මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා සැකකරුවෙකු
මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා සැකකරුවෙකු නොව අගතියට පත් පුද්ගලයා බව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණයට පෙන්වා දෙයි.
මුල්ලේරියාව සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කළ ද මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා, සැබවින්ම එහිදී අගතියට පත් පුද්ගලයා බව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නා. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඉදිරියේ මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා රෝහල් ගත කළ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ඔහුගේ ඇද ඉහ පත ඊයේ ඉදිරිපත් කෙරුණා. එහිදී කරුණු දැක්වූ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය කියා සිටියේ මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට එරෙහිව ඉදිරිපත් කළ සාක්ෂි හුදෙක් ද්වේෂසහගතව ගොතන ලද ඒවා බවයි. මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට පහළ සිට ඔහු දෙස බැලූ පුද්ගලයෙකු විසින් සමීපව වෙඩි තබා ඇති බව වෝහාරික සාක්ෂි මගින් පැහැදිලිව ඔප්පු වන්නේ යැයි නීතිඥවරයා පෙන්වා දුන්නා.
අධිකරණය මගින් කැඳවන ලද සාක්ෂි රැසක් අතුරින් මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා සැකකරුවෙකු බවට පත් කරලීම සඳහා සාක්ෂි ලබාදී ඇත්තේ දෙදෙනෙකු පමණයි. එහෙත් එම වැරදි සහගත, නොමග යවන සුළු ගොතන ලද සාක්ෂි මගින් බිඳලිය නොහැකි ලෙස මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා අගතියට පත්වූවෙකු බව තහවුරු කිරීමේ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත්ව තිබෙනවා. අධිකරණය වෙත නිවැරදි කරුණු ඉදිරිපත් කිරීමේ වගකීම සහිතව මේ බව ප්‍රකාශ කරන්නේ යැයි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය එහිදී සඳහන් කළා.
මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට එරෙහිව ඉදිරිපත් වූ සාක්ෂි මුළුමනින්ම තහවුරු කළ නොහැකි සහ පරීක්ෂාවට භාජනය නොකළ යුතු කරුණු දැක්වීමක් බව තහවුරු කිරීම සඳහා මන්ත්‍රීවරයාගේ ඇද ඉහ පත අධිකරණයට කැදවනු ලැබුවා. එහි පැහැදිලිව දැක්වෙන පරිදි මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගේ දෑත්වල හෝ සිද්ධිය ඇතිවන අවස්ථාවේ ඔහු හැඳ සිටි ඇදුම්වල වෙඩි බෙහෙත් සලකුණු කිසිවක් නොතිබීමෙන් මන්ත්‍රීවරයා කිසිවෙකුට වෙඩි නොතැබූ බව තහවුරු වනවා. එමෙන්ම මන්ත්‍රීවරයාගේ හිසේ වෙඩි පහර ඇතුළු වූ ස්ථානයේ සහ අවට සලකුණු මගින් කිසිවෙකු විසින් ඔහුට සමීපව වෙඩි තැබූ බව පැවසිය හැකියි. එම දුර ප්‍රමාණය සෙන්ටිමීටර් 30කට වඩා දුරස් නොවන අතර වෙඩි පහර ඇතුළු වූ සහ පිට වූ ස්ථාන අනුව එය මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පහත බලා සිටින අතර පහළින් එල්ල වූ වෙඩි පහරක් බව තහවුරු වන කරුණක්.
සාක්ෂි මගින් පැහැදිලිව තහවුරු වී ඇත්තේ මෙහිදී ගැටුමක් ඇති වී තිබෙන අතර එක් පුද්ගලයෙකු බිම වැටී මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඔහු ඉදිරියේ ඔහුට ඉහළින් සිටි බවයි. වෙඩි පහර එල්ල වී ඇත්තේ ඒ අවස්ථාවේදීයි. එමෙන්ම වෙඩි පහර එල්ල කර ඇත්තේ ඔහුට පහළින් වූ පුද්ගලයා වෙතින් බවත් නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නා. වෙනස් පිහිටීමක සිටි පුද්ගලයෙකුට එලෙස මන්ත්‍රීවරයාගේ නළලින් ඇතුළු වී හිස් කබලෙන් පිටවන ආකාරයෙන් වෙඩි පහරක් එල්ල කළ නොහැකි බව නීතිඥවරයාගේ තර්කය වුණා.
නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සඳහන් කළේ මේ බව තහවුරු කිරීම සඳහා තමා අධිකරණය වෙත මන්ත්‍රීවරයාගේ ඇද ඉහ පත කැදවීමට ඉල්ලීමක් කළ බවයි. එය ඕනෑම පාර්ශවයක් විසින් පරීක්ෂාවට ලක් කළ හැකි බව ද ඔහු තවදුරටත් සඳහන් කළා. මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාට වෙඩි වැදී ඇත්තේ ගැටුම ඇතිවී තත්පර 30කට අඩු කාලයකදීයි. එහිදී මන්ත්‍රීවරයා ලේ වැගිරෙමින් සිටියදී අනෙකුත් වෙඩි තැබීම් සිදුව තිබෙනවා. වෙඩි ප්‍රහාරවලින් මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා බේරාගෙන රෝහල්ගත කිරීම සඳහා අනෙකුත් වෙඩි තැබීම් සිදුව ඇති බවයි නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය පෙන්වා දුන්නේ.
මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ ඇඳ ඉහ පත අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිරන්ත වලලියැද්ද විරෝධය පළ කළා. කොළඹ අතිරේක දිසා විනිසුරු, මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් විසින් විභාගය අද දිනට කල් තබනු ලැබුවා. නීතිඥ හිමාලි කුලරත්නගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සහ චන්ද්‍රසිරි විජේසිංහ, වීරසේන රණහේවා, ඉනෝකා ගමගේ, ඉන්ද්‍රිජිත් අමරතුංග යන නීතිඥවරුන් මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා වෙනුවෙන් මෙහිදී පෙනී සිටියා.