කව්රුත් අහලා ඇතිනේ ගජමන් නෝනා ගැන. සමහරු අහලා තිබුනට දන්නේ නැතුව ඇති අපේ රටේ ඇත්තටම එහෙම එක්කෙනෙක් හිටියදවත් කියල නේද? ඇත්තටම හිටියා. එයාගේ මුළු නම දොන ඉසබෙලා කොරනෙලියා නොහොත් අපි දන්නා විදියට ගජමන් නෝනා. මෙයා ලංකාවේ ඉස්සර හිටපු හොඳ කවිලියක්. ගජමන් නෝනා ඉපදුනේ 1746 මාර්තු 10 වෙනිදා කොල්ලුපිටියේ. මෙයා සේනාරත්න කුමාර පෙරුමාල් ගේ හා ෆ්‍රැන්සිනා ජසේන්තු ගරැවියෝ දෙපලගේ දෙවැනි දුව. මෙයාව බවුතිස්ම කරේ දොන ඉසබෙලා කොරනෙලියා පෙරුමාල් කියන නමෙන්.
මැයගේ පියා දොන් ෆ්රැන්සිස්කෝ කුමාර පෙරුමාල් පසුව ගජමන් ආරච්චි උනා මාතර දිස්ත්‍රිකයේ. මෙතුමාට පැවරිලා තිබුනේ වල් අලි අල්ලාගෙන ඔවුන් හිලෑ කරන වැඩකොටසක්. ඔහු ජීවත් වෙලා හිටියේ හක්මන ප්‍රදේශයේ. අති පූජ්‍ය පණ්ඩිත කොරතොට හාමුදුරුවෝ තමයි මෙතුමියගේ සිංහල ගුරුවරයා. ඔය කාලෙම එල්පාත මුදලියාර් රත්නපුරේ හිටපු මේ හාමුදුරුනමගේම ගෝලයෙක්. ඔහු එල්පාත ධර්මරත්න කියන නමින් හිමි නමක් වෙලා සිවුර අතහැරපු කෙනෙක්. මෙතුමා කවි ලියන්න දක්ෂයෙක්.
ගජමන් නෝනගේ සැමියාගේ අභාවයෙන් පස්සේ ගජමන් නෝනත්, එල්පාත මුදලියාර් අතරත් ප්‍රේම කවි හුවමාරුවක් සිදු උනා. මේ එක කවියක්.
එල්පාත මුදලියාර් ගජමන් නෝනා වෙත පොඩ්ඩක් ආකර්ෂණය කරගන්න ලියපු කවියක්
චන්ද සූරිය මෙනි එලන්දගේ උවන
ඉන්ද නීල දෙක මෙනි ලමැද එන තැන
අන්දකාරයට අවුළු පන මෙන
කින්ද තනි යහනේ නිදියන්නේ නෝනා
මේ ගජමන් නෝනගේ මල පැනපු පිළිතුර
බැඳ මගේ හිමි පරලොව ගිය බැවින
නින්ද අපට පුරුදුය තනියම යහන
වින්ද රති සපත මතක නැති වින
කින්ද තමුසෙට විමසන්න කරන
සර් ජෝන් ඩොයිලි මේ පළාතේ ෆිස්කල් එකතු කරන්නා හා ආණ්ඩුවේ සේවකයකු බැවින් ගජමන් නෝනා එයාගේ දැනට දරුමල්ලොත් එක්ක ජීවන බරෙන් මිදීමට මෙතුමාගෙන් අවසර ඉල්ලා සිටියා මැයට යම් ලෙසක පිහිටක් වෙන ලෙසට. සර් ජෝන් මැයගේ හැකියාව ගැන සිතා බලා මැයටත් මැයගේ දරු මල්ලන්ටත් නින්දගමක් ලබා දුන්නා. ගජමන් නෝනගේ ස්වාමි පුරුෂයන් දෙන්නම හදිසියේ මියගිය බැවින් මැය දරු මල්ලොත් එක්ක තනියම කාලේ ගත කරන නිසා මැයගේ පියා ඔවුන්ව රැක බලාගත්තා. නමුත් අවාසනාවකට මැයගේ පියත් අලියෙකුගේ පහරකින් කහගල්ල ගම්මානේදී ජීවිතක්ෂයට පත් උනා. මැයත් 1814 දෙසැම්බර් 15 වෙනිදා මෙලොවින් සමු ගත්තා. අදටත් මැයට හිමිවෙලා තිබුන ඉඩම ළඟ හන්දියට කියන්නේ නෝනා ගම කියලයි. නෝනා ගම හම්බුවෙන්නේ හම්බන්තොටත් තන්ගල්ලත් අතර.