Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
සාමාන්‍ය රූප ස්වභාව :

මධ්‍යම ප‍්‍රමාණ සිහින් ශරීරය වෙයි. දික්වූ අවයව වේ. ප‍්‍රිය මුහුණ වේ. සෞම්‍ය පෙනුම වේ. සිවුමැලි ශරීරය හෙවත් සියුම් සම ඇති කෙනෙකි. ගොරෝසු දේවල් පරිහරණය කළ නොහැක.

ගතිගුණ :

කටකය උත්තරායනයෙහි උසස්ම තැන වේ. හිතට අධිපති චන්ද්‍රයා හිමි කටක ලග්නයේ උපන් අය උසස් සිතිවිලි ඇති තීක්ෂණ චින්තකයෝ වෙති. දුටු දේ කිරීමෙහි සමර්ථ වේ. තමාගේ යහපත් ගතිය නිසා අනුන්ගේ බස් විශ්වාස කර ඊට නැමේ. ක‍්‍රියා සූර වේ. උදාර අදහස් වේ. සෘජු අදහස් ඇත්තෙකු මෙන් පෙනේ. සඟවන රහස් ඉතා අඩුවේ. ධනවත් වේ. සමහරවිට මහා ධනවන්තයෝ වෙති. අඹුදරු ආදීන්ට ඇති තද ඇල්ම නිසා ගෙදරම වාසයට හිතැති වේ. නිර්භීතවාක් මෙන්ම භයගුලූ ද වේ. මිත‍්‍රයන් ඇතිකරගන්නාක් මෙන්ම නැතිවෙති. විපතට දුරදීම භයවන්නෙකි. හෙවත් කෙලින් වැඩි ප‍්‍රවේසම් වන්නකි. අනුන්ගේ විපතේදී අධිකව කම්පා වේ. කුඩා සතුන් කෙරෙහි ද පොඩි ළමයින් කෙරෙහි ද තමාට වඩා පහත් අය කෙරෙහි ද දුර්වල පක්ෂය හෙවත් ස්ත‍්‍රීන් කෙරෙහි ද හිතවත් වේ. සියලූ දුක් කරදර නඩුහබ නින්දා අපහාස මධ්‍යයේ වුවත් ප‍්‍රකට භාවයට පැමිණේ. ඉවසිලි ගතිය අඩුය. තරහ කල් නොපවතී. මහා ව්‍යාපාර ගැන සිතයි. කටයුතු ද එසේමය. විශාල ව්‍යාපාරවල මූලිකත්වය දැරීමට සුදුසු වේ. උස් පාත්වන ධනය හා තත්ත්වය ඇතිවේ. චන්ද්‍රයා ලග්නයේ නම් බොහා් කොටම එසේම වේ. ආගමික උත්සව වලට ප‍්‍රිය වේ. අවවාද දීමට අති දක්ෂයෝය. අන්‍යයන්ගේ ආරක්ෂාවට අවවාද දෙතත් තමා ඒවා ගැන එතරම් සලකා ආරක්ෂා නොවේ. අසදෘශ භාර්්‍යාවක් ලැබේ. ලෝකයේ මහා ශ්‍රේෂ්ඨ පුුරුෂයෝ මේ ලග්නයේ ඉපදී සිටියහ. දැනුදු සිටිත්. ඉරුගේ උත්තරායන ගමනේ මුදුන බැවින් ලෝකෝත්තර අදහස් ෙවි. දුර්වලකම් හැටියට පෙනෙන්නේ අධික අනුකම්පාවත්, වහා කිපීමත් නොඉවසිලි කමත් උස් පාත්වන තත්ත්වයත්ය.

රෝග :

ගලනාලයේ ආමාශයේ අසනීප, ග‍්‍රහණිය, අර්ශස් රෝගය, නිතර බඩ පිපුම, පිත්තාධික රෝග පහසුවෙන් සෑදේ. කටකයෙන් උපන් අයට පච්ච හෝ දියපච්ච ගල් පැළඳීම යහපති.
 

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අසදෘශ භාර්්‍යාවක් KIYANNE JARA GENIYEK KIYANA EKADHA :(
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අසදෘශ භාර්්‍යාවක් KIYANNE MOKADDA YAKO
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දික්වූ අවයව වේ
    :eek:
    0002041D.gif
     

    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මගේ කෙල්ලගේත් ලග්නේ කටක තමයි.එයාගේ එකම අවුල ක්ෂණික කෝපය තමයි. හැබැයි 30min වලට වඩා තරහ තියෙන්නෙත් නැහැ හිතේ. ඒක නැති කරගන්න මොකුත් කරන්න බැරිද බං. :confused::confused: බනිනකොට එපා වෙනවා. :baffled::baffled: තරහ ගිය වෙලාවට මමත් බැන්නොත් එයත් අඩලා කට වහගන්නවා. එත් මම ඒ ක්‍රමේට මම කැමති නැහැ. :no::no: :(:(
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මගේ කෙල්ලගේත් ලග්නේ කටක තමයි.එයාගේ එකම අවුල ක්ෂණික කෝපය තමයි. හැබැයි 30min වලට වඩා තරහ තියෙන්නෙත් නැහැ හිතේ. ඒක නැති කරගන්න මොකුත් කරන්න බැරිද බං. :confused::confused: බනිනකොට එපා වෙනවා. :baffled::baffled: තරහ ගිය වෙලාවට මමත් බැන්නොත් එයත් අඩලා කට වහගන්නවා. එත් මම ඒ ක්‍රමේට මම කැමති නැහැ. :no::no: :(:(

    owa ohoma thama ban math kataka lagne matath taraha yanawa yakata wage :sorry: