සන්ධාන රජයට එරෙහි වැඩපිලිවෙලට නායකත්වයට ලබාදීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂය පවසයි. රජයේ ජනතා විරෝධී වැඩපිලිවෙලට එරෙහිව පක්ෂය කඩිනමින් සංවිධානය විය යුතු බවද පොලොන්නරුව ප්‍රදේශයේ පැවති පක්ෂ කි‍්‍රයාකාරි හමුවකට සහභාගි වෙමින් එම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
තමන් අග්‍රාමාත්‍යවරයාව සිටි කාලයේ රෝම ගිවිසුමට අත්සන් නොකළ නිසා යුද ශ්‍රී ලංකාවට හෝ මේ රට කිසිදු පුද්ගලයකුට එරෙහිව කිසිදු යුධ අපරාධ චෝදනාවක් ගොනු කළ නොහැකි බව ද ඒ මහතා පවසා තිබේ.
ඒ අනුව ජනාධිපතිවරයා හෝ හමුදා නායකයින් හෝ ජාත්‍යන්තර යුධ අධිකරණයකට ගෙන යාමේ කුමන්ත්රනයක් ඇති බවට ඇතැමුන් කරන ප්‍රකාශවල කිසිදු පදනමක් නැතැයිද ඒ මහතා වැඩිදුරටත් කියා සිටී.