Result enawaluuuu

ඕක බන් කවද හරි එනවා නේ:rofl:

නිර්දේශ 2 ක්‌ යටතේ පැවති පසුගිය උ/පෙළ
එක්‌ විභාගයක්‌ ලෙස සැලකීමට යයි


විෂය නිර්දේශ දෙකක්‌ යටතේ පැවැති පසුගිය උසස්‌ පෙළ විභාගය එක්‌ විභාගයක්‌ ලෙස සලකා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ආරංචි මාර්ග අනාවරණය කළේය.

මෙම ගැටලු සහගත තත්ත්වය පිළිබඳව මේ වනවිට ඉහළ පෙළේ සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන අතර සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමවේදය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කරන තෙක්‌ උසස්‌ පෙළ සිසුන්ගේ ඉසඩ් ලකුණු නිකුත් කිරීමට විභාග දෙපාර්තමේන්තුවට නොහැකි බව ද එම ආරංචි මාර්ග සඳහන් කර සිටියේය.

විභාග දෙකකට සිසුන් පෙනී සිටි හෙයින් ඔවුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමේ ක්‍රමවේදය තීරණය කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ගෙන් යුත් සත් පුද්ගල කමිටුවක්‌ ද පත් කර ඇත. එම කමිටුවට අමතරව අධ්‍යාපන අමාත්‍යාංශයද මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වමින් සිටියි. මෙලෙස විභාග දෙකක්‌ පවත්වා විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කළ හැකි ජාත්‍යන්තර මට්‌ටමේ නිර්ණායකයන් පිළිබඳවද මෙම සාකච්ඡාවන්හි අවධානයට යොමු වී ඇත. එම ජාත්‍යන්තර නිර්ණායකයන්ට අනුව විභාග දෙක එක්‌ විභාගයක්‌ ලෙස සැලකීම යෝග්‍ය යෑයිද වැඩිදෙනාගේ මතය වී තිබේ.

කෙසේ වුවද විභාග දෙකට පෙනී සිටි සිසුන් අනුපාත ක්‍රමයක්‌ මත විශ්වවිද්‍යාලවලට ඇතළත් කළ යුතු බවට ද අදහස්‌ ඉදිරිපත් වී ඇත.

සිසුන් දෙලක්‍ෂ අනූහතර දහසක්‌ පමණ පසුගිය උසස්‌ පෙළ විභාගයට පෙනී සිටි අතර ඉන් විසි දෙදහසක්‌ පමණ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීමට නියමිතය.