You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
පියවි ඇසින් ඔබ්බට : 01
අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා
මේ ලෝකයේ මිනිසාගේ පියවි ඇසට පමණක් නොව පංචේන්ද්‍රියනට ම ගෝචර නොවන්නා වූ ක්‍රියාකාරී කම් පවතී. මේවා අතින්ද්‍රිය යනුවෙන් හැඳින්වේ. සාමාන්‍ය ඉන්ද්‍රියයන්ගෙන් පිටස්තර වූ, විද්‍යාත්මක නීතීන්ට පරිබාහිර වූ සාමාන්‍ය වාස්තවික පරීක්ෂණ සීමාවන් ඉක්මවූ නිශ්චිත හා සංයුතීන් ඉක්ම වූ ආදී අරුතින් ‘අතින්ද්‍රීය’ වචනය විග්‍රහ කොට ඇත. මේ වචනය නිර්මාණය වූයේ 1915 - 1920 අතර කාල සීමාවේ දී ය. සාමාන්‍ය අත්දැකීම් පරාසයට හා විද්‍යාත්මක තේරුම් කිරීම්වලට පරිබාහිර වූ අසාමාන්‍ය අත්දැකීම්, සම්ප්‍රදායික විද්‍යාවෙන් පැහැදිලි කළ නොහැකි සිද්ධීන් හා හැකියා පිළිබඳව මේ අතීන්ද්‍රිය විෂය අධ්‍යයනය කරන විද්‍යාව PARAPSYCHOLOGY යන නමින් හැඳින්වේ.
තමන් උගත් විද්‍යාවන්ට හෝ තමන් ගේ මනසට තේරුම් ගත නොහැකි සිද්ධීන් ‘ඕවා මනෝවිකාරය, බොරුය, මිත්‍යාවන්’ යැයි මඟ හැරීමට, නොතකා හැරීමට හෝ අතහැර උඩින් පැන යෑමට නොහැකි ය. ලෝකයේ බුද්ධිමත්හු මේවා පිළිබඳ විමර්ශනාත්මකව ගවේෂණය කරති. පොත් පත් ලියති.
මේ ලිපියෙන් අප ඉදිරිපත් කරනුයේ ඇස්වහ කටවහ පිළිබඳ සිද්ධියකි. මෙවැනි අසාමාන්‍ය සිද්ධීන් පිළිබඳව අප ද ගවේෂණයේ යෙදෙන අතර අඩු තරමින් මෙවැනි අතීන්ද්‍රීය සිද්ධීන් මිනිසා ගේ ප්‍රයෝජනයට ගන්නේ කෙසේද? එසේ ම මිනිසාට අහිතකර වූ අතීන්ද්‍රිය ශක්තීන්ගෙන් ආරක්ෂාවන්නේ කෙසේ දැයි කරුණු සාකච්ඡා කරමින් සිටිමු. මෙවැනි අත්දැකීම් පාඨක ඔබ ළඟ ද තිබෙන්නට පුළුවන. ඒ පිළිබඳව කරුණාකර “මහින්ද විජේතිලක, 248 සිරි සාරානන්ද මාවත, බෝපිටිය, මතුගම’ ලිපිනයට, ඔබේ දුරකථන අංකය ද සහිතව සවිස්තරාත්මකව ලියා එවන්නේ නම් කෘතඥ වෙමි.
මේ කුරුණෑගල නාගනේ ශ්‍රී සීවලී විහාරාධිපති මාතලේ පඤ්ඤානන්ද හිමියෝ අප සමඟ පැවසූ එවැනි සිද්ධියකි.
මෙය මාතලේ නාවුල ප්‍රදේශයේ සිදුවූ දෙයක්. මේ පවුලේ ඒ වන විට සිටියේ අම්මයි පුතයි දුවයි. පුතා විවාහ වී බිරියත් සම¼ඟ මහන මැෂින් ;දකක් තියාගෙන ඇඳුම් මැසීමේ යෙදුණා. මේ පුතයි ලේලියි හරිම උත්සාහ වන්තයි. ඒ වගේ ම දැහැමියි. අනුන්ගේ දේවල් හොයන්න කාලය නාස්ති කළේ නෑ. තමන්ගේ පාඩුවේ මැහුම් කර්මාන්තය කර ගෙන ගියා.
දුවත් විවාහ වී මේ මැහුම් සාප්පුවට අල්ලපු ගෙදර අම්මත් එක්ක ජීවත් වුණා. අම්මා නිතරම ඊර්ෂ්‍යාවෙන්, කුහකකමින්, ජීවත් වූ කෙනෙක්.
පුතයි ලේලියි දෙන්නගේ උත්සාහය, නිසා ඔවුන්ට පාසල්වල නිල ඇඳුම් මැහීමේ කොන්ත්‍රාත්තු පවා ලැබුණා. දැන් මේ අය මහන මැෂින් අටක් යොදා ගෙන අමතර සේවකයනුත් යොදාගෙන මැහුම් ව්‍යාපාරය පවත්වාගෙන ගියා. මේ අඹු සැමි දෙන්නා සේවකයින් සවස වැඩ ඇරී ගිය පසුවත් රාත්‍රි 12 - 1 වනතුරු වැඩ කළා. ඔවුන් කරන කියන හැම දෙයක් ම අම්මාට කියන්න ඕනෑ. නැත්නම් අම්මට කේන්තියි. අම්මගෙන් මේ අයට ලැබෙන සහයෝගයකුත් නෑ. ඒ වුණාට හැම දෙයක් ම ඇඟිලි ගගහා හාර අවුස්සමින් හොයනවා. මේ වැඩේ පුතාටත් ලේලිටත් හිරිහැරයක් කරච්චලයක්.
මේ අය දවසක් රුපියල් ලක්ෂ තුනක් ණය වෙලා රෙදි තොගයක් ලොරියකින් ගෙනැවිත් ටේලර් සාප්පුවට බෑවා. එදා ම රාත්‍රියේ ටේලර් සාප්පුව ගිනිගත්තා. මැෂින් අටත් සමඟ ම සම්පූර්ණයෙන් ගිනි ගත්තා. ගින්න නිවා ගන්න බැරි වුණා.
මේ ගිනි ගැනීම මහා ප්‍රහේලිකාවක් වුණා. පොලිසියට හේතුවක් හොයාගන්න තියා අනුමාන කරන්නවත් දෙයක් තිබුණේ නෑ. එදා හැන්දෑවෙ රෙදි තොගය ගෙනැත් බාපු නිසා වැඩ අධිකවීමෙන් සාප්පුවේ බුදු පහන දල්වා තිබුණේත් නෑ. විදුලි කාන්දුවකට හේතු තිබුණෙත් නෑ. ගින්න හට ගත්තේ කොහොමද කියලා හොයාගන්න විදිහක් නෑ.
මේ පුතයි ලේලියි දෙන්නා අපේ සේරුදණ්ඩාපොළ අක්කාත් එක්ක මා සොයා ගෙන ආවා. මේ වෙනකොට මම මේ සිද්ධීන් ගැන කිසි දෙයක් දැන හිටියේ නෑ. මේ අය ආවේ නිමිත්තක් බලන්න.
මම පළමුවෙන් ම මගේ නිමිති ශාස්ත්‍රයෙන් ඇහුවා “මේ අය අහන්නේ ගිනි ගැනීමක් පිළිබඳ නේදැ” යි කියා.
“එහෙමයි හාමුදුරුවනේ! අපේ ටේලර් සාප්පුවම ඉවරයි. මැෂින් අටයි. ඊයේ රුපියල් ලක්ෂ තුනක් ණය වෙලා ගෙනාපු රෙදි තොගයයි ඔක්කොම ගිනි ගත්තා හාමුදුරුවනේ. අපට උවමනා මේ ගින්න ඇති වුණේ කොහොමද? කියලා දැන ගන්නයි” කියා මේ දෙන්නා අඬ අඬා කීවා.
මම නැවතත් මේ ගින්නට හේතුව හෙව්වා. “මේ ගින්නට හේතුවක් පෙනෙන්නේ නෑ. හැබැයි දුෂ්ට හිතක චේතනාවක් පේනවා”යි මම කීවා. “එහෙම යම් කිසි දෙයක් සිද්ධ වුණා දැ” යි මතක් කර බලන්නැ” යි මම කීවා.
ඒ වේලාවේ කල්පනා කරමින් සිටි ලේලිය මෙහෙම කීවා. “ඔව්, හාමුදුරුවනේ! එදා රෙදි තොගය ලොරියෙන් බාලා ගොඩ ගහලා තියෙද්දී අම්මා ආවා එතැනට, “තොපිට හරි ගියා. තොපිට හරි ගියා. තුඞ නොදකින්” කියලා යන්න ගියා” යැයි කීවා.
මේ දෙන්නා නැවතත් රුපියල් ලක්ෂ එක හමාරක් ණය වෙලා මැෂින් ගෙනැවිත් නැවතත් ටේලර් සාප්පුව පටන් ගත්තා. දැන් මේ දෙන්නාට ළමයෙකුත් ලැබිලා.
ආයෙත් දවසක් මම රෝගීන් බලන වෙලාවේ පුංචි දරුවෙක් අඬනවා ඇහෙනවා. තොරතෝංචියක් නැතුව අඬනවා. රෝගීන් පෝලිමේ ඉන්දැද්දී මම කීවා අන්න අර අඬන දරුවාව එක්කර ගෙන එන්න කියලා.
ඇයි මේ දරුවා අඬන්නේ?” යි මම ඇහුවා.
“අනේ හාමුදුරුවනේ! අද උදේ ඉඳලා දරුවා කිරි බොන්නේ නෑ” යි ලේලිය කීවා.
“ඇයි කිරි නොබොන්නේ?” මම ඇහුවා.
“මට අද කිරි එරෙන්නේ නෑ” යි ඇය කීවා.
මට කාරණේ මතක් වුණා. “ඇයි? අත්තම්මා බලා ඉන්දැද්දි දරුවට කිරි දුන්නාද?” යි මම ඇහුවා.
“ඔව්! හාමුදුරුවනේ! මම දරුවාට කිරි දෙන කොට අම්මා එතැනට ආවා. බලා හිටියා විතරයි.”
ම වතුර ටිකක් උණු කරවා කහ මිශ්‍ර කොට බුද්ධ මන්ත්‍රයකින් පිරිත් කොට ඇයට දුන්නා. එයින් පපුව හෝදා ගෙන දරුවාට කිරි දෙන්න කියා. ඒ සැරේ දරුවා පැය බාගයක් විතර එක දිගට කිරි බිව්වා. මම උපදෙස් දුන්නා. එළියේ ඉඳගෙන අනිත් අයට පෙනෙන්න දරුවාට කිරි දෙන්න එපා ය කියා.
සතියක් ගියේ නෑ. ආයෙත් දවසක් අඬාගෙන ආවා. “අනේ! අපේ හාමුදුරුවනේ! දරුවා අදත් බඩගින්නේ අඬනවා. අද මම කාමරේට වෙලා දරුවාට කිරි පෙව්වා. අම්මා ඇවිත් දොර රෙද්ද මෑත් කර බලලා ගියා විතරයි. කිරි නැති වුණා” යි කීවා.
මම ඇයට කරුණු පැහැදිලි කළා. දුෂ්ට වෛර සිතුවිලි තියෙන අයගේ සංසාරේ පළි ගැනීම්, කළ අයගේ සිතුවිලි පවා දරුණුයි. දැන් නම් කරන්න දෙයක් නෑ. මේ අවනඩුව විශ්වයට කියන්න.
විෂ්ණු දෙවියෝ ය කියන්නේ මේ ලෝකය පවත්වාගෙන යන ආරක්ෂා කරන විශ්ව ශක්තියයි. කාටවත් වෛර සිතින් නොවෙයි. ඕනෑම කෙනෙකුට ජීවත්වීමේ අයිතියක් තියෙනවා. මේ නංගීටත් දරුවාටත් දෙන්නාටම ඒ සාධාරණ අයිතිය තියෙනවා. දැන් අර විහාරයට ගිහින් තෙරුවන් වඳින්න. විෂ්ණු දෙවියන්ට මේ අවනඩුව කියන්න. හදවතින් ම කියන්න. අතීතයේ තමන් කල හොඳ වැඩ, පින්කම් මතක් කරමින් පින් දෙමින් කියන්න. කියා එදත් කහ දියර ටිකක් පිරිත් කර පපුවේ ගාන්න දුන්නා.
ඇයත් කහ දියෙන් පපුව සෝදාගෙන විහාරයට ගිහින් දරුවාට කිරි දෙන ගමන් ම මේ අවනඩුව විෂ්ණු දෙවියන්ට පවසන්න කිව්වා. ගෙදර යන කොට නැන්දම්මා දූගෙ ගෙදර හිරමණය උඩ වාඩි වෙලා පොල් ගාමින් ඉන්දැද්දී හිරමණෙන් වැටිලා අංශ බාධය හැදිලා. අහිංසක පැටවුන්ට දෙවියොත් ආදරෙයි. ඒ වගේ අහිංසකයන්ට පීඩා කරන කොට සොබාදහම දඬුවම් කරනවා යැයි ද පඤ්ඤානන්ද හිමියෝ පැවසූහ.
මේවා අපට නොපෙනෙන එහෙත් අප අතරම ක්‍රියාත්මක වන ශක්තීන්. මේ වගේ දේවල් තියෙනවා. මේ සිද්ධියත් ඒ වගේ ම දෙයක් යැයි උන් වහන්සේ තවත් කතාවක් පැවසූහ.
මේ මඩඋල්පත ප්‍රදේශයේ කෙනෙකු සම්බන්ධ සිද්ධියක්. ඔහු රැකියාව වශයෙන් කළේ සිඟා කෑම. බස් නැවතුම් පොළේ “අනේ නෝනා! අනේ මහත්තයා! මේ අන්ධයාට පිනට යමක් දෙන්න. කුසගිනි නිවාගන්න පිනට යමක් දෙන්නැ”යි ඔහු අන්ධයෙක් විදිහට හිඟා කෑවා. ඔහු ඇත්තටම අන්ධයෙක් නොවෙයි. දෑස් පියාගෙන අන්ධයෙක් විදිහට හිඟා කෑවා. බස් රථයක් ආපු හැටියේ බස් එකට ගොඩ වෙනවා. මේ විදිහට අවුරුදු ගණනාවක් හිඟා කෑවා. පාන්දර ගෙදරින් එනවා. හැන්දෑවට අන්තිම බස් එකේ ගෙදර යනවා. ගෙදර අඹුදරුවන් පෝෂණය වුණේ මේ ආදායමෙන්. ඔහුගේ බිරිය මේ ස්වාමියා දෙන මුදල් අර පරෙස්සමෙන් පරිහරණය කළා. දරුවන්ට ඉගැන්නුවා.
මෙහෙම අවුරුදු විසි දෙකක් ම මේ මනුස්සයා අන්ධයෙක් විදිහට හි¼ඟා කෑවා. ගමෙන් තරමක් ඈත බස් නැවතුම් පොළේ හිඟා කෑවා. දැන් ලොකු පුතාට වයස අවුරුදු විසි දෙකයි. හොඳ රස්සාවකුත් කරනවා.
තාත්තේ! දැන් තාත්තා දුක් විඳින්න ඕනෑ නෑ. මට පුළුවන් පවුලෙ අයට කන්න අඳින්න දෙන්න. දැන් තාත්තා ගෙදර නවතින්න. තවත් දුක් විඳින්න උවමනා නෑ” යි ලොකු පුතා කීවා. අම්මාත් කීවා.
ඒත් තණ්හාවක තරම. ලැබෙන ආදායම නතර කරන්න ලෝබයි. මේ මනුස්සයා දිගටම හිඟා කෑවා. තවත් අවුරුදු දෙකක් ගත වුණා. ඊළඟ පුතාත් මේ විදිහට ම රස්සාවකට ගිහින් තාත්තාට හිඟා කෑම නතර කරන්න කියා කීවා.
ඒත් මේ මනුස්සයා ඒ කීම ඇහැව්වේ නෑ. මේක තමයි අසීමිත තණ්හාව. හිඟා කෑම රස්සාවක් වශයෙන් කරගෙන ගියා.
ඇත්තට ම මොකද වුණේ. මේ මනුස්සයා ඉබේම ඇත්තට ම අන්ධයෙක් වුණා. දැන් ඇත්තටම අන්ධයෙක්. තවමත් හි¼ඟා කනවා.
සොබා දහම විශ්ව ශක්තිය ඉතාම සාධාරණයි. සුළු සුළු කපටිකම්වලින් ජීවත් වෙන්න උත්සාහ කරන කොට විශ්ව ශක්තිය හිනාවෙවී බලා ඉන්නවා. සීමාව ඉක්මවා යන විට දඬුවම් කරනවා.
අපේ පියවි ඇසට නොපෙනෙන එහෙත් අප අසල ම ක්‍රියාත්මක වන බොහෝ දේවල් තියෙනවා. ඒවා පිළිබඳ උගතුන් ගේ බුද්ධිමතුන් ගේ අවධානය යොමු වීම අඩුයි.
ඒ වගේ අප දන්නා ගුරුවරියන් හිටියා. පවුලේ අය ගෙනා යෝජනාවක් අනුව විවාහ වුණා. මේ ස්වාමි පුරුෂයා බොරු කාරයෙක්. තමන්ගේ නිවස අවට තිබුණු ඉඩකඩම් මේවා මගේයි පෙන්වා බොරු කියා තමයි විවාහ වුණේ. ගුරුවරියගේ ගෙදර අයත් රැවටුණා බෑණාට හොඳට ඉඩකඩම් දේපල තියෙනවා ය කියා ඉඩකඩම් දේපල තියෙන නිසා ටැක්ටරයක් හා ලොරියක් දෑවැද්දටත් දුන්නා.
ඒත් විවාහයෙන් පස්සෙ ඇයට සිද්ධ වුණේ ස්වාමියා බීමත් ව ඇවිත් කරන තාඩන පීඩනවලට මුහුණ දෙන්න. නිතර අඬ දබර වුණා. පහර දුන්නා. ඒත් ඇය ඇගේ වැදගත්කම තියාගෙන ඉවසුවා. ඇය ගෙදරින් එනවිට ගෙනා සාරි අට විතරයි ඇයට තිබුණේ. මේ මිනිහා සාරියක් පවා අරගෙන දුන්නෙ නෑ.
ඇය මේ සියල්ල ඉවසාගෙන උදේ පාන්දරින් නැගිට ඉවුම් පිහුම් කොට පාසලට යනවා. අන්තිමේ මේ මිනිහා කිසි දවසක දියුණු නොවන බව වටහාගෙන “මේ මිනිහා නම් හැදෙන මිනිහෙක් නම් නොවේ” යි යන නිගමනයට ඇවිත් තමන් ගෙ පාඩුවේ ඉවසීමෙන් කටයුතු කළා. අන්තිමේ මිනිහා අසනීප වුණා. මේකත් මගේ ම කරුමය යැයි සිතූ ගුරුවරිය ඔහුට කවා පොවා සාත්තු සප්පායම් කළා. කවන්න පොවන්න ළඟට ගියත්, කවා පොවා අවසන් වුණා ම කෙහෙවල්ලෙන් අල්ලා ගෙන ඇයට පහර දෙනවා.
සමහර දාට ඉස්කෝලෙට යන කොට උදේ පහරදීම් වලින් මුහුණ ඉදිමිලා. මේ ඉස්කෝලෙ ඉන්න ඉංග්‍රීසි ටීචර් බොහොම අහංකාරයි. අනුන්ට අපහාස උපහාස කරනවා. “ආ... අදත් උදේ පාන්දර ගුටි කාලා තියෙනවා” කියලා හිනාවෙනවා. අනිත් අය සමඟත් කියා හිනා වෙනවා. ඒත් ගුරු මණ්ඩලයේ අනිත් අය මේ දුක් විඳින ගුරුවරියට අනුකම්පා කළා. ඇගේ ප්‍රතිපත්ති වලට ගෞරව කළා.
දවසක් ස්වාමියාගේ පහරදීම් වලට ලක් වූ ගුරුවරිය පාසලට එද්දී “මොකද ඔයාගෙ මූණ ඉදිමිලා” කියලා ඉංග්‍රීසි ටීචර් නොදන්නවා වගේ ඇහුවා.
“ඔයාට ඕනෑ දෙයක් හිතාගන්න” කියා අහිංසක ගුරුතුමිය කීවා.
එදා ඉංග්‍රීසි ටීචර් ගෙදර යන කොට යතුරු පැදිය අනතුරකට ලක් වී කකුල කැඩී රෝහල් ගත කළා. මාස තුනක් පමණ දුක් විඳ ඇය දැන් නැවතත් පාසල් එනවා. හැබැයි ඉතාම කැත නොන්ඩියක් ඇයට තියෙනවා. කකුල සනීප වුණත් නොන්ඩියි.
“ඔයා සීමාව ඉක්මවලා අර මිස්ට හිනා වුණා. අපහාස කළා. ඒකට දඬුවම තමයි ඔය” යැයි අනිත් ගුරුවරු ඇගේ මූණටම කිව්වා. යැයි ද පඤ්ඤානන්ද හිමියෝ කීහ.
උපුටා ගත්තේ මෙතනින්
පියවි ඇසින් ඔබ්බට : 02
පින් පමුණුවා පියා ගේ ආත්මය යහපත් කළ දියණියක්
මේ වන විට නිවසේ ඇසට නොපෙනෙන කෙනෙකු ජීවත්වන බව නිවැසියන්ට ඇසෙන්නට හා දැනෙන්නට විය. තමන් පිටු පසින් යමකු ගමන් කරනා අඩි සද්දය ඇහෙන්නට වීය. රාති‍්‍රයේ තනිවම කුස්සියට හෝ නාන කාමරයට හෝ යෑමට පවා බියක් දැනෙන්නට වීය. මේ බෞද්ධ පිළිවෙත් ක‍්‍රමවත්ව සිදු කැරගෙන යන විට ඒවා අඩු වී ගියේය. ඔවුන් ගේ බිය ද
පහව ගියේ ය.
සුගති වශයෙන් හැඳින්වෙන ලෝකයත් අතර මේ මිනිස් ලෝකය ද කාම ලෝකයකි. මිනිස් ලොව උපදින පුද්ගලයා සිය ඇස, කන, නාසය, දිව, ශරීරය හා සිත පිනවීමට උපන් දා සිට ම උත්සාහ කරයි. කටයුතු කරයි. ඒ කාම ලෝක ස්වභාවයයි. එසේ ඉන්ද්‍රිය සය පිනවීමට හැකි වන අයුරින් අංග සම්පූර්ණ උපතක් ලැබීම හා අවශ්‍ය සම්පත් ලැබීම පූර්ව භවයන්හි කරන ලද පුණ්‍ය කර්මයන් ගේ ආනිසංසයත්, මේ භවයේ දැනුම හා බුද්ධිය දියුණු කැර ගැනීමෙන් ඇති කරගන්නා යහපත් උත්සාහයක් නිසා සිදුවන්නකි. කොයි තරම් අංග සම්පූර්ණ උපතත් ලැබූවද ඔහුට අවශ්‍ය පරිසරය, කල්‍යාණ මිත‍්‍ර ආශ‍්‍රය, හා ආර්ථික පහසුකම් නොලැබුණොත් ඔහුට දියුණුවීම අසීරුය. කොයි තරම් පහසුකම් තිබුණ ද ඔහු අංගවිකලයකු හෝ නූගතකු හෝ පාප මිත‍්‍ර සේවනයෙහි යෙදෙන්නකු හෝ වුවහොත් ඔහු පරිහානියට ම පත්වන්නකු බවට අනිවාර්යයෙන් ම කටයුතු යෙදේ.
මේ අතර බොහෝ දෙනා තමන්ට ලැබෙන පහසුකම් හා දැනුම ප‍්‍රයෝජනයට ගනිමින් යහපත් ලෞකික ජීවිතයක් ගත කරති. සාමාන්‍යයෙන් දන් පින් වල ද යෙදෙති. එහෙත් කුසල් වශයෙන් ධර්ම මාර්ගයේ ගමන් කොට ස්වකීය ‘සිත’ දියුණු කැර ගැනීමට කටයුතු කිරීම පසුවට කල් තබති. මහලු වූ විට පුළුවනැයි සිතා පමා වෙති. හදිසියේ හෙට මිය යතැයි නොසිතති. භාවනාවක නොයෙදෙති. කෙනෙකුගේ ඊළඟ භවය තීරණය කරනුයේ අවසන් චුති චිත්තයට ඉදිරිපත් වන පූර්ව කර්මයක් හේතු කොට ගෙන බව දැන සිටිය ද මේ පමාව නිසා සතර අපා ගත වන්නෝ බොහෝ ය. එය ද කාම ලෝකයේ ස්වභාවයකි. උත්සාහය හා වීර්යය මගින් සිය සසර ගමන යහපත් කැර ගැනීම හා කෙටි කැර ගැනීම නුවණින් ම කළ යුත්තකි. මේ ඊට හොඳ උදාහරණයකි. ආදර්ශමත් කතාවකි.
පොළොන්නරුවට නුදුරුව ජීවත් වූ ව්‍යාපාරිකයෙකි. ඔහු සැප සම්පත් සහිතව අංග සම්පූර්ණ ජීවිතයක් ගත කළ අතර දූ දරුවන්ගේ යහපත උදෙසා ද සියලු කටයුතු සලස්වා තිබිණි. සාමාන්‍ය දන් පින්හි ද යෙදිණි. කිසිවකු නොසිතූ නොපැතූ අවස්ථාවක හදිසි අසනීපයකින් මේ ව්‍යාපාරිකයා මිය ගියේය. කැමති දේ කෙරෙහි (ආශාව) ඇලීම හා අකැමැති දේ කෙරෙහි ඇති (අමනාපය) ගැටීම නිසා අවසන් මොහොතේ මතු වූ සිතුවිල්ලක් හේතුකොට ගෙන ඔහු සිය ගේ දොර වස්තු සම්පත් හා අඹු දරුවන් හැර නොගියේය. එහි ම උපන්නේ ය.
කලක් ගත වන විට නිවසේ යම් යම් ශබ්ද ඇසෙන්නට වීය. ව්‍යාපාරවල දියුණුව ඇන හිටින්නට පටන් ගත්තේය. පවුලේ අය අතර මත ගැටුම් හා ලෙඩ දුක් වැළඳෙන්නට ද වීය. මේ වන විට ඔහුගේ ලොකු දුව යහපත් රැකියාවක යෙදුණු අතර ඇගේ ස්වාමියා ද කර්මය හා ඵලය විශ්වාස කරන්නෙක් වීය. ඔවුහු රහසිගතව ගුප්ත ශාස්ත‍්‍ර ක‍්‍රම මඟින් පිහිට සෙවූහ. පියා පේ‍්‍රතාත්මයක් ලබා ඇති බව ද, ඔහුගේ ජීවිතයේ අවසාන භාගයේ අසල්වැසියකු ඊර්ෂ්‍යාව නිසා කළ වින බන්ධනයක් හේතුවෙන් ඔහු රෝගාතුරව මිය ගොස් ඇතැයි ද කියැවිණි.
“අපේ තාත්තා අපට හොඳින් ඉගැන්නුවා. ඒ නිසයි අපි අද රස්සාවල් කැරගෙන ජීවත් වෙන්නේ. ඒ නිසා තොවිල් පවිල් කොට තාත්තාගේ වර්තමාන ආත්ම භවයට හිංසා නොකොට, ඔහු යහපත් තැනකට පත් කරමු. ඒක අපේ පරම යුතුකම විය යුතු” යැයි ලොකු දුව සිය සැමියා සමඟ සාකච්ඡා කොට ඒ අදහස මවට ද සහෝදර සහෝදරියන්ට ද ඒත්තු ගන් වන්නට සමත් වූවාය. යන්ත‍්‍ර මන්ත‍්‍ර බලි තොවිල් කරුවන් ලවා ඒ භූතාත්මය පලවා හරින්නට නොව මේ නිවස තුළ පවුලේ සියලු දෙනා ම සීලයක පිහිටා තෙරුවන් ගුණය හා තෙරුවන් ගුණ බල පිහිටුවන ලද පිරිත් සූත‍්‍ර සජ්ඣායනා කරමින්, භාවනාවේ යෙදෙන්නට වූහ.
මේ වන විට නිවසේ ඇසට නොපෙනෙන කෙනෙකු ජීවත්වන බව නිවැසියන්ට ඇසෙන්නට හා දැනෙන්නට විය. තමන් පිටු පසින් යමකු ගමන් කරනා අඩි සද්දය ඇහෙන්නට වීය. රාති‍්‍රයේ තනිවම කුස්සියට හෝ නාන කාමරයට හෝ යෑමට පවා බියක් දැනෙන්නට වීය. මේ බෞද්ධ පිළිවෙත් ක‍්‍රමවත්ව සිදු කැරගෙන යන විට ඒවා අඩු වී ගියේය. ඔවුන් ගේ බිය ද පහව ගියේ ය.
තාත්තා දන් පින් කළ ද ආධ්‍යාත්මීය වශයෙන් භාවනාවක නොයෙදුණු බැවින් බිරිය හා දරුවෝ තමන් දන්නා තරමින් මෛතී‍්‍ර භාවනාවේ යෙදෙන්නට වූහ. “මේ නිවසේ සිටින්නා වූ සියලු සත්ත්වයෝ” යැයි ද “මේ ඉඩමේ සිටින්නා වූ සියලු සත්ත්වයෝ” යැයි ද එම මෛතී‍්‍ර සිතුවිලි පතුරන්නට වූහ. එසේ ම භාවනා කරන යෝගීන් ගේ හා භාවනා මධ්‍යස්ථානයක යහපත පිණිස තමන් ගේ ධනය හා පියා ගේ ධනය දායක කරන්නට ඉටා ගත්හ.
පියා මිය ගියේ වයස අවුරුදු පනහක් පමණ වූ මධ්‍යම වයසේ දී ය. පියා විසින් පියා ගේ මව හා පියා (මේ දරුවන් ගේ ආච්චි සීයා) වයස් ගත වූ විට ඒ දෙදෙනාට ආදරයෙන් සැලකූ සාත්තු සප්පායම් කළ ආකාරය මේ මව සහ දරුවෝ නිතර සාකච්ඡා කළහ.
“අපේ තාත්තා එයා ගේ අම්මාටත් තාත්තාටත් කොයි තරම් ආදරයෙන් කරුණාවෙන් සැලකුවා ද? අපේ තාත්තා වයස් ගත වෙන්නට පෙර මිය ගිය ඬසා අපට ඒ සැලකිලි එසේ කරන්නට අවස්ථාවක් ලැබුණේ නෑ. ඒ නිසා අපි අද මේ තත්ත්වයේ ජීවත්වන්නේ තාත්තා උත්සාහයෙන් හරි හම්බ කළ ධනයෙන්. ඒ කෘත ගුණය අපෙන් ඉටුවෙන්න ඕනෑ. තාත්තා එයා ගේ මව් පිය දෙදෙනාට හොඳින් සැලකූ නිසයි අපටත් තාත්තා මිය ගියත් පින් අනුමෝදන් කරන්න හිත් පහළ වෙන්නේ. අපි එහෙම කරන එක අපේ දුවා දරුවන්ටත් ආදර්ශයක් වේවි” යි ලොකු දුව නිතර පැවසුවාය. කෑම මේසයේදීත් පින් දහම් කරන විටත් තම බාල සහෝදර සහෝදරියන් ඉදිරියේ කීවා ය.
මෙසේ ගුණ ගායනා කරනවාට, තමන් ජීවත්ව සිටිය දී සිදු කළ පුණ්‍ය කි‍්‍රයා පිළිබඳ, කතා කරන විට ඒවා අහන්නට අමනුෂ්‍යයෝ කැමතිය. එවිට ඔවුන්ගේ සිත් පහන් වෙයි. පළි ගැනීමේ චේතනාවෙන් වෛරයෙන් සිටින අමනුෂ්‍යයන් හැර අනිකුත් බොහෝ අමනුෂ්‍යයෝ මිහිරි ස්වරවලට, මිහිරි වදන්වලට මිහිරි අර්ථයට සුවඳට මිනිසා කැමති සේම දෙවියෝ ද කැමති ය. සමහර යක්ෂයෝ ද කැමති ය.
දිනක් බුදු රජාණන් වහන්සේ ධර්මය දේශනා කරද්දී ඒ අසල වෘක්ෂයකට අධිගෘහිතව විසූ යක්ෂණියක් ඒ ධර්මය ශ‍්‍රවණය කරමින් සිටියා ය. ඇය ඒ බණ ඇසුවේ සිය දරුවා නළවමිනි. දරුවා හඬන විට “හා හා පුතා අඬන්න එපා. අර බුදු හාමුදුරුවෝ බණ කියනවා. පුතා අඬන්න එපා” යැයි කී අවස්ථාවක් සංයුක්ත නිකායේ යක්ෂ සංයුක්තයේ සඳහන් වෙයි. සමහර අමනුෂ්‍යයෝ ද ධර්ම ශ‍්‍රවණයට හා මිහිරි වදන්වලට කැමති බව මෙයින් පැහැදිලි වෙයි.
වර්තමාන සමාජයේ බොහෝ දෙනා පුරුදුව සිටින්නේ ද කැමැත්තක් දක්වන්නේ ද අනුන්ගේ දොස් දැකීමට ම ය. කොයි තරම් යහපත් දේ කළත් එක අඩුපාඩුවක් දොසක් වේ නම් එය ම තෙපළති. අතීතයේ මෑතක් වන තුරු ම කෙනකු මිය ගිය විට අවසන් කටයුතු කරන අවස්ථාවේ ආගමික වතාවත් වලින් පසු ඔහු ගේ හෝ ඇගේ ගුණ වර්ණනා කළහ.
එයින් සිදු වූයේ ඒ පුද්ගලයා ඒ වන විට ස්ථිර භවයක උපතක් නොලබා මනෝකායික ගන්ධබ්බ අවස්ථාවක හෝ එතැනට පැමිණිය හැකි, දැකිය හැකි හෝ දිව්‍යාත්මයක හෝ වෙනත් අමනුස්ස ආත්ම භවයක හෝ සිටියහොත් ඔහුගේ හෝ ඇගේ සිත ප‍්‍රසන්න වේ.
ඔහුට හෝ ඇයට අමතකව තිබු ඔහු අතින් සිදු වූ කුසල කර්ම, පුණ්‍ය කි‍්‍රයා සිහියට නගා ගත හැකි වෙයි. තමන් කළ යහපත් කි‍්‍රයා එසේ සිහිපත් වූ සැනින් ස්වකීය ආත්ම භවය උසස් තත්ත්වයකට පත්වීමට ද බොහෝ ඉඩකඩ ඇත. අපේ පැරැන්නෝ එවැනි මනෝ විද්‍යාත්මක අවබෝධයකින් සමාජ චාරිත‍්‍ර වාරිත‍්‍ර ගොඩ නගා ගෙන තිබුණි. එහෙත් වර්තමානයේ බොහෝ දෙනා අවමංගල උත්සවවලදී
“ඔය බොරු පම්පෝරිවලින් වැඩක් නෑ. පිළිගැනීමේ කතාවයි ස්තුති කතාවයි තිබුණා ම ඇතැ”යි කියා ගුණානුස්මරණ – ගුණය සිහිපත් කරන කතාවලට අවස්ථාවක් නොදෙයි.
“ඔය මිනිහා ජීවත්ව ඉන්නකම්ම බිව්වා. අහවල් අහවල් දේ කළා” යි කියමින් ඔහු කළ යහපත් දේ සිහිපත් කිරීම වළකාලයි. ඒ අනුන්ගේ ගුණ කියනවාට අකැමැති අනුන්ගේ දොස් ම දකින කුහකයින්ගේ හැටියකි. කෙනකු අතින් වරදක් සිදුවුවද ඔහු අතින් සිදු වූ බොහෝ යහපත් දේ යටපත් කැර දැමීම අකුසලයකි. කුහක කමකි. මිය ගිය පුද්ගලයාට සිදු කරන අසාධාරණයකි.
අප කලින් සඳහන් කළ කතාවේ නුවණැති දියණිය සිය පියාණන්ගේ ආත්ම භවය උසස් තත්ත්වයකට පත්කිරීමට පියවර ගත්තාය. එසේ තෙරුවන් වන්දනාවෙන් ඇතිකැරගත් සද්ධාවන්, සීල සමාදානයෙන් පිහිටුවාගත් ආත්ම ශක්තියත්, සූත‍්‍ර ධර්ම සජ්ඣායනයෙන් කළ විශ්ව ශක්තියට තෙරුවන් ගුණ හා සද්ධර්මය තුළින් සත්‍ය කි‍්‍රයා කිරීමත්, භාවනාවෙන් සිදු කැරගත් චිත්ත ශක්ති වර්ධනයත් නිසා සියලු කරදර තුනී කැර ගත්තා ය. පියා ගේ ආත්ම භවය ද යහපත් තැනකට පත් කළා ය.
good post machan

thawa katha onenam kiyawala nikan yanne nathiwa bump ekak hari dapalla....

පියවි ඇසින් ඔබ්බට : 03
පෙම්වතා පසුපස සරනා ජෙනීටාගේ භූතාත්මය
මිනිස් සිත පුදුමාකාර ශක්තියකින් යුක්තය. නිතර ම ඇලීම හා ගැටීම ස්වභාවය කොට ගැනීම නිසා භවයෙන් භවයට සංසාරික ගමනක නිරන්තරව යෙදේ. මේ සංසාරික භව ගාමීත්වයේ දුක්ඛ සහගත බව වටහා ගත් ඉතාම සුළු පිරිසක් එයින් මිදීම සඳහා ස්වකීය අධ්‍යාත්මය සංවර්ධනය කැර ගැනීමේ යෙදී සිටිති. එය පහළට වේගයෙන් ගලා යන ගංගාවක උඩුගං බලා පිහිනීමක් වැනිය. එසේ නොවුණා වූ බහුතරය තණ්හාව උපාදාන කොට ගෙන වුවමනාවන් පිරිමසා ගැනීම සඳහා මොහොතක් පාසා සිතුවිලි ගොඩනඟමින් ජීවත් වෙති. මිය පරලොව යති. නැවත නැවත උපදිති. තණ්හාව මූලික වූ සිතුවිලි පොදි බැඳගෙන අම්බලමෙන් අම්බලමට යන්නෝ තමන්ට ද අනුන්ට ද හිරිහැර වන්නා වූ ගමනක යෙදේ.
සුමනරත්න බෞද්ධ තරුණයෙකි. ජෙනීටා ක්‍රිස්තියානි පවුලක සුරූපී තරුණියකි. මේ දෙදෙනාගේ පෙම් පලහිලව්වට දෙපැත්තේ ම පවුල්වල අය කැමැත්තක් දැක්වූයේ නැත. විශේෂයෙන් ම ජෙනීටා ගේ නැඟණිය රීටා අක්කාගේ සම්බන්ධය නතර කරන්නට නොගත් උත්සාහයක් නැත. රීටා බැරි ම තැන සුමනරත්න ගේ අය්යා ජයරත්න සමඟ මිතුරුකමක් ගොඩනඟා ගත්තේ ඔහුට ඇති ආදරයකට නොවේ. ජෙනීටාත් සුමනරත්නත් ඈත් කිරීමේ අභිලාෂයෙනි. දෙපාර්ශවයේ ම විරෝධතා නිසා මේ පෙම්වතුන් යුවළ මුණ ගැසුණේ හොර රහසේ ය.
එයිනුත් වැඩි පුර ම ඔවුන් මුණ ගැසුණේ රාත්‍රි කාලයේ ය. නිවසේ සියලු දෙනා නින්දට ගිය පසු රාත්‍රි 10 – 11ට පමණ හෙමින් සීරුවේ නිවසින් පිටවන ජෙනීටා නිවසට නුදුරෙන් ගලා යන ගඟේ ඉවුරේ වැලිතලාවේ දී සුමනරත්න මුණගැසුණා ය. කෙසේ නමුත් කිසිවකුට දැන නොගන්නා සේ අවුරුද්දක් පමණ මෙසේ මුණගැසීමේ ප්‍රතිඵලයක් ලෙස ජෙනීටා ගැබ් ගත්තාය.
මේ අතර සුමනරත්න මොළේ උණ රෝගය වැළඳී කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටියේය. ඔහු බලන්නට ආ ජෙනීටා තමන් පත්වී සිටින අවදානම් තත්ත්වය සුමනරත්නගේ කනේ තැබුවාය. යම්තම් සුව වූ සැණින් ටිකට් කපාගත් සුමනරත්න ගමට පැමිණ රහසේ විවාහවීමට ජෙනීටා ට යෝජනා කළේය. ඒ වන විට පැවති ආර්ථික ගැටලු නිසා ජෙනීටා හදිසි විවාහයකට ගෙදරින් පිට වී යෑමට අකැමැත්ත පළ කළ බැවින් රහසිගතව ;;වද්‍යවරයකු ළඟදී ගබ්සා කිරීමකට ඉදිරිපත් වූවාය.
ඒ ගබ්සාවෙන් දින දෙකකට පසු ජෙනීටාට තද උණක් වැළඳුණි. ගම්බද රෝහලකට ඇය ඇතුළත් කළ අතර උණ ගතිය දිනෙන් දින උග්‍රවී ජෙනීටා මිය ගියාය. මේ වනතුරු ඇගේ ගබ්සාව පිළිබඳ කිසිවකු දැන සිටියේ නැත. ඇය මිය ගිය බව දැනගත් සැණින් රෝහලට ගිය සුමනරත්න ඇගේ මිනිය බදාගෙන හඬන්නට වූයේය. තමන් වෙත පිදූ ආදරය නිසා ජීවිතය අහිමි වූ පෙම්වතිය වෙනුවෙන් සුමනරත්න ද ජීවිතය පිදීමට සිය දිවි හානි කැරගැනීමට තීරණය කළේය. ඔහු තමන් නිසා ජෙනීටා මිය ගිය බවත්, මරණයට හේතුව ගබ්සා කිරීම බවත් ප්‍රකාශ කරමින් හඬා වැළපීම නිසා මේ සිද්ධිය රෝහල් නිලධාරීන්ට සැලවී නීතිය ක්‍රියාත්මක විය.
ජෙනීටා ගේ අවමංගල්‍ය දිනයේ ඇගේ නිවසේදී ම සුමනරත්න සිය හිසට වෙඩි තබාගැනීමට සූදානම් වුවත් පතුරොම පත්තු වූයේ නැත. ඉන්පසු ඇය භූ®මදානය කළ දින රාත්‍රියේ සුමනරත්න ඇගේ මිනීවල මත සැතපී නිදිපෙති 25 පානය කළේය. එහෙත් ඔහු ගැන නිතර අවධානයෙන් සිටි හිතවතුන් විසින් වහාම රෝහල්ගත කරන්නට යෙදුණු නිසා සුමනරත්න දින තුනක නින්දකින් අවදි වී සුවපත් වූයේ ය. මේ අතර සුමනරත්නගේ මව,
”පුතේ උඹ ජීවිතේ නැතිකැර ගත්තොත් මමත් බෙල්ල කපාගෙන මැරෙනවා” යැයි නිතර හඬා වැළපෙන්නට වූ බැවින් සුමනරත්න සිය දිවි නසා ගැනීමේ චේතනාව අත්හළේය.
රෝහල හා පොලීසිය එක්වී නීතිය ක්‍රියාත්මක කිරීම නිසා ජෙනීටා ගේ මරණය පිළිබඳ අධිකරණයේ නඩු පැවරිණි. සුමනරත්න කිසිදු බලාපොරොත්තුවක් නැතිව මිය ගිය පෙම්වතිය වෙනුවෙන් සිර දඬුවම් විඳීමට සූදානම්ව සිටියේය. කෙසේ නමුත් මේ වන විට ජෙනීටාගේ භූතාත්මය ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වන බව ඔහු දැන සිටියේය. සුමනරත්න බලාපොරොත්තු නැති අවස්ථාවක රජයේ නීතිඥවරයෙකු ඔහු වෙනුවෙන් නඩුවට පෙනී සිටීම නිසා හේ නඩුවෙන් නිදහස් වීය. එහෙත් ගබ්සාව සිදු කළ වෛද්‍යවරයාට අවුරුදු දහයක අත්හිටවූ සිරදඬුවමක් හා ජෙනීටාගේ පියා වෙත රුපියල් දසදහසක වන්දියක් ගෙවීමට තීන්දු විය.
මේ වන විට සුමනරත්න දිනපතා රාත්‍රියට ජෙනීටා කැමති ආහාර පාන රැගෙන ඇගේ මිනීවල වෙත යෑමට පුරුදුව සිටියේය. මෙසේ ආහාර පාන ගෙනැවිත් තබා ඇය වෙනුවෙන් මිනීවල මත හිඳගෙන හඬාවැළපීම ඇගේ භූතාත්මයට ද මහත් වේදනාවක් විය. මෙය විඳ දරා ගත නොහැකි වූ ජෙනීටා සිහිනෙන් පෙනී ඔහු මෙහෙයවන්නට වූවාය. අසල ගමක තරුණියක් පෙන්වා ඇය විවාහ කරගෙන සතුටින් ජීවත්වන්නැයි සුමනරත්නට බලපෑම් කළාය. මෙසේ නිතර මේ ගැන සිහිනෙන් පෙන්වීම නිසා ද, ජෙනීටා ගේ ඉල්ලීම නිසා ද සුමනරත්න මේ අල්ලපු ගමේ තරුණිය ගැන සොයා බැලුවේය. නිමලා නම් වූ ඇය ද මේ භූතාත්මයේ බලපෑම නිසා දෝ සුමනරත්න දුටු සැණින් ඔහු සමඟ විවාහවීමට කැමති වූවාය.
මේ කිනම් කටයුතුª තිබුණ ද සුමනරත්න මිය ගිය ජෙනීටා වෙනුවෙන් කළ යුතු පින්දහම් නොපිරිහෙළා ඉටු කළේය. ජෙනීටා ප්‍රතිකාර ලැබූ රෝහල් වාට්ටුවේ කාන්තාවන්ට මාස්පතා ඇය මියගිය දිනය වෙනුවෙන් බුරියානි ආහාර පාර්සල් පරිත්‍යාග කොට පින් දුන්නේය.
මේ අතර දෙපාර්ශවයේ කැමැත්ත ඇතිව සුමනරත්න හා නිමලා අතර විවාහය සිදුවිය. වසර තුනක් ඉක්ම යන විට ඔවුහු දරු දෙදෙනෙකුගේ මව්පියන් බවට පත්වූහ. සුමනරත්න දරු දෙදෙනාටත් බිරියටත් ඉතා ම ආදරයෙන් සැලකුවේ ය. ආරක්ෂක අංශයේ රැකියාවක නිරතව සිටි ඔහු රැකියාවට යන විට දරු දෙදෙනාත් බිරියත් සිපගෙන නිවසින් පිටව යන තරමට ආදරයෙන් සෙනෙහසින් යුක්ත විය. නිමලාගේ ගුණයහපත්කම් හා අරපිරිමැසුම්කාරී ගෘහ පාලනය පිළිබඳ පැහැදීම තුළින් මේ අඹුසැමි යුවළ ඉතා ම ප්‍රීතියෙන් හා සමඟියෙන් කල් ගෙවූහ.
භූතාත්මයේ සිටිය ද ජෙනීටාගේ චිත්තසන්තානය දැන් දැන් ඉරිසියාවෙන් පුපුරු ගහන්නට විය. සුමනරත්න සිය බිරිය නිමලා ආදරයෙන් සිප වැලඳ ගන්නා වාරයක් පාසා ජෙනීටාගේ වේදනාවේ පීඩාවකට පත්වූයේ ඒ නපුරු සිතුවිලි තුළින් වෛරයක් ගොඩනැඟුණි. මේ කිසිත් නොදන්නා නිමලා තම ස්වාමිපුරුෂයාගේ රැකියාවේ ආදායමට තමන්ගේ උත්සාහයේ ශක්තියත් එකතු කරම්හයි සිතා කුඩා වෙළඳසලක් ආරම්භ කළාය. පිටිසර ගම්මානයක් මැද පටන්ගත් මේ පුංචි කඩය ගම්වැසියනට ද පහසුවක් විය. ඩීසල්, පැට්‍රල් පවා අලෙවියට තිබුණි. නිමලාගේ උත්සාහයත්, ධෛර්යයත් පිළිබඳ ආඩම්බර වූ සුමනරත්න තව තවත් සිය බිරිය කෙරෙහි ඇලුම් කරමින් ආදරයෙන් සැලකුවේය.
එහෙත් කිසි ම හේතු සාධකයක් නැතිව ක්‍රමයෙන් නිමලාට සුමනරත්න කෙරෙහි අකැමැත්තක් අප්‍රසන්නතාවක් ගොඩනැඟෙන්නට විය. වෙනදා ආදරයෙන් වැළඳගත් ආදරණීය සැමියා තමන් ළඟට සමීප වනවාට පවා ඇය අකැමැති වූවාය. මේ වෙනස සුමනරත්නට තදින් දැනුණු බැවින් නිමලා මානසික වෛද්‍යවරුන් වෙත පවා ඉදිරිපත් කොට ප්‍රතිකාර අපේක්ෂා කළත් ඔවුන්ගෙන් පැවසුණේ ඇයට කිසිදු රෝගයක් නැති බවය. මේ සියල්ල ඉවසා දරාගත් සුමනරත්න බිරියට වෙනදාටත් වඩා ආදර කරුණාවෙන් සැලකුවේය.
ජෙනීටා ගේ භූතාත්මය තව තවත් උපායශීලීව ක්‍රියාත්මක වන බව ද සුමනරත්නට දැනෙන්නට විය. එහෙත් මුලදි බැන්ද සෙනෙහස තුළින් ජෙනීටා කෙරෙහි අහිතක් හිතන්නට පවා ඔහු සිත් දුන්නේ නැත. ඇය මේ අවුල් වියවුල් ඇති කරන්නේ ද තමන් කෙරෙහි බැඳුණු ආදරය නිසා යැයි සිතන්නට පවා මේ ඇල්ම හේතු සාධක විය. මේ අතර නිමලා ගේ වෙළඳසැලෙන් ගනුදෙනු කරන්නට පැමිණෙන තවත් රජයේ සේවකයෙකු පිළිබඳ කුළුපගතාවකයක් ඈ තුළින් මෝදුවන්නට වූවාය. ඒ කුළුපගතාවය ටිකෙන් ටික දුර දිග යන තරමට කරුණු කාරණා යෙදෙන්නට ද විය.
මේ බව සුමනරත්නට සිහිනෙන් පෙන්වීමට පවා මේ වන විට ජෙනීටා ගේ භූතාත්මය ශක්තිමත් වී සිටියාය. මේ වන විට නිමලාගේ අනියම් සබඳතාව පවුලේ ඥාතීන් අතර පමණක් නොව පිටස්තරයන් අතර ද රහසක් වූයේ නැත. සුමනරත්න මේ පිළිබඳ ආදරයෙන් ම ඇයට අවවාද කළේය. කෙසේ නමුත් මේ වන විට සුමනරත්න කෙරෙන් නිමලාගේ සියලු සම්බන්ධතාවයන් ඈත් වන තත්ත්වයට කටයුතු යෙදී තිබුණි. එහෙත් සුමනරත්න උදේට රාජකාරියට පිටත්ව යන අවස්ථාවේ දරු දෙදෙනාත් බිරියත් එක පොකුරට සිප වැළඳගෙන යෑමේ සිරිත නිරන්තරයෙන් ම සිදුවිය.
හිටි හැටියේ ම නිමලා අතුරුදන් වූවාය. ඇය ආ ගිය අතක් සොයා ගන්නට කිසිවෙකුට නොහැකි විය. පොලිසියේ පැමිණිලි සටහන් කැරිණි. සුමනරත්න දරු දෙදෙනා සමඟ බෝධි පූජා පැවැත්වීය. දේවාල කෝවිල් ගානේ පුද පුජා පැවැත්වීය. එහෙත් නිමලා සිටින තැනක් පිළිබඳ කිසිම හෝඩුවාවක් දැනගන්නට ලැබුණේ නැත.
මේ අතර සුමනරත්න ගස්නාවේ ඥානානන්ද හිමියන් වෙතට ද පැමිණි උන්වහන්සේ ගේ උපදෙස් අනුව බෝධි පූජා ආදී වත්පිළිවෙත්හි යෙදුණේය. මේ වන විට නිමලා සිය වෙළඳ සැලේ දී හඳුනාගත්, කුළුපග වූ මිත්‍රයා විසින් සොයා දෙනු ලැබූ තැනක සිටිනවා දැයි සැකයක් ද සුමනරත්න තුළ හටගෙන තිබුණි. කෙසේ නමුත් පොලීසිය ගත් ක්‍රියාමාර්ග අනුව නිමලා සිටින තැන සොයා ගෙන පරීක්ෂණ සඳහා ගෙන එනු ලැබිණි.
මෙහිදී නිමලා හැසිරුණේ සුමනරත්න කිසිසේත් ම බලාපොරොත්තු නොවූ ආකාරයෙනි. මේ තරම් ආදරයෙන් හා සියලු සිදුවීම්වලට සමාව දී බාර ගැනීමට සූදානම්ව සිටින නීත්‍යානුකූල කරුණාවන්ත ස්වාමිපුරුෂයා මෙතෙක් කිසිදු සම්බන්ධතාවයක් නොපැවැත්වූ සතුරෙකු සේ සලකමින් ඇය කටඋත්තර දුන් ආකාරය සුමනරත්නගේ මනස උඩු යටිකුරු කළේය. කෙසේ නමුත් අහිංසක දරු දෙදෙනා ගැන කල්පනා කොට හෝ ගෙදර එන ලෙසට ඔහු කළ ඉල්ලීම පවා නිමලා ප්‍රතික්ෂේප කළාය.
ජෙනීටා ගේ මළ සිරුර වළ දැමූ තැන දැන් මහ ගස් වැඩී ඇත. එහෙත් ඇගේ ආත්මය තවමත් ආදරය වෙනුවෙන් සැරිසරයි. ඇය කෙරෙහි ආදරයෙන් සුමනරත්න සිය දිවි හානි කැර ගැනීමට පවා සූදානම් වෙමින් වේදනාවෙන් කටයුතු කරන විට ඔහු වෙනත් තරුණියකට සම්බන්ධ කරවන්නට තරම් ඇගේ බලපෑම් ප්‍රබලව ක්‍රියාත්මක විය. ඉන්පසු සුමනරත්න ඔහුගේ බිරිය සමඟ ප්‍රීතියෙන් හා සමාදානයෙන් කල් ගෙවන ආකාරය දැක ඊර්ෂ්‍යාවට පත් මේ භූතාත්මය ඒ පවුල අවුල් කැර දැමුවාය.
ඇලීමක ඇති ප්‍රබලතාවය සනිටුහන් කරමින් සුමනරත්න තවමත් මේ දෙදෙනා කෙරෙහි ම ඇල්මෙන් කටයුතු කරයි. එහි ආදීනවය වශයෙන් ඔහු තවමත් නොනිමෙන ගිනිදැල් අතර දැවෙමින් අසහනකාරීව කල්ගෙවයි. සියලු වරදට සමාව දී නිමලා නැවතත් තමන් කරා ගෙන්වා ගැනීම සඳහා උපායමාර්ග සොයමින් සිටී. මේ අතර අහිංසක දරු දෙදෙනෙක් මව් නැති සොවින් දුක්විඳිති. නින්දත් නොනින්දත් අතර පසුතැවෙන සුමනරත්නට ජෙනීටාගේ උපහාසාත්මක සිනහව රැව්පිළිරැව් දෙනු පෙනේ.
හරි වැදගත් ත්‍රෙඩ් එකක් මයේ පුතේ. හරිය??
පියවි ඇසින් ඔබ්බට : 04
අංජනමෙන් දුටු සුද්දා ගේ මැණික් බෝතලය
ආසාව මිනිස් සිතේ ස්වභාවයකි. පි‍්‍රයමනාප දේ දැකීමට, ඇසීමට, ආඝ‍්‍රාණයට, කෑමට බීමට ඇති කැමැත්තත්, ශරීරයට සුව පහසු පහස ලබා දීමට ඇති කැමැත්තත්, මිනිසුන් අතර පමණක් නොව සතා සිවුපාවා වෙත ද පවතී.
කුහුඹුවන් හා මීමැස්සෝ වැසි කාලයේ ප‍්‍රයෝජන ගැනීම සඳහා ආහාර ගබඩා කැර ගනිති. ඒ හැරෙන්නට කිසිම සතෙක් තමන්ගේ කුසට ප‍්‍රමාණවත් ආහාරයක් අනුභව කරනවාට වඩා තොග රැස් කැර ගැනීමට කටයුතු නොකරයි.
එහෙත් මිනිසා තමන්ට පමණක් නොව තවමත් නූපන් දරු මුණුපුරන් සඳහා ද ධන සම්පත් රැස් කැර ගැනීම සඳහා කටයුතු කරන්නේ කිසි දිනක සෑහීමකට පත් නොවෙමිනි. ආසාව උග‍්‍ර වී දැඩි තණ්හාව බවට පත්වෙමින් වතුපිටි මිල මුදල් රැස් කිරීමට හඹා යති.
එවැනි උත්සාහයක් දැරූ විදේශීය වතු වැවිලිකරුවකු හා ඔහුගෙන් පසු ඊට වෙහෙසුණු අපේ මිනිසුන් කීප දෙනකුගේ කතාවකි මේ.
මේ කතාවේ මුල් කොටසට අවුරුදු දෙසිය ගණනකට සමීප ඉතිහාසයක් ඇත. දෙවැනි කොටසට ඇත්තේ අවුරුදු තිස් පහක පමණ ඉතිහාසයකි.
කතාව මතු වෙන්නේ දෙවැනි කොටසෙනි. එහු කතා නායකයා මගේ මිතුරෙකි. කාලයක් මෙරට ජනපි‍්‍රය ගුප්ත විද්‍යා පත‍්‍රයකට ලිපි සැපැයූ ලේඛකයෙකි. කොයිතරම් මිතුරුකමක් තිබුණත් ඔහු මේ කතාව මා සමඟ කීවේ නැත.
ඒ නිසා ඔහුගේ නම සඳහන් නොකරන්නට වගබලා ගනිමි. ඒ වෙනත් දෙයක් නිසා නොව බැණුම් අහන්නට බැරි නිසාය.
බොහෝ යක්ෂයන් භූතයන් සමඟ පයුරුපාසානයේ යෙදුණු මේ මිත‍්‍රයා මා දන්නා හඳුනන ස්වාමීන් වහන්සේ නමක සමඟ මේ කතාව කියා තිබිණි. මම එය උන්වහන්සේගෙන් අසා දැන ගත්තෙමි. දැන් අපි කතාවට යමු.
මෙය අදින් සියවස් දෙකකට ආසන්න කාලයෙක බදුල්ල ප‍්‍රදේශයේ සිදුවූවකි. ඔහු විදේශිකයෙකි. සුදු ජාතිකයෙකි. වැවිලිකරුවෙකි.
බදුල්ල ප‍්‍රදේශයේ විශාල වතුයායක තේ වගා කළේය. ඒ යුගයේ මැණික් සඳහා අද මෙන් විශාල ඉල්ලුමක් නොතිබුණත් මැණික්වල වටිනාකම මේ සුද්දා දැන සිටියේය.
තේ වගා කරන අතර හේ මැණික් ගැරවීම ද මැණික් මිලදී ගැනීම ද සිදු කෙළේය. සුළු මුදලක් ගෙවා මැණික් මිල දී ගත් අතර ඔහු ඒවා ලොකු වීදුරු බෝතල් පහක එක්රැස් කළේය.
මේ වතුයාය හරහා ගලා ගිය ඇළක් ද වීය. බංගලාවට එහායින් ගලා ගියමි ඇළට බංගලාවේ හා වත්තේ වතුර ද ගලා ගියේය. මේ ඇළේ ද සුද්දා මැණික් ගැරෙව්වේය.
මේ අතර එංගලන්තයේ ජීවත්වූ ඔහුගේ බිරිය අසනීප වී ඇති බව දැනගන්නට ලැබීම නිසා ඔහුට සිය රට බලා යෑමට සිදුවිය.
ඔහු සියරට යෑමට පෙර ඉතා විශ්වාසවන්ත වූ සේවකයකු ලවා ඇළ අසල වළක් කපා මැණික් බෝතල් පහ එහි තැන්පත් කොට කොන්කී‍්‍රට් දමා වසා දැම්මෙව්වේය.
එකල අද මෙන් නොව ගුවන් යානා ගමනාගමනය ඉතා විරල වූ අතර බහුල වශයෙන් වූයේ නැව් ගමනාගමනයයි.
සුද්දා බිරිය බැලීමට යෑම සඳහා නැව් නැංගේය. එහෙත් නැව ගමන් ආරම්භ කොට දින දෙකක් ගත වන විට මැලේරියාව වැළඳීම නිසා එයින් ම සුද්දා මියගියේය.
බංගලාවේ සිටි විශ්වාසවන්ත සේවකයා ද මැලේරියාව වැළඳී මිය ගියේය. සුද්දා මිය ගියේ මැණික් බෝතල් තුන පිළිබඳ ආශාව තදින් සිත්හි තබාගෙනය.
කෙසේ නමුත් මේ මැණික් නිධානය පිළිබඳව බංගලාවේ සිට මියගිය සේවකයාගේ බිරිය දැන සිටියාය. වතුයාය මැදින් ගලා ගිය ඇළේ දිය පහරේ වේගයෙන් ම කාලයක් ගතව ගියේය.
මේ අතර වරින්වර කීප දෙනකුම මේ මැණික් තොගය ලබා ගැනීම සඳහා මිනිසුන් පවා බිලි දෙමින් කටයුතු කළත් එසේ උත්සාහ කළ අය කුමන හේතුවකින් හෝ මිය ගියා මිසක මැණික් ලබා ගැනීමට නම් නොහැකි විය.
එක්දහස් නවසිය හැටේ දශකයේ අග භාගය මේ රටේ ගුප්ත විද්‍යා පුවත්පත් ඉතා ජනපි‍්‍රය වූ යුගයක් විය. අපේ මිත‍්‍රයා ද ගුප්ත විද්‍යාධරයන් සමඟ නොයෙකුත් ගවේෂණ සිදු කළේය. අත්හදා බැලීම් කළේය.
මේ අතර බදුල්ල ප‍්‍රදේශයේ පුද්ගලයන් හතර දෙනෙක් අපේ මිත‍්‍රයා සොයා ගෙන ආවෝය. දසකන් මන්ත‍්‍රණයක් රහසේ පැවැත්විණි. වැඩේ සාර්ථක වුණොත් අපේ මිත‍්‍රයාට ලැබෙන මැණික් කොටස ද සුළුපටු නොවීය.
ඒ කොටස මැණික් බෝතල් පහෙන් එකකි. ඔහු ද ඔවුන් සමඟ වාචික ගිවිසුමකට එළැඹියේය. මේ භාරදූර කාර්යය සඳහා මූලික වියදම් පිණිස සෑහෙන මුදලක් ද ලැබුණේය.
අපේ මිත‍්‍රයා ළඟ බලවත් අඳුනක් වීය. එය ඔහුට නොපෙනුණු අතර වෙනත් කෙනකුට හොඳින් පෙනුණේය. බදුල්ලේ වත්තේ නිධානය අසලින් පස් ටිකක් ගෙන්වා අවශ්‍ය පුද පූජා පවත්වා අඳුන බැලෙව්වේය.
ගලා යන ඇළ පාරක්, ඒ අසල දෙල් ගසක්, අඩි පහක් යට මැණික් බෝතල් පහක්, රැවුල වවා ගත් සුද්දෙක් ලන්තෑරුමක් අතින් ගෙන නපුරු බැල්මකින් යුතුව එතැන සිටිනා බවත්, මිනිසකු බිල්ලට දිය යුතු බවත් අඳුන බැලු අය පැවසුවේය. අඳුන බැලූ පුද්ගලයා කොයි තරම් බියට පත් වූයේ ද යත්.
“අනේ මහත්තයෝ මීට පස්සේ නම් මම අඳුන බලන්නෙත් නෑ. මට අඳුන බලන්න අඬ ගහන්නත් එපා” යැයි කියා යන්න ගියේය.
මේ වන විට අපේ මිත‍්‍රයා ගුප්ත විද්‍යා ගවේෂණ සඳහා මලයාලම් ඇදුරකු හා මිත‍්‍ර වී සිටියේය. ඔහුට කර්ණමුණ්ඩ බලයෙන් භූතයන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ හැකියාව තිබිණි.
මේ දෙදෙනා ඒ වන විටත් පාළුවට ගොස් තිබුණු වතු බංගලාවට ගොස් වැඩ කටයුතු ආරම්භ කළහ. ඔවුන්ට අවශ්‍ය ආහාරපාන පහසුකම් සැපයීම වැඩය බාරදුන් හතර දෙනා අතින් සිදුවීය.
මෙය ඉතා බාරදූර කාර්යයක් බැවින් මාසයක් පමණ ජීවම් කිරීම් කටයුතුවලට ගත වන බව ද ප‍්‍රකාශ වීය. මේ මැණික් නිධානයට අරක් ගත් යක්ෂයා මිනී බිල්ලක් ඉල්ලා සිටි අතර, මිනී මරන්නට නොහැකි බවත්, ඒ සඳහා ලේ පයින්ට් නවයක් දීමට යක්ෂයා සමඟ ගිවිස ගත්තේය.
එය මුදලක් දී ලේ බැංකුවෙන් ලබා ගැනීමට රෝහල් සේවකයකු ද කැමති කරවා ගත්තේය.
දැන් අපේ මිත‍්‍රයාත් මලයාලම් ඇදුරාත් පාළු බංගලාවේ සිට රහසිගතව ජීවම් කටයුතු කැර ගෙන යති.
ඔවුන් දහවල් නාන්නට ගියේ ද ඇළේ මැණික් නිධානය තිබු ස්ථානය අසලට ම ය. දැන් අපේ මිත‍්‍රයා ගේ කල්පනාව මැණික් නිධානය රැගෙන මලයාලම්කරු සමඟ අනිත් හතර දෙනාට හොරෙන් පලා යෑමට ය.
දිනක් මේ දෙදෙනා දහවල් නාන්නට ගියේය. මලයාලම්කරු ගලක් උඩ හිඳ ගෙන සිටියේය. අපේ මිත‍්‍රයා ඉක්මණින් ම නාන්නට පටන් ගත්තේ ය.
දිය යට ගිය මිත‍්‍රයා දියෙන් උඩට ඇවිත් බලන විට මලයාලම්කරු විකෘති වී අමුතු ස්වභාවයක් ගෙන සිටියේය.
“අයිෂෙ, මොකද? කරන්නේ. ඕයි නානවනං නානවා. තමුසෙලා සැප ගන්න ද ඇවිත් ඉන්නේ” යි හදිසියේ ම කැලෙන් මතු වූ අර හතර දෙනාගෙන් එකෙක් ඇසුවේය.
පෙරදී “මහත්තයා, මහත්තයා” යැයි කතා කළ ඔවුන් කතා කරන්නේ ද “ඕයි, අයිෂේ, තමුසේ” ආදී වශයෙනි. මේ වන විට අස්වභාවික ස්වරූපයක් ගෙන සිටි මලයාලම්කරු හූ තියාගෙන ගලෙන් පහළට වැටුණේය.
ඔහුට සාත්තු සප්පායම් කොට සිහිය ආ පසුව අනිත් පස්දෙනා ඔහු බංගලාවට ගෙන ගියහ.
තමාගේ තුනටියේ ඇටයක් පුපුරා ඇති බවත්, දැන් නැගිටින්නට තබා හෙල්ලෙන්නටවත් නොහැකි බවත් මලයාලම්කරු පැවසුවේය. ගමේ හතර දෙනා ඔහුට සිංහල වෛද්‍යවරයකුගෙන් ප‍්‍රතිකාර ලබා දීමට සූදානම් වන විට එය නුසුදුසු බවත්, එසේ කළොත් මේ රහස පවා හෙළිදරව් විය හැකි බවත්, තමන්ට පුරුදු වී ඇත්තේ ද ඉංගී‍්‍රසි බෙහෙත් බවත්, ආබාධිතයා පැවසූ බැවින් ඔහු රෝහල් ගත කළේය. මලයාලම්කරුගේ සාත්තුවට නතරවීමට අපේ මිත‍්‍රයාට සිදුවීය.
අනිත් හතර දෙනා මේ දෙදෙනාට අවශ්‍ය පහසුකම්, ආහාරපාන සපයා දී නැවත හෙට උදෙන් ම එන බව පවසා පිටත්ව ගියහ.
රෝගියා රෝහලට ඇතුළත් කොට පැය කීපයක් ගතවුණත් තවමත් ප‍්‍රතිකාරයක් නැත.
අභ්‍යන්තර බිඳීමක් නිසා වෛද්‍යවරු පරීක්ෂණ කරන්නේ ;හට උදේය. ඒත් රෝගියාගේ කෙඳිරි ගෑම නම් ටිකක් අඩුවී තිබීම සාත්තුකාරයාගේ හිතට තරමක සහනයක් වීය.
අපේ මිත‍්‍රයා මේ ගමන ආවේ දහසක් බලාපොරොත්තු තබා ගෙනය. අවශ්‍ය ප‍්‍රධාන කාර්යභාරය සඳහා කැඳවාගෙන ආ ඇදුරාගේ කොන්ද බිඳී ඇත.
මේකත් භූතයන්ගේ ම වැඩක් ද? මැණික් නිධානය ගැනීම වළක්වාලීම සඳහා කළ දෙයක්ද? එහෙම වුණොත් මේ තරම් දවස් මහන්සිවීම වතුරේ යාවිද? මැණික් බෝතල් පහක්. පරම්පරා දහයකටත් ඇති. ඒත් ඉතින්? ඔහුගේ ඔළුව යකාගේ කම්මල වැනිය.
රාති‍්‍ර නවයට පමණ මලයාලම්කරු ඇඳෙන් නැගිට්ටේය. තමන්ගේ ඔලගුව සකස් කැර ගත්තේය.
“මොනවා? තමුසෙට ඉබේම සනීප වුණාද? හෙල්ලෙන්න බෑ කියලා අපේ කරපිටින් ආ මිනිහා දැන් නැගිටලා. මොකක්ද තමුසෙට වුණේ?” අපේ මිත‍්‍රයා ඇසීය.
“මටනම් මොනවත් වුණේ නෑ. මහත්තයාට වෙන්න තිබුණු දේ මම යන්තම් ගලෙන් ලිස්සලා බේර ගත්තා.
මහත්තයා මීට පස්සේ නම් ඔය වගේ වැඩ බාර ගන්න එහෙම එපා. මම නම් එන්නේ නෑ” යි ඇදුරා කීවේය.
“ඇයි? ඇයි? මොකක්ද වුණේ?”
“මහත්තයා දවල් නාන කොට අර හතර දෙනා කැලේ ඉඳල මතු වුණේ පිස්තෝල හතරකුත් අතේ තියා ගෙන. මම දැනගත්තා මේ අය එන්නේ මහත්තයා මරලා මට කියලා නිධානෙ අරගන්න. ඊට පස්සෙ මාව මරා දානවාට කිසිම සැකයක් නෑ.
දැන් නිධානය ගත්තත් ඔය මිනිස්සු අපි දෙන්නව මරනවා. නොගත්තත් මරනවා. මහත්තයා තණ්හාවෙන් අන්ධ වුණාම උන්ට හොඳ නරක පේන්නේ නෑ. මහත්තයට මේ අනතුර නොපෙනුණෙත් ඔය තණ්හාව නිසාමයි. ඔය මැණික්වලට වඩා ජීවිතේ වටිනවා.
ඒකයි මම ගලෙන් ලිස්සලා වැටිලා තුනටිය බිඳුණා කීවේ එතැනින් මහත්තයත් බේරාගන්න ඕනැ නිසයි. දැන් හෙමින් සැරේ මේ ඉස්පිරිතාලෙන් පැනලා යමු යන්න. පයින් ගියත් එළිවෙන කොට හැතැප්ම දහයක් පහළොවක් යා ගන්න පුළුවන්” කියමින් මලයාලම්කරු වටපිට බැලුවේය.
රෝහල් සේවකයන් පෙනෙන තෙක් මානයක නැත. අනිකුත් රෝගීන් ගොරව ගොරවා නින්දේය. ඔහු වාට්ටුවෙන් පිටවූයේය.
අඩියට දෙකට මහ පාරට පැන ගත්තේය. ඔහු අනුගමනය කරනවා හැරෙන්නට අපේ මිත‍්‍රයාට ද වෙනත් කළ හැකි දෙයක් නොවීය.
“තන්හාය ජායතී ශෝකෝ. තණ්හාය ජායතීය භයං” අර හතර දෙනාට අහුවුණොත් බේරී පලා යන්නට ද නොලැබෙනු ඇත.
අඳුර මැදින් දෙදෙනෙක් ජීවිතය සොයා ඉක්මන් පියවර තැබූහ.



ela

පියවි ඇසින් ඔබ්බට : 05
මං චාමිකට කසාද බඳින්න දෙන්නේ නෑ
මිනිසා අධර්ම රාගයෙන් හා විෂම ලෝභයෙන් පෙළෙන්නේ මිථ්‍යා දෘෂ්ටික සිතුම් පැතුම් නිසා ය.
මා උගතෙකැයි, බුද්ධි මතෙකැයි, බෞද්ධයෙකැයි සිතා සිටිය ද අධර්ම රාගයෙන් පෙළෙමින් වැරදි හා අසාධාරණ මාර්ගවලින් සිය ඕනෑ එපාකම් ඉෂ්ට කැර ගන්නා තාක් කල්, විෂම ලෝභයෙන් “මට” ම ය, මගේ පවුලේ අය ට ම යැයි දරුණු වූ ද සීමාවන් ඉක්ම ගියා වූද තණ්හාවෙන් හඹා යමින් වැරදි හා අසාධාරණ අන්දමින් වස්තු සම්පත් රැස් කිරීම සඳහා හඹා යන තාක්කල් ඔහු හෝ ඇය මිථ්‍යා දෘෂ්ටික ය.
මේ අධර්ම රාගයත්, විෂම ලෝභයත් මිථ්‍යා දෘෂ්ටියත් නිසා ලෝකය අපවිත්‍ර වී ඇත. වායු ගෝලය දූෂිතව ඇත. පරිසරය, ජලය, ආහාරපාන විෂ සහගතව ඇත. මිනිසා ගේ ක්‍රියාකාරකම් වෙන කවදාටත් වඩා අමානුෂික වීමේ ප්‍රතිඵලයක් වශයෙන් සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවෝ පෘථිවියෙන් ඈත් වී ඇත.
ඔහු මොරටු විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු උපාධිය සමත්ව සිවිල් ඉංජිනේරුවකු ලෙස රැකියාවේ නිරතව සිටී. මෙයින් වසර දෙකකට පෙර පොළොන්නරු දිස්ත්‍රික්කයේ සේවය කළේ ය. වැදගත් පවුල් පරිසරයක් ඇතිව ජීවත්වන බැවින් මව්පිය වැඩිහිටියෝ ද ඔහු කෙරෙහි බොහෝ බලාපොරොත්තු තබා සිටිති. ඔහු නමින් චාමික ය.
පොළොන්නරු ප්‍රදේශයේ සේවය කරද්දී ඔහුට වසන්ති මුණ ගැසුණි.
ඇය ද ඒ ක්ෂේත්‍රයේ ම රැකියාව කළ නිලධාරිනියකි.
ඇගේ ගති ගුණ හා චරිත දුර්වලකම් නිසා කලින් විවාහ වී සිට ස්වාමි පුරුෂයාගෙන් දික්කසාද වී සිටි අතර චාමික හා වසන්ති දෙදෙනා ඔවුනොවුන් කෙරෙහි බැඳීමක් ගොඩ නැගුණි.
කලකට පසු චාමික කොළඹ ප්‍රදේශයට සේවය සඳහා පැමිණියේය. ටික දිනකින් ඔහුගේ දෙකකුල් රිදෙන්නට විය. වෛද්‍ය ප්‍රතිකාර ගත් නමුත් සුවයක් නොලැබුණි. ඔහු හෝ නිවසේ වෙනත් කෙනකු ගෙදර දී බුදුන් වඳින විට පිරිත් කියන විට චාමික ගැහෙන්නට විය.
එසේ ම මේ වන විට චාමික ගේ කල වයස හරි නිසා වැඩිහිටියෝ ඔහුට විවාහයක් කැර දීමට කටයුතු කළහ. එහෙත් මනාලියක් බලන්නට යන විට අතරමඟදී වාහනය යාන්ත්‍රික ;දීෂයක් ඇතිවීමෙන් හෝ අනතුරකට ලක්වීමේ ගමනට බාධා ඇති විය.
සමහර අවස්ථාවල බලන්නට යන මනාලියන් කලින් දින රාත්‍රියේ හීනෙන් බය වී එතැන් සිට නින්දක් නැතිව මනාලයා (චාමික) නිවසට පැමිණ යන තුරු තැති ගැන්වීමක් වැනි දෙයකින් බියපත්ව මංගල්‍යයට අකමැති වූහ. කිනම් හේතුවක් නිසා හෝ ඔහුට විවාහයක් සිදු කැර ගැනීමට නොහැකි තැනට කටයුතු යෙදේ.
වැඩිහිටියෝ බෝධි පූජාවලට ඔහු කැඳවාගෙන ගියහ. එහි දී ඒ පිළිවෙත් කටයුතු අවසන් වී බෝ මළුවෙන් පිටවන තුරු ඔහු ගැහෙන්නට වෙයි. අවසානයේ ගුප්ත ගවේෂණ මධ්‍යස්ථානයට කැඳවාගෙන ගියේය. එතැන දී ද ගැහෙන්නට විය. මිනිසුන් ඉදිරියේ මෙසේ ගැහෙන එක වළක්වා ගන්නට මේ තරුණ ඉංජිනේරුවරයා උත්සාහ කළ ද ඔහුට පාලනය කර ගන්නට නොහැකි වේ.
“කව්ද මේ ශරීයට රිංගා ගෙන ඉන්නේ?”
“……….” හිස දෙපසට වනයි. කතා නොකරයි.
“කතා කරන්න. කතා කරන්න”
“…….”
“එහෙම නම් අපි කතා කරවන්න ද?”
“ම්හු….”
“වෛශ්‍රවන දෙවියන්ට පැමිණිලි කරන්න ද?”
“එපා එපා”
“ඇයි එපා කියන්නේ?”
“මම බයයි. මට දඬුවම් කරයි”
“ඔච්චර බය නම්, අපි අහන දේට උත්තර දෙන්න”
“බෑ… බෑ…”
“ඇයි බැරි?”
“එතකොට මට මේ ශරීරයෙන් යන්න වේවි”
“ඇයි යන්න අකමැති”
“මට පවරපු වගකීම තව ම ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒකයි යන්න බැරි” දැන් තරුණ ඉංජිනේරුවරයා කතා කරන්නේ ගැහුනු කටහඬකිනි.
“හොඳයි දැන් කියන්න කවුද මේ කියලා?”
“මම පද්මිණී”
“පද්මිණී කවුද? කොහේ කෙනෙක් ද?”
“මහත්තයා මගේ ගම දෙහිඅත්තකණ්ඩියේ. 1988 භීෂණ කාලයේ මාව දූෂණය කර මැරුවා. මමත් ලස්සනට ජීවත්වෙන්න හිතාගෙන ඉගෙන ගත්ත කෙනෙක්. මාව බලයහත්කාරයෙන් දූෂණය කැර මරා දැම්මා. මම දැන් ඉන්නේ වෛරයෙන් දැවි දැවී. මා දූෂණය කරපු එවුන්, මරා දාපු එවුන් හොය හොයා ඇවිදිනවා. එහෙම ඇවිදින කොට තමයි මේ වසන්තිගෙ බන්ධනේට අහුවුණේ. වසන්තිගෙ ඇදුරා මතුරණ කොට මාව ඒ බන්ධනේට බැඳුණා. මම දැන් චාමිකගෙ ඇඟට වෙලා ඉන්නවා. චාමිකගෙ ලේ උරා බීලා තමයි ජීවත් වෙන්නේ. චාමික බෝධි පූජා තියන කොට මාව ගැහෙනවා. එතකොට චාමිකවත් වෙව්ලනවා.”
“මොකක්ද පද්මිණීට බාර දීලා තියෙන වගකීම”
“මට බාරදීලා තියෙන්නේ වසන්තිට චාමිකව සම්බන්ධ කර දෙන්නයි. මේවා සහගහන අපරාධ බව මම දන්නවා. ඒත් මන්ත්‍ර බලයට මම බැඳුණා. මට දැන් මෙතනින් මිදෙන්නත් බැහැ. චාමිකට පිස්සුහදලා හරි වසන්ති ළඟට ගෙනියන්න ඕනෑ. ඒකයි වගකීම.”
“කොහොමද බැන්දුවේ?”
“ඇදුරා කෑමකට මැතුරුවා. මාව ඒකට බැඳුණා. වසන්ති ඒ කෑම චාමිකට කන්න දුන්නා.”
“පද්මිණී දැන් චාමික ගේ ශරීරයෙන් නිදහස් වෙන්න කැමති නැද්ද?”
“කැමතියි. කැමැතියි. බැඳිලා ඉන්න මමත් කැමති නැහැ. හැබැයි ජීවත් වෙන්න ආහාර ඕනැ. මම දැන් ජීවත් වෙන්නෙ චාමිකගෙ ලේ උරා බීලා. මම නිදහස් වුණොත් මම කෙළින් ම වසන්තිව හොයා ගෙන යනවා. ගිහින් පළි ගන්නවා. ඒකිගෙ ලේ බොනවා. ඊළඟට අර ඇදුරා හොයා ගෙන යනවා. ඕකගෙ බොටුව කඩනවා. ඕකා ආරස්සා දාගෙන ඉන්නේ. ඒ වුණත් මම ඌට කිට්ටු වෙලා ඉඳලා ආරස්සා බිඳිච්ච වෙලාවක උගෙ බොටුව කඩනවා. එතකම් උගේ ගෑනිගෙයි, දරුවන්ගෙයි ලේ බොනවා.”
“ඉතින් පද්මිණී! ඇදුරා කළ වැරද්දට ඇදුරාගෙ ගෑනියි දරුවොයි වැරදි කාරයෝ නොවෙයිනෙ? ඉතින් ඒ අයගෙන් පළි ගැනීම අසාධාරණ නේද?”
“අසාධාරණ… අසාධාරණ… හඞ… හඞ… හා…. කොහේද මහත්තයා සාධාරණේ තියෙන්නේ? මාව දූෂණය කරපු එක සාධාරණ ද? මාව මරපු එක සාධාරණ ද? මොකද්ද මහත්තයා මහත්තයලත් සාධාරණේ හොයන්නේ අපෙන්. ඔය ලොකු ලොකු උදවිය කරන්නෙ සාධාරණ වැඩ ද? හිතලා බලන්න. මාව බන්ධනය කළ එවුන්ගෙන් පළිගන්න බැරි නම් උන්ගෙ පවුල්වල අයගෙන් පළි ගන්නවා. ඒ අපේ හැටි. රටේ හැම තැන ම අසාධාරණේ. පෙර පින් පල දෙන කොට, කල හොඳ කල් හොඳයි. කාලෙ නරක් වුණ ගමන් අපි උන්ට කිට්ටු වෙනවා. මම මට අසාධාරණේ කරපු උන් හොයා හොයා යද්දි මුන්ට අහුවුණා. මාව දූෂණ කර මරා දාපු උන්ගෙ තවම කාලේ හොඳ ඇති. කාලෙ නරක් වුණ හැටියෙ මට අවස්ථාව ඒවි. මම අවසර වරම් අරගෙන තියෙන්නෙ”
“මොකක්ද අවසර වරම් කීවෙ?”
“මහත්තයා අපටත් ප්‍රධානීන් ඉන්නවා. අපි ඒ අය ළඟට ගිහින් අපට කරපු අසාධාරණය කියලා උන්ගෙන් පළි ගන්න අවසර වරම් ලබා ගන්නවා. ඉතින් ඒ අවසර වරම් ඇතුව යන අපට බාධා කරන එවුන්ගෙනුත් පළි ගන්න අපට පුළුවන්. වසන්තිගෙනුත් ඇදුරාගෙනුත් පළි ගන්න එක පළි ගන්නවාමයි. දැන් මුන් තවත් අයට ඔය වැරැදි වැඩ කරනවා. මුන්ව මිහිපිට තියන්න හොඳ නෑ.”
“හරි හරි පද්මිණීට ඒ අවස්ථාව එනතුරු ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟට වෙලා ඉන්න.”
“ඔව් ඒක නම් හොඳයි. ඒත් මම කොහොමද මේ බන්ධනයෙන් ගැලවෙන්නේ?”
“හොඳයි, පද්මිණී! මම චාමික ගෙ පවුලෙ අයට කියලා පද්මිණී නමින් පාංශුකූලයක් පූජා කරවන්නම්. තවත් පින්කම් කරවලා පින් අනුමෝදන් කරන්නම්. මමත් දැන් පද්මිණීට පින් දෙනවා. එතකොට ඔය බන්ධන පිපිරෙනවා. ඒ බන්ධන පුපුරා ගියා ම පද්මිණී නිදහස්, ශ්‍රී මහා බෝධිය ළඟට ගිහින් පින් දහම්වලට පද්මිණි සම්බන්ධ වෙන්න.”
“එතකොට අරුන්ගෙන් පළිගන්නෙ?”
“ඒකට වෙලාව ඒවි. ඒ නැතත් දැන් මේ අවනඩුව අහගෙන ඉන්න අමනුෂ්‍යයෝ දැනටමත් ඒ අය ළඟට ගිහින් ඇති.”
“හොඳයි හොඳයි එහෙනම් මම යන්නම්. චාමිකටත් කියන්න පරෙස්සම් වෙන්න කියලා. ඔය කපටි ගෑනුන්ට අහු නොවී ඉන්න කියලා.”
“හොඳයි හොඳයි.”
“එහෙම නම් මේ අය පින් දුන්නා ම මම යන්නම් මහත්තයා.”
“හොඳයි පද්මිණීට තෙරුවන් සරණයි.”
බෝධි පූජා විසි එකක් තබා දන් පින් කොට නැවත පැමිණෙන ලෙස චාමිකට දැන්වීය.







baya wennathiwa comment dapallaa....!!!!

mama rep dunna... so comment daanna one na ne??

mama rep dunna... so comment daanna one na ne??
commnt 1kuth dala yamu mchn
nathnam kattiyata kiyawanna hamba wenne na


