වැනසී යමින් පවතින අප රටේ ඓතිහාසික උරුමයක් ගැන දැනගන්න.........
(ඔක්කොම කියවල බලන්න)
රූමස්සල
--------------------------------------------------------------------------------------------------------------------
උපුටාගැනීම: දියසර සාර සංග්‍රහය
සිංහලෙන් කොටන්න සෑහෙන වෙලාවක් ගියා,
බලල comment එකක් දාල යමු.................

(ඔක්කොම කියවල බලන්න)
රූමස්සල
ගාල්ල උනවටුනේ පිහිටි රූමස්සල කඳු වැටිය ලොව කිසිදු පරිසර පද්ධතියක් හා සම කල නොහැකි පරිසර සම්පතකි. ලොව ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය ආතර් සී. ක්ලාක් මෙම කඳු වැටිය හඳුන්වා දෙනු ලැබුවේ, මෙයට වසර කෝටි ගණනකට පෙර පෘථිවිය මතට කඩා වැටුනු උල්කාපාතයක් ලෙසය. බොහෝ විද්‍යාඥයෝ මෙය හිරුගෙන් කඩා හැලුනු උල්කාපාතයක් ලෙස විශ්වාස කරති.
එහෙත් රූමස්සල බිහිවීම සම්බන්ධයෙන්ජනප්රවාදයේ එන තොරතුරු මෙයට වඩා වෙනස්ය. ඉන්දියාවේ සිට සීතා කුමරිය මෙරටට පැහැර ගෙන ආ රාවණා රජු, ඇය රූමස්සල කන්දේ පිහිටි ගල් ලෙනක සිර කර තබා ඇත. ඉන්පසුව සීතා කුමරිය සොයා මෙරටට පැමිණි රාම රජු රාවණා රජු සමග යුද්ද කොට ඇය මුදා ගෙන ඇත්තේ, රූමස්සල කන්දේ සීතා කුමරිය සිර කර තබා තිබූ ගල්ලෙන් දොරටුවෙහි වූ දැවැන්ත ගල්කුලක් ඔසවා විසිකර දැමීමෙනි. ඒ අනුව 'රාම ඉස්සූ ගල' යන අරුතෙන් 'රාමස්සූගල', 'රූමස්ගල' වී පසුව එය 'රූමස්සල' යනුවෙන් ව්‍යවහාරයට පැමිණි බව මතයක් පවතී.
වාල්මිකී විසින් රචිත රාමායනයේ සඳහන් පරිදි රාම ගේ සොහොයුරු ලක්‍ෂමනයන් රාම ගේ හී පහරින් විපතට පත්ව තිබේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීම සඳහා හිමාල අඩවියෙන් ඖෂධ කිහිපයක් ගෙන එන්නට හනුමන්ට නියම කර තිබේ. මිනිසුන් දෙදෙනෙකු ගැහැනියක සඳහා සිදුකරන අණුවන සටන ගැන සිතමින් හිමාලය බලා ගිය හනුමන්ට ගෙන ඒමට නියම කර ලද ඖෂධවල නම්, අතර මගදී අමතක වී තිබිණ. මේ නිසා හිමාලයේ වූ ඖෂධ සහිත කන්ඳක්ම රැගෙන ආ බව පැවසේ. අවශ්‍ය ඖෂධ ලබා ගැනීමෙන් පසු එම කඳු ශිඛරය දැමූ ස්ථානය රූමස්සල නමින් හඳුන්වන්නට යෙදුනි.
රූමස්සල කඳු වැටියේ හිමාලයේ දකින්නට ලැබෙන බෙහෙත් පැළැටි බොහොමයක් අදටත් දකින්නට ලැබීම මෙම කඳුවැටියේ ඇති විශේෂත්වයයි. ලොව වැඩිම ගුරුත්වාකර්ශන බලයක් ඇති ප්‍රදේශය ලෙස විද්‍යාඥයන් හඳුන්වා දී ඇත්තේ රූමස්සලයි. එහි උස මීටර් 100 ක් පමණ වේ. මුහුදට නෙරා ගිය දර්ශනීය තුඩු දෙකක් ද දැකිය හැක. අතීතයේ මෙහි යෝගී සෘෂිවරුන් වාසය කළ බවටද මතයක් පවතී. ඔවුන් වැඩවිසූ ගල් ගුහා බොහොමයක් ගල් බෝරකරුවන් විසින් පුපුරවා හැර තිබේ.
මෙම කඳුවැටිය තෙත් කලාපයට, වියලි කලාපයට මෙන්ම ශුෂ්ක කලාපයට ද අයත් ශාක ප්රජාවන්ගේ නිවහනකි. ප්‍රදේශයේ ජනතාව පවසන පරිදි රූමස්සල පරිසර පද්ධතියේ කලුනික ද තිබී ඇත. අතීතයේ රුහුණු ඔසු උයන ලෙසින් ප්රකටව පැවති මෙහි 1991 වනවිට බෙහෙත් පැළැටි 150 ක් පමණ තිබී ඇත. එයින් බෙහෙත් පැළැටි 141 ක්ම රූමස්සලට ආවේනිකව එහි ස්වාභාවිකවම වැඩී තිබුනු ඒවාය.
බක් මී, මිල්ල, අරළු, බුළු, වෙනිවැල්, කෝන්තාලම් ආදිය මෙහි ඇති දුර්ලභ බෙහෙත් පැළැටි කිහිපයකි. ලෙඩ රෝග 108 කට ප්රත්යක්ෂ ගුණ ලබාදෙන ගොපලු ගුලිය නැමැති වටිනා ඖෂධයේ ප්‍රධාන සංඝටකය ලෙස යොදාගන්නේ කෝන්තාලම් ගසේ ගෙඩියයි. කෝන්තාලම් ගස් දෙකක් අදටත් උණවටුන වැල්ලේ දේවාල භූමියේ දැකිය හැකිය. මෙහි තිබුනු බෙහෙත් පැළැටි බොහොමයක් වඳවී ඇත. බක් මී ගස් ඇත්තේ එකකි. සුඳු හඳුන්, යක් කපු, ගම්මාලු, ඇත්දෙමට, බුලු, හල්, දුම්මැල්ල, කලු බෝවිටියා එලෙස මේ ප්‍රදේශයෙන් වඳවී ගොස් ඇති බෙහෙත් පැළෑටි සමහරකි. මෙහි මුහුඳ ආශ්‍රිතව ජලජ පැළෑටි රාශියක්ද ඇත.
අතී තයේ මෙහි පළතුරු උයනක් පැවති බව ද පැවසෙයි. එය දකින්නට ලැබෙන්නේ මංමුළාවී කුසගින්නේ අතරමංවූවෙකුට පමනක් බවද ජනප්රවාදයේ සඳහන් වේ. කුසගින්න නිවාගැනීම සඳහා අවශ්‍ය තරම් පළතුරු අනුභව කළ හැකි නමුත් පළතුරු රැගෙන ඒමට නොහැකි බවත් වැසියෝ පවසති. මෙම උයනේ වූ පළතුරු, රාවණා රජුගේ පලතුරු උයනේ තිබූ පලතුවලට සමාන වූ බව කියති.
මෙම කඳුවැටියේ පක්ෂි විශේෂ 72 ක් වාසය කරන ලද බව සොයා ගෙන තිබේ. එහෙත් මෙහි මහා පරිමාණ වශයෙන් සිදුකරන ලද කලුගල් කැඩීමේ කර්මාන්තය නිසා එම පක්ෂීන්ගේ මෙන්ම පරිසරයේද පැවැත්මට බලවත් තර්ජනක් වුනි. ගල්බෝර පුපුරවන හඬට බියෙන් මෙහි විසූ පක්ෂීන් විශාල වශයෙන් කඳුවැටිය හැරයන්නට වූ බව ප්‍රදේශවාසීහු පවසති. මෙහි විසූ සමනල වර්ග ගණන 84 කි. එහෙත් වර්තමානයේ සමනලයන් කිහිප දෙනෙකු වුවද දැක ගැනීම දුෂ්කරය. රූමස්සල කඳුවැටිය පාමුල කිලෝමීටරයක් තරම් දුරට විහිදෙන බොනවිස්ටා කොරල් පරය දැක ගත හැකිය. මෙය ලංකාවේ ඇති විශිෂ්ටතම ගණයේ කොරල් පරයක් ලෙස සමුද්‍රජීවී විද්‍යාඥයින් හඳුනාගෙන ඇත. 60% ක් සජීවී කොරල්පරයක් වන මෙහි ඝන අඩි 30 කට වැඩි කොරල් පර 35 ක් ඇති බව සොයාගෙන ඇත. දුර්ලභ ගණයේ මත්ස්‍යයෝ 320 ක් රූමස්සල කඳු පාමුල මුහුදු කලාපයේ ජීවත් වෙති.
ලෝක යුද සමයේ බ්‍රිතාන්‍ය හමුදා විසින් සතුරු නැව් ගල්පරවල හප්පා විනාශ කිරීමට ව්‍යාජ පහන් කණුවක්ද රූමස්සල පිහිටුවා ඇත. වසර 1875 දී ලන්දේසින් ඉදිකල මෙය බ්‍රිතාන්‍ය ජාතිකයෝ වැඩිදියුනු කළහ. මෙම ව්‍යාජ පහන් කණුවෙන් නිකුත් කල ආලෝක ධාරා ඔස්සේ පමිණි සතුරු නාවික යාත්‍රා බොහොමයක් ඒ අවට මුහුදේ ඇති ගල්පර වල හැපී මුහුදුබත් වූ බව පැරැන්නෝ පවසති.එවකට රූමස්සල වන පෙතේ හෙක්ටයාර 150 ක් තිබී ඇත. අද එය හෙක්ටයාර 20 දක්වා පටු වී තිබේ. රූමස්සල පරිසර පද්ධතියට මෙතෙක් සිදුකර තිබෙන ජාතික අපරාධය නිසාම එහි තිබූ සුන්දරත්වය කෙලෙසී ගොස් ඇති අතර, ශ්‍රී ලංකාවේ පාරිසරික, සංචාරක කේන්ද්‍රස්ථානයක්, ඓතිහාසික උරුමයක් වශ්යෙන් ලෝක අවධානයට පාත්‍ර වන්නට නියමිතව තිබූනද කිසිවෙකුගේ අවදානයට යොමු නොවී නිකරුණේ මෙලෙස වැනසී යමින් පවතින බවද සඳහන් කළ යුතුය.

Last edited: