කොටි සංවිධානයේ සටන්කරේ ධනවාදයට,කුලවාදයට පීඩනය වුන දුප්පත් ලමයි.මේ අයගේ තිබුන සමාජ පීඩනය සහ පංති පීඩනය තමයි මේ අයගේ ප්රචන්ඩ සහ බෙදුම්වාදී දේශපාලනයට හේතුවුනේ.සිංහල තරුණයන් දෙවරක්ම රජයට එරෙහිව සටන් කරා.දෙමල තරුණයන් විශ්වාස කරේ බෙදිලා වෙන්වුනොත් ඒ අයට තරුණ අසහනය සහ සමාජ පීඩනයෙන් ගැලවෙන්න පුලුවන් වේවි කියලා.ඒක නිසා මේ ප්රශ්නය දිහා යථාර්තවාදිව,මානුෂික ඇසකින් බලන්න ඕනී. යුද්ධය නිමාවුනත් මේ අයගේ සමාජ පීඩනයට දීර්ඝ කාලීන විසදුමක් නෑ.ඒක නිසා මේ අය සමග එකතුවෙලා නිවරදි සාමූහික ජනතාවාදී දේශපාලන ගමන් මගක යා යුතුයි නේද?