හ්ම්ම් හරි හරි එහෙනම් ඔයා පැටියව දොඉ කරවන්නකෝ ඔඩොක්කුවට අරන්, බලමු දරු නැලවිලි එහෙම දන්නවද කියල, මොකද ඉතින් අපේ බබාව එහෙම හදන්න දැනගන්න ඕනනේ
ආ ඒවාට තව කල් තියනවා, ඔයා වැඩිය කලබල වෙන්න එපා ඒ ගැන, කලට වෙලාවට සිද්දවෙයි,
ඔව් ඔව් එකනම් ඇත්ත තමයි, අම්මප මගේ ඇත පය හොලොගන්න පුළුවන් උනානම් මන් කලයි වෙලාවයි දෙකම වෙනස් කරනවා,
අනේ හරි හරි චන්ඩිය බලමුකෝ කට වගේම වැඩ තියෙයිද කියල,අපිත් ඉතින් මේ මහා නුවරමනේ ඉන්නේ,
හරි දැන් මගේ හොඳ මහත්තය වගේ දොයිය බබා කියන්න, මන් ඔලුව අත ගානනම් නින්ද යනකන් ඔයාට
ඔලුව අත ගෑවේ නැතත් කමක් නෑ මගේ ලඟින් ඉන්න, බේත් ඕනෙත් නෑ සනීප වෙයි මට,
හරි දැන් දොයිය ගන්න මන් ඉන්නවනේ ඔයාගේ ලඟින්,
...................................................................................................................
අනේ පොඩි එකෙක් වගේ නිදාගෙන ඉන්න විදිය, කීයටද පුතේ නිදා ගත්තේ?
රැ මැදක් වෙනකන් කියව කියව ඉඳල එහෙන්මම නින්ද ගියා අම්මේ, ඔලුව රිදෙනවා කීව එක නිසා ටිකක් ඔලුව ඇත ගැව, එහෙන්මම් නින්ද ගියා, මම ඉතින් ඔඩොක්කුවේම ඉන්න දුන්න, නැගිට්ටෝත් කියල බය හිතුන,
අනේ ඉතින් ඔය එලිවෙනකන්ම ඇහැරිලද පුතේ?
ඔයා පව් ලොකු පිනක් කරගත්තේ රත්තරනේ මේ වෙලාවේ උදව් කරලා,