Founder of Martial Art !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    අපි හැමෝම දන්න කුංෆු වගේ මාශල් ආට්ස් බිහිකරන්න සහ එය බිහිවුණු චීනයේ ශැවොලින් පන්සලේ නිර්මාතෲ විදිහට සැළකෙන ඉන්දියාවේ උපත ලද "බෝධිධර්ම" නම් දමිල හාමුදුරුනමක් ගැනයි මේ ත්‍රෙඩ් එකේ විස්තර වෙන්නෙ

    Bodhidharma-1.jpg



    ඉන්දියාවේ මදුරාසියෙ ප්‍රාදේශීය බෞද්ධ රජකුගෙ 3 වෙනි පුතෙක් විදිහට බෝධිතර කුමාරයා උපත ලබන්නෙ. අවුරුදු 7 දී බුදුදහම ගැන පැහැදෙන බෝධිතර කුමාරයා "බෝධිධර්ම" විදිහට ප්‍රජ්නාතර කියන ගුරුවයෙක් යටතේ ඉගෙනුම ලබනවා.
    ප්‍රජ්නාතර මේ බෝධිධර්ම ගැන පූර්වනිමිත්තක් දකින්නෙ මේ කාලයේ. ඒ තමයි බෝධිධර්ම ඉන්දියාවට වඩා ලොකු සේවයක් චීනෙදි කරන්න සමත් වෙනවා කියන එක. ඒක ප්‍රජ්නාතර ගේ අන්තිම කැමත්තද වෙනවා.

    ඉතිං තමන්ගෙ ගුරුවරයාගෙ මරණින් පස්සෙ අන්තිම කැමැත්ත පරිදි බෝධිධර්ම අවුරුදු ගණනකට පස්සෙ නොයෙක් දුශ්කරතා මැද්දෙ චීනෙට ලඟා වෙනවා.

    චීනේ ඒ කාලෙ තිබුනෙ ආමිසපූජාවට නැඹුරු උන බෞද්ධ සමාජයක්. මේ වගේ තත්වෙකදී බෝධිධර්ම ඉතා නිර්භය ප්‍රාශයක් කරනවා. ඒ තමයි බෞද්ධ පොත් පත් කියන්නෙ කියන්නෙ මෙවලම් ටිකක් විතරයි සම්මාබෝධිය ලබා ගන්න නම් තමන්ම මහන්සි වෙන්න ඕනෙ කියන එක
    මේ ප්‍රකාශය නිසා සමාජෙන් කොන් වෙන උන්වහන්සේ අවුරුදු 9ක් ගුහාවක් තුල කිසිඳු කතාවකින් තොරව භාවනා කරන්න පෙලඹෙනවා

    මෙම කාලෙදි උන්වහන්සේව බැහැදකින්න එන හාමුදුනමක් උන්වහන්සේ ගැන පැහැදිලා තමන්ගෙ පන්සලට රැගෙන යනවා. මෙහිදී තමා බෝධිධර්ම තමන්ගේ භාවනා ක්‍රම එහි වාසය කරන හාමුදුරුවන් හට උගන්වන්නෙ

    නමුත් දවස පුරා කිසිඳූ ව්‍යායාමයකින් තොරව ධර්මය ප්‍රගුන කරන තරබාරු හාමුදුවරුන්ට එම භාවනා ක්‍රම ප්‍රගුන කරන්න අවශ්‍ය ශාරීරික සෞඛය තිබුනෙ නෑ. මෙහි ප්‍රතිපලයක් විදිහට තමයි,
    තමන් රජ කුමාරයෙක් විදිහට ඉගෙනගත්ත සටන් ක්‍රම හා වෛද්‍ය දැනුම ඇසුරෙන් ව්‍යායාම ක්‍රමයක් ශවොලින් පන්සලේ හාමුදුරුවන්ට බෝධිධර්ම විසින් දායාද කරන්නෙ.

    මෙම ව්‍යායාම වලින් ශරීරයේ රතු ඇටමිදුලු පිරිසිදු වීම ලේ ගමනාගමනය වැඩි දියුණූ වීම සහ ශරීරයේ ප්‍රතිචක්‍රීකරන පද්ධතිය ශක්තිමත් වීම සිදුවෙනවා.

    අතිදක්ශ සටන්කරුවෙක්ට අමතරව බෝධිධර්ම
    භික්ශුව අග්‍ර ගනයේ වෛද්‍යවරයෙක්ද වෙනවා. වරක් චීනයේ පැතිර ගිය වසංගත රෝගයක් උන්වහන්සේ විසින් සාර්ථකව ප්‍රතිකාර කර මැඩපැවැත්තුවා කියලත් මූලාශ වලින් කියවෙනවා

    ඉතිං පසුකාලීනව මාශල් ආර්ට්ස්- කුංෆු බිහිවෙන්න පදනම හැදුනෙ මෙන්න මේ ඉන්දියාවෙ උපත ලද දමිළ භික්ශුව විසින්
    -----------------------------------------------------------------------------------------------------------------------

    අමතර කරුණු :
    අවුරුදු 150 කට වැඩි කාලයක් ආයු වැලඳූවයි කියන උන් වහන්සේ තම අන්තිම කාලයෙ යළි ඉන්දියාවට යන්න තීරණය කළා. මෙය දැනගත්තු , උන්වහන්සේ වැඩහිටපු ගමෙ ගම්වාසීන් , බෝධිධර්ම ගෙ සිරුර භූමදානය කර තමන්ගෙ ගමට වෙන විපත්ති වලින් ආරක්ශා කිරීමෙ අරමුණින් උන් වහන්සේට වස යෙදූ ආහර ලබාදුන් බවත්. ආහාර වලට වස කවා ඇති බව දැන දැනත් ගම්වාසීන්ගෙ ඉල්ලීමට එකඟව අහාර වලඳා අපවත් වූ බවත් මුලාශ්‍ර වැඩි දුරටත් කියනවා
    -----------------------------------------------------------------------------------------------------------------------

    මෙවන් චරිත ගැන අපි කීයෙන් කී දෙනෙක් දන්නවද ? :D

    ත්‍රෙඩ් එක අවසානයේ කරන්න තියෙන්නෙ එකම එක ඉල්ලීමයි.
    (ත්‍රෙඩ් හොඳ නම් සළකන්න, බම්ප් දාන්න, සළකන බව ඔප්පු කරන්න නෙවෙයි)

    පුළුවන් නම් චීනයේ බෞද්ධ සංකෘතිය සමඟ සම්බන්ධ මාශල් ආට් සංස්කෘතිය ගැන ටිකක් හොයල බලන්න. අපි හැමදාම දකින් බටහිර සංස්කෘතියට වඩා (මටනං) ගොඩාක් රසවත්, සමීපයි සහ වටිනවා

    -------------------------------------------------------
    ත්‍රෙඩ් එකේ මං අඩංගු කරල තියෙන්නෙ අත්‍යවශ්‍ය කරුනු විතරයි
    වැඩි විස්තර වලට
    http://en.wikipedia.org/wiki/Bodhidharma

    වඩා හොඳයි මේ pdf එක කියවන්න පුළුවන්නම්
    www.minrec.org/wilson/pdfs/Bodhidharma.pdf

    පුළුවන්නම්
    7 Aum Arivu (2011) කියන දමිල චිත්‍රපටියෙ මුල් විනාඩි 23ත් බලන්න
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මේ තියෙන්නෙ බෝධිධර්ම උගන්නපු භාවන ක්‍රමයක්

    horse+stance-00023.jpg


    අපිට උනත් මේ විදිහට විනාඩියක් වත් ඉන්න පුළුවන්ද ? :D



    නම අහල තිබ්බට අද තමඉ මෙතරම් විස්තර දැන ගට්තෙ..+++++

    adamayi macho me gana dana gathhe 8+++

    ela thread eka aaaaaaaa .
    7 Aum Arivu (2011) film eka mage yaluwek balala thibuna u mata mee okkoma kiwwa .
    TNX rep+added

    Thankx for the comments guys :D
     
    Last edited:

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    ammaa marai aaaaaaa:lol:

    surya inna aluth tamil film eke tiyenneth me story eka...

    අර ෆිල්ම් එකෙත් මුල් විනාඩි 23 විතරයි වැදගත්. ඊට පස්සෙ තමා වර්තමානෙ කොල්ල කෙල්ල සෙට් වෙලා සිංදු කියන්න ගන්නෙ :S
     

    deepalsamantha

    Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    මේ හාමුදුරුවො ගැන මීට කලින් අහල තිබුනා..ඒත් මේ තරම් විස්තර දැකල තිබුනෙ නැහැ...ස්තුතිය අපිත් එක්ක බෙදා ගත්තට...ඇත්තටම කියනවනම් බටහිර හැම දේකටම මුල් වෙලා තියෙන්නෙ පෙරදිග දැනුම තමයි...ඒත් පරදිග දැනුමට පේටන්ට් බලපත්‍රයක් නැති නිසා බටහිර මිනිස්සු කවදාවත් බුද්ධිමය දේපල හොරු කියල කියන්නෙ නැහැ..
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    tamil film eka patta

    :oo::oo::oo::oo:

    godak watina lipiyak machan.adamai me visthara dana gaththe..rep+6

    මේ හාමුදුරුවො ගැන මීට කලින් අහල තිබුනා..ඒත් මේ තරම් විස්තර දැකල තිබුනෙ නැහැ...ස්තුතිය අපිත් එක්ක බෙදා ගත්තට...ඇත්තටම කියනවනම් බටහිර හැම දේකටම මුල් වෙලා තියෙන්නෙ පෙරදිග දැනුම තමයි...ඒත් පරදිග දැනුමට පේටන්ට් බලපත්‍රයක් නැති නිසා බටහිර මිනිස්සු කවදාවත් බුද්ධිමය දේපල හොරු කියල කියන්නෙ නැහැ..

    අපේ රටින් උස්සපු කෞතුක භාණ්ඩ පුස්කොල පොත්ම කොච්චර තියෙනවද බං :S

    good post bro :D

    Thanks machan :)