රොකී ක්ලිෆ් ලී බංගලාවට යමුද....

snoop

Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    රොකී ක්ලිෆ් ලී බංගලාවට යමුද....

    image001.jpg


    වැඩ කරලා මහංසි වෙලාවක නිවාඩු පාඩුවේ ගිහින් මනස සැහැල්ලු කර ගන්න පුළුවන් ඉතා අපූරු නිවාඩු නිකේතනයක් ගැනයි... පුංචි කඳු ගැටයක් මැද්දේ හුදකලා වෙච්ච ලී බංගලාවක ලංතෑරුම් එක්ක රාත්‍රියක් ගත කරන්න ආසද? ආලින්දයට වෙලා තරු ගනින්න..... ඈත කඳුවලින් දිස්වෙන පුංචි පුංචි විදුලි එළි නිවෙන පත්තු වෙන හැටි බලන් ඉන්න..... ආතල් එකේ drink එකක් දාන්න.. එහෙනම් මෙන්න ඒ තැන ගැන විස්තර.. නම රොකී ක්ලිෆ් වුඩ්න් බන්ගලෝ (Rockey Cliff Wooden Bungalow).....

    image003.jpg


    ඔන්න කොටේජ් එක ගැන විස්තර... මේ ලී කොටේජ් එක, එක් කාමරයකින් විසිත්ත කාමරයකින්, ආලින්දයකින්, කෑම කාමරයකින් හා කුස්සියකින් සමන්විතයි... දෙදෙනෙක්ගේ සිට හයදෙනෙක් දක්වා ඉතා සුව පහසුව නවතින්න පුළුවන්.... කොල්ලෝ සෙට් එකක් වගේ නම් දහදෙනෙකුට වගේ නවතින්න පුළුවන්... ඊට අමතරව කූඩාරම් වල අවශ්‍ය තරම් නවතින්න පුළුවන්...


    image002.jpg


    ආහාර ප්‍රශ්ණය නේද? කෑමට අදාල කළමණා ගිහින් දුන්නම එතන බලාගන්න අය ඔබට ආහාර පිළියෙල කරලා දෙයි.. හරි හරි...., බයිට් එහෙමත් හදලා දෙයි..ඒත් බඩු ටික අරන් යන්න... බත් සහ එළවළු සහිත කෑම වේලක් සහ තෝසෙ ඉට්ලි වගේ දමිළ කෑමකට අවශ්‍ය කළමණා අරගෙන යනවනම් මට ඔබට විශේශයෙන් යමක් කියන්න ඕන... ඒ ඉතාම රහට සැකසූ අහාර වේලක් භුක්ති විඳින්නට ඔබට හැකිවේවි....

    ඊලඟට මොකක්ද දැනගන්න ඕන.. ආ.. සනීපාරක්ෂාවද? ප්‍රධාන ලී කොටේජ් එක සඳහා ඉතා පිරිසිඳු වැසිකිලියක් හා නාන කාමරයක් තියෙනවා... කූඩාරම්වල ඉන්න අය සඳහා පිරිසිඳු වැසිකිළි පහසුකම් වගේම විවෘත නාන වතුර මල් සවි කරලා තියෙනවා... දිය නෑම සඳහා ලස්සන පිහිල්ලක් වගේම දිය ඇල්ලක්ද ඉඩමේ කෙලවරක පිහිටා තියෙනවා...

    හරි.. දැන් ආලෝකය... කිසිදු විදුලි බල්බයක් නෑ... ලැන්තෑරුම් හා ගෑස් ලාම්පු ඔබේ අඳුර මඟ හරවාවි... සෑම ඇඳකම තියෙන විඳුලි පන්දම හදිසි අවශ්‍යතාවයකට ඔබ ලඟ හිඳීවි. ඔබගේ බැටරි අඩු වෙච්ච ජංගම දුරකතන රාත්‍රියේ ස්විචය ඕෆ් කර භාර දුන් පසු උදේට චාජ් කර දෙන්න එතන කාර්ය මණ්ඩලය කටයුතු සලසා දේවි...

    එහෙ ගිහින් බලන්න දෙයක් තියනවද? කොත්මලේ ජල විදුලි වැඩසටහන වගේම ඉහල කොත්මලේ ජල විදුලි වැඩසටහනත් නැරඹීමේ හැකියාව තියෙනවා... මහනුවරට කිලෝ මීටර 40කින් පමණ ලඟාවිය හැකි නිසාත් නුවර එළියට කිලෝමීටර 30කින් පමණ ලඟා විය හැකි නිසාත් ඒ ආශ්‍රිත ප්‍රදේශ නැරඹීමේ හැකියාව තියෙනවා.... මේ කොටේජයේ නවාතැන් ගන්න ඔබට අත්පන්දු, බැඩ්මින්ටන් වැනි එළිමහන් ක්‍රීඩාවලත් චෙස්, කැරම් වැනි ගෘහස්ත ක්‍රීඩාවලත් යෙදීමේ පහසුකම තියෙනවා.... ඊට අමතරව පා පැදියක නැගී ප්‍රදේශය පුරා සංචාරය කිරීමේ අවස්තාවක්ද ලබා ගත හැකියි.. වනය තුල පා ගමන් මෙන්ම කුරුල්ලන් නැරඹීමටද පහසුකම් සලසා තියෙනවා... ඊට අමතරව ධීර ක්‍රියාකරකම් සහිත විශේෂ පැකේජයක්ද ඔබට සුදානම් කර ගන්න පුළුවන්....

    දැන් ඉතින් ගාස්තුව නේද? මෙහි නැවතීමට පමණක් එක රාත්‍රියකට රුපියල් 7500.00ක මුදලක් අය කරනවා.... කූඩාරම් ගහගෙන ඉන්නවනම් එක් අයෙක්ගෙන් රුපියල් 500.00ක මුදලක් අය කරන්න තමයි තීරණය කරලා තියෙන්නේ.. කූඩාරම් සංකල්පය කෙරේ එනවානම් අඩුම තරමේ පස් දෙනෙක්වත් පැමිණිය යුතුයි. මීට අමතරව විශේෂ සේවාවන් සඳහා එක් එක් අය කිරීම් තීරණය වෙනවා... උදාහරණයක් ලෙස මධු සමය ගත කරන්නට එන පාරිභෝගිකයින්ට විශේෂ වට්ටම් මෙන්ම ධීර ක්‍රියාකාරකම් (Adventure Activities) සඳහා එන අයටද සුවිශේෂ පැකේජයන් ලබා ගත් හැකියි.

    වැඩි විස්තර දැනගන්න ඕනනම් හෝ මෙය වෙන් කරවා ගැනීමට අවශ්‍යනම් දුරකථන අංකය තමයි.... 0714449162.


    හොඳනම් ඉතින් රෙප් එකකුත් දීල පලයල්ලා :P
     
    Oct 25, 2011
    54
    4
    0
    Gampaha, SriLanka
    තැන ගැන කිව්වාට බොහෝම ස්තුතියි. ඒත් ඔය දුරකථන අංක කාලෙන් කාලෙට වෙනස්වෙනවා නොවැ. අවුරුදු කීපයකට පස්සේ ( අපි වයසට ගියහම) එලකිරි චාරිකාවක් යන්න හිතුනොත්..... ඔන්න ගැටළුවක්. ඒ නිසා මේ සුන්දර ස්ථානයට යන හැටිත් මේකෙම දැම්මානම් මසුරං.
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    තැන ගැන කිව්වාට බොහෝම ස්තුතියි. ඒත් ඔය දුරකථන අංක කාලෙන් කාලෙට වෙනස්වෙනවා නොවැ. අවුරුදු කීපයකට පස්සේ ( අපි වයසට ගියහම) එලකිරි චාරිකාවක් යන්න හිතුනොත්..... ඔන්න ගැටළුවක්. ඒ නිසා මේ සුන්දර ස්ථානයට යන හැටිත් මේකෙම දැම්මානම් මසුරං.

    මාත් ගිහින් නෑ මචං. ඉන්ටෙර්නෙට් එකේ තිබුන artical එකක් translate කලේ. :(