හරි හරි දැන් ඕක නවත්තගන්න අන්න දොක්ටයි අප්පච්චිය් මේ පැත්තට එනවා පුතා,
කොහොමද පුතා දැන්? ඔයාගේ ඇඟේ අමාරුව අඩු උනාද? ඊයේ රෑ නින්ද ගියාද?
අනේ ඔව් අන්කල් දැන්නම් ගොඩක් හොඳයි ඇගටනම්, ඔලුව තමයි ටිකක් රිදෙන්නේ, හරවන්න එහෙම ටිකක් අමාරුයි
එක තමයි පුතා මම ඔයාට ඊයේ පේන් කිලර් එකක් ඉන්ජෙක් කලේ, ඔලුවෙනම් තුවාලේ ටිකක් වේලෙන්න කල් යයි, එක ටිකක් ගැඹුරට වෙලා තියෙන්නේ, ඔයා ගොඩක් වාසනාවන්තයි මොකද මොලේට ලේ ගියානම් එහෙම තත්වේ මීට වැඩ ගොඩක් බරපතල වෙන්න ඉඩ තිබ්බ,
ඇත්තටම පුතා මොකද්ද මේ සිද්දිය, අයි ඔයාල මේ වගේ මදාවියොත් එක්ක පැටලෙන්න ගියේ?
එහෙම දෙයක් නෑ අන්කල් මේ පොඩි ප්‍රශ්නයක් ඇත්තටම අපි පැටලෙන්න ගියා නෙවේ, උන් තමයි අපිට ගැහුවේ,
හරි හරි දැන් කමක් නෑ උන දේවල් සිද්ද උනා, ඒවගෙන් වැඩක් නා, මන් පුතාව සනීප කරලා දෙන්නම් ඔයාගේ වයිෆ්ටයි අම්මටයි
ම්ම්ම් ඇත්තටම ඩොක්ටර් මේ අපේ හිතවත් දුවක්, අපේ ලොකු දුවගේ හොඳම යාළුවා,
අයියෝ එහෙමද ඇම් එක්ස්ට්‍රීම්ලි සොරි දුව, මන් හිතුවේ ඔයාල හස්බන්ඩ් ඇන්ඩ් වෛෆ් කියල කොහෙද මේ අපේ මිස් කෙනෙක්නෙ මාවත් නොමග යැව්වේ, මොනවා උනත් ඔයා ලෙඩාව හොඳින් බලාගන්නවා, මේ වගේ කෙනෙක්ට වේද කම වගේම හෙද කමත් ගොඩක් වටිනවා දුව,
අනේ එකට කමක් නෑ අන්කල්, සමීර මගේම මල්ලි වගේ තමයි, මට පුළුවන් විදියට ඉතින් හැම දේටම හෙල්ප් කරන්නම්.