Are These Google Satellite Images Exposing America's Secrets?

chamikawp

Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    Google Earth නැතිනම් ගුගල් සිතියම් වැඩසටහන ගැන දැන් නම් නොදන්න කෙනෙක් නොමැති තරම්! :):)
    ඕනෑම අයකුට ලොව ඕනෑම ස්ථායක් සොයා බැලිය හැකි අතර ඒවා ලංකර බැලීමට ඇති හැකියාව නිසාමත් මෙය ඉතා ජනප්‍රියයි.
    කොහොමත් ඉතින් මේ ගැන වැඩිය කියන්න දෙයක් නෑ.. ;)
    ගොඩාක් දෙනා මේ ගැන දන්නවා.. :yes:
    Chamikawpblogspotcom1-17.jpg


    මෙන්න මේ Google Earthවැඩසටහනට ගිය සතිය පුරා යම් ප්‍රශ්ණයකට මුහුණ දුන්නා.. :eek::eek:
    ඒ ඇමරිකානු ඔත්තු බලන්නා වු යානයක් ඉරානයේදී සයිබර් ප්‍රහාරයකට ලක්වීමට පසු Flight Global ලෙස හදුන්වන්නා වු වෙබ් අඩවියක් ගුගල් අර්ත් හි කළ සොයා බැලීමේදී ඇමරිකානු නෙවාඩා හි යුකා විල අසල වු රහසිගත ගුවන් කඳවුරක් හමුවීම හා ඒවා එම වෙබ් අඩවිය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ කිරීමත් එක්කයි...:shocked::shocked:

    මේ තියෙන්නේ එසේ සොයා ගත්ත හමුදා කදවුරේ ගුගල් අර්ත් මගින් ගත්තා වු ජායාරෑපයි.. :nerd::nerd:

    Chamikawpblogspotcom2-16.jpg


    Chamikawpblogspotcom3-15.jpg


    රවුම් කොට ඇත්තේ Predator Reaper වර්ගයේ යානයක් විය යුතුයැයි පැවසේ...:eek::eek:
    Chamikawpblogspotcom8-8.jpg


    Predator Reaper වර්ගයේ යානයක් :cool:
    mq-9-reaper.jpg


    පින්තුර දැක්කම බෝහෝ දෙනා මේ සිද්ධිය දන්නවත් ඇති... :yes:
    දැනගන්න කැමති අයත් ඇති.. ඒ නිසා අන්තර්ජාලයේ Fox.com ප්‍රවෘත්ති වෙබ් අඩවියෙන් :)
    Fox.com ප්‍රවෘත්ති වෙබ් අඩවිය..

    හා අන්තර්ජාලය මගින් තොරතුරු උපුටා ගෙන එම සිද්ධීය හා ඉරානයෙන් එල්ල වු RQ170 සයිබර් ප්‍රහාරය හා ගුවන් යානය ගැන විස්තරයක් තමා මේ .. :D
    කියවලා බලලා අදහසක් කියලාම යන්න..නෙවාඩා හි Creech හමුදා කඳවුරත්, Groom විල එනම් Area 51 ලෙස හැදින්වෙන කඳවුරු සංකීර්ණය පවතින ප්‍රදේශත් ගුගල් සිතියම් තුලින් දැකගත හැකියි..:eek:
    Area 51 ගැන දන්නවද?? ඇවිත් බලන්න...:D


    එහෙත් මෙලෙස දැක ගත හැකි තොරතුරු ඕනෑම විදේශ හමුදාවකට හෝ බුද්ධි අංශ වලට ද දැක ගත හැකිවන බවත් එය ඇමරිකානු ජාතික ආරක්ෂාවට ඉතාම තර්ජනයක් බවත් විශ්‍රාම ලත් ගුවන් හමුදා කර්නල්වරයකු වුCedric Leighton මහතා Fox.com ප්‍රවෘත්ති වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත. :)

    මීට පෙර ඇමරිකානු හමුදා කදවුරු Google Earthහරහා ඉතාමත් ලංව ජයාරෑප ගත කරන්නන් එලෙස කිරීම වලක්වා තිබුනත් මේ සිද්ධියට පෙර ඇමරිකාවේ ඩෙන්වර් ප්‍රදේශයේද, පාකිස්ථානයේ බලුකිස්ථානයේ ද මෙවැනි යානා සහිත වු රහසිගත ගුවන් පථ ජායාරෑප ප්‍රසිද්ධ කොට තිබුනි.
    :shocked::shocked::shocked:

    පසුගිය 08 වැනිදා ලොක්හීඩ් මාර්ටින් සමාගමේ නිපදවන ලද ඇමරිකානු ගුවන් හමුදාවට අයත් USAF RQ -170Sentinel Drone (RQ -170)
    :cool::cool::cool:
    Chamikawpblogspotcom7-12.jpg


    නමින් හදුන්වන UAV හෙවත් දුරස්ථ පාලක මගින් පාලනය කරනු ලබන ඔත්තු බැලීමට යොදා ගන්න යානයක් බටහිර ඉරානයේදී අතුරුදහන් විය. ඒ ගැන රූපවාහිනියේ පළවු හදිසි පුවත (Breaking News) :eek::eek:


    ලොක්හීඩ් මාර්ටින් සමාගම හා කෆීර් ගුවන් යානා ගැන දැනගන්න.. මෙතනින් යන්න..


    එසේ අතුරුදහන් වු ගුවන් යානය පසුගියදා ඉරාන රජයේ රූපවාහිනියෙන් පෙන්වු අතර
    එම විඩියෝව...:eek:


    Islamic Revolution Guards Corps (IRGC) නම් වු ඉරාන ගුවන් හමුදාවේ ජනරාල් වරයකු වන Amir Ali Hajizadet පවසන්නේ ඔවුන්ගේ “Electronic Warfare Unit “ නම් වු හමුදා කණ්ඩායම ඉතා රහසිගත සයිබර් ප්‍රහාරයකින් මෙම යානාව තම පාලනයට ගෙන අවම හානි සහිතව ගොඩ බස්සවා ගත් බවයි.
    :eek::eek:

    ඇමරිකානු ගුවන් හමුදාවේ 432 ගුවන්රෙජිමේන්තුව නෙවාඩා Creech ගුවන් හමුදා කදවුරේ සිට චන්ද්‍රිකා මාර්ගයකින් මෙම යානාව පාලනය කර ඇත. Autopilot ආකාරයෙන්ද යානාවට ක්‍රියාත්මක විය හැකිය.
    :cool::cool::cool:

    පසුගිය 15 වැනිදා ඉරාන ඉංජිනේරුවකු පවසන ආකාරයට
    Electronic Warfare Unit හි විශේෂඥයින් යානාව හා ඇමරිකානු පාලනය අතර තිබු සබඳතාවය කපා දමමින්, යානාවAutopilot ආකාරයට හරවමින් ඒ තුල ඇති GPS උපකරණයේ දත්ත වෙනස් කරමින් ඉරානය වෙත එය ගොඩබාගෙන ඇත.:eek:
    "The GPS navigation is the weakest point," ලෙස ඔහු ඒ බව හා තවත් ඒ ගැන තොරතුරු
    Christian Science Monitor නැමැති වෙබ් අඩවියට දක්වා ඇත. :shocked::shocked:

    ඒ ගැන බලන්න මෙතනින් යන්න...


    පියාපතක දිග මීටර 4.5 වන මීටර 1.84 ක් උස හා මීටර 26 වට ප්‍රමාණයකින් යුතු මේ සුදුපැහැති RQ -170 යානාවේ ඇති විශේෂත්ව පිළිබඳ විශේෂඥයින් පවසන ආකාරයට එහි HD ආකාරයේ කැමරා,න්‍යෂ්ඨික අවි හදුනා ගත හැකි සෙන්සර්, රේඩාර්වලට අසු නොවන ආකාරයේ දියුණු කරන ලද තහඩු සහිතවද අඩි 50,000 ක් ඉහල අහසේ සිට විශාල ප්‍රදේශයක තොරතුරු හා විඩියෝවන් පාලක මධ්‍යස්ථානයට සජීවීව ලබා දීමේ හැකියාව මෙම යානයට පවති.:eek::eek:
    TF 34 වර්ගයේ ටර්බෝ එන්ජිමකින් යුතු මෙහි දත්ත GCS හෙවත් Ground control Station හෙවත් පාලන මධ්‍යස්ථානයට ලැබෙන්නේ Line Of Sight (LOS) ලෙස හදුන්වන දත්ත සන්නිවේදන මාර්ගයක් හරහායි. මෙය පාලනය සඳහා පාලක මධ්‍යස්ථානයේ ‍තිරය හරහා දත්ත යවනු ලබන්නේ LOS SATCOM නැමති සන්නිවේදන මාර්ගයක් හරහායි. මෙම පද්ධතිය Skunk works නම් වු ලොක්හීඩ් මාර්ටින් සමාගමේ ම කොටසක් විසින් ගොඩනගා ඇත.
    :cool::cool::cool::cool::cool:

    රහසිගත ආයුධ පද්ධතියක මෙන්ම යම් අල්ලා ගැනීමක් වාගේම කඩා වැටීමකදීදමෙහි දත්ත සඟවා ගත හැකි ආකාරයට නිර්මාණය කර ඇති අතර ඉරානය පවසන්නේ නම් එවැන්නක් සිදුව නැති බවයි. :no::no:

    මැයි මාසයේ ඔසාමා බින් ලාඩන් පාකිස්ථා‍නයේදී ඝාතනය කිරීමේ මෙහෙයුම් කටයුතු වලදි ධවල මන්දිරයේ සිටින ඇමරිකානු ජනපති බැරක් ඔබාමා හට එහි සජිවී රූප රාමු ගෙන එන ලද්දේ මෙවැනි යානයක් මගිනි. :shocked::shocked:

    බින් ලාඩෙන් මැරුවේ කවුද? මෙතනින් බලන්න..


    Operation “Geronimo” හෙවත් ඔසාමා බින් ලාඩන්ගේ අවසානය ගැන දැන ගන්න මෙතනින් යන්න..



    “Beast of Kandahar” යන අනුවර්ථ නාමයෙන් මේ යානය හදුන්වනු ලබයි.
    ;););)

    මේ යානය පිළිබඳ තවත් තොරතුරු අපිට ඉදිරියේදී තවත් දැනගන්නට ලැබේවි... :yes:

    මේවා ඇහුවාම නම් වෙලාවකට අපිටත් පිස්සු හැදෙනවා...:baffled:
    එහේ ම නේද? :D

    උපුටා ගත්තේ...:)
    චාමිකයගේ බ්ලොග් ඉසව්ව...
    fb eke set wenna

     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    tnx a lot +5 added , meka nikan B 2 eka wage . oya Area 51 eke hotos math godak issara idan ekathu karanne lol . monawa wunath american karayo den hodata rath wela ethi ei ithin unge stealth ekath kadanna puluwan wunane ..... " The Eagle Eye" kiyana movie eka beluwanam honda drone ekak balaganna puluwan samahara wita e film eka balal iran karyo eka practically kalada danneth ne :rolleyes:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇමරිකාවට හිතෙනවා ඇති හිතපු තරං ඉරාන් කාරයා මෝඩ නෑ කියලා :cool: