එළකිරි භූත කොටුව.........

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    :shocked::shocked::shocked::baffled::sorry: rep +

    අපේ තාත්තත් මාතර රොබා අයියේ ..එයාගේ පොඩි කාලේ කතාවක් කිව්වොත් ඒක ඉතින් හොල්මන් කතාවක්ම තමයි :baffled:. මාතර පැත්තේ ෆට්ට විදිහටනේ හොල්මන් තිබිලා තියෙන්නේ. :rolleyes:

    eka thamai ban inneth api wage holman thamai :P
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ;)වෙලාව රෑ 12යි...... :love:හාමිනෙයි :love:පොඩි එකයි සැපට බුදි........... ඕන් ඉතින් උඹලට වෙච්ච පොරොන්දුව ඉටුකරන්නත් එක්ක ගමටම ඇහෙන්න හූවක් කාරිය කියල කාවේරි යකින්නිගේ කතන්දරේ පටන්ගන්නයි යන්නේ..................:eek::eek:

    මේ සිද්දියෙ කතානායිකාව දැන් ලොකු කොම්පැනියක ලොක්කියෙක්...... ඉතින් නම් ගම් අහන්න එපෝ....... ;)


    අපේ අම්මගෙ නංගිකෙනෙක් හිටිය නුවර පලාතේ...... ටිකක් යමක් කමක් තිබුන උදවිය........ ඒ පවුලටම හිටියෙ :love::love:රශ්මි කියල අක්කියෙක්...... කොහොමින් කොහොමහරි ඒ අක්කි පොඩිකාලෙම නැන්දයි මාමයි ඇක්සිඩන්ට් එකකින් මළා..... මරණින් පස්සෙ දේපොල වලට කට්ටිය මරාගනිද්දි අපේ අම්ම තීරනය කලා රශ්මි අක්කව අපිත් එක්කම හදාගන්න........... අම්ම මොනම විදියකින්වත් අක්කිට හෝ අපිට වෙනස් විදියට සැලකුවෙ නෑ......

    ඕන් දැන් ඉඳල රශ්මි අක්ක මගේ ලොකු අක්ක හරිද....... පැහැදිලියිනෙ නෑකම.........:)

    කාලය ටිකෙන් ටික ගෙවිල ගියා..... පාසැල් නිවාඩුකාලෙදි අපි පවුලම තාත්තගෙ ගමේ ගෙදර ගියා........ සැප උපරිම....... කියන්න ඕන නෑනෙ පොඩිකාලෙ ගමේ ගියාම තියෙන සැප:love:.......අක්කර ගනන් වතු..... විසාල ගෙවල්...... නිදහස උපරිමයි......... ඔය ගමේ ගෙදර ඉහත්තාවෙ තමයි තියෙන්නෙ නාන ලිඳ...... ඒ හරිය මහ පාලු මූසල පාටයි.......... කොහොමින් කොහොමහරි දවසක් හැන්දෑවෙ 5-6 ට අක්ක මිසිං වුනා.........:eek: හෙවුව හෙවුව හොයාගන්නම බැරිවුනා...... අන්තිමටම මම ලිඳ පැත්තෙ රවුමක් ගැහුවම අක්ක ලිඳලඟ අඬ අඬ ඉන්නව........ මේකි කතාකරන්නෙත් නෑ... මූන හංගන් හෝ ගාල අඬනව....... මාත් ඉතින් හැරෙන තැපෑලෙන් දුවල ගිහින් ආච්චිට නිවුස් එක දුන්න........... කට්ටියම අක්කව රෙද්දකින් පොරවන් ගෙදර ගෙනාව.......:nerd:

    අම්මට සිරි...... අක්ක ගහෙන් වැටිල:lol: (මට ඔයකාලෙ ඕව ගැන තේරුමන් නෑ....... රොබොට් අයියා ඇටය කාලෙ ලොල් )

    මගෙ අම්මේ...... ගමේ ගෙදරට ඩෝබිල ගෙනල්ල හෙන යුද්දයක් කරල ජයටම අක්කගෙ මල්වර මංගල්ලෙ කලා...... කට්ටියටම පට්ට සන්තෝසයි......... ඒත් අපිටත් නොතේරීම අක්ක ටිකින් ටික වෙනස්වෙන්න ගත්ත.......:oo:

    පස්සෙන් පහුවෙනකොට අක්කට මහා අමුතු ශක්තියක් තිබුන...... කොටින්ම කියනවනම් අක්ක හැඩිදැඩි මිනිහෙක් වගේ හැසිරෙන්න ගත්ත (පිස්සු නැටුවෙ නෑ නමුත් පට්ට හයියක් තිබුනෙ, පාරක් ගැහුවත් නිකන් මිටියෙන් කෙලිය වගේ සතියක් විතර ඇද්දුම්කනවා:sorry: ) කිසිම වැඩක් කරල වෙහෙසක් ඇතිවුනේ නෑ..... පාඩම් වැඩ විබාග ඉහලින් සමත්වුනා..... මොන මගුල කරත් අක්කගෙ අපිට කියාගන්න තේරෙන්නෙ නැති පුන්චිම පුන්චි අමුත්තකුත් හැංගිල තිබුන.........:eek: ඔය අතරෙ අපි මම මුල් කතාවල සඳහන්කරපු කලුමහත්තයගෙන් වැඩගන්න යනව එතනට ගියහම ඌ අක්ක එක්ක අමුතු භාශාවකින් කතාකරනව.... හිනාවෙනව....... තාත්ත ඇහුව මොකක්ද සීන් එක කියල???? පොර කිවුව අක්කට එයාගෙ මළගිය නෑයින්ගෙන් ආරක්ශාව තියෙනව...... එයාගෙ ඉදිරිය ගොඩාක් සුබ හා ආරක්ශාකාරීයි....... ඒ අයට කරදරයක් කරන්න එලවන්න හදන්න එපා කියල..... අපිත් ඉතින් හිතුව මැරිච්ච නැන්දයි මාමයි අක්කව ආරක්ශාකරනව කියල........:dull:.

    අපිට ඒකාලෙ තිබුන විවිදාකාර ප්‍රශ්ණ ගොඩක්ම අපේ නෑයොම කරපු හදි හූනියම්......(ඒ විස්තර පස්සෙ දාන්නම්) ඒව නැතිකරගන්න අපි නොගිය තැනක් නෑ...... ඒ යන හැමතැනකදිම ආරූඩවෙන එක එකා අක්ක එක්ක මුකුලුව දානව:love::love:...... තේරෙන්නැති භාශාවෙන් ඒව මේව අහනව..... අක්ක උත්තර දෙන් නෑ ඒත් මිනිහගෙ හැසිරීම අනුව ඌට උත්තර හම්බෙනව වගේ අපිට දැනුන........ මේගැන අහපු හැම එකාම අපිට කිවුවෙ අක්කට මළගිය නෑයින්ගෙන් පිහිට තියෙනව කියල පමණයි...........

    කාලය ගෙවිලයනව....... අක්ක ජීවිතේ සාර්තකව ඉදිරියට යනව..... හරිම වේගවත්.... අපි කාටත් සතුටුයි....... මැරිච්ච නැන්ද මාම අක්කට උදවුකරන එක අපිටත් ලොකු ශක්තියක් වුනා...... ඒත් අක්කගෙ ජීවිතයේ එක්පැත්තක පොඩි පසුබැසීමක් තිබුන......:( එයා කොල්ලො ආස්‍රය කරන්න, බැඳල පිලිවෙලක් වෙන්න කිසිම අයුරකින් කැමැත්තක් දැ
    ක්වුවෙ නෑ..... ගෙදරින් යෝජනා කොතෙකුත් හොයල දුන්නත් අක්ක හැමවෙලාවෙම ඒ හැමදේම ගෝරියකින් අවසන් කලා..... තාත්තට ටිකක් මේගැන අවිශ්වාසවෙලා අපි දන්න හඳුනන යන්ත්‍ර මන්ත්‍ර කරන කෙනෙක් ගෙදර ගෙන්නවල අක්කගැන හොයල බැලෙවුව....... මිනිහ කිවුවෙ එහෙම කිසිම කෙනෙක් නෑ කියල..... අපිට මේ කතාව ටිකක් සැක හිතුන :nerd:මොකද අපි දන්න ගොඩක් අය අක්ක හා මළගිය නෑයන් අතර සම්භන්දයක් තියෙනව කියුවට මේ සම්භන්දව ලංකාවෙ ඉන්න දක්ශම කෙනා එහෙම දෙයක් නෑ කියනව..... කෝකටත් කියල තාත්ත මේ සම්භන්දව ගුරුන්නාන්සෙව දැනුවත්කලා.......... මිනිහ ගෙදරට ආරක්ශාවක් දාල පස්සෙදවසක එන්නම් කියල යන්න ගියා........ හරියටම දින හතකින් ගුරුන්නාන්සෙ පැමිනිය....... බඩු මාට්ටු...... අක්ක පරල වුනා...... හූ කියකිය නටන්න ගත්ත.........:growl::growl::growl:

    ඕන් දෙන්න කතාවට වැටුන.........

    :nerd:ගුරුන්නාන්සෙ ~~ නැටිල්ල නවත්තල කියපිය තො කව්ද කියල??
    :growl:අක්ක සද්ද නෑ....... ඔලුව වනවන හිනාවෙනව.......
    :nerd:ගුරුන්නාන්සෙ සැරකලා........ උඹ දන්නවනෙ....ගුරුන්නාන්සෙ කවුද කියල........ කියපිය කවුදකියල.......
    :growl:මොන!!! මේකි හිනාවෙනව විතරයි........:lol::lol:
    :nerd:ගුරුන්නාන්සෙ ගත්ත වේවැල...... දුන්න ශොට් එකක්......
    :growl:අක්ක මරලතෝනිය....... බුදුඅම්මෝ....... පුච්චන්න එපෝ..... මම මේකිගෙ නෑකෙනෙක්......
    පුච්චන්න එපෝ

    :nerd:ගුරුන්නාන්සේ..... මේ දරුවගෙ අම්මද???
    :growl:නෑ......
    :nerd:එහෙනම්?????
    :growl:යකින්නි සද්ද නෑ.......
    :nerd:ගුරුන්නාන්සේ..... උබට ආයෙත් පාරක් දෙන්නද??

    :growl:මම නෑයෙක් නෙමෙයි.........
    :nerd:එහෙනම්.....................
    :growl:ගෑනුපරානයක් හොයහොය ඉන්නකොට මේ දැරවි හම්බවුන......
    :nerd:ගුරුන්නාන්සේ....... කියපිය විස්තරේ මුල ඉඳලම.....
    :growl:යකින්නි............ කොටහලු කෙල්ලෙක් හොයහොය ඉඳිද්දි මේ දැරිවි ලිඳ ලඟ තනිපන්ගලමෙ ඉන්නව දැකල ඇඟට ගොඩවුන........ මෙච්චරකාලෙකට මේ දැරිවිව පරිස්සන් කරන් මාසෙ අහවරවුනාම ලේ ටික බොනව:baffled::baffled::baffled:.........

    :nerd:ගුරුනාන්සේ....... උඹ මම මුලින් ආපු දවසෙ කොහෙද හිටියෙ??
    :growl:යකින්නි....... මම දන්නව නපුරක් වෙනකොට පැනල යන්න..... ගුරුන්නාන්සෙගෙ බලේ දන්න නිසා පැනල ගියා......

    :nerd:ගුරුන්නාන්සේ........... ඔහොම පොඩ්ඩක් එහාට වෙය......... මොකාද ඔතන ඉන්න අනික් එකා??? කියපිය කවුද උඹ???

    :growl:යකින්නි ආ...ආ.....මේ......
    :nerd:ගුරුන්නාන්සේ....... කියන්න නේද කිවුවේ.......
    :growl:යකින්නි........ආ ඒ මගේ මිනිහ:love::love:....... අපි දෙන්නම මේ පරානෙත් එක්ක ඉන්නෙ........

    :nerd:ගුරුන්නාන්සේ උඹල මොනවද මේ දැරිවිට කරන්නෙ.......
    :growl:අපි මේ පරානෙ ආරක්ශාකරනව.......

    :nerd:එතකොට ඇයි මේ දැරිවිගෙ මගුල් තුලා බාදාවෙන්නෙ??
    :growl:යකින්නි...... මම මිනිස්සුන්ට කැමති නෑ..... ඉතින් මේ පරානෙත් මට ඕන විදියටයි ඉන්න ඕනෙ.......

    :nerd:ගුරුන්නාන්සේ....... ඒහරිය මම බලාගන්නම්කෝ...... උඹ මිනුස්සුන්ට අකමැතිනම් ඔතන ඉන්න අනික් එකා මොකටද උඹ තියන් ඉන්නෙ?? උඹේ මිනිහ කිවුව නේද??

    :growl:යකින්නි...... ඒ මගෙම මිනිහ නෙමෙයි හදිසියෙ හම්බවුනේ.......

    :nerd:ගුරුන්නාන්සේ........ හොරමිනිහෙක්????
    :growl:යකින්නි ...... සද්ද නෑ........

    :nerd:ගුරුන්නාන්සේ...... කියපිය උඹෙ නම

    :growl:යකින්නි ..... කාවේරී

    :nerd:හා එහෙනම් ලෑස්තිවෙයන් මේ දරුවගෙන් පිටවෙන්න.......
    :growl:යකින්නි........ බෑ බෑ.... දාලනම් යන්න බා.......කොච්චර අමාරුවෙන්ද මේ ඇත්තිව හොයාගත්තෙ..... අපිනම් යන්නෙ නැතෝ...... කියල උඩපැන පැන නටන්න ගත්ත........
    පස්සෙ කියපි....... පැනල යන්නත් බැරියෝ...... වත්තෙ ආරක්ශා දාල අපි හිරවෙලෝ.......

    ගුරුන්නාන්සේ මට කිවුව ඉක්මනින් ගම්බිත්තර දෙකක් අරන් එන්න කියල කොහොමහරි පට්ට කට්ටක් කාල එකක් රුපියල් 20ට බිත්තර 2ක් හොයන් ආව............

    ගුරුන්නාන්සේ බුලත්කොලදෙකක් උඩ බිත්තරදෙක තියල ජීවම්කරන්න ගත්ත..........

    යකින්නි කෑගහනව....... අයියෝ..... යන්න බැරියෝ........ බිත්තරේට යන්න බැරියෝ........... ඒක අස්සෙ අක්ක පිරිමි හඬකිනුත් විලාප තියනව..........

    ගුරුන්නාන්සේ......... පේනවනේ....... බෝතලේ දැම්මොත් හැමදාටම මූදුපතුලෙ........පුච්චල දැම්මොත් ඉවරෙට ඉවරයි මම ආයෙ කියන්නෑ පල බිත්තරේට.........

    යකින්නි....... අයියෝ....අපිට මොකද කරන්නෙ...... අපි මේ ඇත්ති දාල යනව ගැටගහන්නනම් එපෝ..... පුච්චන්නත් එපෝ.......... අපිට එලුවෙක් දීපියෝ.......

    :nerd:ගුරුන්නාන්සේ....... නෑ නෑ......මේ ඇත්තො එලුවො කපන් නෑ....
    :growl:යකින්නි........ මරන්න නෙමෙයි..... මරන්න නෙමෙයී.......... නැගල යන්න............

    :nerd:ගුරුන්නාන්සේ......... නැගල කොහෙ යන්නද??.........
    :growl:මේ වගේ කොටහලුවුන පරානයක් හොයාගෙන යන්නෝ...... අපිට වෙන කරන්න් දෙයක් නැතෝ...........

    ගුරුන්නාන්සේ........ හා හා..... ඒකාරිය මම බලාගන්නම් දැන් පල බිත්තරේට......... මින් මත්තට මේ පවුල පැත්තෙ ආවොත් ගැටගහල පුච්චල දානව..........

    ගුරුන්නාන්සේ මතුරනකොට යක්කු දෙන්න ටිකෙන් ටික බිත්තරදෙකට ඇතුලුවුනා.........

    බිත්තරේට යක්කු ගියාට මම අහල තිබුනවිදියට බිත්තරෙ රෝල්වෙන ඉබේ හෙලවෙන සීන් මොනවත් වුනේ නෑ.. එවෙලෙම වගේ අක්කට පියවිසිහිය ආව........
    පස්සෙ අක්කට පිරිත්කරපු ආරක්ශාවක් දැම්ම........... අක්ක යථාතත්වයට පත්වුනා..... ඉතා ඉක්මනින්ම බැංකුවක ඉහල නිලධාරියෙකුව වුවාහකරගන්නත් වාසනාව හිමිවුනා:love::love:...............

    අද මේ දාල තියෙන අත්දැකීම මුල් ඒව වගේ සිත් ඇදගන්නාසුලු කතාවක් නොවෙන්න පුලුවන් ඒත් මම මේ කතාව දාන්න තීරනයකලේ අපේ වැඩිහිටියො කියන ගොම්මන් යාමෙ තනිපන්ගලමෙ එහෙමෙහෙ යන්න එපා කියන දෙයහි තියෙන බැරෑරුම්කම පෙන්නුම්කරන්නයි.......... මමත් ඕව මළාට ගනන්ගත්තකෙනෙක් නෙමෙයි ඒත් වෙච්ච සිදුවීම් එක්ක බැලුවම හිතෙනව පරම්පරා ගනනාවක් පැවති ජන සම්මතයන්ට පිටුපෑම තරම් නොවන බව............

    ආ..... අර යක්කු දෙන්නට වුන දේ කියන්න බැරිවුනා........ අපි යක්කු දෙන්න පුච්චන්න, ගැටගහන්න කැමතිවුනේ නෑ...... ඒක මහ තිරිසන් වැඩක් (මේ සම්භන්දව දන්නාඅය දන්නව ) කල්ප කාලාන්තරයක් ආත්මයක් පනපිටින් මූදුපතුලෙ ගිල්ලුවහම ඒ ආත්මයට දෙයියන්ගෙම පිහිටයි...... ඉතින් උන් කියපුවිදියටම ගුරුන්නාන්සේ යක්කු දෙන්න එලුපැටියෙක්ට බන්දල මුදාහැරිය............ ඒ එලුපැටිය, ලෙඩවුන (ඔපස්) ගොම්මන් යාමෙ තනිපන්ගලමෙ ඉන්න කෙල්ලෙක් මුනගැහුනගමන් යක්කුදෙන්න ඒකිගෙ ඇඟට නගිනව...........:growl::growl:



    ඇත්තටමයි කියන්නෙ මල්වරවෙන්න ඔන්න මෙන්න ඉන්න කෙල්ලො ගොඩාක් පරිස්සම්වෙයල්ලා........

    දැන් වෙලාව උදේ 5:07යි....... අමාරුවෙන් පැය 5ක් තිස්සෙ ලියපු මේක කියවල හිනාවෙවී යන්නැතිව ජීවිත පාඩම් ඉගෙනගනිල්ල.......


    :frown:රොබොට් අයියා.......
    0002045F.gif
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    කමෙන්ට්ස් දාල දිරිගන්වන..... හොරෙන් බලල විව්ස් ගාන වැඩිකරන ඔක්කෝටම ස්තූතියි..............මෙන්න මේ අත්දැකීම අමාරුවෙ වැටිච්ච එකෙක් මට එවල තිබුන........ රෑ දෙගොඩහරියෙ බෙල්ල දාල බලපල්ල......... නැගල යන කතාවක්........


    KnoWegE
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif

    Posts: 571
    Join Date: Nov 2011



    Meka balapan.. my own ghost story - 12-06-2011, 06:15 PM



    http://elakiri.com/forum/showthread.php?t=1269086



    අත්තම්මා කොළඹ ඇවිත්........ කොටාගෙන යනවෝ..........:growl::growl::growl:


    හූ................................:growl::growl::growl:

    :frown:රොබොට් අයියා.......
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    [/B][/SIZE][/SIZE]

    පොට් එකේ පින්තුරයකුත් තියෙනවා බැලුවනම්..

    හපොයි මේක දෙකකම හිතෙනවා උබල මල් මදහස රෙදුනු මුවේ කට්ටියක් කියල :P
     

    Crezy Boy

    Member
    Dec 27, 2011
    705
    85
    0
    Colombo
    බයත් හිතෙනවා.අව්ලක් නෑ.කොහොම හරි බලනවා.මටත් සෙට් උනොත් අනිවා දානවා!!!!!
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ආච්චිගෙ රෙද්ද......... lol

    ලංකාවට බිංකරුවල වැටිලදෝ????? ආච්චිගෙ කතාව ගොඩක් දික්වෙනව...... උඹල කියවයිදත් මන්ද?? ලංකාවෙ ටෙලිනාට්ටි වගේ කෑල්ල කෑල්ල දාන්නද?? :confused: ඇගේ වෛරය වගේ ගෙඩිය පිටින් (සොරි සොරි..... ගෙඩි දෙක පිටින්) දාන්න ද????:D:D


    :frown:රොබොට් අයියා.......
     

    DJnet

    Well-known member
  • Apr 27, 2007
    4,563
    516
    113
    අන්තර්ජංජාලය
    ලංකාවට බිංකරුවල වැටිලදෝ????? ආච්චිගෙ කතාව ගොඩක් දික්වෙනව...... උඹල කියවයිදත් මන්ද?? ලංකාවෙ ටෙලිනාට්ටි වගේ කෑල්ල කෑල්ල දාන්නද?? :confused: ඇගේ වෛරය වගේ ගෙඩිය පිටින් (සොරි සොරි..... ගෙඩි දෙක පිටින්) දාන්න ද????:D:D


    :frown:රොබොට් අයියා.......

    රෑ වෙලා දාන්න ගෙඩි දෙක පිටින් ම... :cool::cool:
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    රොබයියා ඔන්න හතරවැනි පිටුවෙ කතන්දරෙත් කියෙව්වා. හොදට ආස්වාදාත්මකවා කථාව ලියලා තියෙනවා. දිගටම ලියමු.
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    254
    43
    ආච්චිගෙ රෙද්ද රෙඩි..... රෑවෙලා දාන්නම්.........

    රොබයියා ඔන්න හතරවැනි පිටුවෙ කතන්දරෙත් කියෙව්වා. හොදට ආස්වාදාත්මකවා කථාව ලියලා තියෙනවා. දිගටම ලියමු.

    ස්තූතියි කට්ටියටම.......... ඕව කියවනකොට චූන් වුනාට.....ඔය සිද්දි වෙනකොට බොක්ක කූල්වෙලා ආශ්වාදෙ දෙකොනින් යනව........... ඇත්තටම විදියක් නෑනෙ මේව ඒ විදියටම දාන්න..... ෆිල්ම් එකක්ම ගහන්න වෙයි පොඩ්ඩක් හරි ෆීල් එක ගන්න........ ඒත් ඒක තමුන්ට වෙනකොට තියෙන සනීපෙ උඹල කවද ලබන්නද??? අර මම දාපු ලින්ක් එකෙත් පට්ට සීන් එකක් තියෙන්නෙ....... කියවපල්ල.......

    ආච්චිගෙ රෙද්ද රෙඩි..... යක්කු ගස්නගිනවෙලාවට දාන්නම්.........

    රොබොට් අයියා
     

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මට තියනව භාවනා කරලා යක්කු පෙරේතයෝ දකින්න පුළුවන් අය කියපු දේවල් ටිකක්, පස්සේ දාන්නම්
     
    • Like
    Reactions: Capak Gamuthe

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මැක්සා කතා ටික මචං..උඹ සිංහල ටයිප් කරන්නෙ මොකේද?
    මෙන්න මේක දාගනින් මචං..කොහේ වත කොපි පේස්ට් කර කර දඟලන්න ඕන නෑ..


    http://www.google.com/ime/transliteration/

    කෙලින්ම කොටාගෙන කොටාගෙන යන්නයි තියෙන්නෙ language එක english>සිංහල>english මාරු කරන්නත් පුළුවන් ctrl+F12 වලින්. දිගටම ලියන්නෝ....

    හොල්මන් කොහෙද අපි එතන ;)