මළානික තරු එළිය
අහස් කුස විසිරිලා
පැල්පතේ කණාමැදිරි
ලාම්පුව දැල්විලා
මේ කොනෙහි තැනින් තැන
ළඳුන් ඇත මග බලා
මාවතේ දූවිල්ල
මඳක් ඇත නැවතිලා
මන්දිරේ සාදයක්
හරි ජයට ඇරඹිලා
හිඟන දන සිහින ලොව
අඟු පිලෙහි වැතිරිලා
හෙට ළහිරු නැගෙන තෙක්
නිසල බව පැතිරිලා
විඩාපත් පුරවරය
නිදිදුවට ලං වෙලා....
අහස් කුස විසිරිලා
පැල්පතේ කණාමැදිරි
ලාම්පුව දැල්විලා
මේ කොනෙහි තැනින් තැන
ළඳුන් ඇත මග බලා
මාවතේ දූවිල්ල
මඳක් ඇත නැවතිලා
මන්දිරේ සාදයක්
හරි ජයට ඇරඹිලා
හිඟන දන සිහින ලොව
අඟු පිලෙහි වැතිරිලා
හෙට ළහිරු නැගෙන තෙක්
නිසල බව පැතිරිලා
විඩාපත් පුරවරය
නිදිදුවට ලං වෙලා....







