දැනගන්න​

Shan Rox

Member
Jan 16, 2011
95
27
0
දැනගන්න​ (MUST READ)

මේ ලිපිය ලියන්නේ ලාංකික රූපවාහිනී නාලිකාවල වල හා එෆ්.එම් නාලිකා වල සම"හරක්" වැඩසටහන් ඉදිරිපත් කිරීම්, නිවේදනය සම්බන්ධවයි. මා ලියූ වෙනත් ලිපිසේම මෙම ලිපියත් කවුරුන් විසින් හෝ උස්සා තමාගේ නමින් වෙනත් page වල පළ කර ගන්නා බව මා ඉතා හොඳින් දන්නා අතර, ලාංකික සමාජයේ හැටිද එය වන බව දනිමි.

මේ ඊයේ අවාසනාවකට මා නැරඹූ එක්තරා ලාංකික පෞද්ගලික රූපවාහිනී නාලිකාවක වීකාශනය වූ වැඩසටහනක කොටසක්.

"හායි හලෝ..ව් කෝමද ඉතින්.... ගුඩ් ඊවිනින් ඉතින් ඉතින් කොහොමද වැලන්ටයින් සෙලිබ්‍රේට් කලාද ඔයාලා? මූණේ හිනාවෙන් පේනවා ඔයාලා වැලන්ටයින් ෆන් එකේ සෙල්බ්‍රෙට් කරලා කියලා. බලන්නකෝ අනේ අද ඩැනී නෑනේ, එයා ග(ර්)ල් ෆ්‍රෙන්ඩ් එක්ක වැලන්ටයින් සෙලිබ්‍රෙට් කරන්න ගිහින්. අද මම විතරයි ඔයාලගේ ගෙදරට එන්නේ. බලන්න හරි නරකයි නේද ඩැනී හෙට ආවහාම අල්ල ගම්මු. වට් එවර් එහෙනම් අපි යමු අපේ චාට් එකේ ෆර්ට් සෝංග් එකට. මේ ගොඩාක් ගර්ල්ස් ගේ ඩ්‍රීම් ගායි ශිහාන්ගේ ලස්සන ට්‍රැක් එකක්."

ඉංග්‍රීසිත් නොවන සිංහලත් නොවන අළුත් තාලයේ සිංග්‍රීසි භාෂාවෙන් නිවේදිකාව මෙසේ කියාගෙන කියාගෙන ගියා.

අනේ මේ වර්තමාන ලාංකාවේ මාධ්‍ය සදාචාරය නොවේද? කොටට කොටේ, හිරට හිරේ, රතට රතේ ගවුම් කොටේකුත් ඇදගත්ත නිවේදිකාවක් තමන්ගේ වැඩසටහන ඉදිරිපත් කිරීමට මුවාවී තමගේ කාමුකත්වය අමු අමුවේ මිනිසුන් ඉදිරියේ විකුනනවා නොවේද?
මට මතකයි මීට ටික කලකට ඉහත මාධ්‍ය ලෝකයට ආපු දැවැන්තයන් ප්‍රේමකීර්ති සිට නිලාර් එම් කාසිම්, ඉඳුනිල්, සමිත, හේම නලීන්, කැලුම් ශ්‍රීමාල්, නිහාල් වික්‍රම, කිංස්ලි රත්නායක වගේ අය තමන්ගේම අනන්‍යතාවයක් ගොඩ නගාගෙන මේ වනතුරුත් ක්ෂේත්‍රය තුල ඉහලින් වැජඹෙනවා. අවාසනාවකට ප්‍රේමකීර්තියන් නම් අද අපි අතර නැහැ. ඔහු හිටියා නම් නිසැකවම මේ අලුත් නංගිලා අක්කලා අයියලා මල්ලීලාට රූපවාහිනිය ගුවන්විදුලිය තුල මෙවැනි අනග රැගුන් නටමින් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ඉඩ නොලැබෙනු ඇත.

මට මතකයි මීට ටික කලකට ඉහත එක්තරා පෞද්ගලික නාලිකාවක එක්තරා නිළි නිවේදිකාවක් ඉදිරිපත් කල වැඩසටහනක්. එම වැඩසටහනට සන්නස්ගලයන් පැමිණෙන අතර නිළි නිවේදිකාව කොහොමද සැප සනීප ජීවිතේ කොහොමද ඇසූ විට, සන්නස්ගලයන් "දර්ම චක්‍රය වගේ ජීවත් වෙනවා' යැයි කියනවා. අර "බෞද්ධ" නිළි නිවේදිකාවට එය නොතේරෙන අතර "හා" කියා ප්‍රතිචාර දක්වනවා. ඒ බව වටහා ගන්නා සන්නස්ගලයන් ඔහු පැවසු දෙයෙහි අර්ථය පැහැදිලි කරනවා. වැඩසටහන අවසානයේදී එම නිළි නිවේදිකාව "නැවත වරක් මේ වැඩසටහනට ආරාධනා කලහොත් එනවා නේදැයි ඇසූ විට සන්නස්ගලයන් මුනිවත රකී....

කතාව තිබූ පමණින් කෙනෙක් නිවේදකයෙක් වෙන්නෙ නැත. සමහරු සිංහල, ඉංගීසි භාෂා දෙකම මිශ්‍ර කර සිංග්‍රීසි වලින් කතා කරනවා. ඔවුන් ඒ කතා කරන විදිහට හේතු
දක්වනවා, ‘ජනතාව ඉල්ලන දේ තමයි ඒ’ කියලා. ඇත්තටම ඒක බොරුවක්. ඒ විදිහෙ දේවල් කියලා ජනතාව අවතක්සේරුවට ලක් කරන එකට එකඟ වෙන්න බෑ.
අද ජනමාධ්‍ය ලෝකයට එන බහුතරය තමන්ගෙ කාර්යය හඳුනාගෙන භාෂා පිළිබඳ දැනුමින්, අවබෝධයෙන් වගේම ඒ කරුණු ප්‍රගුණ කරපු අය නෙමෙයි. අත පය විසි කරලා ඔළුව වනලා, ඇගෙන් භාගයක් නිරාවරණය කරගෙන වැඩසටහනක් ඉදිරිපත් කරන්න පමනක් ඔවුන් දන්නවා. අඩුම තරමින් ඔවුන් තුල තමන් කියන දේ ගැනවත් වැටහීමක් නෑ.

පත පොත හොඳින් පරිශීලනය කරන්න ඕන නිවේදකයෙක් වුණහම. ජනමාධ්‍ය තුළ ඉන්න කෙනා ලෝකය සමඟ ඉදිරියට යන්න නම් දවසින් දවස සියලු තොරතුරු පිළිබඳව දැනුවත් විය යුතුයි.

එහෙම දැනුවත් වෙන්නෙ සුළු පිරිසක්. අද නාලිකාවලින් නළු නිළියන්ව, නිවේදකයෝ බවට පත්කරලා තියෙනවා. ඒකට වරදක් කියනවා නෙවෙයි. නමුත් මොන යම් ක්ෂේත්‍රයක සිටින කෙනෙක් වුණත් නිවේදන කටයුත්තක නියැළෙනවා නම් ඔහු භාෂාව පිළිබඳව මෙන්ම තමන් ඉදිරිපත් කරන දේ පිළිබඳව අවබෝධයෙන් සිටිය යුතුයි.

මවූ බස හොදින් හැසිරවිය නොහැකි කිසිවෙකුටත් අලුතින් යමක් නිර්මාණය කල නොහැක. ඊලගට ඔයාලාට පුළුවන් ඇගිල්ලක් දික් කරන්න ඉංග්‍රීසි නිසා තමයි මේ විනාශය උනේ කියලා... නැහැ. කවදාවත්ම එක් භාෂාවකට තවත් භාෂාවක් විනාශ කරන්න බැහැ. භාෂාවක් විනාශ විය හැක්කේ භාෂා දෙකක් මිශ්‍ර වූ විට පමණි. අද අපි අත්විදිමින් පවතින්නේ එය නොවේද?? මදකට සිතා බලන්න.....

වරක් එක්තරා එෆ්.එම් නාලිකාවක වැඩසටහනකට මහාචාර්ය නන්දදාස කෝදාගොඩයන් සහභාගී විය. නිවේදකයා "අද අපි සමග දොඩමළු වෙන්න ඇවිත් ඉන්නේ නන්දදාස කෝදාගොඩ මහාචාර්යතුමා" කිව්වාලූ.
එතකොට මහාචාර්යතුමා "අනේ මට දොඩමළු වෙන්න බෑ. පිස්සු කියලා හිතයි නේ. අපි කතා කරමු හිමීට" යැයි පැවසුවා.

එසේ නම් පාඨකයිනී මා ඔබට සිතන්නට යමක් ඉතුරු කරලා මගේ ලිපිය අවසන් කරනවා. මදක් සිතන්න අද ජනමාධ්‍ය ලෝකය මෙසේ අවරට ගිය නිවේදක නිවේදිකාවන්ගෙන් පිරී ඇත්නම් හෙට දවස කෙසේ විය හැකිද? ??
 
Last edited:

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඉස්සර හිටිය නිවේදයකින්ගේ කතා විලාශයෙන් දැන් ඉන්න අයට ගන්න ගොඩක් දේවල් තියෙනවා. කිසි ප්‍රමිතියක් නැතුව මේවගේ උන් නිවේදනයට ගෙනාපුවාම වෙන්නේ විනාශයක්ම තමයි
     
    Shan Rox

    Member
    Jan 16, 2011
    95
    27
    0
    ඉස්සර හිටිය නිවේදයකින්ගේ කතා විලාශයෙන් දැන් ඉන්න අයට ගන්න ගොඩක් දේවල් තියෙනවා. කිසි ප්‍රමිතියක් නැතුව මේවගේ උන් නිවේදනයට ගෙනාපුවාම වෙන්නේ විනාශයක්ම තමයි

    එක නම් ඇත්ත සහෝදරයා..
     
    hackerj

    Well-known member
  • Aug 3, 2007
    1,431
    430
    83
    Inside ma hEaRt
    වරක් එක්තරා එෆ්.එම් නාලිකාවක වැඩසටහනකට මහාචාර්ය නන්දදාස කෝදාගොඩයන් සහභාගී විය. නිවේදකයා "අද අපි සමග දොඩමළු වෙන්න ඇවිත් ඉන්නේ නන්දදාස කෝදාගොඩ මහාචාර්යතුමා" කිව්වාලූ.
    එතකොට මහාචාර්යතුමා "අනේ මට දොඩමළු වෙන්න බෑ. පිස්සු කියලා හිතයි නේ. අපි කතා කරමු හිමීට" යැයි පැවසුවා.

    Meeka maxa :D
     
    Shan Rox

    Member
    Jan 16, 2011
    95
    27
    0
    good post :)
    බොහෝම ස්තුතියි :yes:

    වරක් එක්තරා එෆ්.එම් නාලිකාවක වැඩසටහනකට මහාචාර්ය නන්දදාස කෝදාගොඩයන් සහභාගී විය. නිවේදකයා "අද අපි සමග දොඩමළු වෙන්න ඇවිත් ඉන්නේ නන්දදාස කෝදාගොඩ මහාචාර්යතුමා" කිව්වාලූ.
    එතකොට මහාචාර්යතුමා "අනේ මට දොඩමළු වෙන්න බෑ. පිස්සු කියලා හිතයි නේ. අපි කතා කරමු හිමීට" යැයි පැවසුවා.

    Meeka maxa :D

    බොහොම ස්තුතියි සහෝදරයා:yes:
     
    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    වටිනා ලිපියක්....අනිවාරයෙන්ම මෙවැනි වැඩසටහන්වල කිසිම හරයක් නැතිබව තවම අපෙ මිනිසුන්ට දැනෙන්නැති හැටි....
     
    Shan Rox

    Member
    Jan 16, 2011
    95
    27
    0
    වටිනා ලිපියක්....අනිවාරයෙන්ම මෙවැනි වැඩසටහන්වල කිසිම හරයක් නැතිබව තවම අපෙ මිනිසුන්ට දැනෙන්නැති හැටි....

    :yes:
    Shathika atta machan sahathika atta.... Nugaththu karana wadane bang owa,, :oo:

    නුගත් පිරිසට වැඩිය කරන්නේ බන් බුද්ධිමත් පිරිස් බන්..

    වටිනා ලිපියක් සහෝදරයා
    rep+

    :D
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    true :)

    issara 9.05 karapu Hema Nalin ehema kohomda? dan Ata pattama karana Hasanthala wage kattiya tama ithuru wela inne..oya chart show karana kello num melo wadakta na..singlish kata karanne..

    ITN eke yanawa Wenasa kiyala wadasatahank..anna eeka karana e kollo dennath niymai..

    me aluth kello boruwata posh eka penna yanwa
     
    සහතික ඇත්ත මචන්....

    sahathika aththa machan. meka thama dan thathwe lankawe

    එකනේ කියන්නේ යාලුවා