ඔබ දන්නවාද? !!!

chamara_p

Well-known member
  • Sep 13, 2007
    2,748
    545
    113
    සිංහ_ලේ!
    සුපිරි හොලිවුඩ් නළු ආර්නොල්ඩ් ස්වාසනේගර් රගපෑ හර්කියුලිස් චිත්‍රපටයෙ ඔහුගෙ චරිතයට වෙනත් අයකු හඩ කවා ඇත......................!

    සුප්‍රකට ටයිටැනික් චිත්‍රපටය සෑදීමට ගිය මුළු වියදම , සැබෑ ටයිටැනික නැව සෑදීමට ගිය වියදමට වඩා වැඩිය........................!

    ඊශ්‍රාලයේ ඇති මළ මුහුද මුහුදු මට්ටමට වඩා අඩි 1,312 පහළින් පිහිටා ඇත...........!

    ඔබෙ උස මැන එය 8 න් බෙදන්න එවිට ලැබෙන පිලිතුර ඔබෙ මුහුණෙ උසයි...........!!!

    294006_251642298209258_215616565145165_783577_93870_n.jpg

    මයික්‍රොසොෆ්ට් නිර්මාතෘ බිල් ගේට්ස් ගෙ නිවස සැළසුම් කර ඇත්තේ ඇපල් මැකින්ටොෂ් පරිඝණකයකිනි............

    ඇඩොල්ෆ් හිට්ලර් ගෙ ප්‍රියතම චිත්‍රපටය King Kong ය... ඕක නම් මම දන්නේ නැ.... හරිද කියල.

    බිල් ගේට්ස් වයස අවුරුදු 15දී සියැට්ල් නගරය වෙනුවෙන් රථවාහන පාලන පද්ධතියක් නිර්මාණය කලේය........!

    ක්‍රිකට් ක්‍රීඩාවෙදී පිතිකරුවෙකු ලකුණු නොලබා දැවී යාම හදුන්වන්නෙ "Duck" ලෙසය මීට හේතුව වන්නෙ 0 වේ හැඩය තාරා බිත්තරයක හැඩයට සමාන වීමය මෙහි ඉතිහාසය 1866 තරම් අතීතයකි.
    පිතිකරුවෙකු තම පළමු පන්දුවෙන්ම දැවී ගියහොත් එය Golden Duck ලෙස හදුන්වයි........

    මාවන් අතපත්තු යනු ලොව පහලවු තාක්ෂණික අතින් අග්‍රගන්‍ය වු පිතිකරුවෙකි.නමුත් ඔහුගේ මුල් ටෙස්ට් තරග 3 දී රැස් කල ලකුණු වන්නේ 00,10,00 යි ඔහු ක්‍රීඩා කල පලමු එක්දින තරගයේද ලබාගත්තෙ 0 කි.......

    එක්දින තරගවල පළමු පන්දුවාර 15 දී පිතිකරුවකුගෙ භූමිකාව කෙසේ විය යුතු දැයි ක්‍රිකට් ලොවට හදුන්වා දුන්නේ සුපිරි ශ්‍රී ලාන්කීය ආරම්භක පිතිකරු සනත් ජයසූරියයි.
    වත්මන් ජනප්‍රිය ක්‍රිකට් අවස්ථා වන power play සිට උන්මාදයක් වු T20 තරග රටාවලට මූලික අඩිතාලම දැමුවේ සනත් හා රොමේෂ් කළුවිතාරණ එකතුව පළමු පන්දුවාර 15 දී පන්දු යවන්නන්ට එලව එලවා පහරදීමේ ක්‍රමයයි. ඊට ප්‍රථමව පැවති සාම්ප්‍රදායික ආරක්ෂිතව පන්දුවට පහර දීමේ ක්‍රමය වෙනුවට හදුන්වා දුන් නව පිතිකරණ රටාව නිසා එක්දින පිටිය උඩුයටිකුරු වු අතර ලන්කාවට 1996 ලෝක කුසලානය ලබාගැනීමට ඉවහල් වූ තරග උපක්‍රමයක් ද විය.
    වසර 22 ක්‍රිකට් පිටිය වර්ණවත් කල සනත් ටෙරාන් ජයසූරිය අද දින සිය අවසන් එකදින ඉනිම ක්‍රීඩා කරනු ඇත. මින් මතුවට මාස්ටර් බ්ලාස්ටර් හෙවත් වමත් කසකරු ජගත් පිටියෙ දක්නට නොලැබෙනු ඇත.......

    සනත් , මව්බිම වෙනුවෙන් ඔබට ස්තූතියි !

    නිව්යොර්ක් නගරයේ සුරතල් නාමය වනුයේ Big Apple......!

    චන්ද්‍රයා , ගෝබි කාන්තාරය මෙන් 1000 ගුණයක් වියලිය...........!

    තත්පර 03 ක් ඇතුලත පැයට කි.මි 70 ක වේගයක් ලබගැනීමට චීටා හට හැකිය.........!

    එකවර එක් අතකින් ලියමින් අනෙක් අතින් සිතුවම් ඇදීමට තරම් ලියනාඩො ඩාවින්චි හට විශේෂ හැකියාවක් තිබිනි ................!

    නිල් දෑස් හිමි පුද්ගලයින් හට අදුරෙ වඩා හොදින් පෙනේ..................!

    ලොව පලමු ඊ මේල් පණිවුඩය රේ තොම්ලින්සන් විසින් 1971 යවන ලද අතර එය DADDY !! විය තවද එහි සියලු අකුරු CAPITAL විනි

    විදුලි බුබුල සොයාගත් තෝමස් අල්වා එඩිසන් අදුරට බියක් දැක්වු අයෙකි................!

    හිරුගෙ ආලෝකය පෘථිවිය වෙත ලගා වීමට ගතවන්නෙ විනාඩි 8 කුත් තත්පර 17 කි....................

    විශ්වයේ මණ්දාකිනි බිලියන 1000 කට වඩා ඇත....................!


    වැදගත් කියල හිතෙනව නම් අනිත් අයටත් බලන්න comment එකක් දාල කැමති නම් rep++ දීලා ගියාට අකමැත්තක් නැ....!
    :yes::yes::P:P:rofl::rofl::):)
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    එකවර එක් අතකින් ලියමින් අනෙක් අතින් සිතුවම් ඇදීමට තරම් ලියනාඩො ඩාවින්චි හට විශේෂ හැකියාවක් තිබිනි ................!

    Hyper-threading:rolleyes:
     

    bhanukanadeesha

    Well-known member
  • Mar 16, 2011
    1,781
    265
    83
    ඇඩොල්ෆ් හිට්ලර් ගෙ ප්‍රියතම චිත්‍රපටය King Kong ය..
    meka hari