



http://blogkasun.blogspot.com/2012/01/blog-post_8006.html ඔබ උපන් ලග්නයෙන් ඔබව දැනගන්න 




මේෂ►
සාමාන්‍ය රූප ස්වභාව :
මධ්‍යම ප‍්‍රමාණ ශරීරය වේ. කදිම දික්වූ බෙල්ලක් හා පොකුරු කෙස් හා රැුවුල් ද ඇස් බැම ද ඇතිවේ. යහපත් අඟ පසඟ වේ. ගමන් කිරීමේදී ස්වල්පයක් නැමී යයි. කඩිසරයි. පිත් අධිකයි.
ගතිගුණ :
කුජ හිමි සටන් කාමී උණ්ෂ රාශියක් වූ බැවින් මේෂයෙහි උපන් අය උසස් අදහස් ඇති ඉදිරියට යන තේජවන්ත ගතියකින් යුක්ත වෙයි. වුවමනා දේ වුවමනා වෙලාවට වුවමනා කරන කෙනෙකි. කෙසේ හෝ ලබා ගනියි. තමාගේ පුද්ගලික ආශා සැප පහසුකම් අනුන් වෙනුවෙන් කැපකිරීමට සතුටු නොවේ. තමාට වුවමනා කරන දේ තමාට ඕනෑම වේ. කීර්ති ප‍්‍රශංසා ලැබීමට ඇති කැමැත්තත් පෙරමුණෙහි සිටීමට ඇති ආශාවත් ඉදිරියට යන ගතියත් නිසා ජය හා ප‍්‍රසිද්ධිය ලබයි. ක‍්‍රියාවෙහි සූරයි. එසේම කඩිසරයි. පුරුෂයෙකු නම් තමාගේ භාර්්‍යාවට හෝ ස්ත‍්‍රියෙකු නම් තමාගේ ස්වාමියාට හෝ හැර වෙන කිසි කෙනෙකුට යටත් පහත් වීමට කැමති නැත. සහකාරියට සහකාරයාට ඉතා භක්තිවන්ත වෙයි. දිනන ලද ඉඳුරන් ඇති කෙලෙහිගුණ සලකන කෙනෙකු වෙයි. බඩගිනි ඉසිලිය නොහැක. නිතර ටික ටික කෑම ඕනෑ කරයි. නිතරම ආඩම්බර ගතියෙන් සිටියි. මේෂ ලග්නයෙහි උපන් අය වාද විවාද වලට වඩා යෝග්‍ය නැත. විවාදයේදී තමාට ජයගන්නට බැරි වූ සණ්ඩුවක් මතු කරගෙන එයින්වත් ජයගන්නට සිතයි. එහෙත් වහා අවබෝධ වන තීක්ෂණ නුවණක් තිබේ. සටනට නොපැකිලෙයි. කිසි භයක් නැත. සුළු සුළුදේවලට කැමති නැත. විශාල ව්‍යාපාර කටයුතුවලට යෝග්‍යයි. උසස් සිතිවිලි වේ. හදිසියේ කරුණු වෙනස් කරයි. එහෙත් යමක් ස්ථිරව කරගෙන යාමට සිතාගත්තොත් එසේම කරයි. ලෝකයේ ශ්‍රේෂ්ඨ වීරයෝ මේෂ ලග්නයේ ඉපදී සිටිත්. රාශි චක‍්‍රය පටන් ගන්නේ මේෂයෙන් බැවින් මෙය බලවත්ම රාශිය වෙයි. මකට කටක දෙකට මැදි බැවින් යුක්ති සහගත වේ. එහෙත් තුලාවේ තරම් නැත. දුර්වලකම් හැටියට පෙනෙන්නේ නොඉවසිලි ගතිය හා සමාදානයට එතරම් ගරු නොකරන ගතිය ද වේ. සුළු දේ කිරීමට කැමති නැත.
රෝග : උෂ්ණ දැවිලි රෝග, මොලේ අසනීප, බඬේ කැක්කුම්, හදිසි ක්ලාන්ත වීම්, නින්ද නොයාමේ රෝග, හිටි හැටියේ සිහි නැතිවීම, ලෙහෙසියෙන් සෑදෙන රෝගයෝ වෙති. මේෂයෙන් උපන් අයට පැළඳීමට යෝග්‍ය අඹ තේස්ත, දියමන්ති හා සුදු නිල් වේ.
වෘෂභ►
සාමාන්‍ය රූප ස්වභාව :
පළල් වූ නළලකින් යුත් මධ්‍යම ප‍්‍රමාණයට වඩා තරමක් ලොකු බෙරන්නා වූ ශරීරයකි. බෙල්ල මහත්වේ. රළු හිසකෙස් වේ. සෙම් අධික වේ.
ගතිගුණ:
සිකුරු හිමි වෘෂභයේ උපන් අය කෞතුක දේ වලට ආශා කරයි. ලෙහෙසියෙන් ජීවත් වීමට සිතයි. තිර රාශියේ ගතිය ඔප්පු කිරීමට මෙන් නොනැමෙන හිතක් ඇතිවේ. හිතේ තබාගෙන සිටීමට සමතෙකි. තරහා වීමත් හෙමින්ය. එසේ වුනොත් හොඳ වීමත් හෙමින්ය. අනුන්ට තේරුම් ගත නොහැකි ගුප්ත ගති තිබේ. ඉතා සුළු දේවල් පවා සිතේ තබාගෙන සිට වුවමනා වූ විට ඉදිරිපත් කර කතා කරයි. ස්ථිර ජය ලැබෙන තුරු සටන් කරගෙන යාමට සමර්ථයි. මිල මුදල් සම්බන්ධ හා තමාගේ ලෞකික දේවල් බොහෝ සුපරීක්ෂාකාරී වෙයි. සිකුරා මෙන්ම වෛවාරන්න ඇඳුම් පැළඳුම් වලට වියදම් කිරීමට මැලි නොවේ. භූමියට හිත වේ. වැවීමට මල් වැවීමට හිතවේ. අන්‍යයින් උදෙසා වියදම් කිරීමට ටිකක් මැලි වෙයි. තරමක් ලෝභී වේ. මුදල් ගනු දෙනු වලදී ප‍්‍රවේසම් වෙයි. කඩිසර කමක් නැත. එහෙත් නොනවත්වා වැඩෙහි යෙදී කරගෙන යාමට සමර්ථ වේ. විරුද්ධකාරයා ඉදිරියේ දනින් වැටී නැමෙන්නෙක් නොවේ. ස්වභාවික දර්ශනයන්ට පි‍්‍රය වේ. නගරබද ජීවිතයට වඩා මල් ගොමු පළතුරු ගස්වැල් ආදියෙන් යුත් පිටිසරබද ජීවිතය යහපත් සේ සිතයි. කථාවට බොහොම හොඳයි. කරුණු ඇතුව කතා කරයි. තමාගේ අදහස් තදින් අල්ලාගෙනම සිටියි. අනුන්ගේ දැනමිතිකම් අනුව කටයුතු කිරීමට සතුටු නැත. තමා දන්නා කෙනෙක් සේ සිතයි. සිතුවිලි ලෞකික පැත්තට බරවේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තරමක ලෝභ කමත් සැප පහසුවට ඕනෑවට වඩා ආශාවන් ජයගැනීමට තිබෙන ආශාවත්ය. එනිසාම සතුරෝ ඇතිවෙති. නඩුමගට ද බසින්න අන්තිමේ සිදුවේ.
රෝග : සියලූ සෙම් රෝග පහසුවෙන් සෑදේ. ඔලූවේ බෙල්ලේ හා පපුවේ රෝග, උගුරේ රෝග, පීණස, ඇදුම, සෙම් ගෙඩි ලෙහෙසියෙන් සෑදේ. කල්යාමේදී මලබද්ධය, ලේ වැඩිකම හෝ සෙම් වැඩිකම, වතුර වැඩිකම පිළිබඳ රෝග ලේ නහර පිපිරීම, පණ නැතිවීම ආදී රෝග සෑදේ. වෘෂභයෙන් උපන් අයට පච්ච ගල් පැළඳීම යහපති.
මිථුන►
සාමාන්‍ය රූප ස්වභාව :
උස් වූ සම්පූර්ණව වැඩුණු ශරීරය වෙයි. දික් වූ අත පය වේ. ලක්ෂණ දේහය වෙති. බොහෝ විට ප‍්‍රමාණයට වඩා උස් වෙයි. තාලයට ගමන් කරයි. පැහැදිලි වචන වෙයි.
ගතිගුණ :
නර රාශියක් වූ මිථුනයෙහි උපන් අය මනුෂ්‍ය ජීවිතය සම්බන්ධ මනා අවබෝධයක් ඇත්තෙකි. මානුෂික ගතිය හා අනුකම්පාව ද ඇතිවේ. ඒ ඒ වෙලාවට වුවමනා අන්දමට කටයුතු කිරීමට දක්ෂ නුවණක් තිබේ. කථාවෙහි දී සෑම දෙයක්ම දන්නා කෙනෙකු මෙන් උඩින් පෙන්වීමට කතා කරයි. දක්ෂ චින්තකයෙක් නොවේ. නිතර අදහස් වෙනස් වෙයි. මේ නිසාම පටන්ගන්නා දේවල් මුලින් හිතූ හැටියට අවසාන නොකරයි. පරස්පර විරෝධී වේ. බුදුහු බලවත්ව යහපත් තැනක සිටියොත් දක්ෂ කථිකයෙකු හෝ කාව්‍ය කාරයෙකු හෝ සංඟතඥයෙකු වීමට ඉඩ තිබේ. නිතරම වෘත්ති දෙකක හෝ වැඩි ගණනක යෙදෙන්නෙකි. එකක් කරන ගමන් තව එකක් ගැන සිතයි. සමහරවිට ස්ත‍්‍රී පක්ෂ්‍ය නිසා ධන හානියට පැමිණේ. නවයේ පාපයෙකු නොසිටියොත් හොඳට ආගමික භක්තිය ඇත්තෙක් වෙයි. ඇවිදිලි ප‍්‍රියවේ. වැඩෙහි යෙදී සිටින තුරු ඒ වැඩෙහි දක්ෂයෙකු ලෙස කටයුතු කරයි. මිත‍්‍රසන්තවය ඇති කෙනෙකි. කලින් පළපුරුද්දක් නැති අමුතුම වැඩක වුවත් නොපැකිල යෙදෙයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ පටන් ගන්නා වැඩ අවසාන නොකර අතර මග අත හැර දැමීමත් දවසින් දවස අදහස් වෙනස් කිරීමත් නිස්කලංක භාවයක් නැතිකමත් වේ.
රෝග :
පෙනහැල්ලේ රෝග, නිව්මෝනියා, ප්ලූරැුසි, ඇදීම, බ්‍රොන්කටයිට්ස් නම් සෙම් රෝගය ආදී පපුව ප‍්‍රදේශයේ රෝග හා බාහුවල වාත රුදාව ද ලෙහෙසියෙන් සෑදේ. මිථුනයෙන් උපන් අයට අක්වා මැරීන් හෝ ලා නිල් ගල් පැළඳීම යහපති.
කටක►
සාමාන්‍ය රූප ස්වභාව :
මධ්‍යම ප‍්‍රමාණ සිහින් ශරීරය වෙයි. දික්වූ අවයව වේ. ප‍්‍රිය මුහුණ වේ. සෞම්‍ය පෙනුම වේ. සිවුමැලි ශරීරය හෙවත් සියුම් සම ඇති කෙනෙකි. ගොරෝසු දේවල් පරිහරණය කළ නොහැක.
ගතිගුණ :
කටකය උත්තරායනයෙහි උසස්ම තැන වේ. හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි ඇති තීක්ෂණ චින්තකයෝ වෙති. දුටු දේ කිරීමෙහි සමර්ථ වේ. තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් විශ්වාස කර ඊට නැමේ. ක‍්‍රියා සූර වේ. උදාර අදහස් වේ. සෘජු අදහස් ඇත්තෙකු මෙන් පෙනේ. සඟවන රහස් ඉතා අඩුවේ. ධනවත් වේ. සමහරවිට මහා ධනවන්තයෝ වෙති. අඹුදරු ආදීන්ට ඇති තද ඇල්ම නිසා ගෙදරම වාසයට හිතැති වේ. නිර්භීතවාක් මෙන්ම භයගුලූ ද වේ. මිත‍්‍රයන් ඇතිකරගන්නාක් මෙන්ම නැතිවෙති. විපතට දුරදීම භයවන්නෙකි. හෙවත් කෙලින් වැඩි ප‍්‍රවේසම් වන්නකි. අනුන්ගේ විපතේදී අධිකව කම්පා වේ. කුඩා සතුන් කෙරෙහි ද පොඩි ළමයින් කෙරෙහි ද තමාට වඩා පහත් අය කෙරෙහි ද දුර්වල පක්ෂය හෙවත් ස්ත‍්‍රීන් කෙරෙහි ද හිතවත් වේ. සියලූ දුක් කරදර නඩුහබ නින්දා අපහාස මධ්‍යයේ වුවත් ප‍්‍රකට භාවයට පැමිණේ. ඉවසිලි ගතිය අඩුය. තරහ කල් නොපවතී. මහා ව්‍යාපාර ගැන සිතයි. කටයුතු ද එසේමය. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමට සුදුසු වේ. උස් පාත්වන ධනය හා තත්ත්වය ඇතිවේ. චන්ද්‍රයා ලග්නයේ නම් බොහා් කොටම එසේම වේ. ආගමික උත්සව වලට ප‍්‍රිය වේ. අවවාද දීමට අති දක්ෂයෝය. අන්‍යයන්ගේ ආරක්ෂාවට අවවාද දෙතත් තමා ඒවා ගැන එතරම් සලකා ආරක්ෂා නොවේ. අසදෘශ භාර්්‍යාවක් ලැබේ. ලෝකයේ මහා ශ්‍රේෂ්ඨ පුුරුෂයෝ මේ ලග්නයේ ඉපදී සිටියහ. දැනුදු සිටිත්. ඉරුගේ උත්තරායන ගමනේ මුදුන බැවින් ලෝකෝත්තර අදහස් ෙවි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික අනුකම්පාවත්, වහා කිපීමත් නොඉවසිලි කමත් උස් පාත්වන තත්ත්වයත්ය.
රෝග :
ගලනාලයේ ආමාශයේ අසනීප, ග‍්‍රහණිය, අර්ශස් රෝගය, නිතර බඩ පිපුම, පිත්තාධික රෝග පහසුවෙන් සෑදේ. කටකයෙන් උපන් අයට පච්ච හෝ දියපච්ච ගල් පැළඳීම යහපති.
සිංහ►
සාමාන්‍ය රූප ස්වභාව :
පළල් වූ උරහිස් වලින් යුත් සම්පූර්ණ ව වැඩුණු දේහයක් වෙයි. බඩ සිහින්ය. තේජවන්ත පෙනුමක් ඇතිවේ. ලොකු හිසක් වේ. රත් පැහැ සම වේ. උරහිස් සමහර විට බොහෝ පළල් වේ.
ගතිගුණ :
රවි හිමි සිංහයෙහි උපන්නේ ආත්ම ශක්තියෙන් යුත් දියුණු වීමේ තද ආශා ඇති එඩිතර ගති ඇත්තෙක් වේ. චිත්ත ධෛර්ය නිසාම විපත් වලින් මිදී මතුවෙයි. ආත්ම විශ්වාසය නිසාම ඕනෑම බැ?රුම් කටයුත්තක් කිරීමට භාර ගනී. මහ බලාපොරොත්තු නිසා සුළු වැඩ හා සුළු වැඩ කරන්නන් නුරුස්සයි. ආ ගිය තැන ප‍්‍රධානත්වය දරයි. අන්තිම මොහොත දක්වා වෙනස් නොකරණ හිත නිසා මූලිකත්වයට හා ප‍්‍රසිද්ධියට පැමිණේ. මන්ත‍්‍ර ශාස්ත‍්‍ර, කාව්‍ය ශාස්ත‍්‍ර, චිත‍්‍ර කර්මාන්තාදියට පි‍්‍රය වේ. ඒවායේ ද දක්ෂ වෙයි. සිහි කල්පනාවෙන් යුක්තව ක‍්‍රමානුකූලව කටයුතු කරන්නෙකි. එයින්ම ජීවිතයේ ජය පක්ෂය භජනය කරයි. කෙනෙකුට පළමුවෙන් තමා වරදක් නොකරයි. ආඩම්බර වේ. තමාගේ අඹුදරු ආදීන්ගේ වරදක් තමාගේ වැඩිහිටියෙකු වුවත් පෙන්වනවාට කැමති නැත. රජ පාක්ෂික වේ. අන්‍ය්‍යනගෙන් ගරු බුහුමන් නිරායාසයෙන් ලැබේ. හරි හෝ වැරදි හෝ වේවා තමා ගත් අදහසම ක‍්‍රියාවේ යෙදීමට උත්සාහ ගන්නා ගතියක් තිබේ. බඩගිනි ඉසිලීමට දක්ෂ වේ. මහා වේගවත් පාලකයෝ මේ රාශියේ ඉපදී සිටියහ. දැනුදු සිටිත්. දුර්වලකම් හැටියට පෙනෙන්නේ තමාගේ තීන්දුව වෙනස් නොකිරීමට සිතීමත් පතල වීමට හා අන්තිම තීන්දුව දීමට ඇති ආශාවත් වේ.
රෝග :
හෘදයේ හා කොඳු ඇටයේ රෝගවලට භාජනය වෙයි. වැඩි වියේදී වකුගඩු රෝග ද මුත‍්‍ර රෝග ද සෑදේ. සිංහයෙන් උපන් අයට තනි රතු, දියමන්ති බෙර්ලියන්තු පැළඳීම යහපති.
කන්‍යා►
සාමාන්‍ය රූප ස්වභාව :
සිව්මැලි ශරීරය වේ. මධ්‍යම ප‍්‍රමාණ වේ. සමහර විට මධ්‍යම ප‍්‍රමාණයටත් කුඩාවේ. ලෙලදෙන කට හඬ වේ. කඩිසර ගමන් වේ. වයසට වඩා තරුණ ගතියක් පෙනේ.
ගතිගුණ :
ඥානයට අධිපති බුධහුගේ උච්චරාශිය වූ කන්‍යා ලග්නයෙහි උපන් අයට විසඳීමෙහි දක්ෂ ඥානයක් උත්පත්තියෙන් ලැබේ. බොහෝ අනුකම්පා සහගත වේ. අනුන්ගේ දොස් දකී. ඉතා ප‍්‍රවේසම් සහිත වෙයි. ආත්ම විශ්වාසය අඩු කෙනෙකි. කලබල ගතිය කෙබඳු ද කීවොත් ලියුම් දෙකක් ලියා සියල්ල ඉවර කර නියම ලියුම නියම කවරයේ දැම්මාද කියා නැවත විවෘත කර බලයි. යමක් කීමේදී ඉතා සුළු දේ පවා විස්තර කර කියයි. නැවත නැවත කියයි. ගෙදරදොර කටයුතු පවා වැඩිපුර සොයා බලා කිරීම සිරිත වේ. ගේදර දොර බඩු බාහිරාදිය පවා නියම ක‍්‍රමානුකූලව තබා ගැනීමට සිතයි. ලියකියවිලි ඉතා ප‍්‍රවේසම් සහිතව පිළිවෙලට තබාගනී. වුවමනා නැති සුළු දේවල් වලට පවා කාලය ගත කරයි. ලොකු දේ අතපසු කරයි. දීමට පි‍්‍රයවේ. රසදේ කෑමට ද ප‍්‍රිය වේ. මිත‍්‍රකම් කල් පවත්වා නොගනී. නිරෝගි වේ. එමෙත් නැති ලෙඩට බොහෝ භය වේ. නැති ලෙඩට බෙහෙත් කයි. පොළවට හිත වේ. වැවීමට සූර වේ. මුදල් වියදම් කිරීම ඉතා සකසුරුවම් කමින් වේ. හිතනවාට වඩා වැඩ කරන්නෙකි. රාහු කන්‍යා ලග්නයේ සිටී නම් මේ ගති බොහෝමයක්ම මෙසේම වේ. බුදහු බලවත් නම් වේගවත් වචන හෝ සිනහ බස් හෝ කවට බස් අධික වේ. දුර්වලකම් හැටියට පෙනෙන්නේ ආත්ම විශ්වාසය අඩුකම නිසා අනුන් විශ්වාස නොකිරීමත් ඉතා සුළු දේවල්වල ඇඟිලි ගැසීමත් අනුන්ගේ දොස් සෙවීමත් වේ.
රෝග :
ආමාශයේ රෝග වලටත් සාමාන්‍ය ශරීර ශක්ති අඩු වීගෙන යන රෝග වලටත් භාජනය විය හැක. කන්‍යාවෙන් උපන් අයට ලා රතු හෝ ලා පාට ගල්, පත්ම රාග පැළඳීම යහපත් වේ.
තුලා►
සාමාන්‍ය රූප ස්වභාව :
උස් වූ සාමාන්‍ය ප‍්‍රමාණයට වැඩුණු දේහයකි. ප‍්‍රිය ලක්ෂණ පෙනුමක් ඇතිවෙයි. තියුණු ඇස් ඇතිවේ. මධ්‍යම වයසෙන් පසු හිසේ පස්සා පැත්ත තට්ටය සෑදේ.
ගතිගුණ :
සෘජු අනුකම්පා සහිත කරුණාවන්ත සිතක් ඇති කෙනෙකි. යුක්තියටත් සහයෝගයටත් කරුණාවටත් ගරු කරන්නෙකු වෙයි. සමාදානයට ඉතා කැමති වෙයි. ඥානයත් සූර ගතියත් වාග් චාතුර්යයත් දායාද මෙන් උත්පත්තියෙන් ලැබී තිබේ. ඉව හෙවත් කලින් යමක් පෙනෙන ඥානය ඇත්තෙක් වේ. තරහ ඉතා ඉක්මනට සංසිඳේ. කෞශල්‍යයට ආශා කරයි. ව්‍යාපාරයන්හි දක්ෂ වේ. යුක්ති පසඳීමෙහි මූලිකත්වය දරයි. තරාදියක් මෙන් සමබරව යුක්තිය විසඳයි. මේෂ ලග්නකාරයා මෙන් නොව තමාගේ පුද්ගලික සැප පහසුකම් අන්‍යයන් උදෙසා කැපකර තමා දුක් විඳීමට තුලා ලග්න කාරයා කැමති වෙයි. ආත්මාර්ථයට වඩා පරාර්ථය ගරු කරයි. උසස් සිතිවිලි වේ. ස්වභාවික සංදර්ශනයට පි‍්‍රය වෙයි. වාද විවාදයේදී සමාදානයට ගරු කරයි. මෘදු මිහිරි ගතිය නිසා නිතර ප‍්‍රිය ස්වභාවයක් අති වේ. සමාජයට හිත වේ. ඇවිදීමට හිතවේ. ජන සේවයේදී මූලිකව පෙනේ. අන්‍යයන්ගේ හොඳ හිත දිනාගැනීමට සමතියි. මනුෂ්‍යත්වය ඉතා ගරු කොට සලකයි. කටක මකර දෙකට මැද බැවින් ලෞකික ලෝකෝත්තර ගති දෙකට මැද සිටියි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ කෞතුක දේට ආශාවත් නිතර ප‍්‍රීති වීමේ ආශාවත් තීන්දුවට නොබැසීමත්ය.
රෝග :
වකුගඩු රෝග ඇපැඩිසයිටිස්, කටීවායු හෙවත් තුනටියේ වාත රෝග, මුත‍්‍රාශයේ රෝගවලට භාජනය විය හැක. තුලාවෙන් උපන් අයට බෙර්ලියන්තු, දියමන්ති, සුදුනිල් පැළඳීම යහපති.
වෘශ්චික►
සාමාන්‍ය රූප ස්වභාව :
යහපත් සේ වැඩුණු අවයව වේ. නිරෝගී වේ. වකුටු හිසකෙස් වේ.
ගතිගුණ :
ඉක්මන් කෙනෙක් වෙයි. නිර්භීත වෙයි. රහස් නැත. අවහිරයට පයින් ගසා ඉදිරියට යන ගතියක් තිබේ. සාරවත් හිතක් ඇත්තෙකි. එසේ ම ඥානවන්ත ද වේ. ඉතා කඩිසර ගති ඇත්තෙකි. ධෛර්ය නැතිකර නොගනී. හෙවත් නැතිවූ ධෛර්ය වහා ඇතිකිර ගන්නෙකි. උසස් ආඩම්බර ගති ඇතිවේ. ගුණ දොස් විවේචනයට ප‍්‍රිය වේ. අන්‍යයන්ගේ අදහස් ක‍්‍රියා ආදියේ දොස් පෙනේ. ඒවා සම්බන්ධ කතාකරන්නට ගොස් නිකරුනේ අසතුටු සාදා ගනී. මේෂ රාශිය ළඟට වෘශ්චික රාශිය ක‍්‍රියාවෙහි දක්ෂ වේ. නොයෙක් දේ දුටු හැටියේ කළ හැකි වෙයි. රැුස්කර තබා ගැනීමේ ආශාවක් නැත. මානසික ධර්ම වහා අවබෝධ වන නුවණක් තිබේ. සෙවීමට ආශා ඇත්තෙකි. කාලය අනුව ගරුසරු කරන සිරිත් වලට සැලකුවේ වී නමුත් ක‍්‍රමානුකූලව කතා කළොත් ඒවා බිඳ දැමීමට සමත් වේ. තමාගේ කටයුතු පමණක් බලාගෙන ක‍්‍රියා කරන ගතියක් තිබේ. වෘශ්චික ලග්නයෙහි උපන් අය ආගිය තැන කැපී පෙනෙන ගතියක් තිබේ. යමක් උඩින් පිළිගන්නා ගතියක් නැත. හොඳට අවබෝධයෙන් පසුව පිළිගනී. තමාගේ දක්ෂ භාවයෙහි ඇති ආත්ම විශ්වාසය නිසා කටයුතු අන්තිම මොහොත දක්වා කල්දමයි. මම ඒක ඕනෑ වෙලාවට කරන්නම් කියයි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ මායමක් නැතිව තමාගේ අදහස් අන්‍යයන්ට දැනගන්නට හැරීම, වහා කිපීම, සෙල්ලම් ක‍්‍රීඩා ආදියට ඇති ආශාව, හා තරමක කුඩුකේඩු කමත්ය.
රෝග :
මුත‍්‍රාශයේ ගර්භාෂයේ රෝග මුත‍්‍ර ගල් හා දරුණු ඉක්මන් රෝග ආදියයි. වෘශ්චිකයෙන් උපන් අයට පුෂ්පරාග කහපට ගල් පැළඳීම යහපති.
Last edited:

