අධිවේගයට නැවතත් ගල් ප්‍රහාර
අධිවේගයට නැවතත් ගල් ප්‍රහාර
පසුගිය මාසය පුරාවට සවස් හා රාත්‍රි කාලයේ දී දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට ගල් ප්‍රහාර එල්ලවීම් වාර්තා වුණා.
කහතුඩුවේ සිට කුරුදුගහහැතැප්ම දක්වා වූ මාර්ග කොටසේ මෙවැනි ගල් ප්‍රහාර වැඩි වශයෙන් එල්ල වන බවයි වාර්තා වුනේ. රියදුරන් පැවසුවේ අදාළ තත්ත්වය හේතුවෙන් තමන් දැඩි අපහසුතාවට පත්ව සිටින බවයි.
මේ අතර පසුගියදා දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනය වූ බද්දේගම සමිති හිමියන්ගේ මෝටර් රථයටද රාත්‍රියේ දි ගල් ප්‍රහාරයක් එල්ලවූ බව වාර්තා වුණා.
මෙම ගල් ප්‍රහාර එල්ල කරන්නන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියා සිටින්නේ.
අධිවේගී මාර්ගය තම ගම් හරහා වැටී තිබුනද එයින් කිසිදු ප්‍රයෝජනයක් නොලද කෝපයට පත් ජනතාව මෙම ගල් ප්‍රහාර එල්ල කරන බව පැවසෙන අතර තවත් අය පවසන්නේ රාත්‍රී කාලයේ අධිවේගී මාර්ගය අවට මත්පැන් පානය කරන කණ්ඩායම් විනෝදය පිනිස මෙය කරන බවයි.
මෙලෙස ගල් ප්‍රහාර එල්ලවූ ජායාරූප කීපයක් අප වෙත ලැබී තිබෙනවා. අලුත විවාහ වූ මෙම යුවල ගමන් ගත් මෝටර් රථයටද මෙලෙස ගල් ප්‍රහාරයක් එල්ලවී තිබෙන අතර එයින් කාන්තාව තුවාල ලබා තිබෙනවා
Source :

Code:
gossip9

Last edited:

අල්ලපියව්...