පුද්ගලිකයි රහසිගතයි!

ලිංගික කරුණු පුද්ගලික සහ රහසිගත විය යුතුද????
මේක ගොඩාක් ළමයි දෙමව්පියන්ගෙන් අහන ප්‍රශ්නයක්...
එතකොට දෙමාපියන්ගෙ පිළිතුර මොනවාද??
එහෙත් මෙවැනි පිළිතුරු වලින් ළමයාගේ සිත තුල හටගන්නෙ වැරදි අවබෝධයක්,සැකයක්, සමහරවිට ලිංගිකත්වය පිළිබඳ අවිනිශ්චිත භාවයක්.
දරුවෙක් ඉපදෙන ආකාරය අසභ්‍ය දෙයක් නොවේ!!
ඒ ගැන නිවැරදි අවබෝධයක් ලබාදීම දෙමාපියන්ගේ යුතුකමක්....
මෙහිදී වැදගත් වන්නේ ළමයාට ඇත්ත පැවසීමයි... එයින් දරුවන් සහ දෙමාපියන් අතර විශ්වාසනීයත්වයක් ගොඩ නැඟෙයි.
"ඔයා හැදුනෙ අම්මගෙ බඩ ඇතුලෙ. අම්මා චූ කරන තැනින් තමා එළියට ආවේ, සමහර අය ඉස්පිරිතාලෙදි බඩ කපලා(ඔපරේෂන් කරලා) එළියට ගන්නවා"
මේ කියන හැමදේම ළමයාට නොතේරුනත්, එයාගේ මානසික මට්ටම අනුව එයා යම් තරමකින් මේ දෙය තේරුම් ගනිවි...
ලිංගික කරුණු පිළිබඳ දරුවන් සමඟ සාකච්ඡා කිරීම ලැජ්ජාවට කාරනයක් නෙමෙයි, ලැජ්ජාවට පත්විය යුත්තෙ ඒ පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබාදීමට නොහැකිවීම ගැනයි.
ලිංගික අධ්‍යාපනය ලබාදීම නිසා දරුවන් තුල ලිංගික අශාව වර්ධනය වෙන්නෙ නෑ,එයින් දරුවන් තුල ඒ කෙරෙහි පවතින කුතුහලය නැතිවෙනවා. ප්‍රජනන සෞඛ්‍යය ගැන නිවැරදි අව්බෝධයක් ඇති වෙනවා, ඥාති මිත්‍රාදීන් සමඟ නිවැරදි අන්තර් පුද්ගල සම්බන්ධතා වර්ධනය කරගන්න හැකි වෙනවා....
ඒ වගේම ලිංගික අපචාර කල් තියා හඳුනා ගැනීමටත්, ඒවයින් වැළකී සිටීමටත් හැකියාව ලැබෙනවා.
මතු සබැඳේ.
ලංකාවේ ලිංගික අධ්‍යාපනය!!!
බොහෝ දෙනෙකු කතා කිරීමට අකමැති එහෙත් කතා කළ යුතු දෙයක්!!!
ලංකාවේ මෙය ඉතාමත් පහත් මට්ටමකයි තියෙන්නෙ....
ඒ නිසාමයි රටේ ස්ත්‍රී දූෂණ, ළමා අපචාර වැඩි වෙන්නෙ....

- සුරංගනාවියෝ දිව්‍ය ලෝකෙ ඉඳන් ගෙනල්ලා මහ රෑ ඇඳ උඩින් තියලා ගිහින්
- ඔයා ගෙනාවෙ ඉස්පිරිතාලෙන්
- මේ ළමයා අහන ප්‍රශ්න පැහිච්චකමට. යන්න ගිහින් සෙල්ලම් කරන්න (බහුතරයකගේ පිළිතුර මෙයට සමානයි)