Breaking news! Bomba pipireemata Erehiwa jayawardanapura sisun pelapali

djHiran

Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    mata nam pissu ne. oyaata ehemada manda

    ඒ කිව්වෙ එහෙනම් ඔයාට දිවැස්!
    ඇයි තමං තමංටම බෝම්බ ගහගන්නෙ? ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න හිතාගෙන වත් ද? දිවැසින් බලල කියන්න බලන්න...

    විවෘතව හිතන්න පුරුදු වෙන්න. මිනිස්සු මවා පාල තියන ආකල්ප වල එල්ලිලා ඒ පාට කන්ණාඩි වලින්ම ලෝකෙ දකින්න පුරුදු වෙන්න එපා. පොදුවේ විශ්වවිද්‍යාල සිසුන් ගැන තියන්නෙ එච්චර හොඳ ආකල්පයක් නොවෙන්න පුළුවන්. එහෙම කියල උන් උන්ටම බෝම්බ ගහගන්නවා කියල දැක්ක වගේ කියන්න තරම් අන්තවාදී වෙන්න එපා :lol:. එච්චරයි... :)
     

    NipunaPraveen

    Member
    Jul 25, 2011
    437
    25
    0
    ඒ කිව්වෙ එහෙනම් ඔයාට දිවැස්!
    ඇයි තමං තමංටම බෝම්බ ගහගන්නෙ? ඉන්ෂුවරන්ස් ක්ලේම් කරන්න හිතාගෙන වත් ද? දිවැසින් බලල කියන්න බලන්න...

    විවෘතව හිතන්න පුරුදු වෙන්න. මිනිස්සු මවා පාල තියන ආකල්ප වල එල්ලිලා ඒ පාට කන්ණාඩි වලින්ම ලෝකෙ දකින්න පුරුදු වෙන්න එපා. පොදුවේ විශ්වවිද්‍යාල සිසුන් ගැන තියන්නෙ එච්චර හොඳ ආකල්පයක් නොවෙන්න පුළුවන්. එහෙම කියල උන් උන්ටම බෝම්බ ගහගන්නවා කියල දැක්ක වගේ කියන්න තරම් අන්තවාදී වෙන්න එපා :lol:. එච්චරයි... :)


    Agreed!!! :cool::cool:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    images


    The Special Task Force (STF) has been deployed to areas of the Galle road to control the large number of students from the Sri Jayawardenapura University who are heading to Temple Trees.

    DM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කවුද දැන් බොම්බ ගහල තියෙන්නෙ,බොමිබෙට කවුරැ හරි අහුවෙලාද?
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    අරලියගහ මන්දිරයට ගිය පා ගමන පොලීසිය කොල්ලූපිටිය හන්දියේදී නවතයි :shocked:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අරලියගහ මන්දිරයට ගිය පා ගමන පොලීසිය කොල්ලූපිටිය හන්දියේදී නවතයි
    bresking-news.jpg
    ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විරු සිසු ස්මාරකයට ප‍්‍රහාර එල්ල කර හානි කිරීමට විරෝධය දක්වා එම විශ්ව විද්‍යාලයේ සිසුන් විසින් අරලියගහ මන්දිරය දෙසට ගමන් ගනිමින් තිබූ පා ගමන කොල්ලුපිටිය මංසන්ධියේදී විශාල පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මාර්ග බාධක යොදා අවහිර කර ඇත.

    විරෝධතාවට එක්වූ සිසුහු පිරිසක් මාර්ග බාධකය ආසන්නයේ මහා මාර්ගයේ බිම ඉඳගෙන සිටින අතර සෙසු සිසුන් විවිධ සටන් පාඨ කියමින් විරෝධතාව දක්වමින් සිටී.

    මේ හේතුවෙන් ගාලු පාරේ විශාල මාර්ග තද බදයක්ද ඇතිවී තිබේ.



    මුන්ට පිස්සුනේ බන් විරු සිසු ස්මාරකය කඩල තියෙන්නෙ ආණ්ඩුවද? අනේ මන්ද :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kawda gahuwe kiyala dan ne naha

    jvp kiyan ne anduwa kiyala

    හිතන්ඩ අමාරැයි නේද විරු සිසු ස්මාරකයට බොම්බ ගහන්ඩ ආණ්ඩුව?:lol::lol:
    ඔන්න කවුරැ හරි කැමිපස් කොල්ලෙකුට ගැහුවනමි පිළිගන්ඩ තිබිබ,JVP කාරයන්ට පිස්සුද මන්ද?
    මට නමි පෙන්නෙ උන්ම ගහල උන්ම පෙළපාලි යනව වගේ :yes:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    මට කියන්න තියන්නෙ මෙන්න මෙහෙම අදහසක්...

    වත්මන් පාලනය අපේ බොහෝ දෙනා හිතනවට වඩා ඉතාමත්ම උපක්‍රමශීලීයි. ඔවුන්ට හැකි වුණා විශිෂ්ට යුද ජයග්‍රහණයකට හමුදාව මෙහෙයවලා ඒ හමුදා ජයග්‍රහණය සම්පූර්ණයෙන්ම තමංගෙ දේශපාලන ජයග්‍රහණයක් බවට පත් කරගන්න. අධිවේගී මාර්ග, ජාත්‍යන්තර ක්‍රීඩා පිටි, දකුණු ආසියාවේ උසම කුළුණු හදමින් තමං වෙතට දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගාගන්න ගමන් ඔවුන් දැන් කරන්නෙ ඔවුන් කරපිට වැටී ඇති නිදහස් අධ්‍යාපනයේ බර තරමක් දුරට හෝ සැහැල්ලු කරගන්න. විශ්වවිද්‍යාල ප්‍රවේශය අවුල් ජාලයක් බවට ජනතාවට ඒත්තු ගන්වලා හමාරයි මේ වෙනකොටත් Z score වියවුලෙන්. දැන් විශ්වවිද්‍යාල සිසුන් ප්‍රකෝපගන්වලා ඔවුන් කෙරෙහි මහජන හිත බිඳෙව්වම පෞද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම මගින් වන වෙනස රටට ආශිර්වාදයක් වන තැනට ගේන්න ඔවුන්ට හැකි වේවි. මගේ පෞද්ගලික හැඟීම නම් රටට පෞද්ගලික විශ්වවිද්‍යාල අවශ්‍යයි, හැබැයි ඒ රාජ්‍ය විශ්වවිද්‍යාල වසා දමල නෙමෙයි. එමගින් පාලනයට පහසුවක් වේවි රටට අවශ්‍ය විදියෙ උගතුන් බිහි කරන්න. මුදල් වියදම් දරාගෙන පෞද්ගලික විශ්වවිද්‍යාල වල අධ්‍යාපනය ලබාගන්න පුළුවන් අය ඒ වෙත යොමු වෙයි රාජ්‍ය විශ්වවිද්‍යාල වල අඩු පහසුකම් සහ තමංගෙ සමාජ තත්වය ගැන හිතල. එමගින් ඉතිරි වන සම්පත් සැබෑ අවශ්‍යතාවයක් තියන, ලැබිය යුත්තන්ට පරිහරණය කරන්න හැකි වේවි. අනෙක් කාරණේ තමයි සැබෑ බුද්ධිමතුන් බිහි කරන්න උසස්ම වර්ගයේ ගොඩනැගිලි, උසස් යැයි සම්මත පැලැන්තියේ පරිහරණය වන නවීනතම තාක්ෂණික මෙවලම් ආදිය අවශ්‍යයි කියල මම හිතන්නෙ නැහැ. අද අපේ රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතිය ඒ බව නැවත නැවතත් ඔප්පු කරමින් ඉන්නවා. අනෙක් අතට නිදහස් අධ්‍යාපනය සැබැවින්ම අවශ්‍ය පුද්ගලයාට විශාල වගකීමක් පැවරෙනවා මහජන මුදල් විනාෂ නොකර තමන්ට ලැබෙන නිදහස් අධ්‍යාපනය උසස් හික්මීමකින් සහ දැඩි කැපවීමකින් උසස් ලෙසම ලබාගෙන අර කිව් පෞද්ගලික විශ්වවිද්‍යාල වලින් බිහි වන උගතුන්ට සැබෑ අභියෝගයක් ව නැගී සිටින්න. අධ්‍යාපනයෙදි අභියෝගයක්, ඉලක්කයක් ඇති විට ගමන වඩාත් සාර්ථක වෙන බව තමයි මගේ අත්දැකීම. අපේ විශ්වවිද්‍යාල සිසුන් සැබෑ ලෙසම මහජන මුදල් වලින් උපරිම ලෙස ප්‍රයෝජනය ගන්නවා නම් මේ අභියෝගය භාර ගැනීමට ඔවුන් ඉදිරිපත් විය යුතුමයි. එමගින් තමයි තමන් නොමිලේ ලබාගන්න අධ්‍යාපනය වෙනුවෙන් රටට සැබෑ වැඩදායී උගතුන් බිහි කරගන්න හැකි වෙන්නෙ. අභියෝග භාර ගෙන ඊට මුහුණ දෙන්න හැකියාවක් නැති අප්‍රාණිකයන් පිරිසක් නම් නිදහස් අධ්‍යාපනයෙන් බිහි වෙන්නෙ ඒ නිදහස් අධ්‍යාපනයෙන් රටට සිදුවන සෙතක් නැහැ. අපි නිදහස් අධ්‍යාපනය ලබන වත්මන් විශ්වවිද්‍යාල සිසුන් විදියට මේ අභියෝගය ජය ගැනීමට කැප වීම පෞද්ගලික විශ්වවිද්‍යාල වැලැක්වීමට කැප වීමට වඩා රටට සෙත සැලසිය හැකි බව මගේ හැඟීමයි.

    ඔබේ අදහස් සඳහා විවෘතයි....
     

    KHz

    Member
    Feb 12, 2009
    10,722
    93
    0
    ගෙදර
    unma gahala - unma pelapaali yanawa
    උඹ බීලද බන් ? කැම්පස් කොල්ලොන්ට කොහෙන්ද Explosives ? අනික තමන් ඉගෙනගන්න තමන්ගෙ කැම්පස් එකට බෝම්බ තියෙන්නෙ අහවල් එකකටද ?