ලංකාවේ පස් චිත්‍ර

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ලංකාවේ පස් චිත්‍ර

ඔන්න ඉතින් මට පොස්ට් එකක් දාන්න කතාවකුත් නැතුව ඉන්නකොට අපේ තාත්තා කිව ඩුබායි එනකොට එයාගේ යාලුවෙකුට දෙන්න හොඳ ආර්ට් එකක් අරගන එන්න කියල. අපේ රටේ සංස්කෘතිය පේන කලාත්මක වටිනාකමක් තියන චිත්‍රයක් අරන් එන්න කිව. මුළු කුරුණෑගලම හෙවුවත් එහෙම ඒවා මේහේ නැති නිසා මං ගියා නුවර ඒවා හොයන්න. මගේ නුවර ඉන්න යාලුවෙකුත් කිව කැන්ඩි සිටි සෙන්ටර් එකේ ස්ප්ලෑෂ් කියල ප්‍රදර්ශනයක් තියනවා ඒකෙන උඹට ඕන දේවල් හොයාගන්න පුළුවන් වෙයි කියල. මාත් ඉතින් ටිකක් දවල් වෙලා ගියා නුවර පැත්තේ මගේ දඬුමොනරෙන්ම. මගේ යානාවේ තනියම ගුවන් ගතවෙන්න පාලු නිසා කෝ-පයිලට් විදියට මගේ ජීනිවත් එක්කගන තමා ගියේ.. දවල් වෙනකල්ම හිටියෙත් ජීනිගේ එක්සෑම් එකක් තිබ්බ ඒක ඉවර වෙනකල්.

කොහොම හරි ඉතින් අපි දෙන්න සිටි සෙන්ටරේ උඩම තට්ටුවට ගිහින් එතනින් රුපියල් 30 ටිකට් දෙකකුත් අරගන ඔය ස්ප්ලෑෂ් එකට ගියා.. මුළු තට්ටුව පුරාම ඇඳුම් කඩ, කෑම කඩ, අර කඩ මේ කඩ අස්සෙන් අපි ඔය ආර්ට් තියන තැන් හොයාගන සැරිසැරුවා. බතික් නිර්මාණ, ලස්සන දර්ශන අඩංගු පින්තුර (ෆොටෝ) තියන ස්ටෝල් පහුකරගන පහුකරගන යද්දී මේ නිර්මානේ දැකල මං නැවතුනා

Photo0182.jpg

මේක අඩි 4 ක් විතර දිග 3 ක් විතර පළල චිත්‍රයක්. මං මේකේ ගාන ඇහුවම ඒ අක්ක කිව වැඩිය නෑ රුපියල් 25,000 යි කියල. කකුල් දෙක සීතල වෙලා යද්දී මං එයාගෙන් ඇහුව ඇයි මෙච්චර ගණන් කියල. එතකොට තමා එය කිවේ මේ හැම චිත්‍රයක්ම ඇඳලා තියෙන්නේ පස් වලින් කියල..

එහෙම ඇහුවට පස්සේ ඒක මං අහපු අලුත් දෙයක් නිසා වැඩිදුර විස්තර අපි එයාගෙන් ඇහුව. එයාගේ හස්බන්ඩ්ලු මේ පින්තුර අඳින්නේ. එයාල ලංකාවේ විවිධ තැන් වලින් එකතු කරගන්න විවිධ පාට තියන පස් වර්ග අරන් ඇවිල්ල ඒවා පුළුවන් තරම් පෙරලා එයාලගේ ක්‍රමේකට මේ චිත්‍ර වලට අවශ්‍ය තීන්ත හදා ගන්නේ.

එයාල රතු පස් ගේන්නේ ගම්පොලින්, කහ පස් නිට්ටඹුවෙන්, දුඹුරු පස් බුලත්කොහුපිටියෙන් වගේ ලංකාවේ තව විවිධ පැති වලින් පස් ගෙනල්ල පාට හදාගන්නවලු. ඒ වගේම කළු පාට හදාගන්නේ පොල්කටු අඟුරුවලින්ලු.

ඒ මොන ආකාරයකින් මේ පාට හදාගත්තත් ඒ චිත්‍ර වල පාට ඇල්ලුවට, වතුර වැටුනට වෙනස් වෙන්නේ බොඳ වෙන්නේ නෑ. මේ ඔක්කොම අහල දැකල ඉවර වුනාට පස්සේ මට හිතුනා ඇත්තටම මේ කලා කෘති වලට අර වගේ මිලක් අසාදාරණ නෑ කියල. මං එයාල ළඟ තිබ්බ චිත්‍ර බලන අතරේ ඒක පාරටම මගේ හිත ඇදිල ගත්ත චිත්‍රයක් දිහාට ඇස් යොමු වෙද්දීම මං දැක්ක ජීනිත් ඒ දිහාම බලගන ඉන්නවා. ඒ වෙනකොට අපි දෙන්නම ඒ චිත්‍රෙ හොඳයි කියල බැලු බැල්මෙන්ම තෝරගන හිටියේ.. ඒත් ඒකෙ මිල මගේ පසුම්බියට ගැලපෙනවද කියලත් බලන්න ඕනනේ.. මොකද මං ළඟ තිබ්බේ රුපියල් 10,000 යි. අපි අර අක්කාගෙන් ඇහුව ඒ චිත්‍රෙ කීයද කියල. එයා කිව 6000 යි කියල. පස්සේ අපි ඒක 5700 කට මිල නියම කරගන අරගත්තා. මේ තියෙන්නේ ඒ චිත්‍රෙ

DSC03083.JPG

මෙතැනදී මං ඒ අක්කට රුපියල් 2000 කොල 3 ක් දුන්න. එයා මට රුපියල් 300 ක් දුන්න ඉතුරු වල බලන්න ලොකු දෙයක් නොතිබුන නිසා ඒ සල්ලි කොල ටික මං සාක්කුවේ දාගන, චිත්‍රෙත් අරගන ටිකක් දුර යනකොට මට මතක වුනා අර මං සාක්කුවට දාගත්ත සල්ලි අතර කොල පාට කොලයක් තිබුන කියල. ආයි මං සාක්කුවෙන් සල්ලි අරන් බලද්දී එතන රුපියල් 1300 ක් තිබුන. තමුන්ගේ මහන්සියෙන් හරි හම්බකරගන්න අපේම මිනිහෙක්ට අවැඩක් කරන්න අවශ්‍ය නැති නිසාත්, චිත්‍රෙ තියන කලාත්ම වටිනාකම කේවල් කරන්න ඕන නැති නිසාත්, අවංක මිනිස්සු විදියට මායි ජීනියි හැරෙන තැපෑලෙන් ආයි ගිහින් ඒ චිත්‍රෙ විකුනපු අක්කගේ අතට අර වැඩිපුර රුපියල් 1000 අපි ගිහින් දුන්න. ඒ අක්ක කිව

"ඔයාල වගේ මනුස්සයෝ මේ චිත්‍රෙ ගත්ත නිසා මගේ අතින් වුන අතපසුවීම වුනත්, ඔයාල මේ සල්ලි මට ගෙනත් දුන්න. වෙන කෙනෙක් නම් මෙහෙම දෙන්නේ නෑ. බොහොම ස්තුතියි"
කියල ඒ අක්ක සල්ලි ආයි ගත්ත.

ඒ සල්ලි අපි ළඟ තිබුනට වඩා සතුටක් ඒක ආයි දුන්නම අපි දෙන්නටම ලැබුන. අපි දැන දැනම ඒ සල්ලි අරගන ආව නම් මගේ දැනුමේ හැටියට ඔය සල්ලි අපිට යා දෙන්නේ නෑ. අපි රුපියල් 1000 නැවත දිල ඒ මොහොතේ ලබපු මානසික තෘප්තිය රුපියල් 1000 කට ලැබෙයි කියල මං නම් හිතන් නෑ.

පඳුර වටේ තැලුව ඇති. මං ඔය කිවේ අතුරු කතාවක්. මේ පස් කළා කෘති ගැන මං ජංජාලේ හොයද්දි මේවා ඇඳපු කෙනා ගැන ලිපියක් තිබුන 2009 ජුලි 15 ඩේලි නිවුස් පත්තරේ මේ තියෙන්නේ ලින්ක් එක

මේ තියෙන්නේ එතැන තිබ්බ චිත්‍ර වල මං ෆෝන් එකෙන් ගත්ත ෆොටෝ ටිකක්
Photo0181.jpg


Photo0183.jpg


Photo0184.jpg


Photo0185.jpg


Photo0186.jpg


Photo0187.jpg

මේක මං මගේ බ්ලොගියේ දාපු පොස්ට් එකක්.. එළකිරි කස්ටියත් පුළුවන් වෙලාවක ඇවිත් මගේ බ්ලොගියටත් ගොඩ වෙලා පෝස්ට් බලල කමෙන්ට් එකක් එහෙම දාල යන්න.

මේ තියෙන්නේ මගේ ජීනියස්ගේ බ්ලොගිය
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
ado maara laassanai ban chitra tika :love:

pas walin mewage ewwa karanna puluwanda ban ?:shocked:

චිත්‍ර ටික ආයි කියල වැඩක් නෑනේ නේද... පස් වල තියන පාට තමයිලු මේ චිත්‍ර වල තීන්ත හදාගන්න ගන්නේ.. චිත්‍රෙ වුනත් අල්ලනකොට හරි රළුයි

ඔක්කොටම වඩා මං උඹේ කමෙන්ට් එකට ගරු කරනවා මචං. මොකක් හරි ආගමකට හරි පක්ෂෙකට හරි බනින ත්‍රෙඩ් එකක් දැම්ම නම් වීව්ස් ගානටම කමෙන්ට් තියනවා ඒත් මේ වගේ දෙයක් දැම්මොත් වීව්ස් බරගානක් තියනවා කමෙන්ට් නෑ.. මහන්සි වෙලා පොස්ට් එකක් දාන මනුස්සයෙක්ට සතුටක් තියෙන්නේ ඒ පොස්ට් එකට ලැබෙන කමෙන්ට් වලට.. බොහොම ස්තුතියි මචං උඹේ කමෙන්ට් එකට

:) මගෙන් +++
 

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මටත් චිත්‍ර ටික දැකපු ගමන් ආස හිතුනා.. මචන් හොද කැන්වස් එකකද නෝමල් රෙද්දකද ඕක ඇදලා තියෙන්නේ? මටත් ආසයි ඔය වගේ චිත්‍රයක් ගන්න. ස්තුතියි.. බ්ලොගිය බුක්මාked
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මටත් චිත්‍ර ටික දැකපු ගමන් ආස හිතුනා.. මචන් හොද කැන්වස් එකකද නෝමල් රෙද්දකද ඕක ඇදලා තියෙන්නේ? මටත් ආසයි ඔය වගේ චිත්‍රයක් ගන්න. ස්තුතියි.. බ්ලොගිය බුක්මාked

කැන්වස් එකක ඇඳල තියෙන්නේ මචන්.. වෙලාවක බ්ලොගියට ඇවිත් යන්න :D