ක්‍රිස්තියානි මූලධර්මවාදීන් විසින් බුද&a
මීට පෙරද අන්තවාදී කණ්ඩායමක් විසින් “භවතු සබ්බ මංගලං…” ගාථාව විකෘති කරමින් එහි අගට “සදා ශුද්ධාත්මානු භාවේන…” ආදී කොටස් එකතු කර විකෘති කර තිබුන බව බැලුම්ගල වීඩියෝවේදී අසන්නට ලැබුනා ඔබට මතක ඇති. ඒ සම්බන්ධයෙන් ගන්නා ලද පියවර මොනවාද යන්න ඇසූ විට අදාල බලධාරියා ප්රශ්නය මග හැරි හැටිත් එහිදී මනාව අසන්නට ලැබුනා. ඉතින් ඒ පිළිබඳව පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක ස්වාමීන් වහන්සේ විසින් අද (2012.02.13) දින දිවයින පුවත්පතේ පළ කරන ලද ලිපියකින් උපුටාගත් කොටස් සහ අදාල පත්‍රිකාවේ පින්තූර මෙතැන් සිට දිග දිගහරිමු.
බුදු දහමට පහර දීමේ මෙම ක්රියාදාමයේ ආරම්භය අද ඊයෙක ආරම්භ වූවක් නොව, මීට වසර එක හමාරකට මත්තෙන් ද කඩවත, මහර, කිරිමැටියාගාර පල්ලියකදී දෙදෙනකුගේ විවාහ මඟුලක් මේ අයුරින්ම ධර්මය විකෘති කිරීමේ පාදඩ මෙහෙයුම දියත් කොට තිබිණ. විවාහ මඟුලට යවන ආරධනා පත්‍රයක් ලෙසින් සකස් කොට තිබූ මෙය පත්‍රිකා ලෙසින් මුද්‍රණය කොට බෙදා හැරීම ද සිදු කොට ඇත. කිතුනු අෂ්ටක ගාථා සමග කිතුනු සෙත් කවි යන මැයෙන් ආරධනා පත්‍රයේ මුලදීම දක්වා ඇත. එම හැඳින්වීමම ඉතා විකෘති සහගතය. මන්ද අෂ්ටක හා ගාථා මෙන්ම සෙත් කවි ඇත්තේ බෞද්ධ සම්ප්රදායයේ පමණක්ම වන බැවිනි. මුලදීම සුවහසක් බෞද්ධ ජනයා නිරන්තරයෙන් ආශිර්වාද පිණිස භාවිත කරන මංගල ගාථාවන් විකෘති කොට තිබුණේa කිසිදු තැකීමක් නොමැතිවයි.
තුන්රුවනක් සිටින්නේ බුද්ධ ශාසනයේ පමණකි. එය වෙනත් කිසිදු සමයක දක්නා නොලැබෙන්නකි. මෙහිදී කිසිදු හිරිකිතයක් නොමැති දේවදත්තයන් මේ ලෝකයේ උතුම්ම රත්නයන් වන තෙරුවන්ට නිගා කර ඇත්තේ ඊට සමාන බහුභූත මිත්‍යාදෘෂ්ටික නාමයන් තුනක් ඉදිපත් කිරීමෙනි. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය, යන තෙරුවන වෙනුවට මේ පාපතරයින් නම් කොට ඇත්තේ
සර්වබල දෙවියන්
සර්වබල දේව පුතනුවන්
සර්වබල සුදතුම්
යන බහුභූත නාමයන්ය. ඉන් නොනැවතුන ඔවුන් තිසරණයට සමානව යමින් තිසරණයද අමු අමුවේ විකෘති කොට ඇත්තේ මෙසේය.
සරණං දහම් සරණං
සරණං දේව වචනං
සරණං ත්‍රිත්ව සරණං
සරණං සකළ සරණං
ආදම්-ඒව සරණං
ආබ්‍රහම් සාරා සරණං
රෙබෙකා- ඊසාක් සරණං
සරණං වරං සරණං
ජාකොබ්-රාකේල් සරණං
ජොසෙස්-ආසෙනත් සරණං
මෝසෙස් – කුෂ් සරණං
සරණං සදා සරණං
ජුවකීම්- ආනා සරණං
සෙකරියස් එලිසබෙත් සරණං
ජුසේ- මිරියා සරණං
සරණං ඔබට සරණං
බෞද්ධ අප ජය ප්‍රාර්ථනා කරමින් ආශිර්වාද ලබා ගන්නා ජය පිsරිතද ඔවුන් අමු අමුවේ විකෘති කොට ඇත. ඕනෑම බෞද්ධයෙකුගේ සිත් පෑරෙන පරිද්දෙන් එම විකෘතියද සිදු කොට ඇත. ද්වත්තිංස මහා පුරුෂ ලක්ඛණානුභාවේන, අසීත්‍යානුව්‍යඤ්ජන ලක්ඛණානුභාවේන, අට්ඨුත්තර සතමංගල ලක්ඛණානුභාවේන, ඡබ්බණ්ණ රංසියානුභාවේන, කේතුමාලානු භාවේන, දසපාරමිතානුභාවේන, ආé ලෙස පවතින මහානුභාව සම්පණ්න ජය පිරිත විකෘති කොට ඇත්තේ
පිතානු භාවේන
පුත්‍රයානු භාවේන
ශුධාත්මයානු භාවේන
ආ වඩා ආයු බෝ වේවා
සාමුවෙල් දූත භාවේන
ගාබ්යෙල් දූත භාවේන
ඡොපියෙල් දූත භාවේන
මිඛායෙල් දූත භාවේන
රµdයෙල් දූත භාවේන
උරියෙල් දූත භාවේන
සදිකියෙල් දූත භාවේන
සදා සුරක්ෂා වේවා…
ආදී ලෙසින් දීර්ඝ නාමාවලියක් ඉදිරිපත් කරමින් භාවේන ආදී ලෙසින් විකෘති කොට ඇත. එමෙන්ම ආශිර්වාද සෙත් කවි ලෙස සිංහල බෞද්ධ සංස්කෘතික පසුබිම මත සකස් වූ සෙත් කවි කලාව අමු අමුවේම විකෘති කොට ඇති අයුරු පැහැදිලිය.
උපුටාගැනීම - සිංහල බෞද්ධයා වෙබ් අඩවියෙනි..