මම හිතන්නේ ඔය ගැන නිසි බලධාරීන් දැනගත්තම ඒකට නිසි පියවරක් ගනී......නැතුව අපි මෙතන ආගම් ඇදගෙන රණ්ඩු කරගෙන හරියන්නේ නැහැ...මම කතෝලිකයෙක්....ඔය නිකරුනේ ආගම් ප්‍රශ්ණ ඇදලා අරගෙන රණ්ඩු කරන්න හදන යාලුවන්ට මම අපේ අගමේ තියෙන දෙයක් කියලා දෙන්නම්....මිනිස්සු වයිශාවක් කියලා පව්කාර ස්ත්‍රියට ගල් ගහන්න සූදානම් වෙද්දි ජේසුස් වහන්සේ එතනට පැමිනිලා බිම ඉරක් ඇදලා කිව්වා..පව් කරපු නැති එක මිනිසෙක් හරි ඉන්නවනම් මේ ස්ත්‍රියට මුල්ම ගල ගහන්න කියලා....එතකොට මොකද වුනේ මිනිස්සු සේරම ගල් දාලා යන්න ගියා.....අන්න එ වගේ තමයි..මතක තියගන්න මේ ලොකයේ සෑම මිනිසෙක්ම මොකක් හරි වැරදි දෙයක් කරලා තියෙන බව....ඒ දෙවල් මිනිසුන් විදිහට දැනුමෙන් , බුද්ධියෙන් විසදා ගැනීම හැර සින්හලයන් වශයෙන් කුලල් කා ගැනීම නෙවේ අපි කල යුත්තේ......එහෙම නේද යාලුවනේ?