ලංකාවේ එක්තරා
සිංහල පුවත් වෙබ් අඩවියක් අද පුවතක් වාර්තාකර තිබුනේ මෙසේයි..
"දිගින් කිලෝ මීටර් 240ක ප්‍රමාණයේ වන අතිවිශාල ප්‍රමාණයේ යානාවක්ද සහිතව අභ්‍යාවකාශ යානා තුනක් පෘථිවිය ආක්‍රමණය කිරීම සඳහා පැමිණෙමින් සිටින බව හඳුනා නොගත් අභ්‍යවකාශ වස්තූන් පිළිබඳව පරීක්ෂණ පවත්වන ඇලෙස්කාවේ රඳවා ඇති නිරීක්ෂණ මධ්‍යස්ථානය නිරීක්ෂණය කර ඇති බව අන්තර්ජාල වාර්තා සඳහන් කරයි. පෘථිවියට ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා මෙම යානා පැමිණෙන බවද ඔවුන් සඳහන් කරයි. විශේෂ වෙනස්කමක් සිදුනොවුනහොත් මෙම යානා 2012 වසර වන විට පෘථිවිය කරා පැමිණෙනු ඇති බවට ඔවුන් විශ්වාසය පල කරයි. එම වසරේ දෙසැම්බර් මාසයේදී එම යානාවලින් පෘථිවියට ප්‍රහාරයක් එල්ල වෙතැයිද ඔවුන් අනතුරු අඟවයි.
මායාවරුන්ගේ දින දර්ශණය අවසන් වන්නේද 2012 වසරේ වන අතර ලෝක විනාශයද එම වසරේ සිදුවනු ඇති බවටද ඔවුන් අනාවැකි පල කර ඇත.
- අන්තර්ජාලය ඇසුරිනි."
ලංකාවෙ ප්‍රකට ජාතික පුවත්පතක් වන
දිවයින පුවත් පතේද මෙම පුවත පසුගිය 12වනදා වාර්තාකර තිබුනි.
මෙහි සත්‍යතාව ගැන දෙවරක් සිතූ මා මේ පිළිබඳව මඳක් ගූගල් කලෙමි. ඇත්තෙන්ම මෙයත් මේදින වල ලැව ්ගින්නක්සේ පැතිරෙන තවත් බොරුවට බයකරන කටකතාවක්(Hoax)
.
මෙම බොරුවේ ආරම්භක ලිපිය
www.examiner.com නම් වෙබ් අඩවියෙන් පසුගිය 8වනදා
3 Very Large Objects In Space Flying To Earth නමින්වාර්තාකරන ලදී
.
මේ පිලිබඳව කරුනු පැහැදිලි කරමින් Search For Extra Terrestrial Intelligence (SETI) ආයතනය සිය නිල වෙබ් අඩවිය කියා සිටින්නේ මෙය සම්පූරණ අසත්‍යක් බවත්, එවැනි අනතුරක් පවතින්නේ නම් ඒ පිළිබඳව නිලවශයෙන් ලොව දැනුවත් කරන බවත්ය.
එම ලිපිය මෙතනින් කියවන්න
අන්තර්ජාලය පිලිබඳ මෙලෝ අවබෝධයක් නොමැතිව ලාංකික ජනමාධ්‍ය මේ ආකාරයෙන් වගකීම් විරහිත පුවත් පලකිරීම කනගාටුවට කරුණක්. හොඳ මෙන්ම නරකත් අසුරු සැනින් ලොවපුරා පැතිරෙන මෙම තොරතුරු යුගයේ, ජනමාධ්‍ය මීට වඩා වගකීම් සහගත වියයුතුයි.