මුන්ගේ මොන බොරුද? කෝ කලින් දෙනවා කියපු සහනාදාර? අනික ඕවා හිතන්න ඕනේ තෙල් මිල වැඩි කරන්න කලින්. බැර කොරයි ලබ්බක්. මොකට කියනවද. තුක් විතරක්. 

තෙල් මිල වැඩි වුණත් ජනතාවට සහන රැසක්
බස්, ත්‍රිරෝද, පාසල් වෑන්, ධීවර, ඉන්ධන සහන අද සිටම
ජයසිරි මුණසිංහ සහ පණ්ඩුක සමරසේකර
ඉන්ධන මිල සංශෝධනයෙන් පොදු ජනතාවට ඇති විය හැකි පීඩාව අවම කිරීමේ අරමුණෙන් විශේෂ ඉන්ධන සහනාධාර ක්‍රමවේදයක් සැකසීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව පෞද්ගලික මගී ප්‍රවාහන බස් රථ, ත්‍රිරෝද රථ, පාසල් වෑන් රථ, ධීවරයන් සහ විදුලිය නොමැති ගම්මානවල ජනතාවට ඉන්ධන සහනාධාරයක් වහාම ලබා දීමට නියමිතය.
පෞද්ගලික බස් රථ හිමියන්ට ලබා දීමට යෝජිත ඉන්ධන සහනාධාරයෙන් අත්තිකාරමක් අද (13) සිටම ලබා දීමට නියමිත බව මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම් එස්. ආර්. ආටිගල මහතා “දිනමිණ” ට පැවසීය. පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගම් සමඟ මේ සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවල දී ගත් තීන්දුවක් අනුව ජාතික ගමනා ගමන කොමිසමේ නිර්දේශ මත අදාළ සහනාධාරය බස් රථ හිමියන්ගේ පෞද්ගලික බැංකු ගිණුම්වලටම බැර කෙරේ.
ඉන්ධන මිල සංශෝධනය කිරීමට ප්‍රථමයෙන් අදාළ ක්ෂේත්රවල සියලු සමිති සමාගම් සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණි බවත් ආටිගල මහතා කීවේය.
බස් රථ ධාවනය වන දින ගණන හා කිලෝ මීටර් සංඛ්‍යාව අනුව සහනාධාරය ගණන් බලා අදාළ මුදල ගිණුමට බැර කිරීමට නියමිතය.
ත්‍රිරෝද රථ හිමියන් සඳහා ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක කෙරෙන්නේ වර්ෂ 2008 දී ක්‍රියාත්මක කෙරුණු ආකාරයට ය.
විදුලිය නොමැති ගම්මානවල සමෘද්ධිලාභීන්ට ඔවුන් ගේ සමෘද්ධි කාඩ්පත් සඳහා ඉන්ධන සහනාධාරය ක්‍රියාත්මක කිරීමට රජය කටයුතු යොදා ඇත.
ධීවරයන්, පාසල් වෑන් රථ හිමියන් සහ විදුලිය නොමැති ප්‍රදේශවල ජනතාව සඳහා ග්‍රාම නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් හා දිස්ත්‍රික් ලේකම්වරු මාර්ගයෙන් අදාළ තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව සහනාධාරය ක්‍රියාත්මක කෙරේ.
මේ සියලු දෙනාටම මේ වසරේ මාර්තු මස වන විට නිශ්චිතවම සහනාධාරය ලැබෙන විධිමත් වැඩපිළිවෙළක් සැකසීම රජයේ අරමුණ බවත් ආටිගල මහතා පැවසීය.
කෙසේ වෙතත් මේ ඉන්ධන මිල සංශෝධනය ඛනිජ තෙල් සංස්ථාව දැනට ලබන පාඩුව මුළුමනින්ම පියවීමට තරම් ප්‍රයෝජනවත් නොවන බව ආටිගල මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.
http://www.dinamina.lk/2012/02/13/_art.asp?fn=p1202131

පව් බන් දුප්පත් මිනිස්සු උන්ගේ බඩටත් ගැහුව බූමිතෙල් බෝතලෙන් !! කයිය විතරයි මුන්ගේ !! වේ* හැත්ත නාස්ති කරනවා දුප්පත් මනුස්සයට කෙල වෙනවා !! 