නාමල්_උඩවත්ත - Story of a Soldier

gfh

Active member
  • Mar 21, 2008
    11
    210
    28
    H1ÐÐ3n
    නාමල්_උඩවත්ත - Story of a Soldier

    .
    .
    .




    යුධ හමුදා වෙබ් අඩවියට පිවිසෙන්න. http://www.army.lk/sinhala.php
    © GFH ELAKIRI.COM උපුටා දැක්වීම්වලදී ELAKIRI.COM සබැඳියාව බහාලීමට කාරුණික වන්න

    ඔබ කියවිය යුතු මාගේ අනෙකුත් ලිපි :- මේජර් ජෙනරාල් කේ. ජනක සී. පෙරේරා

    අද මා මේ පවසන්නට යන්නේ කොටි ත්‍රස්තවාදීන්ගේ මරණ සහතික අප හමුදාවෙන් ලහි ලහියේ නිකුත් කෙරෙමින් පැවතුනු අවධියේ කතාවකි. 2008 වසර උතුරේ උග්‍ර ලෙස සටන් ඇවිලෙමින් තිබූ වසරකි. මහජනයා වෙත තොරතුරු නිකුත් නොකළද සටන වෙනුවෙන් දිවි පිදූ සෙබළු දහස් සංඛ්‍යාත වූවෝය. ජනමාධ්‍යයෙන් ඔබ කිසි දිනෙක අසා නොමැති වූවද, සාමාන්‍ය සෙබලාගේ සිට ඉහලම නිලය දක්වා ජීවිත පරිත්‍යාගයෙන් මේ සටන ජය ගැනීමට දායකත්වය සැපයූවෝ බොහෝ වෙති. තවත් එවැනි එක් විරුවෙකුගේ කතාවක් මෙසේ ඔබ වෙත ගෙන ඒමට මා තීරණය කළෙමි.

    2008 වසරේ අග භාගය වන විට අති විශාල සංග්‍රාමයකින් අනතුරුව, අප කෙමෙන් කෙමෙන් කිළිනොච්චියට ලඟා වෙමින් සිටියෙමු. කිලිනොච්චිය නගරාසන්නයේම පිහිටි ගම වූයේ අක්කරායන්කුලම් ගම්මානයය. එය අත්පත් කර ගැනීම සඳහා කළ සටනේ මූලික ඉලක්කය වූයේ අක්කරයාන්කුලම් වැව් බැම්ම හා ඒ ආශ්‍රිත ප්‍රදේශය යටත් කරගැනීමය. මේජර් ජනරාල් ජගත් ඩයස් මහතා යටතේ පැවතුනු 571 සේනාංකය ඒ ඉලක්කය සපුරාගැනීම සඳයා යොදවන ලදුව ඔවුන් විසින් සාර්ථකව සටන අවසන් කරන ලදුව වැව් බැම්ම අල්ලා ගනු ලැබීය.
    මෙම ලිපිය එළකිරි.කොම්හි පල වූවකි.
    ඉන් පසු ඉලක්කය වූ අක්කරායන්කුලම් ගම්මානය පිහිටියේ කිළිනොච්චිය නගර සීමාවට ගිණිකොන දෙසිනි. ගම්මානය ගැන යම් සඳහනක් කළහොත්, එය 4500-5000 ත් අතර ජනගහනයක් විසූ ගමකි. මහා විදුහලක් සහ දිස්ත්‍රික් රෝහලක්ද මේ තුල පිහිටා තිබුණි. වැව් බැම්ම අත්පත් කරගැනීමෙන් අනතුරුව අක්කරායන්කුලම අත්පත් කරගැනීම සඳහා සටන මීලඟට දියත් කෙරුණි.

    අක්කරායන්කුලම් හීදී සිදු වූ මෙම සටන කොටින්ට තවත් තීරණාත්මක සටනක් වූවේ නච්චිකුඩා සිට කොටි ඉදිකළ අවසාන ආරක්ෂක වළල්ලේ අවසානය වූයේ එය බැවිනි. එහෙයින් නච්චිකුඩාව රැකගැනීම සඳහා උන් විසින් දරණ ලද්දේ මහත් වෑයමකි.

    එවන් තත්ත්වයක් යටතේ කොටින්ගෙන් එල්ලවූ අධික ප්‍රතිරෝධය මැඩගෙන කොටි ගසා තිබුණු බංකර 21න් 18ක්ම අල්ලා ගැනීමට හමුදාව සමත් වූවද, ඉතිරි බංකර තුන යටත් කරගැනීමට නොහැකි විය.

    මේ අවස්ථාවේදී එක් සෙබලෙකු ස්වෙච්චාවෙන්ම ඉදිරිපත්වී, යටත් කරගැනීමට නොහැකිවූ බංකර තුන යටත් කරගැනීමට මෙහෙයුමක් දියත් කිරීමට, සිය ප්‍රධානියා වූ 12වන රෙජිමේන්තුවේ අණ දෙන නිලධාරියා වූ ලුතිනන් කර්නල් ඉන්ද්‍රජිත් බණ්ඩාරගෙන් අවසර ඉල්ලීය.

    එම සෙබලා නමින් නාමල් උඩවත්තය. අලව්වේ පදිංචිකරුවෙකු වූ ඔහුට ඒවන විට වයස අවුරුදු 31ක් විය. හමුදාවේ සමූහ ප්‍රහාරයන්ට යටත් කරගතහැකි නොවූ මේ බංකර තුන යටත් කරගැනීමේ මාරාන්තික සටනට ඔහු මෙසේ ඉදිරිපත් විය. ඔහුට සටන් කිරීමට අවසර ලැබිණි.
    මෙම ලිපිය එළකිරි.කොම්හි පල වූවකි.
    තවත් සෙබළු 7 දෙනෙකුද කැටුව කොටින්ගේ බංකර තුන ආසන්නයටම බඩගාගෙන ගිය නාමල් උඩවත්ත මාරාන්තික ප්‍රහාරයක් කොටින්ට එල්ල කළේය. එය දරාගත නොහැකිවූ කොටියෝ පසුබැස පලාගියේ සිංහයන්ගේ ශක්තියට හා ධෛර්ය්‍යට ඔවුන්ට අභියෝගයක් විය නොහැකිබව පසක්කර ගනිමිනි.

    මෙහෙයුම සාර්ථකව අවසන් කළ ඔහුගේ මේ කියාව පිළිඹඳ දැනුවත් වූ 571 බලසේනාධිපති කර්නල් ජීපී රවිප්‍රිය මහතා වහාම ඔහුව සැරයන් තනතුරට උසස් කළේය.

    එතැන් පටන් සැරයන් නාමල් උඩවත්ත වන ඔහු නැවත කරළියට එන්නේ අක්කරායන්තකුලම් ගම්මානය අල්වාගැනීමේ අවසන් සටනේදීය. 12වන සිංහ හා 9වන ගජබා යන රෙජිමේන්තු සුසංයෝගයෙන් මේ සටන් සිදුවිය. මේ සටනේදී 8දෙනෙකුගෙන් යුක්ත වූ විශේෂ පාබල මෙහෙයුම් භට කණ්ඩායමකට අණ දුන්නේ සැරයන් නාමල් උඩවත්තය. මෙහිදී අක්කරායන්කුලමට ආසන්නයේ කොටි කණ්ඩායමක් සමීපයට, ඔහුගේ අණ දීමෙන් යුක්ත භට පිරිස ලගා වූහ.

    කොටියෝ පහර දුන්හ. නාමල්ගේ භට පිරිසිද පෙරලා පහර දුන්නෝය. එහිදී කොටියෝ අටකට මරු කැඳවා ඔවුන්ගේ ආයුධද අත්පත් කරගැනීමට හමුදාවෝ සමත්වූහ.
    මෙම ලිපිය එළකිරි.කොම්හි පල වූවකි.
    මේ වන තුරු ඔබ කියෙව්වේ නාමල්ගේ ජයග්‍රාහී සංග්‍රාම පිළිඹඳවය. දැන් මා සැරසෙන්නේ නාමල්ගේ අවසන් සටන ගැන යමක් ලිවීමටය. ඔහු මිය ගියේද ඒ සටන් බිමේදීමය. සටන් බිමේ කොටි ප්‍රහාර මැද ඉදිරියට ගිය ඔහුගේ පාදයකට තුවාල විය. තුවාලයට තාවකාලික ප්‍රථිකාර ගෙන නැවත ඉදිරියට යෑමට තරම්, මේ විරුවා නිර්භය විය. ඒ අවස්ථාවේ රුදුරු කොටි අවියකින් නිකුත්වූ වෙඩි උණ්ඩයක් ඔහුගේ ළය හරහා ගමන් කළේය. 31 වසරක් වූ ඔහුගේ කෙටිකාලීන දිවියේ වැඩි රට වෙනුවෙන් ගැසුනු හදවත නිසල විය.

    ඒ අවස්ථාවේදී සැරයන් උඩවත්ත හා සටනට පිවිසි සෙබළ සිසිරට ඔහුගේ මළසිරුර එහි දමා ඒමට සිත් දුන්නේ නැත. නාමල්ගේ සිරුරද කරගහගත් සිසිර පසුපසට එමින් සිටියදී කොටියෝ යළිත් දැඩිලෙස පහර දුන්හ. ඒ අවස්ථාවේදී සිය දිවි බේරාගැනීමට සෙබළ සිසිර නාමල්ගේ සිරුර සමග ලඟ තිබූ ආරුක්කුවකට පැන්නේය. සති ගණනාවක් පුරා ඇදහැලෙමින් තිබූ මුරුගසන් වර්ශාව නිසා පිටාරගලමින් තිබූ මහා ජල කඳට හසුවූ සෙබළ සිසිරත්, නාමල්ගේ සිරුරත් ගසාගෙන ගියේය. සිසිර පීනා දිවි බේරාගත්තද ප්‍රාණය නික්මගොස් නිසසල වූ නාමල්ගේ සිරුර දිය යට සැඟව ගියේය.

    ----|----​


    නම් වශයෙන් මාධ්‍යට හෙළි නොකළද, ඔබ නොදන්නා, රට නොදන්නා මෙවන් විරුවෝ දහස් ගණනක් ඊළාම් යුද්ධයේදී සිය දිවි පූජා කළේ ශ්‍රී ලංකාණ්ඬුවේ සහ රටේ භෞමික අඛණ්ඩතාවයත්, ඒකීයත්වයත් වෙනුවෙනි. ඔවුන් සදා අමරණීයය.


    picture.php

    සැරයන් නාමල් උඩවත්ත ඔබට නිවන් සුව !​

    ************
    සටහන - ආරුක්කුවේ කිමිදුනු සෙබළුන්ට 2008.12.18 දින අවසානයේදී, නාමල් උඩවත්තගේ සිරුර හමු විය


    m6uAS.png


    © GFH 2012 @ ELAKIRI.COM උපුටා දැක්වීම්වලදී ELAKIRI.COM සබැඳියාව බහාලීමට කාරුණික වන්න.
     

    picture.php

    කරුණාකර ප්‍රතිචාර දැක්වීම්වලදී මෙම ලිපිය සම්පූර්ණෙයන්ම උපුටා දැක්වීමෙන් වලකින්න.
     
    Last edited:

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    Kilinochi2.bmp



    අපේ කාලයේ ජාතියේ විරුවනි ඔබ සදා අමරණීයයි!


     

    Welusumana

    Well-known member
  • Aug 16, 2010
    2,108
    154
    63
    why would I tell you
    ඔය වගේ තව නොදන්න කොච්චර වීරයෝ ඉන්න ඇද්ද.ඔබට නිවන් සුව නාමල් සහෝදරයාණේනි.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අප ගේ විරෝදාර රනවිරුවන් සදා සමරමු.............!!
    එසේම මේ හුය ඇමිණූ සොයුරානෙනි, ඔබ ගේ මේ ව්‍යායාමය අප ගේ පහන් සංවේගය පිණිසම බව ද සනිටුහන් කරමි.......!!!
    ඔබට පින්.....!!!!
     

    nusamax

    Member
    Aug 28, 2008
    1,345
    37
    0
    අප ගේ විරෝදාර රනවිරුවන් සදා සමරමු.............!!
    එසේම මේ හුය ඇමිණූ සොයුරානෙනි, ඔබ ගේ මේ ව්‍යායාමය අප ගේ පහන් සංවේගය පිණිසම බව ද සනිටුහන් කරමි.......!!!
    ඔබට පින්.....!!!!
    :yes::yes::yes::yes: