ජේම්ස් ටේලර් මහතා තමයි ලංකාවේ ඊස් ඉස්සර වෙලාම තේ අපේ රටේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ. 1835 මාර්තු 29 මෙලොව එලිය දුටු ඔහු ස්කොට්ලන්ත පුරවැසියෙක්.
1852 ඔහු ලංකාවට පැමිණියේ එවර පැවති කෝපි අපනයන කරන්නෙකුගේ වැඩ සඳහා. එතකොට ලංකාවේ වැඩියෙන්ම අපනයනය කරේ කෝපි. සති 6 ක් ඇතුලත ඔහුව මහනුවර, දොළුව, ලූල්කධුර කියන වත්තේ කෝපි වගා කරන්න යැව්වා.
එතන සැහෙන වැඩ අමාරු උනා මොකද ගොඩක් වැඩ තනියම ජේම්ස් ටම කරන්න උනා. මේ අතර සින්කොනා වගාවටද අත ගැහැව්වා.
සින්කොනා වගාව
තේ වගාවට වනාන්තර කපා එලි කිරීම 1870
1866 ජේම්ස් වැඩ කරපු ආයතනය ඔහුව ඉන්දියාවට යැව්වා තේ ගැන අත්හදා බලලා ලංකාවේ කොහොමද වගා කරන්නේ කියලා. අවුරුද්දකට පසු පළමු තේ ඇට ටික ජේම්ස් ගෙනත් ලූල්කඳුර වත්තේ අක්කර 19 ක ඉඩමක වගා කරා. අදටත් ඔහු විසින් වගා කරපු මුල්ම පල වලින් අදටත් තේ දළු නෙළනවා.
1869 ලංකාවේ කෝපි වගාවට ලොකු වසංගතයක් වැලඳුනාට පස්සේ වැවිලි කරුවෝ තේ වවන්න මාරු උනා. හැබැයි ජේම්ස් එයාලට කලින් තේ වවලා අලුත් අලුත් තේ වෙලන විදි සොයාගත්තා.
ලූල්කධුර තේ ෆැක්ටරිය
1800 තේ ෆැක්ටරියක් ඇතුලත
තේ පඳුරු යට පොහොර දමමින්
ලංකාවේ තේ පළමු වරට බ්‍රිතානයේ වෙන්දේසියට ගියේ 1875.
ලංකාවේ තේ වල ඉල්ලුම වැඩි නිසා තෝමස් ලිප්ටන් මහතා ලංකාවේ තේ වවන්න වතු 4 ක් මිලදී ගත්තා.
තෝමස් ලිප්ටන් මහතා
ලංකාවේ තේ වල ඉල්ලුම නිසාම ලොකු ලොකු ව්‍යාපාරිකයෝ ආව නිසා ජේම්ස් ටේලර් වගේ පොඩි වතු හිමි කරුවන්ට එයාලා එක්ක තරඟ කරන්න බැරි උනා නිසා ජේම්ස් ව ඔහු වැඩ කරපු ආයතනයෙන් ඉවත් කරා.
ජේම්ස් විසින් නිපදවන ලද පෝරණුවක්.
මැයි 2 වන දින 1892 අවුරුදු 57 ජීවත් වීමෙන් පසුව අමාශයේ හදුන ලෙඩකින් ජේම්ස් මියගියා. ඔහුගේ සිරුර මහියාව සුසාන භුමියේ මිහිදන් කෙරුණා.
මෙතන සිට ඔහු ඔහුගේ වත්ත දිහා බැලුවා.