ජනවාරි පළමුදා සිට මලාපවහන ගාස්තුවක්
ක්රියාත්මක කිරීම සඳහා කිහිප විටක් උත්සාහ කරන ලද විවිධ හේතු නිසා කල් පසුවූ, මලාපවහන ගාස්තු හෙවත් ගෘහස්ත, කර්මාන්ත හා වාණිජ අංශයේ වැසිකිළි සඳහා එම පාරිභෝගිකයන් විසින් භාවිතා කරන ජල බිල්පතට අනුව මාසික ගාස්තු අය කිරීමට රජය තීරණය කර තිබේ.
මෙම තීරණය 2011 දෙසැම්බර් මස 28 වන දින 1738/7 දරණ ගැසට් නිවේදනයෙන් ප්රකාශයට පත් කර ඇති අතර 2012 ජනවාරි මස 01 වැනිදා සිට මෙම තීරණය ක්රියාත්මකය.
ජාතික ජල සම්පාදන මණ්ඩලය සහ ජලාපවාහන මණ්ඩලය සතු එම මණ්ඩලය විසින් පවත්වාගෙන යන හෝ මෙහෙයුම් හෝ නඩත්තු කටයුතු සිදුකරන ජලාපවාහන පද්ධතියට සම්බන්ධ ගෘහස්ථ, වාණිජ හා කර්මාන්ත පාරිභෝගිකයන්ගෙන් මෙම ගාස්තු අය කෙරේ.
ගාස්තු නොගෙවන පාරිභෝගිකයන්ගේ මාලාපවහන සැපයුම මෙන්ම ජල සැපයුමද විසන්ධි කිරීමට තීරණය කර තිබේ.