Re Tharuwak Wee Mage Loke

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    හරි බන් උබ ගු බය වෙලානේ ඔහොම හිටපන්කෝ හරිඅට නිකන් අපි වැරදි කරලා වගේනේ උඹ බය වෙලා තියෙන්නේ,

    අපි මෙතන වැරදි නොකලට බන් උන්ට නයි වයිර වෙන්න වැරදි ඕනෑවටත් වැඩියෙන් කරලා තියනවනේ, කමක් නෑ ඉක්මනට ගිහින් නන්ගාව එක්කන් වරෙන්,

    හරි හරි යමන් ඉක්මනට මට අල්ලන්නේ නෑ අර එන එකාව, නංගි මොකද්ද උනේ? තමුසේ මොකෝ අඬන්නේ?

    ඒ ඒ ඒ උදය මචන් අන්න අරුන් ඉස්සරහට එනවා බන් මට වාහනේ ගන්න බෑ එතනින්

    ආ චන්ඩි මල්ලිලා දෙන්න කොහේ යන ගමනද මේ? වාහනේ ෆුල් ඔප්ෂන් වගේ නේද?
    මේක ජපන්ද මල්ලියෝ? සුපිරි වන්ඩිය මොනවා උනත්.....
    ආ ආ ඇතුලෙත් සුපිරි භාණ්ඩයක් ඉන්නවා නේද?කොහාටද උස්සන්නේ මල්ලිලා අපිත් එන්නද සැප දෙන්න?අපිත් හොඳ සැප කඳවල් තම චූටි

    මේක අහපු ගමන් උදයගේ සීමාව පන්න කියල මට තේරුනා...මු පන්න ගමන් එකෙක්ට ගැහුවා කම්මුලට මගේ නංගිට මොකද්ද වේසිගෙ පුතා කීවේ කියාගෙනම, අනපේක්ෂිතව එල්ල උන පාර නිසා පොරව විසි වෙලා ගියා, වාහනේ දොරවල් ලොක් කරලා මමත් බැස්ස ගමන් එකෙකුට ගැහුවා ඔලුවටම, එත් එක්කම උදය තවත් එකෙක්ට ගහන්න හදද්දිම උගේ ඔලුවට සුදා පොල්ලකින් ගැහුවා, ලේ පෙරාගෙන වැටෙනවා විතරයි මතක. මටත් මොකෙකින් හරි ඔලුවට ගැහුවා එකෙක්....එත් එක්කම මට සිහි නැති උනා.........

    දිවට දැනුන මලකඩ රහත් එක්ක සීතලක් වගේ දැනුන නිසා ඇස අරින්න හැදුවත් මට ඇස් අරගන්න තරම් ශක්තියක් තිබුනේ නෑ, එත් ඇහුන සද්ද වල හැටියට කවුරු හරි මාව හොස්පිටල් එකකට ගෙනියන බව තමයි තේරුනේ, එත් එතනින් එහාට මට මුකුත් ඇහුනෙවත් පෙනුනේවත් නහ අයෙත් මට සිහි නැති උනා....
     
    • Like
    Reactions: Pabodha_123

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    අයියෝ අපේ සෝමේ අයියා කෑවා නේද...මදැයි නංග ව බේරගන්න ගියා චන්ඩි අයියල දෙන්නා...:P
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අයෙත් සිහිය එනකොට මම හිටියේ ඉස්පිරිතාලේ අඩක් උඩ, අමාරුවෙන් වට පිට බලන්න හැදුවත් ඔලුව හොල්ලන්න බැරි වෙන්න බැන්ඩේජ් දාල තිබ්බේ, එත් මට සිහිය ආව බව දැක්ක ගමන් අම්ම මගේ ගාවට ආව, අම්මගේ ඇස් වල කඳුළු පිරිලා අක්කත් අඬනවා.

    මොකද්ද පොඩි පුතේ සිද්ද උනේ? කවුද මගේ දරුවට මෙහෙම දෙයක් කලේ? කතා කරන්න රත්තරනේ මොකද්ද සිද්ද උනේ? අර ළමයත් වචනයක් කතා කරන්නේ නෑ මොකද්ද උනේ කියන්න දෙයියෝ මගේ.

    හරි හරි අම්මේ දැන් අඩන්නේ නැතුව ඉන්නකෝ අම්ම.මටවත් හිතාගන්න බැ අම්මේ මොකද්ද උනේ කියල, අපි ගියේ උදයගේ නංගිව ක්ලාස් එකෙන් ගන්න, එතකොටම අර සුදුහුම්පල සුදාගේ කට්ටිය ඇවිත් වාහනේ වටකරගෙන නංගිට මොනාද කීව අම්මේ, අහන ඉන්න බැරිම තැන එලියට බැස්ස අපි. එතකොටම උන් ගැහුවා අම්මේ එච්චරයි මතක මට,
    අම්මේ කොහොමද උදයට? කෝ අප්පච්චි?

    අප්පච්චි ගියා ඔයාව සුවසෙවනට ගන්න පුලුවන්ද බලන්න, ඔයාව මෙහෙම තනියම තියන්න බැනේ පුතා. උදයගේත් අම්මල ඇවිත් දුවත් කතාවක් බහක් නෑ ඒ ළමයටත් කම්පනය වෙලා වගේ බලාගත්තු අතේ බලන් ඉන්නවා,
    තාත්ත එවලේම තෙන්නේ අන්කල්ට කතා කළා, ඔයාලව දැකපු කෙනෙක් එවලේම පොලිසියට කතා කරා තියනවා වැව රවුමේ හිටියේ පොලිසියේ දෙන්නෙක් එතෙන්ට එනවා දැකල තමයි අරුන් ටික දුවල තියෙන්නේ, ඔකුන්ටනම් හොඳක් සිද්ද වෙන්න එපා මේ පොඩි උන් දෙන්නට කල අපරදෙට,

    හරි අම්ම දැන් අඩන්නේ නැතුව ඉන්නකෝ මට එච්චර අමාරුවක් නැනේ, අක්කේ මේ අම්මට කියන්නකෝ...
    අක්කත් ඇස් වල කඳුළු පුරෝගෙන මන් දිහා බලාගෙන ඉන්නවා, මීට කලින් කවදාවත් මන් දැකල නෑ අක්ක මන් දිහා එහෙම බලනවා,

    මොනවද කියන්නේ මෝඩයෝ? චන්ඩි වගේ ගියාද ගහගන්න? හිතුවද ගෙදර ඉන්න අම්ම අක්ක වගේ කියල අනදියෝ සමාජේ ඉන්න කියලත්? අනේ අයි මගේ මල්ලියේ මෙහෙම දෙයක් කරගත්තේ? මට ඉන්නේ ඔය විතරනේ රත්තරන් අක්කව බලාගන්නේ කවුද? මේ අම්මව බලාගන්නේ කවුද? මීට වඩා පරිස්සම් වෙන්න පැටියෝ? ඔයාට මොන හරි උනානම් අපි ජීවත් වෙන්නේ කොහොමද?

    අනේ අක්කේ ඔයත් අඬනවානේම දැන් ඕක නවත්තගන්නකෝ මන් හොදින් ඉන්නවනේ මට එච්චර අමාරුවක් නැනේ.
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    අයියෝ අපේ සෝමේ අයියා කෑවා නේද...මදැයි නංග ව බේරගන්න ගියා චන්ඩි අයියල දෙන්නා...:P

    :growl::growl::growl::growl: kaawata dennekta gahuwane ban. 100k withara set ekakata ohoma gahuwa madida?
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    කටවහග්නින් කොල්ලෝ, ගෙදර හිටිය කොල්ල ඉස්පිරිතාලේ ඇදක් උඩ ඉන්නවා කියන්නේ හොඳින් කියන එකද? මල්ලි මීට පස්සෙවත් කියන ඩේ අහල ඉන්නවා. අන්න අප්පච්චි එනවා ඔයාව එක්කන් යන්න දුන්නොත්නම් හොඳයි,

    සිහිය ආවද පුතා? ඔයාට මතකද ඔයාලට ගහපු අයව?

    ඔවු අප්පච්චි සුදුහුම්පල සුදූ ගේ කත්තිඋඅ තමයි ඇවිත් හිටියේ, උදයගේ නංගිට කරදර කරන්න ඇවිත් තිබ්බේ නංගි අඬාගෙන දුවගෙන ආවේ වාහනේට, එත් අපිට යන්න නොදී පාර හරස් කරගෙන උන් නංගිට කැත විදියට බැන්න, එකයි අපිත් වාහනෙන් බැස්සේ.

    හ්ම් හරි හරි දැන් ඒවා ඉවරනේ මන් තෙන්නේ අන්කල්ට කියන්නම් විස්තරේ, ඔයාවයි උදයයි දෙන්නව ආරු කරන්න පුළුවන් කීව,මන් ඒ වැඩ ටික කරගෙන ආවේ, ඔය දෙන්නව ඇම්බියුලන්ස් එකෙන් එහාට ගෙනියයි, දැන් බය නැතුව ඉන්නකෝ, මන් උන් ගැන බලාගන්නම්

    තෙන්නේ අන්කල් කියන්නේ නුවර පොලිසියේ ස්ථානාධිපති,, එයාට කීව කියන්නේ අනිවාර්යෙන් සුදාලට කන්න හම්බෙනවා සුදු නිල වෙන්නම, එත් මට බය තියෙන්නේ පොඩි එකී කාතා කරන්නේ නෑ කීව නිසා, මොනවා උනත් මෙහෙම හිර ගේකට වගේ වෙලා ඉන්නේ නැතුව සුවසෙවනට යන්න ලැබුන එකනම් ලොකු පිනක්, නැත්නම් ඉතින් මෙතෙන්ට වෙලා වහලේ සිවිලිමේ මකුළුවෝ ගණන් කරන්න තමයි වෙන්නේ එලි වෙනකන්ම , අම්මලාට මොනවා කීවත් ඔලුව හොල්ලන්න බැ, උගුරට ලේ රස දැනෙනවා ඉවසගන්න බැ, හැබයි සුදෝ උබට මේකටනම් රිටන් එක දෙනවමයි ලෑස්තිවෙලා හිටපන්

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ආ චාම කොහොමද්ස මචන් ඉතින්? පට්ට රහයි නේද බන් හොදි නැතුව බත් කන්න සෙට් උනාම?

    තු නොදකින් වහග්නින්කෝ දැන්වත් උබේ ඔය අවලන් කට, බලපන් මන් උබට කීව නේද මෙහෙම වෙයි කියල, කොහෙද ඇහුවද? දැන් ස්නීපයිනේ යේ ඉතින් මාස ගානකට නැගිටුණු බොරු පුතේ,

    එහෙම කියනන් එපා බන් නංගිට මොනවා හරි උනානම් වැඩක් තියනවද? එත් බන් මේකිව දැක්කේ සුදාගේම උන්ද? යකෝ වෙන එක ගොබිලයෙකුටවත් මේකිව පෙනුනේ නැද්ද කලින්? බලපන්කො එහෙම එකක්වත් තිබ්බනම් අපිට කලින් පොර කනවනේ ඉල්ලගෙන, අපිට සෙට් වෙන්නේ අතුරු පසට මොනවා හරිනේ

    අනේ මේ බන් සුවසෙවනට යනකන්වත් මට නිදහසේ ඉන්න දෙනවද? උඹලගේ නංගිව ඉතින් කරගහුවොත් ඔය වගේ කුඩු කෙස් එකක් තම හරි හමන් එකෙක් ඒකිට ට්‍රය් කරයි කියල හිතුවද හොතම්බුව?

    අඩෝ මේ ඕවට එන්න එපා හරිය මන් මේ උබට ඒකිව දෙන්න හැදුව නෙවේනේ මගුල.
    කෙල්ලටත් ශොක් වෙලා වගේ බන් කාතා කරන්නේ නෑලු, අම්ම මන් ගාවට එක්කන් එන්නෙත් නෑ බන් නංගිව, එකී හෝ ගාල අඬනවා,

    ඉතින් හරිනේ මචන් කෙල්ල දැක්කනේ අරුන් අමු අමුවේ අපිට ගැහුව විදිය, කෙල්ල පොඩිය්නේ බන් දරාගන්න බැරුව ඇති, උඹ බය වෙන්න ඒපා ටික දවසකින් හරි යයි,මටත් එක තමයි බන් අප්සට් එක තියෙන්නේ. අපිටනම් ඕන එකක්, හැබැයි උදය අරුන්ටනම් දෙන්න ඕනේ අනිවාර්යෙන්ම පෝරියල් එක එකෙන්ම. aaයේ මේ මහනුවර අඩෝ කියලවත් කියාගන්න බැරිවෙන්න,

    සිරා සිරා චාම එකනම් අනිවාර්යෙන් කරන්න ඕනේ, උන්ට දඟලන්න දුන්න හොඳටම ඇති දැන්, ඉස්සර kaaපුවා අමතක වෙලා වෙන්න ඕනේ බන් අයෙත් සද්ද දාණ්ඩ එන්නේ, යකෝ 100 ක් විතර වටකරගෙන අපි දෙන්නෙක්ට ගහන්න උන්ට ලැජ්ජාවක් නැති හැටි, උන් මහා පොන්නයෝ සෙට් එකක් බන්, හිතන් ඇති ශෝට ගහල් කraaබුවක් දාපුවම උන් හෙන පොරවල් කියල, ඕකුන්ව පොරවල් කරන්නේ බන් අර ගුඩ් ෂෙඩ් එකේ පලතුරු විකුණන හාල පාරුවොනේ,

    මොකාට උන්ව ලොකු උනත් අවුලක් නෑ මචන් මුන්ටනම් අනිවා ගේමක් සෙට් කරන්නම වෙනවා, අම්මල ටිකක් ශේප් වෙනකන් ඉම්මුකෝ බන්, උන් වැරදි මිනිහෙක්ට ඇත තිබ්බේ බන්,මට මල බන් අපිට ගහපු එකට නෙවේ පොඩි ඒකිට aනම් මනං කීව එකට, උඹ දනන්වනේ මට නංගිලා නැති නිසා මන් ඒකිට කොච්චාර ආදරේද කියල,
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    සුවසේවනේ කාමරේට ආවට පස්සේ ටිකක් නිදහස් ගතියක් දැනුන උනත්, ඔලුව රිදෙන එකනම් කිසිම අඩුවක් තිබ්බේ නෑ,

    ඔවු කෙල්ලේ බලපන්කො කරගෙන තියන දේ, මන් හිතන්නේ උඹව දාල ගෙදර ඇවිත් ඉඳල තමයි ගිහින් තියෙන්නේ, නෑ නෑ හදිස්සි වෙන්න එපා උඹ එනවනම් හදිස්සි නොවී හෙමින් වරෙන්, අපි ඉන්නවනේ....ම්...ම්....මචන් සුවසේවනේ අලුතින් හදපු බිල්ඩින් එකේ, සුවපියසේ 352 රූම් එක, හරි කෙල්ලේ එහෙනම් පරිස්සමෙන් මන් තියන්නම් බුදුසරණයි.....

    අක්ක කාට හරි විස්තරේ කියනවා, කීව විදියටනම් දිලිනිට වගේ, එත් එය දැන් මෙතෙන්ට ආවොත් හොඳට තියන ඉතුරු ඇත පය ටිකත් කඩාගෙන, සුවසේවනේ බිල ගෙවන්න බැරුව මට මේකෙම ජීවිතතේ දක්වා පඩි නැතුව වැඩ කරන්න සිද්දවෙනවා ෂුවර්, දිලිනි ඇවිත් කියයිද මන් කීව දේවල්? ආවු...ඔලුව

    ඇයි...ඇයි...මල්ලි රිදෙනවද ඔලුව?

    අ...අ... නෑ නෑ අක්කේ මේ ඔලුව පොඩ්ඩක් හිරිවටීගන වගේ ගියා...ඔලුව විතරක් නෙවේ සරුවන්ගේම හිරිවැටිලා ඉන්න බවක් කොහොමද මන් මෙයත් එක්ක කියන්නේ,මගුලක් කතාකරනවා මෙය ඉඳන් ඇයි යකෝ...
    අප්පච්චිත් පොලිසියට යන්න ඇති එන්නත් රෑට කන්න හදන එන්න ගියා ගෙදර, අක්ක විතරයි ඉන්නේ කාමරේ එකිත් මල් කඩනවා ඇයි යකෝ නිකන් ඇවිත් පොඩ්ඩක් ලඟට වෙලා හිටපන්කෝ.....අම්මපා මෙන්න මේ වෙලාවටනේ හිතෙන්නේ ගෑනියක් ගන්න ඕනේ කියල හැරෙන තැපෑලෙන්ම.....
    හුටා කවුද යකෝ දොර කඩාගෙන ආවේ සුදාවත්ද.......

    සමීර මොකද්ද මේ උනේ ඔයාට?මොනවා කරන්න ගිහින්ද මෙහෙම උනේ? අනේ කෙල්ලේ බලපන්කො මේක වැටිලා ඉන්න විදිය?

    අක්කටත් හතර වරන් වෙලා වගේ බලන් ඉන්නවා මොකද මේ උනේ කියල,

    දිලිනි කලබල වෙන්න එපා කෙල්ලේ, දැන් ටිකක් අඩුයි ඔය දකින්න තිබ්බේ මල්ලිව උස්සන් ආව විදිය,

    මොකද්ද සිද්දවෙලා තියෙන්නේ දෝනි? කවුද මල්ලිලට ගහල තියෙන්නේ?

    අක්ක සිද්දිය ඔක්කොම කියද්දී දිලිනිගේ ඇස්වලින් කඳුළු කඩන වැටෙනවා මම දැක්ක, එත් මට හිතාගන්න බැරි දවල් වචනයක්වත් කාතා නොකළ කෙල්ලට මොකද්ද මේ උනේ කියල,

    මල්ලි මාත් ගිහින් වොෂ් එකක් දාගෙන ඔයාගේ සරම් දෙක තුනකුත් අරන් අම්ම එක්කම එන්නම් එහෙනම්, දිලිනි අක්ක ඉන්නවා මන් එනකන්, මොනවා හරි ඕනේ උනොත් මල්ලියෝ අක්කට කියන්න ගෙදරට කෝල් එකක් දෙන්න කියල,
    ඔයාට දැන් රිදෙනවා අඩුයි නේද පැටියෝ? අක්ක ඉක්මනට එන්නම් පරිස්සමෙන් ඉන්න රත්තරන් බුදුසරණයි.....

    අනේ කෙල්ලෙ පොඩි එකාව පරිස්සමෙන් බලාගනින් මන් ඉක්මනට එන්නම් හොඳේ.......
     
    Last edited:

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ela ela machoo thawa tikak dahaaana koooooo..... :) :)

    :D:D:D ane machan dannam tikak amaruyi wage ban sinhala liyanna, monawa unath thanks machan daapu gaman beluwata digatama hitapan, aniwaryen heta man thawa tikak liyannam, ada tikak wedipura dammeth godak dawasakin liyanna beri una nisa
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ලයින් එක දාන්නේ තමන්ටත් වැඩිය වැඩිමල් අක්කගේ යාලුවට,ගේමට යන්නේ චන්ඩි එක්ක.....ඒකයි කිව්වේ එහෙම......;)

    :lol::lol::lol: madi nokiyanda kawe illagenama ekane