ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවාද? : පු&#3

sudhara43

Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවාද?

    ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවාද?


    ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවා කියන අදහස ඒත්තු ගන්වන්න සාධක දෙකක් යොදා ගන්නවා. එකක් තමයි, කියවා බැලිය හැකි සාක්ෂි. පුරාණ පතපොතේ, සෙල් ලිපි ආදියේ ඇති දේවල්, අනෙක තමයි, දකින්න පුළුවන් සාක්ෂි. ඒ කියන්නේ ලෙන් චිත‍්‍ර හා ගල් කැටයම් හා මූර්ති ආදී දේවල්. මේවා ලෝකය පුරා සෑම රටකින් ම පාහේ හමුවෙලා තිබෙනවා. වචන දහසකින් කියන්න පුළුවන් දෙයක් චිත‍්‍රයකින් පෙන්වන්න පුළුවන් කියන කියමන සනාථ වෙන්නේ මේ දේවල් දැකීමෙනුයි.


    4.jpg


    පිටසක්වළ අමුත්තන්ගේ ලෙන් චිත‍්‍ර
    පුරාණ ලෙන් චිත‍්‍ර, ගල් කැටයම් හා මූර්තිවල දකින්න ලැබෙනවා අසාමාන්‍ය හිස් ආවරණ හා ඇඳුම්වලින් සැරසුණු මිනිස් රූප. ඒවායින් පිළිබිඹු වෙන්නේ වසර දහස් ගණනක් ඈත අතීතයේ පෘථිවියට ආ පිටසක්වළ අමුත්තන් ද? පිටසක්වළ අමුත්තන් ගැන චිත‍්‍ර, මූර්ති ආදී ලොව නන් දෙසින් දකින්න ලැබෙනවා. ඇමෙරිකාවේ යූටා ජනපදයේ සේබල් කැනියමෙන් පවා ලෙන් චිත‍්‍ර හමුවෙලා තියෙනවා. ඒ චිත‍්‍රවල ඉන්නවා අමුතු විධියේ ජීවීන්. ඔවුන්ගේ හිසේ ඇන්ටනා තිබෙනවා. හිස් ආවරණ (හෙල්මට්) පැලඳගෙන ඉන්නවා පේනවා. කිම්බර්ලි ඕස්ටේ‍්‍රලියාවේ හමුවන ලෙන් චිත‍්‍රවලින් ද නිරූපණය වෙන්නේ හෙල්මට් පැලඳ සිටින මිනිසුන්. අපේ මුතුන් මිත්තන්ට මේ වගේ චිත‍්‍ර අඳින්න හේතු වුණේ මොකක්ද? ඔවුන් ඇන්දේ ඔවුන්ට දකින්න ලැබුණු දෙයක් නම් ඔවුන් පිටසක්වළ අමුත්තන්ව දැකලා තිබෙනවා.

    3.jpg

    අවුරුදු 15,000 පැරණි නිර්මාණ

    ගෝතමාලාවෙන් හමුවෙලා තිබෙනවා, කෞතුක කලා භාණ්ඩ. ඒවායින් එකක් ඉතා හොඳින් පැහැදිලිව පෙනෙනවා ගගනගාමී ඇඳුමකින් සැරසී සිටින පුංචි මිනිසෙක්. මුඛ ආවරණයක් ඒ තැනැත්තාගේ පපුවේ තිබෙනවා, ඇඳුමට අයත් පාලක උපාංග පපුව මැද පිහිටා තිබෙනවා. අවුරුදු 15,000 කට ඈත අතීතයේ දී මිනිසා මෙවැනි කලා නිර්මාණයක් නිර්මාණය කළේ ඇයි? කොලොම්බියාවේ පුරාණ සොහොන් ගැබ්වලින් හමුවෙලා තිබෙනවා පුංචි පුංචි නිර්මාණ. මේවා නූතන ගුවන් යානාවලට සමානයි. සමබරව සවිකළ පියාපත්, ඉන්ධන ටැංකි හා බඳ, පිටුපස සමබරව නිර්මාණය කෙරුණු පසුපස තටුව මේවායේ දකින්න ලැබෙනවා. මෙවැනි දේවල් ස්වභාවිකව දකින්න, මේවා නිර්මාණය කළ අපේ පැරැන්නන්ට හැකි වන්නේ නැහැ. මේ නිර්මාණ හදලා තිබෙන්නේ නූතන ගුවන් යානා තාක්ෂණය හොඳින් අධ්‍යයනය කිරීමෙන් කියලා බැලූ බැල්මට පෙනෙනවා. අපේ මුතුන්මිත්තන් මේ නිර්මාණ කළේ අහසේ පියාසර කරමින් තිබෙන යානා දැකීමෙන් ද?

    1.jpg

    පුරාණ ගගනගාමියා

    තවත් අපූරු පුරාවස්තුවක් තිබෙනවා, තුර්කියේ ඉස්තාන්බුල් කෞතුකාගාරයේ. එහි එක් මූර්තියක් තියෙනවා. එහි සිටිනවා හිසක් නොමැති ගගනගාමියෙක්. මේ ගගනගාමියා ඉන්නේ කිසියම් ආකාරයක අභ්‍යවකාශ යානාවක් ඇතුළේ කුදු ගැහිලා වාඩි වෙලා. ඒක හරියට ගගන කැප්සියුලයක් වගෙයි. ඔහුගේ අත්පා, හිස් ආවරණය සමඟ සම්බන්ධ වන යානාවේ පාලන පද්ධතිය, ගගන ඇඳුමකින් ඔහු සැරසිලා ඉන්නා හැටි බැලූ බැල්මට හොඳින් පෙනෙනවා. එයා අභ්‍යවකාශයෙන් මෙලොවට ආවා කියලා කියන්න පුළුවන්. අපේ පැරැන්නෝ මොකක් හරි දෙයක් දැක්කා. ඔවුන්ට මොනවා හරි දෙයක් කියලා තිබෙනවා. ඔවුන් ඔවුන්ට අසන්න දකින්න ලැබුණු දේවල් තමයි, සිතුවම් ගත කළේ; මූර්ති ලෙස නිර්මාණය කළේ. අපේ පැරැන්නන්ට තිබුණේ දැන් වගේ දියුණු තාක්ෂණයක් නොවෙයි. ඔවුන් මේ නිර්මාණ කළේ ඔවුන්ට හැකි උපරිමයෙන්මයි. ලොව පුරා නන්දෙසින් එක ම විධියේ එක ම හැඩයේ නිර්මාණ බිහිවුණේ කොහොමද?

    2.jpg

    පලැන්කේ පිරමීඩයේ අබිරහස

    වඩාත් පුදුමසහගත අපූරු නිර්මාණය දකින්න ලැබෙන්නේ මෙක්සිකෝවෙනුයි. ඒ මායාවරුන් ගේ පැලැන්කේ පුරාවිද්‍යාත්මක භූමියෙන්. අද මෙම ස්ථානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සංරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්ථානයක්. වසර ගණනාවක් අමතක වෙලා තිබුණු මේ දේවාලය සොයා ගත්තේ ස්පාඤ්ඤ ගවේෂකයන් විසිනුයි. මෙහි දකින්න ලැබෙනවා ශත වර්ෂ ගණනාවක් පැරැණි පැලැන්කේ මහා පිරමීඩ. මේ පිරමීඩ පුරාණ දේවාල හා සොහොන් ගැබ් කියලයි සැලකෙන්නේ. එක් පුරාණ පිරමීඩයක් යට තිබෙනවා සොහොන් ගැබක් සැඟවෙලා. මේ සොහොන් ගැබේ තිබෙනවා ගලින් නිර්මාණය කළ කැටයම් හා චිත‍්‍රවලින් අලංකාර කළ මිනී පෙට්ටියක්. මෙහි මිහිදන් කර ඇත්තේ ‘පැකාල් ද ගේ‍්‍රට්’ නම් මහා රජ්ජුරුවෝයි.

    5.JPG

    පැකාල් රජු තමයි, හත්වැනි සියවසේ පාලකයා ලෙස කටයුතු කළේ. මහා පැකාල් රජ්ජුරුවෝ මියගියේ පැලැන්කේවලදීයි. ඔහුව මිහිදන් කරලා තිබෙන්නේ මේ ස්ථානයේදීයි. ඔහු එක්තරා විධියක අබිරහස් මායාවරුන්ගේ නායකයෙකු ලෙස ඉතිහාසයට එක් වී තිබෙනවා. ඔහු අඩි 8 ක් උස යෝධයෙක්. ඔහුගේ සොහොන් ගැබ වට කරලයි පැරැන්නෝ මහා පිරමීඩය නිර්මාණය කළේ. මායාවරුන් කිසියම් ආකාරයක දෙවියෙකු හැටියට සලකලා ඔහුට වැඳුම් පිදුම් කළා. මායාවරුන්ගේ චිත‍්‍ර හා කැටයම්වලින් ගලින් නිර්මාණය කළ සොහොන් පෙට්ටිය හැඩ ගැන්වී තිබෙනවා. එහි ඇති චිත‍්‍රවලින් පෙන්වන්නේ පැකාල්, මායාවරුන්ගේ පොළොව යට ඇති මළවුන්ගේ ලොවට යන අයුරු කියලයි. ඒත් පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන අය නම් පැකාල් සිටින එම චිත‍්‍රය අර්ථ නිරූපණය කරන්නේ වෙනස් ආකාරයකටයි. ඔවුන් කියන්නේ එයින් නිරූපණය කෙරන්නේ ගගන කැප්සියුලයක ගුළිවෙලා සිටින ගගනගාමියෙක් කියලයි. කැප්සියුලය එහෙමත් නැතිනම් ගගන යානාව පදවන උපකරණ, ඔක්සිජන් ටැංකි, යානාවේ පසුපස ගින්දර පිටවන අයුරු ආදී සෑම දෙයක් ම මේ චිත‍්‍රයේ දකින්න ලැබෙනවා. චිත‍්‍රයට අනුව පැකාල් එක් අතකින් යානාවේ ලීවර එහා මෙහා කරමින් එය පදවනවා. අනෙක් අතින් යතුරු පුවරුවක් කි‍්‍රයා කරවනවා. ඔහුගේ පාද කිසියම් පැඩලයකට සම්බන්ධ වෙලා තිබෙනවා. මේ කරුණු කාරණා නිසා වොන්ඩැනිකන් වැනි සමහරු කියන්නේ පැකාල් පිටසක්වළ ජීවියෙක් කියලයි. වර්තමානයේ අපේ ගගනගාමීන් ගගන ඇඳුමින් සැරසිලා රොකට්ටුවක හෝ ගගන කැප්සියුලයක නැගී ගමන් ගන්නා ආකාරය මේ චිත‍්‍රය හා සසඳා බලද්දී සමානකම් හොඳින් පෙනෙන්න තිබෙනවා. පැකාල් නිකම් ම නිකම් මායා රජ කෙනෙක්ද? නැතිනම් ඔහු දුර ඈත දේශයකින් පැමිණි විශේෂ අමුත්තෙක්ද? එහෙමත් නැතිනම් පිටසක්වළින් ආ අමුත්තෙක්ද? මේ ප‍්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තවමත් ඉදිරිපත් වෙලා නැහැ.

    සිතියමේ අභිරහස

    පිටසක්වළ ජීවීන් පුරාණයේ පෘථිවියට ආවා කියන්න තිබෙන සාක්ෂි රූපාක්ෂර, ලෙන් චිත‍්‍ර සහ මූර්ති විතරක් ම නොවේ. 1929 වසරේ දී ඉතිහාසඥයක් පිරිසකට හමුවුණා සිතියමක්. මේ සිතියම සිතුවම් කරලා තිබෙන්නේ ගිසෙල් නමින් හැඳින්වෙන අපි‍්‍රකා මුව වර්ගයකගේ සමකිනුයි. ඔවුන් ඒ සිතියමේ සුලමුල සෙව්වා. ඒ සිතියම ඇන්දේ 16 වැනි සියවසේ තුර්කි නාවික අද්මිරාල් කෙනෙක් කියලා හෙළි වුණා. ඔහුගේ නම පියරී රීස්. ඒ කාලේ ඇදපු අනෙක් සිතියම්වලට වඩා මේ සිතියමේ වෙනසක් තිබෙනවා. මේ සිතියමට ඇතුළත් වන භූමි ප‍්‍රදේශයන් ඒ වන විට සොයා ගෙන හෝ ගවේෂණය කර තිබුණේ නැහැ. සිතියමේ තිබෙනවා ඇන්ටාක්ටිකාවේ පිහිටීම අයිස් තට්ටුවලට යටින් තිබෙන. ඒක හරිම පුදුමයි නේද ? ඒ කියන්නේ මේ සිතියම නිර්මාණය කරලා තියෙන්නේ ඇන්ටාක්ටිකාව අයිස්වලින් වැසී යන්න කලින්. ඒ කියන්නේ මිලියන ගණනාවකට කලින් ඈත අතීතයේ. යුරෝපා වෙරළ තීරයන් හා උතුරු අප‍්‍රිකාව පවා මේ සිතියමේ ඉතා නිවැරදි ව සිතුවම් කරලා තිබෙනවා. විද්‍යාඥයන් පුදුම කර තිබෙන්නේ සිතියමේ ඇන්ටාක්ටිකාවේ පිහිටීමයි. ඊට හේතුව මේ භූමි ප‍්‍රදේශය සොයා ගනු ලැබුවේත් එය ගවේෂණය කළේත් මේ සිතියම ඇඳීමෙන් අවුරුදු 300 ගණනකට පසුවයි. ඇන්ටාක්ටිකාව වැසී තිබෙන්නේ සැතපුමක් පමණ ඝනකම් අයිස් ආවරණයකිනුයි.

    6.jpg

    සිතියම ඇන්දේ කොහොමද ?

    භූමිය විනිවිද දකින්න පුළුවන් විධියේ රේඩාර් තාක්ෂණය අපට ලැබුණේ 1958 වසරේ දීයි. ඒ නිසා 1531 වසරේ දී ඉතා නිවැරදි ව ඇඳපු මේ සිතියම ඇත්තට ම පුදුමාකාරයි. තවත් පුදුමාකාර දෙයක් නම් පෙරී රීස්ගේ එම සිතියම වර්තමාන ලෝක සිතියමක් උඩින් තැබුවොත් පෙනෙනවා පුරාණ සිතියම සෑම පුංචි දෙයකින් ම පවා වර්තමාන ලෝක සිතියමට කොතරම් හොඳින් සමානදැයි කියලා. සොයා ගෙන නොතිබුණු භූමි ප‍්‍රදේශ, ගංගා ඇළදොළ, කඳු වැටි සිතියමක ඇන්දේ කොහොමද? 1531 වසරේ ගුවනින් ගිය කිසිවෙකු හිටියා කියලා අපට කියන්න අමාරුයි. ඒක වෙන්න බැරි දෙයක්. 1531 කියන්නේ ගුවන් යානා ගැන නොසිතූ යුගයක්. ඒ විතරක් නොවේ ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු යට සැඟවුණු භූමි ප‍්‍රදේශය දැක්කේ කොහොමද? සමහර විද්‍යාඥයන් කියන්නේ මේ සිතියම ඇඳපු අය කාගෙන් හරි තොරතුරු ලබා ගන්න ඇති කියලයි. ඔවුන් ඇන්ටාක්ටිකාවට නොගිහින් තොරතුරු ගත්තේ කාගෙන්ද? ඒ තොරතුරු කීවේ ගුවනින් ගිය පිටසක්වළ ජීවීන්ද? මේ පැනයට පැහැදිලි පිළිතුරක් සොයන්න තවමත් කාටවත් හැකියාවක් ලැබිලා නැහැ.




    zxxxxxxxxxxxxxxx.jpg

     
    Last edited:

    sudhara43

    Well-known member
  • Nov 30, 2007
    1,067
    272
    83
    elazzz

    rep dunnalu langadi... :) den behelu

    ඔව් මචං උඹ මගෙ ඉස්සල්ල post එකට දීල තිබ්බ තමයි... කමක් නෑ පස්සෙ බලමුකො...


    You must spread some Reputation around before giving it to gcj again
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,210
    113
    ඔව් මචං උඹ මගෙ ඉස්සල්ල post එකට දීල තිබ්බ තමයි... කමක් නෑ පස්සෙ බලමුකො...


    You must spread some Reputation around before giving it to gcj again

    elaz... aniwa:)