෴ ඉබ්බද කැස්බෑවද ??? ෴
ඉබ්බද කැස්බෑවද කිව්වට කතා කරන්න හදන්නේ කැස්බෑවන් ගැන.
ඉබ්බන් ගැන පස්සේ වෙලාවක කියන්නම්කෝ...

කැස්බෑවෝ දැකල නැති කෙනෙක් නෑ නේ...
අහිංසක සත්තු ජාතියක් වන මෙයාලා සාර්ථක උභය ජීවීන් වර්ගයක්.
මොවුන් වසර දසලක්ෂ ගණනක් තිස්සේ සාර්ථකව අනුවර්ථනය වෙච්ච ජීවීන් පිරිසක්.
පැතිලි ඉදිරි ගාත්රා සහ සහ අනාකූල කට්ට නිසා මොවුන්ට පිහිනීමේ විශේෂ හැකියාවක් ලැබී ඇත.
ඉබ්බන්ට මෙන් ගාත්රා කටුව ඇතුලට ගන්න නොහැකි මොවුන්ට දත් පිහිටාද නොමැත.
එහෙත් හොටක් වැනි හනු යුගල ආහාර පොඩි කිරීමට හා ඉරීම යොදාගනී. එලෙස ආහාර ගන්නා ආකාරය කැස්බෑ විශේෂය අනුව වෙනස්වේ.
කැස්බෑවන් Reptilia උරග වර්ගයේ Chelonia ගෝත්‍රයට අයත්වේ.
කැස්බෑවන්, විශේෂ 7කින් සහ කුල දෙකකින් යුක්තවේ.
දාර කැස්බෑවා අයත් වන Dermochelidae කුලය සහ අනෙකුත් කැස්බෑවන් අයත් වන Cheloniidae කුලය කැස්බෑ කුල දෙක වේ.
චලතාපී වන මොවුන්ගේ දේහ උෂ්ණත්වය ජීවත්වන පරිසර උෂ්ණත්වය මත තීරණය වේ.
ඒ නිසාම උදය වරුවේ ජලය මතුපිටට පැමිණ දේහ උෂ්ණත්වය වැඩි කරගනී.
පෙනහළු මගින් හුස්ම ගන්න මොවුන් දිවා කාලයේදී සෑම විනාඩි 5 -15කට වරක් දිය මතුපිටට පැමිණ හුස්මගන්නා අතර රාත්‍රී කාලයේදී මුහුදු පතුලට වී නිදාගනී. රාත්රියේදී අක්‍රියව සිටින නිසා ඔක්සිජන් අවශ්‍යතාව අවම වේ.
තවමත් හරි හැටි අධ්‍යයනයක් නොවී ඇති මොවුන් අවුරුදු 80කට වඩා ජීවත් වෙන බව විශ්වාස කෙරේ.
ඒ ඒ විශේෂය අනුව වයස අවුරුදු 15 - 50ත් අතර කාලයකදී ලිංගික වශයෙන් පරිනතවේ.
පිරිමි සතුන් ජීවිත කාලයම මුහුදේ ගෙවන අතර ගැහැණු සතුන් බිත්තර දැමීමට පමණක් ගොඩබිමට පැමිණේ.
කැස්බෑවිය බිත්තර දමන්නට ස්ථානය සොයාගන්නා අකාරය තවමත් අභිරහසකි. බිත්තර දැමීමට සෑම අවස්ථාවකදීම තමා උපන් වෙරලටම හෝ ඒ ආසන්නයටම යෑම නිරීක්ෂණය කර තිබේ.
මේ සඳහා පෘථිවි චුම්භක ක්ෂේත්රය උපයෝගී කරගන්න බවට සැක කෙරේ.
දක්ෂ සංචාරකයින් වන මොවුන් බිත්තර දමනා ප්‍රදේශ හා ජීවත් වන ප්‍රදේශ අතර කිලෝමීටර් දහස් ගණන් පීනයි.
ලිංගිකව පරිණත වනතුරු ගැහැණු, පිරිමි වෙනසක් නොපෙනුනද පරිණත වූ පසූ පිරිමි සතාගේ දිග නැට්ටෙන් ඔවුන්ව ලිංගික වශයෙන් පහසුවෙන් වෙන් කරගත හැක.
නිසල මුහුදේ දිවා කාලයේදී ලිංගිකව එකතු වෙන කැස්බෑවන්ගේ පිරිමි සතුන්ට හොදින් වැඩුනු නියපොතු ඇත.
එය කැස්බෑවියන් ග්රහනය කරගැනීමට පහසුවකි.
ගැහැනු සතෙකු සමඟ පිරිමි සතුන් කිහිප දෙනෙකු ආසන්න කාලවලදි එක්වී ශුක්‍රාණු ගැහැනු සතා තුල තැන්පත් කර තබයි.
ඒව පසුව විටෙන් විට ගැහැනු සතාගේ ඩිම්බ සමඟ එක්වීම නිසයි ගැහැණු සතා බිත්තර, අවස්ථා කිහිපයකට දමන්නේ.
බිත්තර දමන වෙරලට ලං වූ පසු විලෝපිකයන්ගෙන් ආරක්ෂාවීමේ උපක්‍රමයක් ලෙස රාත්‍රිය එලඹෙන තෙක් නොගැඹුරු මුහුදේ සිට රාත්‍රිය එලඹුන පසු උදම් රළත් සමඟ වෙරලට පැමිනේ.
මෙම පැමිනීමේදී විශාල අලෝකයන් හෝ ලඟින් ගමන් කරන විශාල වස්තූන් දුටුවොත් බියවී නැවත මුහුදට යාම සිදුවේ.
සුදුසු ස්ථානයක් තෝරාගත් පසුව තමාට සැඟවීමට Body Pit නම් වන වලක් පූර්ව ගාත්රා යොදා ගනිමින් සදාගන්නා අතර ඉන්පසු එය තුල අපර ගාතා යොදාගනිමින් Egg Chamber නම් වෙන වලක් බිත්තර දැමීමට හාරාගනී.
මෙහි විශාලත්වය කැස්බෑ වර්ගය අනුව වෙනස් වන අතර ආසන්න වශයෙන් 50cm වන අතර බිත්තර 120ක් පමණ දමයි.
බිත්තර දැමීම අවසානයේ අපර ගාත්රා මගින් බිත්තර වල වසා එම ස්ථානය නොපෙනීමට පූර්ව ගත්රා මගින් පිටුපසට වැලි විසිකිරීමක් සිදුකරයි.
ඉන්පසු සෙමින් සාගරයට පිටත්වේ.
මෙම සම්පූර්ණ ක්‍රියාවලිට සාමාන්‍යයෙන් පැයක් පමණ ගතවේ.
මෙලෙස දින 10කට වරක් බැගින් පස්වතාවක් පමණ එකිනෙකට ආසන්න ස්ථානවලදී බිත්තර දැමීම සිදු කරයි.
ඉන් පසු නැවත තමා ජීවත් වෙන ප්‍රදේශය වෙත සංක්‍රමණය වේ.
බිත්තර දමා දින 60කට පසු පැටවුන් බිත්තරයෙන් එළියට පැමිනේ.
බිත්තරයෙන් එළියට පැමිණ සම්පූර්ණ දිනයක් වැල්ලට යටින් වල තුලම සිටිනා මොවුන්ගෙ දැගලීම නිසා වැලි යටට යාමෙන් ඇතිවන පීඩන අවපාතයේ උදව්වෙන් විලෝපිකයන්ට නොපෙනෙන රාත්‍රියේදි පිටතට පැමින ක්ෂිතිජයේ දීප්තිය උපකාරයෙන් මුහුදට වේගයෙන් බඩගාගොස් නොනැවතී පැය 48ක් පිහිනයි.
එම කාලය තුල ආහාර ගැනීමක් නොකෙරේ.
එලෙස එක දිගට පිහිනීම ඉක්මනින්ම ඈත දියඹ වෙත හා දියවැල් වෙත යාමට ඔවුන්ට උදව්වේ.
දියවැල් වලට ඇතුළු වීමෙන් පසු ආහාර ගැනීම ආරම්භකෙරේ.
කෙසේ නමුත් බිත්තර සමයේදී කිඹුලන් වැනි විලෝපිකයන්ගෙන්ද පැටවුන් සමයේදී මෝරුන් , මුහුදු පක්ෂීන් වැනි විලෝපිකයන් නිසාද මෙලෙස උපන් කැස්බෑ පැටවුන්ගෙන් පරිනත කැස්බෑවෙක් බවට පත්වන්නේ දහසකට එකෙක් පමණි.
එමෙන්ම කැස්බෑවන්ගේ ජීවන චක්‍රයේ සෑම අවස්ථාවක්ම මිනිසාගේ තර්ජණයට ලක්ව ඇත.
ඒ නිසාම කැස්බෑවන් දැඩි ලෙස වඳවී යමේ තර්ජණයටද මුහුණ දී ඇත.
මෙය සෘජු තර්ජණයන් මෙන්ම අනියම් තර්ජණයන් ලෙස කොටස් දෙකට වේ.
කැස්බෑවන්ට මිනිසාගෙන් එල්ල වන සෘජු තර්ජණයන් වන්නේ මස් සහ විසිතුරු භාණ්ඩ නිෂ්පාදනය සඳහා මැරීමයි.
මස් සඳහා ප්‍රධාන ලෙස ගොඳුරු වන්නේ බිත්තර දැමීමට එන කැස්බෑවියන්ය.
එය කැස්බෑ ගහනය සීග්‍ර ලෙස අඩුවීමට හේතුවේ.
කැස්බෑ බිත්තරද ආහරයට ගැනීම නිසා ඉදිරි පරම්පරා ඇතිවීමද නවතී.
ධීවර දැල් වලට අසුවී ජලයේ ගිලී මිය යාමෙන්ද පණ සහිතව හිටියොත් ධීවරයන් අතින් ඝාතනය වීමෙන්ද ශ්‍රී ලංකාවේ පමණක් වසරකට කැස්බෑවන් 5000ක් පමණ මියයාම ඉතා කණගාටුදායක තත්වයකි.
විසිතුරු භාණ්ඩ නිපදවීමට කැස්බෑවගේ වර්ණවත් කටුව ගැනීම සඳහාද කැස්බෑවන් මරනු ලැබේ.
මෙයට වැඩියෙන්ම ගොදුරු වී ඇත්තේ ලංකාවේදී ද හමුවන පොතු කැස්බෑවයි.
මිනිසාගෙන් එල්ල වෙන වක්‍ර තර්ජණයන් වන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් කැස්බෑවන්ගේ ජීවත්වන සහ බිත්තර දමන ප්‍රදේශ අහිමිවීමයි.
කැස්බෑවන් බෝහොමයක් ජීවත් වන්නේ කොරල් පර ආශ්‍රිතවයි.
ඒ ආශ්‍රිතව ඇති ඇල්ගී සහ කුඩා සතුන් කැස්බෑවන්ගේ ප්‍රධාන අහාරයන්ය.
මිනිසා විසින් කොරල් පර විනාශ කිරීමෙන් කැස්බෑවන්ගේ ජීවන කලාප අහිමි වේ.
තවද කොරල් විනාශයෙන් සහ අනිසි වැලී ඉවත් කිරීමෙන් වන වෙරල ඛාදනයෙන් මෙන්ම වෙරල ඛාදනය වැලැක්වීමට දමන්නාවූ ගල්වැටි වලින්ද කැස්බෑවන්ගේ බිත්තර දමන්නාවූ ප්‍රදේශ ඔවුන්ට අහිමි වේ.
සාගර දූෂණයද කැස්බෑවන්ට දැඩි තර්ජණයක් වී ඇත.
පොලිතින් ආහාරයට ගැනීමෙන් මෙන්ම රසායනික ද්‍රව්‍යයන්ට නිරාවරනය වීමෙන් පිලිකා මගින්ද මෙම සතුන් මිය යයි.
තවද අවිධිමත් මෙන්ම අනවසර ඉදිකිරීම හා සංවර්ධනය කිරීමද කැස්බෑවන්ගේ බිත්තර දමන ප්‍රදේශ ඔවුන්ට අහිමි කරයි.
මිනිසා එලෙස කෙනෙහෙලිකම් කලද කැස්බෑවන්ට ආදරය කරන මෙන්ම ඔවුන් සුරැකිය යුතු යැයි ලෙසද සිතනා පිරිසකුත් ඇත.
ඔවුන් විසින් කැස්බෑ සංරක්ෂණ ව්‍යාපෘති ක්‍රියාතමක කරයි.
බිත්තර තිබූ තැනින් ඉවත් කර කෘත්‍රිම ස්ථාන වලදී පැටවුන් බිහිවූ පසු දින කිහිපයක් ටැංකි වල තබාගෙන මුහුදට මුදා හැරීම මෙලෙස සංරක්ෂණය කරන එක් ක්‍රමයක් වන අතර.
මෙහිදී සිදුවන අවාසිය වන්නේ පැටවුන් ඉපදුන පසු පැය 48ක් නොනැවතී පිහිනීම ටැංකිය තුල කිරීම නිසා මුහුදට මුදා හැරිය පසු දියවැල් වලට ළඟාවීමට කැස්බෑ පැටවුන්ට අපහසුවීමයි.
සංරක්ෂණය කරන අනෙක් ක්‍රමය වන්නේ ස්වාභාවික පරිසරයන් වලදීම ආරක්ෂාකිරීමයි.
මෙය සාර්ථකම සංරක්ෂණ ක්‍රමය වන අතර මෙමඟින් කැස්බෑවන් සාර්ථකව අධ්‍යයනය කිරීමක්ද කල හැක.
කැස්බෑ ගහණය සහිත රටවල් සෑම එකකම වාගේ කැස්බෑ සංරක්ෂණයන් ක්‍රියාත්මක වන අතර ලංකාවේ කැස්බෑ සංරක්ෂණ ව්‍යපෘතිය නමින් ව්‍යාපෘතියක් 1993 දී රාජ්‍ය නොවන සංවිධානයකින් ආරම්භ වී විශාල සේවයක් තවමත් ඉටු කරයි.
සුනාමි ව්‍යසනයෙන් විශාල වශයෙන් හානි වූ ඔවුන්ට රජයෙන් සහයෝගයක් නොවූවද ටිකෙන් ටික පෙර පරිදිම නැගී සිටී.
කැස්බෑ සංරක්ෂණයට අමතරව කඩොලාන සිටුවීම , කැස්බෑවන් පිළිබද දේශණ ආදී කටයුතු ද ඉටු කරයි.
මොවුන් සතුව දුර්ලබ ඇලී කැස්බෑවෙක් වෙන අතර උපතින්ම අන්ධ කැස්බෑවෙක්ද රැක බලා ගනී.
කැස්බෑවන් නීතිවිරෝධීව එකතු කිරීම සහ ප්‍රවාහනයට රු.10,000ට නොඅඩු සහ රු.30,000 නොවැඩි දඩයක් හෝ වසර 2කට නොඅඩු සහ වසර 5කට නොවැඩි සිරදඬුවම් යන දඬුවම් එකකට හෝ දෙකටම යටත් කල හැක.
නමුත් මෙලෙස නීති පැවතියද කැස්බෑවන්ට වන හානි වල අඩුවක් නම් නොමැතිවීම කණගාටුවට කාරණයකි.
කැස්බෑවන් පිලිබඳ දැනුවත්වීම අල්ප වීමද මෙයට එක් හේතුවකි.
නීති වලට අමතරව ජනතාව දැනුවත් කිරීමද අත්‍යාවශය කරුණක් වන්නේ ඒ නිසාය.
එලෙස ක්‍රියාත්මක නොවුනහොත් මේ අහිංසක සොඳුරු ජීවීන් අපිට අහිමි වෙන දවස වැඩි ඈතක නොවේ...

කැස්බෑ ප්‍රජනනය

බිත්තර දැමීමේ ක්‍රියාවලිය

පැටවුන් බිහිවීම

Last edited: