බොහොම පින්

DIGPRIYANKARA

Well-known member
  • Jul 20, 2011
    3,762
    866
    113
    ස්වර්ණවිමානේ
    1.ධර්ම දානය-අන්තර්ජාලයේ හා පත්‍රිකා අත් පොත් බෙදීමෙන්...
    2.සාංඝික දානය- ආරණ්‍ය පන්සල් වලට හැකි අයුරින් දාන පිරිනැමීම...
    3.පෝයට නවාංග උපෝසථ සීල සමාදානය...
    4.සෑම වසරකම රුවන්වැලි සෑය,ශ්‍රී පාදය හා අනෙකුත් බෞද්ධ සිද්ධස්තාන වන්දනා කර ගැනීම හා ඒවායේ දි‍යුණුවට ආධාර කිරීම.
    5.හැකි අයුරින් භාවනා කිරීම හා ඉඩක් ලැබෙන අයුරින් කුසල් සිත් වඩා ගැනීම(අන් අයට මෛත්‍රි කිරීම ආදියෙන් )


    :yes::yes::yes:

    අඩෝ පට්ටයි නේ
     
    Sep 12, 2011
    884
    120
    0
    චගු;11824080 said:
    බොහොම වැදගත් ත්‍රෙඩ් එකක් .. ඉතාම ස්තුතියි මේ කතිකාවත පටන් ගත්තාට.

    පින් කරන්න සල්ලි ගොඩාක් ඕනි නෑ මචන් ලා..
    බත් කාල කෑම පිඟානෙ ඉඳුල් ටික "මෙය සතුන්ට ආහාර පිණිස වේවා, උන්ගේ කුසගිනි නිවේවා" කියල තැනක දැම්ම නම් ඒකත් පිනක්.

    මෑතකදි මම කරපු පින් ස්වල්පයක් මේ ඔබේ පහන් සංවේගය සඳහා..


    • කාලයක් එකතු කරපු සල්ලි වලින් රත්මලාන ශ්‍රව්‍යාබාධිත විද්‍යාලයෙ දුප්පත් පොඩි දරුවෙකුට මම hearing aid එකක් අරගෙන දුන්නා (14000/=). පොළොන්නරුවෙ කුලී වැඩ කරන දෙමාපියන්ගෙ දෙවෙනි දරුවා.
    • මම දවසක් මොරටුවෙ KZONE එකෙන් ලොකු pop corn පැකට් දෙකක් (200/=) අරන් බිහිරි පාසලට ගියා. එතන ඉන්න පුංචි දරුවො pop corn කාල ඇත්තෙ කලාතුරකින් කියල හිතුවා. පුන්චි උන් දුවගෙන ඇවිත් දෝතින් pop corn අරගෙන කෑවා. සතුටුයි මට.. පුන්චි හිත් වලට සතුට අරන් එන්න පුළුවන් උන එක ගැන. පින් කියල හිතෙනව.. මගේ ඥාති නොවන අයට, ඔවුන්ගෙන් කිසිම ලාභයක් බලාපොරොත්තු නොවී, ඔවුන්ගෙ සතුට වෙනුවෙන් කල පොඩි දානයක් කියල හිතෙනව.
    • හැකි හැම වෙලාවෙම මොරටුව, බොරුපන, මල්ලිකා වැඩිහිටි කාන්තා නිවාසයට මම බුදුසරණ පත්තරේ මිලට අරන් දෙනවා.
    • ධර්ම දානයක් වශයෙන් මගේ website එකක් පටන් ගත්තා (http://mahamevuna.wordpress.com/)
    • මම දන්න අක්ක කෙනෙක් ඉන්නවා.. එයාල ගෙ තාත්ත නැතිවෙලා, අම්මත් සනීප නෑ.. ඒ අක්ක දිස්පැන්සරියක වැඩ කරන්නෙ. එයා කඩදාසි බෑග් හදල කඩවලටත්, දිස්පැන්සරියටත් දානවා සල්ලි ටිකක් හොයාගන්න. මම office එකේ printers වලින් ඉවත දමන කඩදාසි අරන් ඇවිත් ඒවායින් බෑග් හදන්න කියල එයාට දුන්නා.. එක A4 කොලේකින් රුපියල් 3 බෑග් 3ක් හදන්න පුළුවන් ලු. දැනට කඩදාසි 2000 ක් විතර මම ගෙනැත් දීල ඇති

    තෙරුවන් සරණයි

    චගු;11837940 said:
    වාහන තියෙන, වාහන drive කරන සහෝදරවරුන්ට පොඩි දෙයක් කියන්නද ?

    ඔයාල වාහනේ drive කරන් යනකොට අනන්තවත් දැකල ඇති නේද අපේ ස්වාමීන්වහන්සේලා බස් නැවතුම් පල වල අව්වෙ, වැස්සෙ, බස් රථයක් එනකල් ඉන්න හැටි ? .. කොළඹ ගැන කෙසේ වෙතත් ගම් වල , කොළඹින් පිටත බස් ගමනාගමනය ගැන කට්ටිය දන්නව නෙ..
    ඉතින් ඔයාලට පුළුවන් නම්, උන්වහන්සේලාට උපස්ථානයක් හැටියට, ඔයාලගෙ වාහනෙන් මඟක් දුරට හරි ඒ ස්වාමීන් වහන්සේලා එක්කන් යන්න, ඒක ලොකු පිනක්.

    කරුණාකරල හිතල බලන්න මගේ යාළුවනේ.. නියම ලෙසින් ධර්ම ගවේශී වූ ඒ බුද්ධ පුත්‍රයන් වහන්සේලා තමයි සසරින් එතෙර වන්නට අපිට මඟ කියල දෙන්නෙ..
    උන්වහන්සේලාට කරන උපස්ථානය මහා පිනක්..

    හිතල බලන්න.. ඔබට තෙරුවන් සරණයි.

    මේ වගේ අනුන්ට උදව් කරන්න කියල කොමෙන්ට්ස් දාන එකත් පිනක්. නිවන තමයි බෞද්ධයෙකුට ලැබිය හැකි ඉහලම ධනය , වාසනාව.:yes::yes::yes:

    මේ කරන පින් හේතුවෙන් ඔබට රාගක්ෂය වී, ද්වේෂක්ෂය වී මෝහක්ෂය වී උතුම් වූ අමා මහ නිවන ශාක්ෂාත් කරගැනීමට හැකි වේවා. :D:D:D:D:D
     
    Sep 12, 2011
    884
    120
    0
    පින් කරන්න වෙලාවක් ඕන නෑ. නිකම් ඉන්න ගමන්,පාරෙ යන ගමන්, රෑට නින්ද යනකල් ඇඳේ හාන්සි වෙලා ඉන්නකොට පුලු පුලුවන් විදියට මෙත් සිත වඩන්න. ඒකම අප්‍රමාණ කුසලයක්. පන්සිල් ආරක්ෂා කර ගැනීමත් කුසලයක්. නිකම් ඉන්න හැම වෙලාවකම එහෙම දෙයක් කරන්න. නොමිලේම කරගන්න පුලුවන් පින් තමා ඒවා. :D

    බොහොම ස්තුතියි මේ දැනුවත් කිරීමට.


    නියමයි මචං. මෙහෙම දෙයක් ජීවිතේට අහපු පලවෙනි වතාව. සාදු! සාදු!! සාදු!!! මේ පින්කමින් ඔබට චතුරාර්්‍ය සත්්‍යය වහ වහා පහසුවෙන් අවබෝධ වේවා!:D

    අන්න හරි. අපේ ප්‍රාර්ථනාව විය යුත්තේ ඔන්න ඔය රතු කරලා තියෙන ටිකයි.:yes::yes::yes:

    නැතුව ඊළඟ ආත්මයේ මම පෝසත් වෙලා ඉපදෙන්න, දිවය ලෝකයේ ඉපදිලා බොහෝ සේ සැප විදින්න වගේ ඒවා නැතුව.:rolleyes::rolleyes:
     
    Sep 12, 2011
    884
    120
    0
    කලු පූසා;11846937 said:
    Bump karana ekath pinak kata hari meke thiyena comments tika kiyewwath hitha nimenawa :)

    ඔව්. මේක බම්ප් කරන එකත් පිනක්. ඒවගේම මේකේ තියෙන කොමෙන්ට්ස් කියෙව්වාම සිත නිවෙනවා, එකට කියන්නේ ඒ පින අනුමොදන්වෙනවා කියලා.

    හැබැයි කාට හරි කරදරයක් වුන දෙයක් අහල සන්තෝස වෙනවානම් එකෙන් පව් අනුමෝදන් වෙනවා.:shocked::shocked::shocked::shocked:
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    රත්මලානෙ මල්ලිකා මහලු නිවාසයට ගියා ඊයෙ. ගෙදර තිබුණ, කියවලා ඉවර උන බණ පොත් 3කුත් අරගෙන. මේ මහළු නිවාසයෙ ඉඳල මියගිය මගේ නැන්දා කෙනෙක් හිටියා.. එයාට පින් පිණිස ඒ පොත් තුන මහළු නිවාසයට පරිත්‍යාග කලා..

    පොත්වල පලමු ඇතුළු පිටුවෙ නැන්දගෙ නම ලිව්ව එයාට පින් අනුමෝදන් වේවා කියල.
     
    Sep 12, 2011
    884
    120
    0
    චගු;12039029 said:
    රත්මලානෙ මල්ලිකා මහලු නිවාසයට ගියා ඊයෙ. ගෙදර තිබුණ, කියවලා ඉවර උන බණ පොත් 3කුත් අරගෙන. මේ මහළු නිවාසයෙ ඉඳල මියගිය මගේ නැන්දා කෙනෙක් හිටියා.. එයාට පින් පිණිස ඒ පොත් තුන මහළු නිවාසයට පරිත්‍යාග කලා..

    පොත්වල පලමු ඇතුළු පිටුවෙ නැන්දගෙ නම ලිව්ව එයාට පින් අනුමෝදන් වේවා කියල.

    මේ කරගත්තා වූ පින ආයුෂ, සැප, බල වර්ණ නුවන ආදියටත් උතුම් වූ නිවනටත් හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරමි. :D
     

    ishara_lk

    Member
    Feb 18, 2009
    69
    60
    0
    This is the most feel good thread ever , i wish we had news like this every day on TV, instead of the useless garbage they show as news.

    රුප බලා සතුටු වී පින් අනුමෝදන් වනු මැනැවි

    Click the link below to view all 5 pinkam

    http://www.youtube.com/playlist?list=PL8B95F2BDFB50FA54&feature=plcp

    1 Marbel Buddha Statue Puja to Ruwanweli Maha Seya
    2 Saving Cattle from Slaughter
    3 Placing pinnacles of Pariwara Stupas of Great Ruwanweli Maha Seya
    4 Amaravathiya Aranya - Solar Power Project
    5 Tricycle Donation
     
    • Like
    Reactions: චගු

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,484
    534
    113
    මොරොට්ටෙක්
    කොළඹ නගර මධ්‍යයේ තියෙන පුංචි පන්සලක වැඩ හිඳ අප කෙරෙහි අනුකම්පාවෙන් ශාසන මෙහෙයේ යෙදෙන ගරුතර ස්වාමීන්වහන්සේලා ගැන මේ ත්‍රෙඩ් එක කට්ටිය දැකල ඇති නේද ?. .. කියවල බලන්න මෙතැනින්. (http://www.elakiri.lk/forum/showthread.php?t=1247875)

    අද 2012-ජුනි-30 වෙනිදා.. මම සිරි අරියවංශාරාමයට ගියා. ස්වාමීන්වහන්සේලා සඳහා බෙහෙත් ද්‍රව්‍ය ටිකකුත් අරගෙන.
    ඇත්තටම අද මම අට මහා කුසලයට දායක උනා කියල හිතෙනවා.
    හතර වටෙන් අන්‍යාගමිකයන් වසන ප්‍රදෙශයක බොහොම දුශ්කරතා මැද උන්වහන්සේලා කරන ශාසන මෙයෙක කියල නිම කරන්න බෑ මචන්. උත්තම බුද්ධපුත්‍රයන් වහන්සේ ලඟ බිම දණ ගහගෙන මම උන්වහන්සේ ලාගෙන් තුන් සරණේ ආශීර්වාද ලබන කොට හිතට දැනුණ සතුට කියන්න වචන නෑ. ලොකූ පිනක් කරගත්ත කියල මට හිතෙනවා.
    උඹලත් ගිහින් බලපල්ල..
    මෙන්න සිරි අරියවංශාරාමටය යන පාර:

    • Baseline පාරෙ කැලණිතිස්ස බලාගාරය පැත්තෙන් එනව නම් fly-over එක උඩින් යන්නෙ නැතුව fly-over එක අයිනෙන් තියෙන පාරෙ යන්න.
    • බොරැල්ල පැත්තෙන් එනව නම් fly-over එක උඩින් ඇවිත් ඒකෙන් පිට උන ගමන් ම u-turn එකක් ගහල ඉහත කිව්ව වගේ fly-over එක අයිනෙන් තියෙන් පාරෙන් එන්න ..
    එහෙම එනකොට ආරාමය පාර තියෙනවා වමට හැරෙන්න.
    ටික දුරක් යනකොට, ආමි කෑම්ප් එකක් එහෙම පහු කරන් යනකොට පොඩි බෝඩ් එකක් ගහල තියෙනව වම් පැත්තෙ සිරි අරියවංශාරාමය කියල. පුංචි පටු පාරක්.

    සසරට ලොකු පිනක් කරගන්න, ජීවිතයට අරුතක් එක් කර ගන්න, ඔයාලම ගිහින් බලන්න.. මම වැඩි විස්තර කියන්නෙ නෑ.
    අද මම දක්ඛිනෙය්‍ය වූ බුද්ධපුත්‍රයන්වහන්සේ දැක, උන්වහන්සේලාට දන් පිලිගන්වා ලොකු පිනක් කර ගත්ත දවසක් කියල සතුටක් දැනෙනවා.

    https://maps.google.com/maps?q=dema...da,+Colombo,+Western+Province,+Sri+Lanka&z=17

    තෙරුවන් සරණයි
     

    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    මහ නිළමේ;11758672 said:
    මම අද අලුතින් ත්‍රෙඩ් එකක් පටන් ගන්න හිතුනා. ඒක තමයි ඔය ගොල්ලෝ කරපු මොකක් හරි පින්කමක්, එහෙමත් නැත්නම් ඔය ගොල්ලෝ වෙන කෙනෙකුට කරපු යහපතක් වෙන දෙයක් එහෙම මේකේ දාන්න. එහෙම දැම්මම අපටත් ඒක දැකල සන්තෝෂ විය හැකියි, එවිට එයද පින් අනුමෝදනාවක්. පොඩි පින්කමක් වුනත් ප්‍රශ්නයක් නෑ. අන්‍යාගමික අය වුනත් කමක් නෑ, මොකද ඒ ගොල්ලෝ අපි කියල වෙනසක් නෑ පින පින මයි, කරපු පින පල දෙනවා මයි.


    1) මම නම් ඉතින් මගේ මැරුන ඥාතීන් වෙනුවෙන් ළමා නිවාස , වැඩිහිටි නිවාස වලට හාමුදුරුවන්ට දාන දීල තියෙනවා.

    තව මතක් වෙනකොට දාන්නම්. ඔයගොල්ලොත් දැන් දාන්න.


    මම මගේ විශ්ව විඩ්යාලයේ මගේ යාලුවන්ට ඔවුන් ෆෙල් උන විභගය පාස් වෙන්න... මගේ ගෑහෑනු ලමය එක්ක එකතු වෙලා පාඩම් කියල දුන්න...
    …
    …එයලට ගොඩක් සතුටුයි... හොඩට තෙරිල...
    …
    …මම හෑම වෙලෙම කවුරු හරි උඩවුවක් ඉල්ලුවොත්... දෙනව...
    …
    …මගේ යාලුවෝ මුදල් බෝඩිමෙදි කන්ටවත් සල්ලි නෑතුව... ඉඩ්ඩි... මගේ අතේ ටිබුන.. රුපියල් දෙසින් සියක් දුන්න.... ඒදා මටත් අතෙ සතේ නෑතුඒත්.... ඒවා එකක් ඩෙකක් විතරයී... ඕනේ කෙනෙක් උදවු වත් ඉල්ලෞවොත් පුලුවන් හෑම වෙලෙම දෙනවා....
    …ඔබට බුදුසරනයී... !!!!

    …