අම්මේ කොහොම කොහොම හරි ගේම ගහල දන්නා වැඩ දාල දෙන්නව ඇවිලෙන්නේ නැතුව යවා ගත්ත, දැන් තමයි අමාරුම හරිය දිලිනි මොනවා කියයිද මන්ද, ගානක් නැතුව ඉන්න ඕනේ, නර්ස්ගේ සිද්දිය නොතේරුන සාම්පලේට
ඇයි බබා ඔයා ගිහින් එන්න පරක්කු උනේ?මන් කොච්චරවෙලා බලන් හිටියද? ලලියත් ඇවිත් ඉඳල ඔයා එද්දිම වගේ ගියේ, මන් අපි ගැන විස්තරේ කීව බබා, මිනිහටත් හතර වරන් වෙලා ගියා කතාව ඇහුවම,
අනේ බබා ඔයා එයාලටත් කීවද? අයියෝ ලැජ්ජයිනේ මට, ලලිත් මල්ලි මොනවා හිතුවද දන්නේ නෑ, ඔයානම් සමීර හදන්න බෑ, ළමයෝ මට දැන් ලලිත් මල්ලිගේ මූණ බලන්නත් මොකද්ද වගේ, ඇයි බබා දැන්ම කියන්න ගියේ?
ඒක යකාගේ කතාවක්නේ බබා, මන් ආදරේ කරන කෙල්ල ගැන ඕන කෙනෙක් එක්ක කියන්න මට පුළුවන්, මන් මොකටද බය වෙන්නේ?
ඒ වුනාට මැණික මටනම් ෂයි වගේ, මන් ඔයාට වඩා වදිමලනේ රත්තරනේ මිනිස්සු මොන හරි කියයි, මටනම් ප්රශ්නයක් නෑ, එත් ඔයාට මොනා හරි කියනකොට මට ඒක ඉවසගන්න බැනේ වස්තුව, අපි මේ කරන්නේ වරදක් නෙවේ නේද බබා?
අනේ පිස්සු කියවන්න එපා දිල් අපි අපිට ආදරේනම් අපිව තේරුම් අරන් ඉන්නවනම් ආයේ තව මොනවද?අපිට සමාජේ හදන්න බෑ බබා, අනික ඔයා කතන්දර හදන එවුන්ගෙන් නෙවෙයිනේ අපි ජීවත් වෙන්නේ, ඒක නිසා අපි මොකටද ඒක එකාට බය වෙන්නේ?
ඔයා කියන ඒක ඇත්ත බබා එත් අනේ මන්ද,
හරි හරි මන් මගේ මහත්තය කියන දෙයක් අහගෙන ඔයාගේ ළඟටම වෙලා ඉන්නම්කො එතකොට හරිනේ, මගේ පණ්ඩිත කොල්ල,
ඒක නෙවේ බබා දැන්නම් ඩොක්ටර් එන වෙලාවත් හරි නේද? ඔයාගේ දැන් ප්ලාස්ටර් ටිකත් අඩු කල නිසා ඉක්මනට ඩිස්චාර්ජ් කරයි නේද?
ඒක තමයි බබා මටත් දැන්නම් ඇති වගේ හිටිය, මන් හිතන්නේ අරුවනම් අද ගෙදර යවයි, උගේ ඉතුරු හරියත් බෙදාගෙන කාවේ මමනේ, ඒක නිසා මට තව ටිකක් ඉන්න වෙයි,
අනේ ඉතින් මගේ කට කියන ලස්සන විතරක් පිස්සු කොල්ල.