කොඩිතුවක්කු සේනාංකය
1505 දී සිදුවුනු පෘතුගීසි ආගමනයත් සමග දුණු ඊතල,හෙල්ල,පලිහ,තෝමරය,කඩුව, හුරු පුරුදු ලාංකික හේවා භටයන්ට තුවක්කු හා කාලතුවක්කු හඳුනාගන්නට ලැබුනි.මේවා පෘතුගීසීන්ගෙන් සිංහලයන් අතට ලැබුනු මුත් ඔවුන්ගේ තුවක්කු වලට වඩා ප්‍රබල හා හොද තත්වයේ තුවක්කු එකල ලංකාවේ සිංහලයන් අතින් නිමැවුනි.පෘතුගීසීන් හා ලන්දේසි යුගයන් හි සිංහල හමුදාව භාවිතා කල කොඩිතුවක්කුව නම් බිම තබා වෙඩි තබන තුවක්කුව එකල පැවති වැඩි ගිණී බලයක් ලබාදුන් තුවක්කුවක් විය.
මහත් රෞද්‍ර හඬක් පිට කරමින් වෙඩිල්ල පිට වන නිසා රෞද්‍ර යන අරුත ඇති කොඩි යන ද්‍රවිඩ වචනය මුලට යොදා කොඩිතුවක්කුව ලෙස මෙය හදුන්වා තිබේ.මෙම තුවක්කු විශේෂය යුද්ධයේදී මහත් ප්‍රයෝජනවත් වන නිසා මෙම තුවක්කු වලින් පහර දෙන සේනාව වෙනම සේනාංකයක් ලෙස ස්ථාපිත කරන ලද අතර එය කොඩිතුවක්කු සේනාංකය සෙල ප්‍රසිද්ධ විනි.කොඩිතුවක්කු හමුදාව මහනුවර යුගයේ යුධ කටයුතු වල ප්‍රධාන තැනක් ගත් හෙයින් එය යුධ හමුදාවට අයත් වැදගත් සේනාංකයක් විය.කොඩිතුවක්කුකාරයෝ නිතරම යුද්ධයට සූදානමින් වුන්හ.මහනුවර යුගයේ කොඩිතුවක්කු හමුදාවට යුද්ධ කිරීමේ කාර්යයට අමතරව වෙනස් කාර්යයන්ද පැවරී තිබුනු බව පෙනේ.හමුදාමය කටයුතු මෙන්ම ආරක්ෂක බලඇණී කටයුතුද ඔවුන්ට පැවරී තිබුනි.ඔවුහු සේවා මුර ක්‍රමයට දිසාවන්ගේ හා අදිකාරම්ගේ වලව් හා රජ මාලිගයද කොඩිතුවක්කු මඩුවේද මුර සේවයට එක්ව සිටියහ.මීට අමතරව සාහාසික අපරාධකරුවන් සොරුන් මෙල්ල කිරීම හා අත් අඩංගුවට ගැනීම පැවරී තිබුනේද කොඩිතුවක්කු හමුදාවටයි.
කොඩිතුවක්කු නිලමේ හෙවත් ලේකම් රජුගේ කාලතුවක්කු හමුදාවේ ප්‍රධානියා විය.එකල රාජ්‍ය නිලධාරීන් අතර ඔහුට උසස් තැනක් හිමි වී තිබුනි.මොහු දළදා පෙරහැරේ දෙවැනි ස්ථානයට පිරිවරත් සමගින් ගමන් ගත්තේය.පෙරහැරේ ඊලගට ගමන් ගත්තේ ඒ ඒ දිසාව භාර දිසාවේවරුන්ය.ඔවුහු තම තමන්ගේ දිසාවලට අයත් කොඩිතුවක්කු හමුදාවන්ගේ පාලනය භාරව කටයුතු කලහ.
කොඩිතුවක්කු තැන්පත් කරන ලද කාලතුවක්කු මඩුව හා වෙඩි බෙහෙත් ගබඩාව ඒ ඒ දිසාවේ වරුන්ගේ වලව් වලට යාබදව තනන ලදි.රජුගේ තුවක්කු මඩුව රජ වාසලට යාබදව සාදා තිබුනි.කොඩිතුවක්කු මොහොට්ටාල හෙයත් මුහන්දිරම් එක් එක් කොරලයේ කොඩිතුවක්කු හමුදාව භාර නිලධාරියා විය. සතරකෝරලයේ තුවක්කු හමුදාවේ මුහන්දිරම් කෙනෙකු යටතේ පැවරුනු බවත් ඔහු යටතේ දුරයා නම් සුළුමුලාදෑනියෙකු යටතේ හමුදාව පාලනය වූ බවත් සතර කෝරලය පිලිබඳ පුරාණ වාර්ථා වල සදහන් වේ.එදා සිංහලයන් විසින් සාදන ලද කොඩිතුවක්කු අදද ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශණය පිණිස තබා ඇත.
උඩරට රජුගේ විෂේශ බලකාය