මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා සැකකරුවෙකු

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා සැකකරුවෙකු

    මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා සැකකරුවෙකු නොව අගතියට පත් පුද්ගලයා බව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණයට පෙන්වා දෙයි.
    du-co.jpg

    මුල්ලේරියාව සිද්ධියේ සැකකරුවෙකු ලෙස නම් කළ ද මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා, සැබවින්ම එහිදී අගතියට පත් පුද්ගලයා බව ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නා. කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් ඉදිරියේ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා රෝහල් ගත කළ ශ‍්‍රී ජයවර්ධනපුර රෝහලේ ඔහුගේ ඇද ඉහ පත ඊයේ ඉදිරිපත් කෙරුණා. එහිදී කරුණු දැක්වූ නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය කියා සිටියේ මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාට එරෙහිව ඉදිරිපත් කළ සාක්ෂි හුදෙක් ද්වේෂසහගතව ගොතන ලද ඒවා බවයි. මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාට පහළ සිට ඔහු දෙස බැලූ පුද්ගලයෙකු විසින් සමීපව වෙඩි තබා ඇති බව වෝහාරික සාක්ෂි මගින් පැහැදිලිව ඔප්පු වන්නේ යැයි නීතිඥවරයා පෙන්වා දුන්නා.

    අධිකරණය මගින් කැඳවන ලද සාක්ෂි රැසක් අතුරින් මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා සැකකරුවෙකු බවට පත් කරලීම සඳහා සාක්ෂි ලබාදී ඇත්තේ දෙදෙනෙකු පමණයි. එහෙත් එම වැරදි සහගත, නොමග යවන සුළු ගොතන ලද සාක්ෂි මගින් බිඳලිය නොහැකි ලෙස මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා අගතියට පත්වූවෙකු බව තහවුරු කිරීමේ විද්‍යාත්මක සාක්ෂි ඉදිරිපත්ව තිබෙනවා. අධිකරණය වෙත නිවැරදි කරුණු ඉදිරිපත් කිරීමේ වගකීම සහිතව මේ බව ප‍්‍රකාශ කරන්නේ යැයි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය එහිදී සඳහන් කළා.

    මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාට එරෙහිව ඉදිරිපත් වූ සාක්ෂි මුළුමනින්ම තහවුරු කළ නොහැකි සහ පරීක්ෂාවට භාජනය නොකළ යුතු කරුණු දැක්වීමක් බව තහවුරු කිරීම සඳහා මන්ත‍්‍රීවරයාගේ ඇද ඉහ පත අධිකරණයට කැදවනු ලැබුවා. එහි පැහැදිලිව දැක්වෙන පරිදි මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාගේ දෑත්වල හෝ සිද්ධිය ඇතිවන අවස්ථාවේ ඔහු හැඳ සිටි ඇදුම්වල වෙඩි බෙහෙත් සලකුණු කිසිවක් නොතිබීමෙන් මන්ත‍්‍රීවරයා කිසිවෙකුට වෙඩි නොතැබූ බව තහවුරු වනවා. එමෙන්ම මන්ත‍්‍රීවරයාගේ හිසේ වෙඩි පහර ඇතුළු වූ ස්ථානයේ සහ අවට සලකුණු මගින් කිසිවෙකු විසින් ඔහුට සමීපව වෙඩි තැබූ බව පැවසිය හැකියි. එම දුර ප‍්‍රමාණය සෙන්ටිමීටර් 30කට වඩා දුරස් නොවන අතර වෙඩි පහර ඇතුළු වූ සහ පිට වූ ස්ථාන අනුව එය මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා පහත බලා සිටින අතර පහළින් එල්ල වූ වෙඩි පහරක් බව තහවුරු වන කරුණක්.

    සාක්ෂි මගින් පැහැදිලිව තහවුරු වී ඇත්තේ මෙහිදී ගැටුමක් ඇති වී තිබෙන අතර එක් පුද්ගලයෙකු බිම වැටී මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා ඔහු ඉදිරියේ ඔහුට ඉහළින් සිටි බවයි. වෙඩි පහර එල්ල වී ඇත්තේ ඒ අවස්ථාවේදීයි. එමෙන්ම වෙඩි පහර එල්ල කර ඇත්තේ ඔහුට පහළින් වූ පුද්ගලයා වෙතින් බවත් නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය අධිකරණය ඉදිරියේ පෙන්වා දුන්නා. වෙනස් පිහිටීමක සිටි පුද්ගලයෙකුට එලෙස මන්ත‍්‍රීවරයාගේ නළලින් ඇතුළු වී හිස් කබලෙන් පිටවන ආකාරයෙන් වෙඩි පහරක් එල්ල කළ නොහැකි බව නීතිඥවරයාගේ තර්කය වුණා.

    නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සඳහන් කළේ මේ බව තහවුරු කිරීම සඳහා තමා අධිකරණය වෙත මන්ත‍්‍රීවරයාගේ ඇද ඉහ පත කැදවීමට ඉල්ලීමක් කළ බවයි. එය ඕනෑම පාර්ශවයක් විසින් පරීක්ෂාවට ලක් කළ හැකි බව ද ඔහු තවදුරටත් සඳහන් කළා. මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වාට වෙඩි වැදී ඇත්තේ ගැටුම ඇතිවී තත්පර 30කට අඩු කාලයකදීයි. එහිදී මන්ත‍්‍රීවරයා ලේ වැගිරෙමින් සිටියදී අනෙකුත් වෙඩි තැබීම් සිදුව තිබෙනවා. වෙඩි ප‍්‍රහාරවලින් මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා බේරාගෙන රෝහල්ගත කිරීම සඳහා අනෙකුත් වෙඩි තැබීම් සිදුව ඇති බවයි නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය පෙන්වා දුන්නේ.

    මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වාගේ ඇඳ ඉහ පත අධිකරණයට ඉදිරිපත් කිරීමට පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ තිරන්ත වලලියැද්ද විරෝධය පළ කළා. කොළඹ අතිරේක දිසා විනිසුරු, මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් විසින් විභාගය අද දිනට කල් තබනු ලැබුවා. නීතිඥ හිමාලි කුලරත්නගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය සහ චන්ද්‍රසිරි විජේසිංහ, වීරසේන රණහේවා, ඉනෝකා ගමගේ, ඉන්ද්‍රිජිත් අමරතුංග යන නීතිඥවරුන් මන්ත‍්‍රී ආර්. දුමින්ද සිල්වා වෙනුවෙන් මෙහිදී පෙනී සිටියා.


    truth-top-page-banner.jpg
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    Duminda Silva mathi thumata mulinma Barathage marayo wedi thibba kiyala dan oppu wela iwarayi. aththa katawath hanganna baha
    Thread ekata adala reply karanna
     

    free97

    Member
    Oct 6, 2010
    37
    4
    0
    මොකද පොන්ස් මේ? was your mother a victim of gang bang rape indecent
    that is why i hate gang bang personally .. gang bang sex will lead to create these kind of morons

    ගල්පාත මහත්තයා ge ammata ballo set ekak bang ekak dila. :lol::lol::lol: ගල්පාත මහත්තයා ta pissu hadila dan
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    දුමින්ද ලංකාවට පැමිණී වහාම අත්අඩංගුවට ගන්නවා

    දැනට සිංගප්පුරුවේ වෛද්‍ය ප්‍රතිකාර ලබන දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා දිවයිනට පැමිණි වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අධිකරණයට දන්වා සිටියේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි ශානි අබේසේකර ඒ බව දන්වා සිටියේ, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු තවත් තිදෙනෙකුගේ ඝාතන සිද්ධිය සම්බන්ධ සාක්ෂි විභාගය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ‍යේදී කැඳ වූ අවස්ථාවේදීය.

    දුමින්ද සිල්වා මහතා එම සිද්ධියේ සැකකරුවෙකු කරමින් ඔහු අත්අඩංගුවට ගන්නැයි, අධිකරණය කළ නියෝගය මේ දක්වා ක්‍රියාත්මක කර නොමැති බව කොළඹ අතිරේඛ මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙහිදී සඳහන් කළා.

    මහේස්ත්‍රාත්වරයා සිය නිගමනය ප්‍රකාශයට පත් කරමින් වැඩිදුරටත් කියා සිටියේ, මන්ත්‍රිවරයා සැකකරුවෙකු ලෙස නම් කර ඇතැත් ඔහුගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධ වාර්තා මෙතෙක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බවයි.


    දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ ඇඳ ඉහපත් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔහුගේ නීතිඥයින් කරන ලද ඉල්ලීම අතිරේක මහේස්ත්‍රාත්වරයා අද ප්‍රතික්ෂේප කළේය.

    මෙහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඔහු‍ගේ වෛද්‍ය වර්තා සහ මන්ත්‍රිවරයා රෝහලේ සිටියදී ගන්නා ‍ලද ඡායාරූප අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවේ ඔහු අත්අඩංගුවට ගැනීමට තරම් සෞඛ්‍ය තත්ත්වයක පසු නොවු බවයි.


    නඩු විභාගය ලබන මස 13 වැනි දිනට කල්තැබීමට මහේස්ත්‍රාත්වරයා තීරණය කළේය.