අපි නොදන්න මෝහිනී
මීට කලින් Thread එකක්දි මං අපි අතර හොල්මන් ඉන්න පුළුවන්ද...
එහෙම ඉන්න පුළුවන් අවස්ථා මොනවද කියල කතා කලා...
ඒක බලපු නැති අය ඉන්නවනම් මෙතනින් බලන්නකෝ...
ඉතින් අද මං කතා කරන්න හිතුවා ඉස්සර ඉදන් අපේ ලංකාවේ කතාවට ලක්වෙන මෝහිනී ගැන...

මෝහිනී
මෝහිනී ගැන කවුරුත් අහල ඇති, සමහරු මෙයාගෙ නම කිව්ව ගමන්ම බය වෙනව.
මෝහිනී කියන වචනේ තේරුම වශීකරවන, මුලාකරවන, ආශාවන් උපදවන කියන එක.

සමහර විට තවත් තේරුම් ඇති.
කවුරුත් දන්න විදියට මෝහිනී මුලාකරවන්නෙ ඉතින් පිරිමි පාර්ශ්වයනේ.
සිංහලෙන්ම කිව්වොත් පිරිමි අය මුලා කරවගන බැල්ම දාල වරදට පොලඹවා ගන්න එක තමා මෙයා කරන්නෙ.

විශේෂයෙන් තනිවම හුදකාලාවේ ඉන්න කඩවසම් පිරිමි අය ටිකක් පරිස්සම් වෙනව නම් හොදයි, මොකද මෝහිනී එන්නෙ අන්න ඒවගේ තනියෙන් හුදකලා වෙලා ඉන්න තරුණ වයසේ පිරිමි අය ලගට නිසා.
ඒක නිසා වෙන්නැති සමහරු මෙයාට "මදන යක්ශනී" කියලත් කියන්නෙ.
වචනේ තේරුම තේරෙනවා ඇතිනේ...

ඔය සමහරු වැඩ ඇරිලා, දුර ගමනක් බිමනක් ගිහින් බස් එක වැරදිලා එහෙම තනියම පාරේ රෑ වෙලා එන්න වෙන අවස්ථා ඕන තරම් ඇති...
අන්න ඒ වගේ අවස්ථාවක් බලලා තමයි මෝහිනිත් තමන්ගේ කාරිය ඉෂ්ඨ කරගන්නේ.

හැමෝම අහල ඇතිනේ අර කොන්ඩේ කඩාගන...
සුදුසාරියක් ඇදගන...
අත දරුවෙක් වඩාගන එන...
ගෑණුකෙනා - මෝහිනීගෙ කතාව ගැන,එයා ඇවිත් කියනවලු...
"අයියා... මේ දරුව පොඩ්ඩකට අල්ලගන්නවද? මගෙ මේ සාරිය හදාගන්න" කියල.

සමහරු රූපෙට වශීවෙලා දරුව වඩා ගන්නවලු.
පස්සෙ මෝහිනීගෙ පෙනුම ටික ටික වෙනස් වෙලා යනවලු බය හිතෙන විදියට.
සමහරු ඕක විහිලුවටත් අරන්, මට නම් එයා හම්බුනොත් කියනව,නංගි දරුව අල්ලගන්න, මම සාරිය අන්දවන්නම් කියල කියන අයත් ඉන්නව.

තව කට්ටිය කියනවා මෝහිනී බටනලා සංගීතයට ගොඩාක් ආසයි කියලා...
ඒ නිසා කළුවර වැටුනට පස්සේ තනිකම මකාගන්න බටනලා පිඹින අය ඉදිරියේ ඉතාමත් රූමත් විදියට මෙයා පෙනී සිටිනවලූ...
බටනලා ගහනකන් මෙයා රූමත්...
බැරිවෙලාවත් බටනලා පිඹින එක නැවැත්තුවොත් මෙයාගෙන් බේරුමක් නම් නෑලූ...
ඒක නිසාම තමයි සමහර වැඩිහිටියෝ අදටත් අකමැති ගොම්මන් වෙලාවේ බටනලා පිඹිනවට...

ඔන්න ඔය විදියට ඇවිත් බය කරලා මෙයාගෙ බැල්ම වැටුනු අයගේ ඇග සුදුමැලි වෙලා...
කෙට්ටු වෙලා යනවලු.
නිතර මොකක් හරි බයකින් වගේ ඉන්නවලු.

සමහර වෙලාවට "ඔල්මාද ගතියෙන්" වගේත් ඉන්නවලු.
නිතර නිතර කාටවත් වැඩක් නැති දේවල් කිය කිය දොඩවන්නේ මෙයාගෙ බැල්ම වැටුනු අයලු.

ඉස්සර කාලේ මිනිස්සු නම් ඔහොම ලක්ෂණ තියනව කියල දැනගත්තම යන්ත්‍ර මන්ත්‍ර කරන කෙනෙක් ලගට එක්ක ගිහින් මතුරලා නූලක් දානවලු.
එතකොට ඒ ගතිය එක සැරේටම සනීප වෙනවලු.

ඒත් නවීන වෛද්‍ය විද්‍යාවෙන් නම් කියන්නේ මේ ලක්ෂණ ඇතිවෙන්නෙ මනෝවිද්‍යාත්මක ගැටළුවක් නිසා කියල.
නිතර හුදකලා වෙන්න ප්‍රිය කිරීම (සමාජ භිතිකාව),හැගීම් ඕනවට වඩා හිරකරගන ඉන්න එකෙන් මේ වගේ ගැටළු ඇතිවෙන්න පුලුවන් කියල තමයි එයාල කියන්නේ.

එහෙම නැතුව ඇත්තටම "මෝහිනී කියල පස්සෙන් ඇවිත් හුදෙකලා වෙලා ඉන්න පිරිමි බය කරන ගෑණියෙක්" නෑලු. ඒ නිසා තරුණපහේ කඩවසම් පිරිමි ඇත්තටම බය වෙන්න ඕන වෙන එකක් නෑ.

Last edited: