«»«»«» ලොව පතල වෙළඳ නාම වල උපත «»«»«»

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    «»«»«» ලොව පතල වෙළඳ නාම වල උපත «»«»«»

    Apple Computers



    gQWl.jpeg




    Apple සමාගමේ නිර්මාතෘ වරයෙකු වන ස්ටීව් ජොබ්ස්ගේ(Steve Jobs) ප්‍රියතම පලතුර ඇපල් වේ. ඔවුන් ගේ අලුත් සමාගමට නමක් යෝජනා කිරීමට ඔහුට පැවරුනු අතර මාස 3ක් ගත වූ පසුවත් ගැලපෙන නමක් ඔහුට කල්පනා නොවූ නිසා අවසන් දින සවස 5ට පෙර ඔහුගේ සගයන් වෙනත් හොද නමක් යෝජනා නොකලහොත් සමාගම Apple Computers ලෙස නම් කිරීමට ඔහු තීරනය කලේය.




    Yahoo!



    gQWV.jpeg






    ජෙරී යැන්ග්(Jerry Yang) සහ ඩේවිඩ් ෆිලෝ (David Filo)විසින් ආරම්භ කල සමාගම මුලින් හැදින්වූයේ David and Jerry’s Guide to the World Wide Web නමිනි. පසුව එය Yahoo! නමින් නම් කලේ “Yet Another Hierarchical Officious Oracle” යන්න අර්ථවත් කිරීමටයි. එසේම Yahoo යන නම මුලින්ම හදුන්වා දුන්නේ ගලිවර්ගේ චාරිකා(Gulliver’s Travels) රචනා කල ජොනතන් ස්විෆ්ට්(Jonathan Swift) විසින් වන අතර එමගින් ඔහු අර්ථවත් කලේ පෙනුමෙන් සහ ක්‍රියාවෙන් රෞද්‍ර වන අමනුෂ්‍යයෙකි. ජෙරී යැන්ග් සහ ඩේවිඩ් ෆිලෝ තමන් දෙදෙනා යාහූවරුන් දෙදෙනෙකු ලෙස හදුන්වා ගැනීමට කැමති වූවාදැයි යන්නත් සැකයකි.




    Hewlett Packard




    gQX8.jpeg






    Hewlett Packard සමාගමේ නිර්මාතෘවරුන් වන Bill Hewlett සහ Dave Packard නව සමාගමේ නම සදහා යොදා ගන්නේ Hewlett-Packardද Packard-Hewlettද යන්න තීරනය කලේ කාසියක් උඩ දැමීමෙනි.




    Intel



    gQXu.jpeg






    Intel සමාගමේ නිර්මාතෘ වරුන් වන Bob Noyce සහ Gordon Moore මුලින් තීරණය කලේ ඔවුන් ගේ සමාගම Moore Noyce ලෙස නම් කිරීමටයි.නමුත් එම නම හා සමානවම ශබ්දවන නමක් සහිත ඉලෙක්ට්‍රොනික භාන්ඩ නිපදවන සමාගමක්(More Noise) ලියාපදිංචි වී තිබූ නිසා එය භාවිතා කිරීමට ඔවුන්ට ඉඩක් නොලැබුනි.අවසානයේ ඔවුන් Intel යන්න යොදා ගත්තේ INTegrated ELectronics යන්න සංකේතවත් කිරීමටයි.




    Motorola



    gQXR.jpeg






    Motorola සමාගමේ නිර්මාතෘ පෝල් ගැල්වින්(Paul Galvin) ඔහුගේ සමාගම මෙනමින් නම් කලේ මෝටර් රථ සදහා රේඩියෝ නිපදවීම සදහා සමාගමක් ඔහු අලුතින් ඇරබූ විටයි.මෙය Motor සහ Ola යන වචන දෙකේ එකතුවක් වන අතර ‘Motor’යන්නෙන් මෝටර් රථත් ‘Ola’යන්නෙන් ශබ්දයත් නිරූපනය කෙරේ.




    Adobe



    gQYd.jpeg






    Adobe සමාගමේ නිර්මාතෘ ජෝන් වෝනොක්ගේ(John Warnock) නිවස පිටුපසින් ගලන ඇඩෝබි ක්‍රීක්(Adobe Creek) ගංගාවේ නමින් ඔහු Adobe සමාගම නම් කලේය.


    Java



    gQYB.jpeg






    ජාවා පරිඝණක ක්‍රමලේඛන භාශාව (Java Computer Programming Language)මුලින් හැදින්වූයේ ඕක් (Oak) නමිනි,ඒ ජාවා වැඩි දියුණු කල ජේම්ස් ගොස්ලින්ගේ(James Gosling) කාර්යාලය අසල තිබූ ඕක් ගස සංකේතවත් කිරීමටයි. පසුව එය Java නමින් නම් කලේ ජාවා ක්‍රමලේඛන භාශාව වැඩි දියුණු කල සමයේ ජේම්ස් ගොස්ලින් විසින් බෙහෙවින් පානය කල ජාවා කෝපි(Java Coffee) සංකේතවත් කිරීමටයි.




    Mercedes



    gQYT.jpeg






    සමාගමට මුදල් යෙදූ තැනැත්තාගේ දියනියගේ නමයි.




    CISCO



    gQZd.jpeg






    සැන් ෆ්‍රැන්සිස්කෝ(San FranCISCO) යන්නෙහි කෙටි නමයි.




    Corel



    gQZI.jpeg






    Corelසමාගමේ නිර්මාතෘ ආචාර්ය මයිකල් කෝප්ලන්ඩ්ගේ(Dr. Michael Cowpland) නමින් බිදී ආවකි. නමින් නිරූපනය වන්නේ COwpland Research Laboratory යන්නයි.




    Hotmail



    gR0c.jpeg






    Hotmail නිර්මාතෘ ජැක් ස්මිත්ට(Jack Smith) ලෝකයේ ඕනෑම තැනක ඇති ඕනෑම පරිඝණකයකින් E-Mailවෙත පිවිසීමේ අදහසක් සිතට නැගුනු අතර අනෙක් නිර්මාතෘ සබීර් භාතියා(Sabeer Bhatia) මෙය ව්‍යාපාර අදහසක් දක්වා වැඩි දියුණු කලේය.පසුව මේ සදහා සුදුසු නමක් සෙවීමට මොවුන් දෙදෙනා වෙහෙස වූ අතර Mail වලින් අවසන් වන බොහෝ නම් මේ සදහා සලකා බැලුනි.අවසානයේ මොවුන් නම ඒ සදහා Hotmail සුදුසු යැයි තීරනය කලේ html යන නමේ අඩංගු සියලුම අකුරු එහි අඩංගු වූ නිසාවෙනි.එමනිසා මුල් කාලෙයේ ඔවුන් භාවිතා කලේ HoTMaiLයන නමයි.




    Google



    gR0G.jpeg






    මුලින්ම Google සමාගම හැදින්වූයේ Googol යන නමිනි. යන්නෙන් අදහස් කරන්නේ 1ත් සමග බින් දු 100ක් ඇති සංඛ්‍යාවයි. මෙමගින් ඔවුන්ගේ සෙවුම් යන්ත්‍රයට වරකට සෙවිය හැකි Information ප්‍රමානය පිලිබද හැගීමක් ලබා දෙයි. පසුව නිර්මාතෘවරුන් වන ස්ටැන්ෆර්ඩ් සරසවියේ(Stanford University) සිසුන් වූ සර්ජි බ්‍රින්(Sergey Brin) සහ ලැරී පේජ්(Larry Page) තම සෙවුම් යන්ත්‍රය ආයෝජකයෙකුට ප්‍රදර්ශනය කල විට ඔහුගේ ඉල්ලීම අනූව මෙය Google නමින් නම් කෙරුනි.




    Coca Cola



    gR11.jpeg






    Coca Cola සමාගමේ නම නිර්මාණය කලේ එහි අඩංගු කොකා කොල(Coca Leaves) සහ කෝලා ඇට (Kola Nuts) සංකේතවත් කිරීමටයි.




    Compaq



    gR1l.jpeg






    Compaq සාමගමේ නමින් නිරූපනය වන්නේ COMPAtibility and Quality යන්නයි







    Lotus(Notes)



    gR1F.jpeg






    Lotus(Notes) නිර්මාතෘ මිච් කපූර් (Mitch Kapoor) යෝග ගුරුවරයෙකු වූ අතර එහි නම ලෙස යොද ගත්තේ ප්‍රසිද්ධ යෝග අභ්‍යාසයක් වන පද්මාසනයේ (The Lotus Position) නමයි.




    Microsoft



    gR1T.jpeg






    Microsoft සමාගමේ නිර්මාතෘ වරුන් වන බිල් ගේට්ස් (Bill Gates) සහ පෝල් ඇලන්(Paul Allen) Microsoft නම යොදා ගත්තේ MICROcomputer SOFTware යන්න සංකේතවත් කිරීමටයි. මුලින් Micro-Softලෙස භාවිතා කලත් පසුව එය Microsoft ලෙස නම් විය.




    Sony



    gR21.jpeg






    Sony සමාගමේ නම නිර්මාණය වුනේ ශබ්දය යන තේරුම දෙන ‘Sonus’ යන ලතින් වචනයත් දීප්තිමත් කොලු ගැටයා යන අරුතින් ඇමරිකානුවන් එදිනෙදා ව්‍යවහාරයේදී යොදා ගන්නා ‘Sonny’ යන වචනයේත් එකතුවෙනි.




    SUN



    gR2o.jpeg






    SUN සමාගම නිර්මාණය කලේ ස්ටැන්ෆර්ඩ් විශ්වවිද්‍යාලයේ(Stanford University) මිතුරන් හතර දෙනෙකි.SUN යන්නෙන් අර්ථවත් වන්නේ Stanford University Network යන්නයි.




    Samsung



    gR2N.jpeg








    Samsung සමාගමේ නිර්මාතෘ ලී බුන්ග් චල්ට(Lee Byung-chull) අනූව Samsung යන්න කොරියානු වචනයක් වන අතර එහි මුල් කොටසින් විශාල බව හැගවෙන අතර පසු කොටසින් සදාකාලික බව හැගවෙයි.




    3M



    gR3f.jpeg






    Minnesota Mining and Manufacturing නැමති සමාගමේ මුල් නමේ ඇති අකුරින් ආරම් භ වන වචන 3 නිරූපනය කිරීමට පසුව එය 3M ලෙස නම් කෙරුනි.




    Nokia



    gR3t.jpeg






    Nokia සමාගමේ නිර්මාතෘ වන්නේ පින්ලන්ත ජාතික ෆෙඩ්‍රික් ඩෙස්ටාම්ය( Fredrik Idestam). මුලින්ම මෙම සමාගම කඩදාසි කර්මාන්තයත සම්බන්ධ සමාගමක් විය. මෙම සමාගම මුලින්ම ආරම්භ වූයේ නිරිත දිග පින්ලන්තයේ නොකියා(Nokia) නගරයේ වූ අතර එම නිසා එම සමාගම අදටත් ලෙස හදුන්වයි.




    Ericsson



    gR3P.jpeg






    Ericsson සමාගමට නම ලැබුනේ එහි නිර්මාතෘ වූ ලාර්ස් මැග්නස් එරික්සන්ගේ(Lars Magnus Ericsson) නමිනි.




    Toyota



    gR3Z.jpeg






    Toyota සමාගම මුලින් හැදින්වූයේ එහි නිර්මාතෘ වූ කිචිරෝ ටොයෝඩාගේ (Kiichiro Toyoda) පවුල් නාමය වූ ටොයෝඩා(Toyoda) යන නමිනි.නමුත් පසුව එහි නම ටොයෝටා ලෙස නම් කලේ ජපන් භාශාවෙන් ටොයෝටා නම ලිවීමේදී අවශ්‍ය වන්නේ ඉරි 8ක් පමනක් නිසාත්(ජපන් ජාතිකයන් ට 8 යන්න වාසනාවන්ත ඉලක්කමකි) ටොයෝටා යන්න කියවීම ටොයෝඩා යන්න කියවීමට වඩා පහසු වීමත් නිසාය.




    gR5i.gif