අද ලොව පුරා ඇති ආර්ථික අර්බුදය කෘතිම අර්බුදයක්. මිනිසාගේ පැවත්මට ඇති තරම් ඕන මූලික දේ පෘථිවිය තුල තියෙනවා.නමුත් මුදල් මත දුවමින් අනවශ්‍ය දේවල් නිෂ්පාදනය මත පදනම් වූ අසම්පූර්ණ තාක්ෂනයක් මත දුවන මතවාදයක තියෙන පසුබෑම සහ විනාශකාරි බව නිසයි මේ ආර්ථික අර්බුදය ඇති වෙලා තියෙන්නේ.පරිසරයට අනුගාමිව,ඒකට උචිත ලෙස දුවන ආර්ථිකයක් සකස් කරානම් මේ තරම් පීඩන තත්වයක මිනිසා සිටින්නේ නෑ.ඔබ විසින් කෘතිමව සකස් කල පරිසරයක ඔබ වහලුන් වෙලා.මිනිසාගේ මූලික අවශ්‍යතා ඉතා සරලයි.ඒවා ආහර,ඇඳුම්,බෙහෙත් නිවාස යන දේවල්.මේවාට විශාල ලෙස සම්පත් පරිබෝජනයක් ඕනී නෑ.මේවා පහසුවෙන් පරිසරයට හානි නොකර ලබා ගන්න පුලුවන්.මේකට ක්‍රමවත් ජන ගහන පාලනය සහ සරල වේගවත් ප්‍රවාහන සේවයක් හදන්න පුලුවන්.ඒ වෙනුවට අද කෙටි දුරක් යන්න කොච්චර කාලය නාස්ති කරනවද?
මිනිසා කියන්නේ කෙටිදුරක් ගමන් කරන ජීවියෙක්.මේකට කරන නාස්තිය විශාල වැඩියි.ඒක නිසා ක්‍රෙඩිට් ක්‍රන්ච් එකට විසදුම පහසුයි.