වත්ත ක්ලීන් කරද්දී පොඩි පොඩි අහිංසකයෝ ටිකක් සෙට් වුනා මේ එකෙක් ගැන
පුල්ලි දත්කැටියා-නිර්විෂ
Streaked Kukri Snake
අප රටට ආවේනික සර්පයෙක් වන පුල්ලි දත්කැටියා කොලරොඩු ,දිරාපත්වන කොට කැබලි අතර ජීවත් වන භෞමික සර්ප විශේෂයකි. මිලිමීටර් 200-300 දක්වා වර්ධනය වේ. කලබල වූ විට හිස සහ ශරීරය පැතලි කොට හෝ පුම්බා ප්‍රතිචාර දැක්වුවත් සපා කෑමට තැත් නොකරයි.
පෘෂ්ඨීයව ලා දුඹුරු පැහැයක් ගන්නා අතර ශරීරය දෙපස මාරුවෙන් මාරුවට තද දුඹුරු පුල්ලි පිහිටයි. උදරීයව ලා රෝස හෝ දුඹුරු පැහැ ගන්නා ඇතර සෑම කොරලයකම තිත් තුනක් ඇත. කුඩා කෙටි දේහයකින් හෙබි මොවුන්ට පැහැදිලි ගෙලක් රහිතය. හොම්බ මොට වන අතර වල්ගය උල්වී ඇත.
ගෘහාශ්‍රිතව බහුලව හමුවන අතර ලංකාවේ සෑම ප්‍රදේශයකම ව්‍යාප්තියක් දක්වයි. කෘමීන්, කුඩා උරගයින් හා උන්ගේ බිත්තර ආහාරයට ගනී. දිවා කාලයේදී දක්නට ලැබුනත් රාත්‍රී කාලයේ ක්‍රියාශීලි වේ.
මොවුන් වරකට බිත්තර 2-3 පමන දමයි.
DS