මේක මචන් සිරා කතාවක් හරිය.මේක මට කියපු එකා ඇත්ත නම් ගම් කාටවත් කියන්න එපා කියපු නිසා මේ කතාවේ කොල්ලාට සමීර කියලයි කෙල්ලට චමරි කියලයි කියමු.
.
සමීරයි චමරියි දෙන්නම් ඉගෙනගන්නේ එකම ඉස්කෝලේ.ඉතින් අපේ අනිත් කොල්ලො කෙල්ලො වගේ කාලයක් යනකොට සමීරයි චමරියි ආදරේ කරන්න පටන් ගන්නවා.ඉස්කෝලෙ කාලෙ නිසා දෙන්නම කිසි ප්‍රශ්නයක් නැතුව මේ සම්බන්ධෙ දිගටම තියාගෙන යනවා.ඇත්තම කිව්වොත් දෙන්නට දෙන්නා බොක්කෙන්ම ලව්.:love:
.
දවසක් සමීර යනවා චමරිලගේ ගෙදර.චමරි තමයි ගෙදර කවුරුත් නැති වෙලාවක් බලලා කොල්ලට එන්න කියලා SMS එකක් යවලා කොල්ලව ගෙන්නගන්නේ.දෙන්නා හොදට කතා කර කර ඉන්නකොට එකපාරටම ගෙදර ඉස්සරහින් සද්දයක් එනවා ඇහෙනවා..:shocked:
.
වැඩේ බකල්:baffled:,චමරිගේ තාත්තා කලින් ගෙදර එනවා.(එන්නෙත් නිකන්ම නෙවෙයි හොද පදමට ගහලා)තාත්තව දැකලා බය උන පාර චමරි ඇද අස්සෙලු.කොල්ලට කරකියා ගන්න දෙයක් නැති උන පාර ඌ දොර අස්සට රිංගුවලු.(තාත්තා ඇතුලට ආව ගමන් රන් එක දෙන්න):lol:
.
මුගේ කරුමෙ කියන්නෙ මචන්ලා චමරිගේ තාත්තා අරක්කු බෝතලේ හංගන්නේ ඔය දොර ලග තියෙන මල් වාස් එකේලු.ගෙදර කවුරුත් ඔය සිද්දිය දන්නෙ නැ.ඉතින් ආයෙත් ලාවට ෂොට් එකක් දාගන්න හිතාගෙන දොර ගාවට යනකොට කව්ද එකෙක් එතන හැංගිලා ඉන්නවා දැකල පොරට මල් යායක් පැන්නලු.:growl:
.
"කව්ද යකෝ මගේ අරක්කු බෝතලේට ගේම දෙන්නේ?"..කියලා පැනපු ගමන් අරුට දුසිම් ගානට නෙලන්න ගත්තලු.(මේක ටයිප් කරනකොටත් මට හිනා යකෝස්):lol:
.
බැරිම තැන අරූ කෑ ගහනවලු,"චමරි එන්න,චමරි එන්න"..කියලා...
.
ඉතුරු ටිකනම් මමත් අහගත්තේ නෑ.මේක අහල මට එතනදි මැරෙන්න හිනා,ඒ මදිවට අරූ සිද්දිය නියමෙට රගපාලත් පෙන්නුවා..
.
හෆෝයි සමීර කොල්ලට වෙච්චි වැඩේ..:lol::lol:
 
Last edited:

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අව්ලක් නෑ මචං උඹට උනා කියල අපි කාටවත් කියන්නෙ නෑ :lol:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    වැලි ගොව්වා;12318242 said:
    හෆෝයි.මම ඉතින් බොලාට කියන්නේ නෑ.හරිය...ලොල්.:lol::lol:
    ah samira malli:rofl::lol: