මේ දිනවල ජනප්‍රියම ගීතය

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මේ දිනවල ජනප්‍රියම ගීතය

    :D:D


    ඒ සිරකරු තවමත් මේ ගීතය ලියුවේ ඔහු වෙනුවෙන් කියා දන්නේ නැහැ - භාචි සුසාන්


    BACHI-SUSAN-01.jpg
    මගෙ යාළුවෙක් ඉන්නවා මිගමුව හිරගෙදර.ඔහු වැරැදි කිහිපයකටම හිරබත් කෑ පුද්ගලයෙක්. ඒ නිසා ජීවිතයෙන් සෑහෙන කාලයක් ඔහු ගත කළේ හිරගෙදර බිත්ති හතරට කොටු වෙලා.

    වරක් මා ඔහුව දකින්නට ගියා. ඔහුගේ අසරණ මුහුණෙහි සටහන්ව ඇති සිතුම් එකිනෙක ඒ මනුස්සයා කියා පෑවා. මට දැනුණේ මාව පිච්චෙනවා වගේ.
    ඇත්තටම ඒ වචන හරිම සංවේදියි. මොකක්දෝ අවාසනාවකටයි ඔහුට හිරගෙදර ලගින්නට සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන් ඔහු හැදී වැඩුණු පරිසරය සහ ළමා කාලය ගත කළ අන්දම ඔහු මට කීවා.
    එදා මං මිතුරාගෙන් සමුගෙන එතැනින් එළියට ආවේ සසල වූ මනසකින්. මෙවැනි මිනිසුන් තව කී දාහක් නම් ඇත්දැයි සිරගෙදර ඉදිරියේ මාවත දිගේ ඇවිදගෙන එද්දී මට සිතුණා.
    තමන් ආදරය කරන මිනිසුන්, සතා සිවුපාවන්, ගහ කොළ, ගංගා, ඇලදොල දකින්නේ නැතිව හිරු එළියෙන්, සඳ එළියෙන් බිඳක් හෝ නොවිඳ ඒ අය ඉන්නේ කොහොමද යන වග මා කල්පනා කළා.
    BACHI-SUSAN-04.jpg
    ඒ අදහස් ටික මං එවලේම පුංචි කොළ කැබැල්ලක කුරුටු ගෑවා. තනුවක් ද යොදා කාලයක් තිස්සේ මං ඒ වදන් පෙළ මුමුණ මුමුණ හිටියා. ඒත් ඒක රෙකෝඩ් කළේ නම් නැහැ.
    දිනක් මං මගේ ගීත පටිගත කිරීමට ඉන්දියාවේ මුම්බායි නුවරට ගියා. එහෙ ඉන්නවා සුබේන් කියලා මගේ මිත්‍රයෙක්. සුබේන්ට ස්ටුඩියෝ එකක් තියනවා.
    ඔහු මට පකිස්ථානු ගීත වගයක් අහන්නට සැලැස්වූවා. ඒ මගේ ඉල්ලීමක් මත. එ අතරේ තිබූ එක්තරා තනුවකට මගේ සිත වැඩියෙන් යොමු වුණා.
    එය මා ඉකුත් දිනයකදී සිරගෙර මිනිසුන්ගේ සිතුම් පැතුම් මුසු කොට ලියූ වචනවලට වඩාත් සුදුසු එකක් බව මට වැටහුණා. ඒ තනුවත් මං නිර්මාණය කළ තනුවත් යම්තාක් දුරකට සමානයි.
    ඒ ගීතයේ අදහස යම් යම් තැන්වලින් වෙනස් කොට පාකිස්ථානු තනුවට මං ගැලපුවා. නිකම්ම නිකම් සිරකරුවකුගේ අදහස් ටිකක් වෙනුවට පෝරකයට නියම වූ මිනිසෙකුගේ අන්තිම මිනිත්තු කිහිපය ඔහුට දැනෙන අන්දම පිළිබඳ කියවෙන අයුරින් මං පද පෙළෙහි වචන යළි මේ අන්දමින් ලිව්වා.

    අවසාන මොහොත මාගේ
    පෝරකය දෑස මානේ
    පෙනේවී රූපේ ඔබගේ
    මැවි මැවී මාගේ අම්මේ

    පොඩි කාලේ වීදි අතරේ

    සෙව්වා කිරි සුවඳ අම්මේ
    ඒ සුවඳ දැනිලා පාරේ
    මඩ වතුර බිව්වා
    ගලන ලේ කිරි වුණේ
    නොමැතිදෝ ඔබේ ළයේ
    මා ඔබෙ පුතු නොවේද අම්මේ
    ඔබෙ පුතු නොවේද අම්මේ

    මේ කෲර ලෝක තලයේ

    නොමිනිසුන් සමඟ ඇසුරේ
    ගෙවූ නිසයි මාගෙ ජීවේ
    මේ ලෙසින් අඳුරේ
    මධුවිතින් මත් වෙලා
    කෙලෙසුවා මිනිමරා
    ගැලවිලා එන්න බැහැනේ අම්මේ
    අඳුරු වීලා මාගේ ලෝකේ

    BACHI-SUSAN-02.jpg
    අපිට කරදරයක් වුණාම නිතැතින්ම සිහියට එන්නේ ආදරයේ සංකේය බඳු අම්මාවයි. ඒක කොයි කාටත් පොදු කරුණක්. තව සුළු මොහොතකින් තමාගේ ගෙල එල්ලුම් ගසේ කඹයට හිර වී හුස්ම වාතලයේ සැඟවී යන බව දැනෙද්දී ඔහුට සිය අම්මා සිහියට පැමිණෙනවා. ඒත් සමඟම මා පෙර පැවසූ පරිදි ඔහුව සිරගෙදරට යන්නට හේතු වුණු වටපිටාව චිත්‍රයක් මෙන් මැවෙනවා. මොන වැරැද්ද කළත් අම්මා කෙනෙක් තම දරුවෙක් එළවන්නේ නැහැ, ආරක්ෂා කරනවා මිසක.

    ඒ අදහසට වදන් පෙළ සකසා ලංකාවට ආ විගස මේ ගීතය රෙකෝඩ් කළා.
    ‘අවසාන මොහොත’ ගීතයේ වැඩ කටයුතු දැන් සියල්ලම හරි. නමුත් එය මා ළඟ වසර කිහිපයක් තියාගෙන සිටියා මිසක මං කිසිදු මාධ්‍යයකට දුන්නේ නැහැ. ලොකුකමකට එහෙම නෙවෙයි, මගේම වුවමනා නැතිකම නිසා.
    එක්තරා දිනයක මගේ නිවසට මගේ මිත්‍ර සමාගමේ කෙනකු පැමිණියා. ඔහු මගෙන් ඇහැව්වා අලුත් සිංදු මොනවත් නැති ද කියලා. මං ‘අවසාන මොහොත’ ඇතුළු මගේ නව නිර්මාණ කිහිපයක් ඔහුට අසන්න සැලැස්සුවා. අනිත් ඒවා කෙසේ වෙතත් ‘අවසාන මොහොත’ ගීතය නම් ඔහු අහගෙන හිටියේ වශීීවෙලා වගේ. එය ඔහුගේ ජංගම දුරකතනයට ඇතුළත් කර දෙන්න යැයි ඉල්ලීමක් කළා. දෙවතාවක් හිතන්නේ නැතිව මං දුන්නා.
    BACHI-SUSAN-03.jpg
    ඔහු ඔහුගේ යාළුවන්ටත් මේ සිංදුව පසුව ලබා දීලා. තවත් අයෙක් අන්තර් ජාලයට පවා ගීතය දාලා. සෑහෙන්න පිරිසක් ගීතය ඩවුන්ලෝඩ් කරලා. සමහරෙක් මෙයට වෙන රටවල වීඩියෝ එකතු කොට වීඩියෝවක් පවා හදලා. මේ අතරවාරයේ රේඩියෝ චැනල් එකක වැඩ කරන කෙනකුට මෙය අහන්න ලැබිලා ඔහු එය ප්‍රචාරය කොට තිබෙනවා. ගීතය ප්‍රචාරය වෙනකම්ම මම දන්නේ නැහැ. මේ ආකාරයෙන් තමයි ‘අවසාන මොහොත’ ජනප්‍රිය ගිතයක් වුණේ.

    ගීතයට රූප රචනාවක් නිර්මාණය කළේ චමීන් ප්‍රනාන්දු. කැමරාකරණයෙන් දායක වූ ධම්මික රත්නායක හොඳ සහයක් වීඩියෝවට ලබා දුන්නා. කොළඹ රේස්කෝස් ක්‍රීඩාංගනයයි අපි දර්ශන තල විදිහට යොදා ගත්තේ. එක දවසින් රූගත කිරීම් නිම කළා. රංග සිංහාගේ සංස්කරණයෙන් එකතු වුණා.
    ‘අවසාන මොහොත’ ගැන අවසන් වශයෙන් සඳහන් කරනවා නම් මිත්‍රයන් දෙදෙනෙකු නිසා නිර්මාණය වූ සහ ජනප්‍රිය වූ ගීතයක්. එක් කෙනෙක් සිරගෙදර මිත්‍රයා.
    අනෙක් කෙනා ගීතය මගෙන් මුලින්ම ජංගම දුරකතනයට දාගත්තු කෙනා. ඒ දෙන්නට පින් සිද්ධ වෙන්න අද මේ ගීතය අතිශය ජනප්‍රිය එකක් වෙලා තියනවා. සිරගෙදර මිත්‍රයා තවම සිරගෙදර. ඔහු තවම දන්නේ නැහැ ඔහුගේ සිතුම් පැතුම් බිඳක් නිසා තමයි මෙතරම් ජනප්‍රිය ගීයක් නිර්මාණය වුණේ කියලා.
    මෙතෙක් වෙලා ඔබට කතා කළ මම භාචි සුසාන්. :D:D


    භාචිගේ කතාව සටහන් කළේ සහ සේයාරුව - ප්‍රසාද් සමරතුංග

    http://www.sarasaviya.lk