උ/පෙළ ප්‍රතිඵල

Sean_dilan

Member
Sep 19, 2008
212
4
0
LaVa IsL@Nd
උ/පෙළ ප්‍රතිඵල

උ/පෙළ ප්‍රතිඵල ගැන අවසන් තීරණයට
ඉහළ නිලධාරීහු මේ සතියේ හමුවෙති

නිලන්ත මදුරාවල

උසස්‌ පෙළ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණයක්‌ ගැනීම සඳහා අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ඉහළම නිලධාරීන්ගේ හදිසි හමුවක්‌ මේ සතියේදී පැවැත්වේ.

අධ්‍යාපන, උසස්‌ අධ්‍යාපන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ විභාග දෙපාර්තමේන්තුව යන අංශවල ඉහළ නිලධාරීහු මෙම හමුවට සහභාගි වෙති.

ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් ගැටලු සහගත තත්ත්වයක්‌ උද්ගතව ඇත්තේ නව හා පැරැණි වශයෙන් විභාග දෙකකට සිසුන් පෙනී සිටීම නිසාය. විභාග දෙක එක්‌ විභාගයක්‌ ලෙස සලකා ප්‍රතිඵල නිකුත් කිරීමට වැඩි අවධානයක්‌ යොමුවී ඇත.

විභාග දෙකේ ප්‍රතිඵල වෙන වෙනම නිකුත් කර විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කිරීමේදී අනුපාත ක්‍රමයක්‌ පිළිබඳව සලකා බැලීම කිසිසේත් කළ නොහැකි යෑයිද නව නිර්දේශය යටතේ පෙනී සිටි සියලුම දරුවන් පාසල් අයදුම්කරුවන් වීමත් පැරැණි නිර්දේශය යටතේ පෙනී සිටි අයදුම්කරුවන් අතර පාසල් සිසුන් සුළු පිරිසක්‌ සිටීමත් ඊට හේතුව යෑයිද අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ආරංචි මාර්ග සඳහන් කළේය. එහෙයින් විභාග දෙක එක්‌ විභාගයක්‌ ලෙස සලකා ඉසඩ් ලකුණු නිකුත් කිරීම වඩා සාධාරණ හා යෝගය බව බහුතරයකගේ අදහස වී තිබේ. එලෙස එක්‌ විභාගයක්‌ වශයෙන් සලකා ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙක සඳහා අයදුම්කරුවන් ලකුණු ලබා ඇති ආකාරය පිළිබඳ අධ්‍යයනයක්‌ කළ යුතු වන බවද දැනගන්නට ඇත.

විභාග දෙකට පෙනී සිටි සිසුන් විශ්වවිද්‍යාලවලට ඇතුළත් කිරීම සඳහා වඩා යෝග්‍ය ක්‍රමයක්‌ සකස්‌ කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පත් කළ කමිටුවද මෙතෙක්‌ ඒ පිළිබඳ තීරණයකට පැමිණ නැත. විභාග දෙකටම අයදුම්කරුවන් දෙලක්‍ෂ අනූහතර දහසක්‌ පමණ පෙනී සිටි අතර සියලුම ප්‍රතිඵල පාසල් නිවාඩුවට (9 වැනිදාට) පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස්‌ ජනරාල් අනුර එදිරිසිංහ මහතා කලින් ප්‍රකාශ කර තිබිණි. එහෙත් ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනෙන්නේ මේ සතියේ පැවැත්වෙන සාකච්ඡාවෙන් පසුවය.
http://www.divaina.com/2011/12/05/news08.html

bump ekakwath deela palayalla :P:P
:frown::frown::frown::angry::angry::angry:
 
Last edited:

wolwerine

Active member
  • Oct 9, 2008
    696
    34
    28
    one reddak karala apiwa goda yana widihe result ekak dunnanam hndai.. welawe hatiyata campus nam nathi unath kamak neaa... goda yannai one kohoma hari.. walata yanne nathuwa.. ayeth parak mea redda karanawa kiyana eka nam hithannawath bea banzz....
     

    Sean_dilan

    Member
    Sep 19, 2008
    212
    4
    0
    LaVa IsL@Nd
    one reddak karala apiwa goda yana widihe result ekak dunnanam hndai.. welawe hatiyata campus nam nathi unath kamak neaa... goda yannai one kohoma hari.. walata yanne nathuwa.. ayeth parak mea redda karanawa kiyana eka nam hithannawath bea banzz....

    :eek::eek: ow bung aith kattak nam kanna ba diviyane :(:(