COSTA CONCORDIA AND AMILA DHANUSHKA

hemalsilva

Well-known member
  • Oct 16, 2006
    16,039
    2,687
    113
    Paraguay

    ඉතාලි නැවේ ලාංකිකයා ජිවිත රැසක් බේරයි


    අමිල ධනුෂ්ක කහඳගමගේ

    400534_10150508136053301_302440998300_8706233_1072935803_n.jpg

    bp16.jpg




    පාවෙන මාලිගාවක් වැනි ඉතාලි නැව අතහරින්නැයි කපිතාන් නිවේදනය කළ පසු මගීන් දෙතුන් සියයකට සිය ජිවිත බේරා ගැනීමට උදව් කළ ශ්‍රී ලාංකිකයෙක් අන්තිමේදී හීතලේ ගැහි ගැහී හාස්කමකින් මෙන් පණ බේරා ගත්තේය.

    bp3.jpg


    ඔහු හැටන් හි ගාමිණීපුර අමිල ධනුෂ්ක කහඳගමගේ (32) මහතාය.
    ඉතාලියේ ගිග්ලියෝ දුපත අසල දී පසුගිය 13 වැනි දා ගිලී ගිය අති සුඛොපභෝගී මඟී නැවේ සිටි එකම ශ්‍රී ලාංකිකයා ද ඔහුය. ඔහු නැවේ අවන්හලේ ස්ටුවඩ්වරයෙකි.
    නැව අතහරින්නැයි කළ නිවේදනයෙන් පසු තුන්දහසකට වැඩි මඟින් හා දහසකට වැඩි සේවයන් අන්දුන් කුන්දුන් වූ හැටිත්, මිනිසුන් පෙරකමින් ජිවිතාරක්ෂක බෝට්ටු සොයාගිය හැටිත් හැම දෙනාම මරණ බියෙන් සිටි සැටිත් අමිල දුටුවේය.

    අයෙත් දරුවාගේයි නෝනාගෙයි මූණ බලන්න ලැබෙති‘යි සිතුවේ නැහැ. ඒත් මා මෙන්ම අසරණවී සිටි මඟීනට හැකි හැම අයුරින්ම උදව් කළා යැයි අමිල කීවේය.
    අන්තිම මගියාත් බේරා ගන්නා තුරු නැවේ කපිතාන් සිය යුතුකම ඉටු කෙළේ නැත. ජිවිතාරක්ෂක බේට්ටුවලට නැංවීමේ දී දරුවනට හා කාන්තාවන්ට මුල් තැන ලැබුණේ ද නැත. මාස හතරකට පෙර නැවේ සේවයට ගිය අමිල මුල සිටම කතාව කීවේය.
    ‘කොස්ටා කොන්කෝඩියා‘ නැව ඉතාලියේ ලොකු සමාගමට අයිතියි. ඒ සමාගමට තවත් එවැනි නැව් 14ක් තියෙනවා.

    bp5.jpg


    ඉතාලියේ සැවෝනා නුවර සිට ප්‍රංශය, ස්පාඤ්ඤය දක්වා ගොස් යළි ඉතාලියට පැමිණිමේ දින හතේ චාරිකාවට එක් මඟියකුගෙන් යුරෝ 2000ක් පමණ (රුපියල් ලක්ෂ දෙකහමාරකට අධික මුදලක්) ගෙවූ මඟීහු 3400ක් ඒ නැවේ පමණ සිටියහ.
    ජනවාරි 13 වැනි දා නැවට නරක දිනයකි. අමිල වැඩ කෙළේ ‘රෝමා“ අවහන්හලේය. රාත්‍රි 9.35ට පමණ නැව එක්වරටම වම් පැත්තට ඇලවී ගියේය. කෑම කමින් සිටි මඟීන්ගේ පිඟන් පෙරැළී ගියේය. බෝතල ද බිමට වැටිණි. බොහො මඟීහු මේස අල්ලාගෙන නොවැටී සිටීමට උත්සහා ගත්හ. ඒ සමගම විදුලිය නැති විය.
    කපිතාන් ප්‍රැන්ක්ස්කෝ ශබ්ද විකාශනයෙන් නිවේදනයක් කෙළේය. ‘ බයවෙන්න එපා. යාන්ත්‍රික දෝෂයක්“

    bp10.jpg


    මඟීහු මඳකට සැනැසුම් සුසුම් හෙළූහ.
    ඒත් ඊළඟ මොහොතේ නැව දකුණට ඇලැවී ගියේය. මඟීහු කලබල වූහ. ඒ මේ අත දුවන්නට වූහ. තරප්පු පෙළි ද ඇලැවී ගිය නිසා පහත මාලවල සිටි මගිනට තම කැබින් වලට යෑමට නොහැකි විය. නැව යළි සාමාන්‍ය තත්ත්වයට පත්විය.
    මඟීන්ගේ මුහුණුවල යළි සිනාව මතුවිය. රාත්‍රී 11 පමණ වන විට කපිතාන යළි නිවේදනයක් කෙළේය. එවිට නැවේ විදුලිය නැත. හැම තැනම අඳුරුය. මුහුදේ ඝෝෂාවට ද බිය කර විය. ‘නැව අත හරින්න වෙනවා‘ යැයි ඔහු කී විට මඟීහු බෙහෙවින්ම කලබල වූහ. හිස් ලූ ලූ අත දුවන්නට වූහ. ජිවිතාරක්ෂක කබා ඇති තැන් පවා සෙයාගත නොහැකි විය. අඳුරේ දුවද්දී එකට හැපී වැටුණු අය ද ගණනක් නැත.

    bp33.jpg


    නැව දැන් ගිග්ලියෝ දූපත අසලය. අමිලගේ ඉන්දියා ජාතික මිතුරා සිය ලැප්ටොප් පරගණකය සොයා පහළ තට්ටුවට යන්නට ගියේය. ඒ වනවිට තට්ටු දෙකක වතුර පිරි තිබිණි. එය ජලාශයකි. ඒවායේ සිටි මඟීන් ගැන තොරතුරක් නැත.
    නැවේ සිටි 24 දෙනක ගැන අද වන විටත් කිසිම තොරතුරක් නැත. ඇඳ සිටි නිල ඇඳුම හැර අන් කිසිත් නැති අමිල ජිවිතාරක්ෂක බෝට්ටුවට ගොඩවන විට නැව ගිලී යමින් තිබිණි. ඔහු දුටු මිනිසුන්ගේ මුහුණු වල දුක ශෝකය, මෙන්ම බිය පැහැදිලිව ලියැවී තිබිණි.
    උදේ 5.30 වන විට ගුවන් හමුදාව මගීන් බේරා ගැනීමට ආවේය. නැව හොඳටම ඇලවී ගිය පසු ජිවිතාරක්ෂක කබායක් දාගත් අමිල යළි එය ගලවා ඉවත් කෙළේ අවන්හලේ නිලධරයකුගේ අණ පිළිපදිමිණි. යළිත් ඔහු අවන්හල පිරිසිදු කරන්නට විය. ඒ වනවිට මගීහු බොහෝ දෙනෙක් අඳුරේම ජිවිතාරක්ෂක කබා හා බෝට්ටු සොයා යමින් සිටියහ. ඉහළ මහලකින් ඇති එවැනි බෝට්ටුවලට නැඟ සිටි පිරිස් යන්ත්‍රානුසාරයෙන් මුහුදට පහත් කිරීම ප්‍රශ්නයක් වූයේ 150ක් යා හැකි බේට්ටුවක 200කට වඩා නැඟ සිටි හෙයිනි. කෙසේ හෝ එම බෝට්ටු මුහුදට පාත්විය. එවැනි බෝට්ටු හතරක් පහක් පමණ මුහුදට පාත් කළ පසු සෙසු මඟීන් සමග පෝලිමේ සිටි අමිල ද බෝට්ටුවකට නැග්ගේය. නමුත් බෝට්ටු ක්‍රියාකරුවෙක් නොවිය. ඔහු නැඟ සිටි බෝට්ටුවේ ද 220ක් පමණ සිටියහ. අවන්හළේ සුපවේදියෙක් ඒ බෝට්ටුව නිරුපද්‍රිතව ගොඩ බිමට ගෙන ආවේය. අමිල බෝට්ටුවට ගොනවන විට පසුදා අලුයම 4.30 වී තිබිණි.
    වෙතත් අය මෙන්ම ඔහු ද සීතලේ ගැහෙමින් සිටියේය. මගේ අත්වල ඇඟිලි තිබෙනවා දැයි මට දැනුණේ නැහැ. බඩගින්න දැනුණත් කෑමට තිබුණේ ජිවිතාරක්ෂක බෝට්ටුවේ බිස්කට් බාගයක් පමණි.

    bp18.jpg


    කොන්කෝඩියා නැවේ සිටි සෙසු මඟීන් බේරා ගැනීමට පසු දා උදේ නව් දෙකක් ගිග්ලි දූපත අසලට යාත්‍රා කෙළේය.
    අමිල අතුළු පිරිස රැගත් ජිවිතාරක්ෂක බේට්ටුව අසල දුපතට ළඟාවිය. ඉවසන්න බැරි සීතල තරමක් නැති වී ගියේ එහිදී ලැබුණු පොරෝණයකි. එම දුපතේ පල්ලිය ඇතුළට ගිය ඔහුට ජිවිතය පිළිබඳ යළි බලාපොරොත්තු ඇතිවිය. එහි දී ලැබුණු කෝපි කෝප්පය ඔහුට අමාවක් විය. ගෙදර මතක් විය. බිරිය හා දරුවා මතක් විය. ඉතාලියේ සිටින නැන්දා මාමා මතක් විය. ඒත් කතා කිරීමට ජංගම දුරකථනයක් නැත. ඔහු සමග ආ ඉන්දියා ජාතිකයා එහිදි උදව් විය. ඔහුගේ ජංගම දුර කථනය ඔහුට දුන්නේය.ඒත් දුරකතන අංකය ඔහු ළඟ නැත. ඔහු බිරියට (ලංකාවට) කතා කෙළේය. එවිට වේලාව අලුයම පහට අසන්න වී තිබිණි. බිරියට කිසිත් නොකියා ඉතාලියේ සිටින මාමාගේ අංකය ඉල්ලා ගත්තාය. ඔහුට කතාව කිවේය.
    අමිල ඇතුළු පිරිස එතැනින් රෝමයේ ලා ප්‍රින්සිනා හෝටලයට රැගෙන යනු ලැබූහ. රතුකුරුසය ද ආවේය. උණුසුම් ඇඳුම් බෙදා දුන්නේය.

    අමිලගේ මාමා රෝමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යලයයට මේ සිද්ධිය දැනුම් දුන්නේය. අමිලගේ අවශ්‍යතාවය වූයේ තාවකාලික ගමන් බලපත්‍රයක් ලබා ගැනීමය. පින්තූර දෙකක් රැගෙන තානාපති කාර්යලයයට එන්නැයි ඔහුට දැනුම් දුන්නත් එහි යෑමට ඔහු ළඟ සල්ලි ද නොතිබිණි. පසුව එම පිරිස රෝමයේ ගුවන්තොට අසල තැනකට රැගෙන ගිය පසු පින්තූර ප්‍රශ්නය විසැඳිනි. ශ්‍රී ලංකා තානාපති කාර්යලයයේ තාවකාලික ගමන් බලපත්‍රයක් ලැබිණි. දින දෙකක්ම අමල්ගෙන් ඇමැතුමක් නොවූ නිසාත්, ඉතාලි නැවක් පෙරැළී කිහිපදෙනකු මිය යෑම නිසාත් ඔහුගේ බිරියට දින දෙක තුනක්ම නින්දක් නොවීය.
    හරි හැටි කෑමක් ද නොවීය. ඒත් ඉතාලියේ සිටින ඔහුගේ නැන්දාත් මාමාත් අමිලගේ බිරියට කීවේ ඔහු ජිවිතය බේරාගෙන දූපතකට පැමිණි බවයි. ඒත් සැමියා දකින තුරු ඇයට අස්වැසිල්ලක් නොවීය.

    bp20.jpg


    අමිල පසුගිය 19 වැනි දා ගම රට ආවේය. ඔහුගේ ඉන්දියා මිතුරා නිවාඩු යෑමට සිටි දවසේ ඒ නැවෙන් අවසන් ගමන් ගියේය. නැවේ පහළට ගිය ඔහු යළි ආවේ නැත. මරණින් බේරී ගෙදර ආ සැමියා යළි නැවට යනවාට අමිලගේ බිරිය වින්ද්‍යා චාමරී කැමැති නැත.
    නැවට වූදේ ඇසු දින සිට ඔහු ගෙදර එනතුරු දැඩි කනස්සල්ලෙන් සිටි ඇය කියනුයේ නැවේ රස්සාවට යළි නොයන ලෙසයි. අමිලගේ චුටි පුතාට වයස අවුරුදු දෙක හමාරකි.
    නැව් සමාගමෙන් අමිල මාස අටක පමණ නිවාඩු ලැබී ඇත. යුරෝපයේ ප්‍රධානතම මඟී නැව් සමාගම ගැන අමිලට ලොකු ගෞවරයකින් කතා කරයි. නැවේ සේවය සතුටින් කරන බව කියයි.එහෙයින් ඔහුගේ ආශාව නිවාඩු අවසන් වූ පසු යළි නැවකටම යෑමයි.
    ‘අනතුරක් වෙනවා නම් කොතැන හිටියත් වෙන්ව‘ යන්න අමිලත් වින්ද්‍යාත් කියති.


    bp27.jpg


    bp28.jpg


    bp29.jpg


    උපුටා ගැනීම:ලංකාදීප​
     
    Last edited:
    • Like
    Reactions: Jenna