවිලි ද සඟවයි.

    උපුටා ගැනීමකි ..
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    අහස සේ ඔබ අනන්තයි

    අහස සේ ඔබ අනන්තයි

    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි
    ඔබ අනන්තයි....

    වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
    මධු විතක් උතුරන තැනත් ඔබ
    තෙලි තුඩක් දැවටෙන තැනත් ඔබ
    පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

    අඩ සඳක් සැඟවෙන තැනත් ඔබ
    රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ
    සිසිලසක් දනවන තැනත් ඔබ
    උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ

    මානව සෞන්දර්යයේ උල්පත නම් ප්‍රේමය යි. ඉ'නුදු පුරුෂයෙකු හා ස්ත්‍රියක අතර ඇතිවන කායික මෙන් ම ආධ්‍යාත්මික බැඳීම, අතිශය සුපසන් මෙන් ම උත්කෘෂ්ට ද වේ. සැබෑ ප්‍රේමයේ පවත්නා සුන්දරත්වය පිළිබඳ මේ මනරම් හැඟීම, අපූර්ව සංකල්ප රූප පද්ධතියක් ඔස්සේ ශ්‍රාවක සිත්හි රංජනය කිරීමෙහි ලා පද රචක සුනිල් ආරියරත්න මැනවින් සමත්වෙයි;

    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි
    ඔබ අනන්තයි....

    සැබෑ පෙම තුල පවත්නා පරම රමණීයත්වය මේ යැයි වචනයෙන් කිවහැකි නොහේ.

    එය අහස මෙන් අනන්ත ද සයුර මෙන් අපරිමිත ද වෙයි. අසංඛ්‍ය වූ විශ්වය කැටිව ඇත්තේ ද ඒ තුළ ය. අනතුරුව සියලු වස්තූන් මෙන් ම ජීව අජීව ක්‍රියාදාමයන් තුළ ද, පවත්නා සුන්දරත්වය ප්‍රේමය වෙතට ආරෝපණය කරන පද රචකයා, විශ්ව සෞන්දර්යය පවා පෙරළා මුළු මහත් මානව සංහතියේ ම කායික - ආධ්‍යාත්මික සුපරිපූර්ණත්වය හා බැඳීම හරහා ම ආස්වාදනය කළ හැක්කක් වන බව ඉඟි කරයි;

    වෙණ තතක් හැඩවෙන තැනත් ඔබ
    මධු විතක් උතුරන තැනත් ඔබ
    තෙලි තුඩක් දැවටෙන තැනත් ඔබ
    පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

    අඩ සඳක් සැඟවෙන තැනත් ඔබ
    රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ
    සිසිලසක් දනවන තැනත් ඔබ
    උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ

    සැබැවින් ම එවන් පරමාදර්ශී තථ්‍ය, සුන්දර ප්‍රේමයක් පංති සමාජය නම් ගවර වළෙහි එරී සිටින අසමාන කායික, ආධ්‍යාත්මික වර්ධනයෙන් යුතු ස්ත්‍රී පුරුෂයන් හට කිසිසේත් ම අත්පත් කර ගත නො හැක්කේ ම ය.

    එබැවින් මේ පද සරණියේ සමස්ත වේදිතය හරහා, එවන් සුපරිපූර්ණ කායික හා ආධ්‍යාත්මික බැඳීමකට සතුරුව පවත්නා සමාජ කොන්දේසි ඉක්මවා යාමෙහි උත්තේජනයක්, නිරායාසයෙන් ම අප හදවත් හි ජනිත වේ.

    සත් කලා කෘතියක් ඇසුරු කිරීමෙන් සහෘදයා තුළ සැබැවින් ම ඇතිවිය යුත්තේ ද එවන් විමුක්තිකාමයක් ම ය.

    සුනිල් ආරියරත්නගේ, අන්‍ය පෙම් ගී හා සසඳන කල්හී, පණ්ඩිතමානී සකු-සක්ක පදවලින් තොර සරල සුගායනීය වදන් මාලාවක් උපයෝගී කොට තිබීම ද, මේ පද සරණියෙහි රුව වඩවාලන්නක් ම වේ.

    සුනිල් ආරියරත්නගේ ව්‍යායාමය බබළවාලනු සඳහා නන්දා මාලනීගේ මියුරු හඬ ද රෝහණ වීරසිංහගේ අපූර්ව සංගීත නිර්මාණය ද සැපයූ දායකත්වය අපමණි.

    අහස සේ ඔබ අනන්තයි
    සයුර සේ ඔබ අනන්තයි
    මේ විශ්වයේ මා දකින්නේ ඔබ මැ පමණයි
    ඔබ අනන්තයි

    වෙණ තතක් හැඬවෙන තැනත් ඔබ
    මධු විතක් උතුරන තැනත් ඔබ
    තෙලි තුඩක් දැවටෙන තැනත් ඔබ
    පන්හිඳක් ගැවසෙන තැනත් ඔබ

    අඩ සඳක් සැඟවෙන තැනත් ඔබ
    රළ පෙළක් පෙරළෙන තැනත් ඔබ
    සිසිලසක් දනවන තැනත් ඔබ
    උණුසුමක් ගෙන දෙන තැනත් ඔබ
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    තොත්ත බබා;11426723 said:
    මේ සිංදුවෙන් කියන්නෙ අනිත්්ය ගැන, මරණමංචකයේ ඉන්න කෙනෙක්ගේ හැඟීම් තමා විස්තර කරන්නෙ.. ;)
    ජීවිත ගමනේ එක තොටුපලකින් නික්මී යන්න හදන මිනිහෙක්..
    තොටුපල අයිනේ ඉඳගෙන මාරයා අතවනන දේ දැක දැක ඉන්න කෙනෙක්ට දැනෙන හැඟීම් තමා ඕකෙන් කියන්නෙ.
    පෙලක් තැන් වල තේරුම, හැඟීම සංකීරනයි, මට තේරෙන්නෙ නෑ.
    මේ ඔරුකඳ කියන්නෙ සරීර කූඩුව කියල තේරෙනව ඇති නෙ
    " ආමඟ අඳුරේ පෙරමග එගොඩින් තරු යුවලක් ඇවිලේ .." ඔය කියන්නෙ ඊලඟ බවයේ අම්මවයි තාත්තවයි මේ මැරෙන්න යන එකා දකින හැඟීම.
    හෙට මූ අලුත් බවයක් ලබල ආයෙ ජීවන ගමන පටන් ගනීවි.. :yes:

    සින්දුව පුරාම වචන වල, ඒ මවන චිත්තරූප වල .. ඒ මරණයේ ගුප්තබව තියෙනව නේ..

    Thotupola_aine.jpg

    one of the great songs really amazing !!! bro u did a good work explaining
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,095
    9,371
    113

    තවත් අර්ථ කතනයක්

    සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
    ගණඳුරු රෑ - තනිකම නෑ
    සොයා එන්න ගණඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි

    ජීවිතයම සතු එකම සුවේ
    හී සර පහරක වෙළෙනු පෙනේ
    මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙකු සොයනු දැනේ

    මා නැත අන් සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන හිඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා

    මේ ගීතයට නිමිති වන්නේ එක්ව වසන යුවළකි. විවාහක යුවළක් යයි කියමු. දිවියේ රස තැන් සුව තැන් කටුක ඉම් පසුකොට එළඹෙන එක්තරා මොහොතක බිරිඳ මෙතෙක් වූ බැඳීම නිමා කොට වෙනත් පෙම්වතෙකු හා නික්ම යාමට සැරසෙයි. මෙහි සුවිශේෂත්වය වන්නේ බිරිඳ නොදන්නේ වුව ද සැමියා ඈ යන්නට සැරසෙන`යුරු ඇයටද නොදැනෙන සේ නිහඬව බලා සිටීමයි. ගීතය සිතුවම් වන්නේ ඒ මොහොතේ දී බිඳෙන ඉපදෙන ඔහුගේ සි‍තුවිලි රළ අනුවය.

    "ජීවිතයම සතු එකම සුවේ
    හී සර පහරක වෙළෙනු පෙනේ"

    අනන්ත වාරයක් මිනිස් ජීවිත වල සිදුවී ඇති පරිදිම සිය සමස්ත පැවැත්මෙහි ප්‍රමෝදය ඔහු ද කේන්ද්‍රගත කොට ඇත්තේ තමන් පෙම් කළ මේ ගැහැණියට හා සමග බැඳි බැඳීමටය. "ජීවිතයම සතු එකම සුවේ" යනුවෙන් ඔහු පවසන්නේ එයයි. ප්‍රේමයෙහි උන්මාදය ද තමන්ට තමන් අහිමි කර ගැනීම ද ස්වකිය පරම උත්කර්ෂය අනෙකාට පිදීම ද එහි වෙයි. ඇගේ වෙනස ඔහුට දැනෙයි..සංවේදනය වෙයි.. ඒ එක්ව ගෙවී ගිය සුවහසක් නිමේෂයන්ගෙන් ලද දැනුමයි. ඇය වෙළෙන්නේ ක්ෂණික හී සරයකය. එය අනෙකෙකුගේ ඉංගිතයක්, මදහසක්, ඇරයුමක් විය හැකිය. ඔහු පරම සුවය ලෙස සැළකූ ප්‍රේමයේ බන්ධනය හැරදා ඇය එහි බැ‍ඳෙයි.

    "මේ ලොව මා සතු ඈ සතු ඒ නෙතු
    අසල්වාසියෙක් සොයනු දැනේ"

    ඔහු ඇදහූ පරිදි ඈ ලොව දුටු නෙත් ඔහුගේය. පාරිශුද්ධ පෙම හා සංකලනය වී සතු කර ගැනීමේත් හිමිකම දැරීමේත් පුරුද්ද එහි දී මතුවෙයි. අනෙක් අතට ගැහැණිය ද නික්ම ගොස් ලබන්නට තනන්නේ බන්ධනයන්ගෙන් නිරවුල්වූ සැනසිල්ල හෝ පිරිමියාගේ දෑසින් නොව සිය දෑසින් ලොව දැකීමේ ස්වාධීනත්වය හෝ නොවේ. ඈ යළිත් පිවිසෙන්නේ සියළු ජීවින්ට පොදු වූ පරිදි තෘප්තිය හෝ සැනසිල්ල සොයා යාමේ අනවරත අරගලයටය. කෙනෙකුගෙන් ඉක්බිතිව තවෙකෙක්...ආශයන් පදනම් කොටගත් චෛතසිකයේ ස්වභාවික ස්වභාවය හෙවත් නොනවතින ගමන.

    "මා නැත අන් සතු සිත් බිඳලා
    දෑතම බැඳගෙන හිඳිමි බලා
    මේ ලොව යම් දවසක අපි වෙන්වෙමු
    රහස් අහස් තලයට පවරා"

    සිතුවිලි කැළඹුණ ද ඔහු ඇගේ මේ තැත දෙස තැන්පත්ව බලා සිටියි. නික්මෙන්නට සැරසෙන ඈ නවතන්නට උත්සාහ නොදරයි. ශිෂ්ට යයි සම්මත සමාජයේ සුපුරුදු වියරු සහගත ප්‍රතිචාර වන යැදීම් හෝ තර්ජන ඔහුලෙන් නික්මෙන්නේ නැත. නොසරුප් බසින් බෙණෙමින් කඩු පිස්තෝල සොයා නොදුවයි. තමන් අන් සතු සිතක් නොබිඳි බැව් ඔහු දනියි. ඔහුගේ එකම ප්‍රතිඋත්තරය දෑත් බැඳ බලා සිටීමයි. බොහෝ විට ඒ පරිචය ඔහුට මුල පටන් නොතිබෙන්නට ඇත. කාලයේ තුවාල දැරීමම ඔහුට ඒ පන්නරය හිමි කළා විය හැකිය. එබඳු චරිත අපට සාහිත්‍යයේ දී මතු නොව සැබෑ ජීවිතයේදී ද ඉඳහිට හමුවෙයි. එක්ව යා නොහැකි තැන වෙන්ව යාමට ඉඩ දෙමැයි සමුනොගෙන නික්ම යන බිරිඳට ඔහු සිතින් පිළිණ දෙයි. සිදුවූ දෙය ලොවට හඬගා කියනු හැකිද? එක් අතෙකින් පවුල සහ සමාජයය. අනෙක් ප‍සින් කාලය විසින් හිමි කොට දුන් සංයමය සහ හික්මීමය. එය අත්දැකීම් විසින් පණ පෙවුණු හැඟීම් විරහිත ගූඨ චිත්තාවක ඉපදෙන ශුන්‍යවාදී සිතුවිලි සමූහයක ප්‍රතිවර්තනයක් ද?

    එය එසේ නොවන බැව් අපට ඇඟවෙන්නේ ඔහු ගණඳුර අමතන අයුරු දකින විටය.

    "සඳ කැන් වැසිලා - අඳුරේ එතිලා
    ගණඳුරු රෑ - තනිකම නෑ ...
    සොයා එන්න ගණඳුර තරු නිවලා
    මගේ එළිය අද ඔබ පමණි"

    ඔහු තුළ ඇති සෞන්දර්යය මේ ඝණඳුරෙහි ද මිය ගොස් නැත. මේ මොහොතේ ඔහුට එළිය දීමට කිසිදු මිනිස් ප්‍රාණයක් තබා සඳ ද සමත් නොවන බැව් ඔහු දනියි. මෙතෙක් එළිය දුන් සඳ අඳුරෙහි ගිලී ගොසිනි. සියල්ල නිහඬය. අත්හැර දමනු ලැබ ඇත. එහෙත් ඔහු පූර්ණ වශයෙන් වේදනාවෙන් මිදී ඇත්තේ නොවේ. තනිකම නෑ කීවද මිනිස් ස්වභාවය ප්‍රකට කරමින් ඔහු හුදෙකලාවෙන් පෙළෙයි. ඔහු පිළිසරණ ලෙස හඳුනා ගන්නේ අඳුරය. සඳ අහිමි වූ කල තරු වලින් කවර ඵල ද? අතේ දුරින් සිටින ඔහුගේ ප්‍රේමයේ සජීවී සංකේතයට වඩා ඒ ගණඳුර ඔහුට ළඟය. අඳුරෙහි සැඟවීම තුළ ඔහු සිය වේදනාව ද සිතුවිලි ද සඟවයි.

    උපුටා ගැනීමකි ..

    Greit job
     
    roshant

    Member
    Sep 25, 2008
    4,836
    157
    0
    Mars-Deimos-Phobos
    Me+tharam+siyumelida.jpg

    Sunil Edirisinha's
    චිත්ත රුප සුපැහැදිළිව අප මනසේ මැවිය හැකිද ගී පද වලින් ? පුළුවනි ...එයට උදාහරණයකි මෙම ගීතය ..
     
    Last edited: