වෛරස්_ගාඩ්_අපට_එපා_!!!

upulcla

Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    වෛරස්_ගාඩ්_අපට_එපා_!!!

    වෛරස් ගාඩ් අපට එපා ! - වෛරස් ගාඩ් නැතුව වෛරස් ඉවත් කිරීම.

    Vimasumblog+4.jpg



    මේ ලිපිය ගොඩක් අයට වැදගත් වේ යැයි සිතනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පරිගනකයේ වේගය අඩු වීම. මේකට හේතුවක් ලෙස වයිරස් ගාර්ඩ් එකක් භාවිතය සැලකිය හැකියි. තවද සමහරු වයිරස් ගාර්ඩ් දාගෙන හිටියත් දන්නෙම නැතුව වයිරස් කෙන්තුල් එකට හොර රහසේ ඇතුල් වෙලා. මේක නිසාත් පරිගනකයේ වේගය අඩාල වෙනවා. මේ නිසා අපේ අයට මල පනිනවා. මම අද ඔයාලට වයිරස් ගාර්ඩ් එකක් නැතුව වයිරස් අල්ලන හැටි කියලා දෙන්නම්.


    01.පලමුව පෙන් එක පරිගනකයට සම්බනධ කිරීමට පෙර
    My Computer වෙත පිවිසෙන්න.

    1.jpg


    02.ඉන්පසු ඔබගේ පරිගනකයේ ඇති හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව්ස් මත රයිට් ක්ලික් කරන්න. ප්‍රොපටීස් යන්න.
    Right Click - Properties.

    2.jpg


    03.ඉන්පසු එහි Quota Tab එක වෙත පිවිසෙන්න.Show Quota Click කරන්න.එවිට 02 වන රූපයේ දැක්වෙන වින්ඩෝ එක දිස්වේවි.එය 03 වන රූපයේ ආකාරයට සකස් කරන්න.Apply - Ok

    3.jpg


    04.එවිට පහත රූපයේ ආකාරයට පරිගනකයේ හාර්ඩ් ඩ්‍රයිව් එක පිරිනු / ෆුල් වී ඇති ලෙස දිස් වේ.

    4.JPG


    05.දැන් මෙලෙස සියලුම හාර්ඩ් ඩ්‍රයිව් වලට සෙටිංග්ස් හදන්න.නමුත් වින්ඩෝස් සෙවන් වලදී වින්ඩෝ සහිත ඩ්‍රයිව් එක පිරිනු / ෆුල් වී දිස් නොවේ.

    5.JPG


    06.එම නිසා Right Click On the Local Disk C: - Properties - Quota - Quota Entries.එවිට 02 වන රූපය දිස් වන වින්ඩෝව දිස් වේවි.ඉන්පසු ඔබගේ පරිගනකයේ යූසර් නේම් එක තියෙන තැන රයිට් ක්ලික් කර ප්‍රොපර්ටීස් යන්න.

    6.jpg


    07.එවිට පහත 01 වන රූපයේ දිස් වන වින්ඩෝව දිස් වේවි. එය 02 වන රූපයේ ආකාරය සෙටිංග්ස් සකස් කරන්න.Apply - Ok.

    7.jpg


    08.දැන් ඔබගේ පරිගනකයේ කිලෝ බයිට එකක ඉඩ ප්‍රමානයක් වත් ඉතිරි වී නැත. කොටින්ම කීවොත් ශෝර්ට් කට් එකක් පවා සකස් කළ නොහැක. එම නිසා වෛරස් එකක් කොපි වීමට ඉඩ නොමැත.එම නිසා වෛරසයකට පරිගනකයට ඇතුල් විය නොහැක

    8.JPG


    09.වෛරස් සැම විටම හයිඩ් වී හැංගී සිටී. එම නිසා අප වෛරසය හදුනාගැනීමට හයිඩ් වී ඇති ෆයිල් පෙනෙන ආකාරයට සකස් කරගත් යුතුය.මේ සදහා XP වල Tools - Folder Option.
    Seven Organize - Folder and Search Option

    10.jpg


    10.එවිට ෆෝල්ඩර් ඔප්ශන්ස් දිස් වේවි.එහි එකට යන්න. එවිට දෙවන රූපයේ ආකාරයට වින්ඩෝ එක දිස් වේවි. එහි 03 වන රූපයේ ආකාරයට සෙටිංග්ස් හදා ගන්න.Apply - Ok

    11.jpg


    11..දැන් ඔබ පෙන් එක පරිගනකයට සම්බන්ධ කරන්න.එවිට එහි සාමාන්‍ය අයිකන් එක වෙනස් වී තිබෙන්නට පුලුවනි. මෙය වෛරසයක් ඇති විට සිදු වන දෙයකි.

    12.JPG


    12.පෙන් එක උඩ ඩබල් ක්ලික් කළොත් වෛරස් එක රන් විට හැක. එම නිසා පෙන් එක උඩ රයිට් ක්ලික් කර එක්ස්ප්ලෝ කරන්න. නැතහොත් උඩ ඇති ඇඩ්‍රස් බාර් එකෙන් පිවිසෙන්න.

    13.jpg


    13.දැන් ඔබට පෙන් එකේ ඇති සියලුම ෆයිල් දිස් වේ.මෙම පෙන් එකේ තියෙන්නේ search.exe කියන වෛරස් එකයි.ෆයිල් ටයිප් එකේ අප්ලිකේශන් යනුවෙන් සදහන් වන අප පෙන් එකට ඇතුලත් නොකළ ෆයිල් වෛරස් ලෙස පහසුවෙන් හදුනාගත හැක.

    14.JPG


    14.දැන් මෙම වෛරස් එක පෙන් එකෙන් ඉවත් කිරීමට එම වෛරස් එකට අදාල ෆයිල් මකා දමන්න.

    15.JPG


    15.දැන් පෙන් එක ගලවා නැවත පරිගනකයට සම්බන්ධ කරන්න.එවිට නිවැරදි නියම අයිකන් එක දිස් වේ නම් වෛරසය ඉවත් වී ඇතැයි නිගමනය කළ හැක. නමුත් සමහර වෛරස් පෙන් එකේ ඇති ෆෝල්ඩර් වල ද සැගවී තිබෙන්න පුලුවනි. එම නිසා නැවත කලින් කී ආකාරයට පෙන් එකට පිවිස පරීක්ෂා කරන්න.

    16.JPG


    16.දැන් නැවත ඔබගේ පරිගනකයේ ඉඩ ලබා ගන්න පහත ආකාරයට හාර්ඩ් ඩ්‍රයිව් වල සෙටිංග්ස් හදා ගන්න.

    17.jpg



    දැන් කස්ටියට හිතෙන්න පුලුවන් මේක මහ අමාරු වැඩක්. ගොඩක් වෙලා යනවා. ඊට වැඩිය හොදයි වෛරස් ගාඩ් එකක් භාවිතා කළා නම් කියලා. ඒත් මේ ලිපිය කියවන්න ගියා මෙන් එපමන කාලයක් ඔය සෙට්ංග්ස් හදා ගන්න වෙලා යන්නේ නෑ. මේකට ගතවන්නේ විනාඩියක පමන කාලයකි.



    මගේ අනෙකුත් Thread නිකමට වගේ බලාගන්න ඕන අයට පමණයි..!!

    http://www.elakiri.com/forum/tags.php?tag=upulcla
     

    Mirrors

    Well-known member
  • Feb 29, 2012
    2,543
    386
    83
    කෑගල්ලේ
    :cool::cool: ස්තුතියි මචන් ...rep ඉවරයි බන් :no::no:.. හෙට දෙන්නම්... ගොඩක් මහන්සි වෙලා තියනවා... :):):cool::cool:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පළමුවෙන් ම වයිරස් ගාඩ් එකක් පාවිච්චි නොකිරීම කොහෙත් ම අනුමත කරන්නෙ නෑ. දෙවෙනි කාරණය තමයි Autorun ඩිසේබල් කරල තියන පරිගණකයකට එවැනි ඩිවයිස් සවි කළා කියල ඒව බොහෝවිට Auto ක්‍රියාත්මක වෙන්නෙ නෑ අපි වැරදි විදියට ඕපන් කරන්න ගිහින් එහෙම ක්‍රියාත්මක කර‍ගත්තොත් ඇරෙන්න. ඔය ක්‍රමයට වඩා Autorun ඩිසේබල් කරන එක ලේසි වැඩක්.

    ඔය කියල තියනව විදියට එහෙම ඩිවයිස් එකක් උඩ Double Click කිරීම වයිරස් රන් වීමට බලපාන කාරණයක් තමයි. ඒ වගේ ම මං රයිට් ක්ලික් කිරීමත් අනුමත කරන්නෙ නෑ. මොකෝ අපිට වැරදිලා Left Mouse Button එක Click වීමට වගේ ම Option Menu එකේ වෙන Command එකක් Click වෙන්න පුලුවන්. හොඳම දේ මුලින් ම Windows XP, Windows Vista, Windows 7 වලදි නම් Start මෙනුවෙන් ගොස් Windows Explore එක ලබාගැනීම හා එහි වම්පස ඇති Tree View එකෙන් අදාල ඩිවයිස් එක තේරීම. Windows 8 වලනම් Task Bar එකේ ම ඒ අයිකන් එක තියනව.

    ඔය ක්‍රමය පාවිච්චි කිරීම වරදක් නෑ වයිරස් තමන්ගෙ ෆයිල්ස් ඇතුලට යයි කියල හිතෙනවනම් ඒ ඩිවයිස් එක සවිකිරීමේදි. ඒත් ඕකත් ආරක්ෂිතම ක්‍රමයක් වෙන්නෙ නෑ සමහර වයිරස් එක්ක. විශේෂයෙන් Boot Sector හා වින්ඩෝස් Root ලෙවල් ඇටැක් කරන වයිරස් සමඟ.

    අර කියල තියන විදියට Show Hidden Files Folder or Drives, Hide protected operating system files කියන දෙක සකස් කරල තියන එක වැදගත්. හැබැයි Operating System එකට අදාල වැදගත් ම වෙන ෆයිල්ස් මකන්නෙ නැතුව ඉන්න වගබලාගන්න ඕන. ඊට අමතරව Hide extensions for known file type කියෙන එකේ හරි සලකුණත් ඉවත් කරන්න. මොකද ඒකෙන් අපිට මොන extension එකකින් යුක්ත ෆයිල් එකක් ද කියල බලාගන්න පුළුවන්.

    මගේ අදහස් කිවුවෙ. ඔයාගෙ මහන්සිය හෑල්ලුවට ලක්කලා නෙමෙයි. ස්තූතියි මේ වගේ ත්‍රේඩ් දාල අපේ කට්ටියව දැනුවත් කරනවට :D
     

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    එල උපුලෝ එල, ගොඩාක් වැදගත්, මහන්සිය අගය කොට සලකනවා, ට්‍රය් කරලා බලන්නම්, අඩුපාඩුවක් තිබ්බොත් PM කරන්නම් සලකපන් මචෝ;)
     
    • Like
    Reactions: upulcla

    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63

    මගේ අදහස් කිවුවෙ. ඔයාගෙ මහන්සිය හෑල්ලුවට ලක්කලා නෙමෙයි. ස්තූතියි මේ වගේ ත්‍රේඩ් දාල අපේ කට්ටියව දැනුවත් කරනවට :D
    :):)
     
    • Like
    Reactions: SP22614

    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල

    මගේ අදහස් කිවුවෙ. ඔයාගෙ මහන්සිය හෑල්ලුවට ලක්කලා නෙමෙයි. ස්තූතියි මේ වගේ ත්‍රේඩ් දාල අපේ කට්ටියව දැනුවත් කරනවට :D


    ela macho..thanks :yes::yes::yes::yes: