CCNA පා‍ඩම

sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි දැන් ඊළග OSI Layer Model එක බලමු ඒ කියන්නේ 02 Layer එක

    02 Data Link Layer

    හරි අපි කලින් Layer එකේදී ඒ කියන්නේ network Layer එකේදි විශේෂයෙන් කතා කලේ Routers ගැනනේ (කවුරැ හරි කිව්වොත් Layer 03 device එකක් ගැන ඒ කතා කරන්නේ router එකක් ගැන කියලා මතක තියා ගන්න). අපි Data Link Layer එක එහෙම නැත්තම් Layer 02 වලදි කතා කරන්නේ Switches ගැන. Routers කියන්නේ අයියා නම් Switches තමයි මල්ලි :D:D:D:D.

    WS-C2950-24.jpg


    ඒ කියන්නේ කලින් කිව්වා වගේ කවුරැ හරි Layer 02 device එකක් ගැන කතා කරනවනම් ඒ කතා කරන්නේ Switch එකක් ගැන (මේ මම කිව්වේ CCNA objectives වලදි).

    හොදින් මතක තියා ගන්න
    Layer 02 වල PDU එක එහෙම නැත්තම් Layer 02 වලින් එළියට එන output එකට අපි කියන්නේ FRAMES කියලා

    මොකක්ද
    Data Link Layer එකින් කරන්නේ ?? මෙයා මූලික වශයෙන් කරන්නේ මෙයාට උඩින් ඉන්න ඒ කියන්නේ Physical Layer එක මගින් එන Bits (Bits කියන්නේ Physical Layer එකේ PDU එක) Bytes වලටත් ඒ Bytes නැවත Frames බවටත් හරවලා Network එකට මුදා හැරීම.

    අපි Network Layer එකේදි කතා කරපු Packets ටික
    Data Link Layer එකේදි Frame එකක් ඇතුලට දාලා අදාල Destination එකට යවනවා. මම කිව්වනේ Packet එකක් හදුනා ගන්න ඒ අදාල Packet එකට source IP address එකක් සහ destination IP address එකක් තියෙනවා කියලා (IP address වලට කියන තවත් නමක් තමයි logical address).

    ඒ වගේම තමයි
    Data Link Layer එකේදි හදන මේ Frames හදුන ගන්නත් එක්තරා ආකාරයක address වර්ගයක් භාවිතා කරනවා. මේ address වලට අපි කියනවා Physical address නැත්තම් Hardware Address එහෙමත් නැත්තම් MAC (Media Access Control) Address කියලා. අපැහැදිලිද ???

    අපි කෙටියෙන් පැහැදිලි කරගනිමු


    Network Layer එකේදි Packet එක හදුනා ගැනීම සදහා භාවිතා කරන්නේ


    • IP address (Logical Adderss). IP address එක 32 bit දිගයි ඒ කියන්නේ 4 Byte




    Data Link Layer එකේදි Frames හදුනා ගැනීම සදහා භාවිතා කරන්නේ


    • MAC address (Hardware Address / Physical Address). MAC address එක 48 bit දිගයි ඒ කියන්නේ 6 Byte

     
    Last edited:
    • Like
    Reactions: chint

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ඔයගොල්ලන්ට frames ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා හිතෙනවා. මොකද අපේ CCNA පාඩම් පුරාම කතා කරන වචන තමයි මේ. මේවා ගැන දැනීමක් නැතුව ඉදිරි පාඩම් වලට යන එක වැඩක් නෑ.

    කවුරැ හරි කෙනෙක් frames ගැන කතා කරනවනම් ඒ කතා කරන්නේ Layer 02 එහෙම නැත්තම් data link layer එක ගැන බව අපිට ඉක්මණින්ම කියන්න පුලුවන් වෙන්න ඕනේ. අනික ඔයගොල්ලෝ මේ Layers ගැන මතක තියා ගනිද්දි layer එකේ නමින් වගේම layer එකේ number එකෙනුත් මතක තියා ගැනීම අනිවාර්්‍යයි.

    තව දෙයක් තමයි
    data link layer එකේදි network එකක තියෙන වැරදි හොයාගන්න පුලුවන් ඒකට කියන්නේ Error Detection කියලා තව නමක් කියනවා Cyclic Redundancy Check (CRC) කියලා. පටලවා ගන්න එපා errors detect කරනවා විතරයි ඒ errors හදන්න data link layer එකේදි බෑ ඒ කියන්නේ Error Correction ඔට්ටු නෑ.

    කොහොමද
    errors detect කරන්නේ. ඔව් network එකක බොහෝ දුරට end devices (ඒ කියන්නේ pc's, printers වගේ දේවල්) කෙලින්ම සම්බන්ධ වෙන්නේ data link layer එකේදි අපි කතා කරන switches වලට ඉතින් ඉස්සෙල්ලාම errors එකක් ආවොත් ඒක detect වෙන්නේ data link layer එකට තමයි.


    එතකොට තව පොඩි වචන කෑලි දෙකක් ගැන බලමු.

    --------------------------------------------------------------

    Media Access Control (MAC):


    MAC address ගැන මම කලින් කිව්වෙනේ data link layer එකේ frame එකක source hop සහ destination hop අතර සම්බන්ධතාවය ගොඩ නගන්නේ මේ MAC address එක මාර්ගයෙන් තමයි. MAC address එක 48bit දිග address එකක් Byte වලින් කිව්වොත් 6 Byte දිගයි.

    මේකේ IEEE standard එක හදුන්වන්නේ 802.3 කියලා

    මේකෙදි තව පොඩි වැදගත් දෙයක් කියන්න තියෙනවා MAC වලදි flow control එහෙම නැත්තම් frame වල flow එක යම් දුරකට පාලනය කිරීමත් Media Access Control වලින් කෙරෙනවා. (හැබැයි මේක අපි transport layer එකේදි කතා කරපු flow control එක්ක පටලවා ගන්න එපා)
    ----------------------------------------------------------

    Logical Link Control(LLC):

    මෙයා තමයි network layer එකෙන් එන data packets ටික බලලා ඒවයේ protocol එක අනුව frame වලට හරවන්නේ (encapsulation)

    මේකේ IEEE standard එක හදුන්වන්නේ 802.2 කියලා
    ---------------------------------------------------------

    අපි data link layer එකේ පොඩි සාරාංශයක් අරන් බලමු.


    • data link layer එකේ PDU එක Frames



    • layer 02 වලදි Frames හදුනා ගන්නේ physical address (Hardware adderss) මගින්



    • data link layer එකේදි Error Detection කරනවා. Cyclic Redundancy Check (CRC)



    • layer 02 වල කොටස් දෙකක් ගැන කතා කලා MAC සහ LLC



    • layer 02 device විදිහට Switches සහ Bridges ගන්න පුලුවන්


    ඔන්න data link layer එකත් හරි. අපැහැදිලි තැන් තියෙනවනම්, වැඩි විස්තර අවශ්‍යනම් අහන්න මම පැහැදිලි කරන්නම්.





     
    Last edited:
    • Like
    Reactions: rotiya and ncpasan

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,326
    3,117
    113
    6°54′N 79°54′E
    yaluwa modem (dial-up serial modem) ekak haraha router eke aux/console ekata log wela karanna puluwan configuration witharada.nathnam network ekatatath(fa1-4) modem eka haraha link wenna puluwanda(only use aux/console port).

    dannawanam kiyala denna.:yes:


    copyofdrawing.png
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    yaluwa modem (dial-up serial modem) ekak haraha router eke aux/console ekata log wela karanna puluwan configuration witharada.nathnam network ekatatath(fa1-4) modem eka haraha link wenna puluwanda(only use aux/console port).

    dannawanam kiyala denna.:yes:


    copyofdrawing.png

    AUX port එක භාවිතා කරන්නේ MODEM එකක් හරහා Router එකේ IOS (Operation System) එකට log වෙන්න. Console Port එක භාවිතා කරන්නේ PC එකක් හරහා Router එකේ IOS (Operation System) එකට log වෙන්න.

    ඉතින් AUX port එක භාවිතා කරලා MODEM එකක් හරහා Router එකට log වුනාට පස්සේ සාමාන්‍ය පරිදි Router එකේ configuration කරන්න පුලුවන්.
    ඒ වගේම MODEM එක configure කරන්නත් පුලුවන් MODEM commands භාවිතා කරමින්

    අපිට Router එකට log වුනාට පස්සේ Router එකේ තියෙන සියලුම port වලට සම්බන්ධ වෙන්න පුලුවන් ඒ වගේම ඒ port වලට අදාල configuration කරන්න පුලුවන්.


     
    Last edited:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    අපි අද OSI layers වල අවසාන layer එක ගැන කතා කරමු

    07 TRANSPORT LAYER

    ඔන්න මේක තමයි යටම එහෙම නැත්තම් අන්තිමටම එක එක දේවල් වෙච්ච අපේ data සැබැවින්ම wire එක දිගේ අනිත් අන්තයට අරන් යන්නේ. අපි කවුරැත් දන්නවනේ වයර් එකක් දිගේ දත්ත අරන් යන්න පුලුවන් එකම ආකාරයටයි ඒ තමයි ඒක Digital Signal එකක විදිහට හරවන්න ඕනේ ඒ කියන්නේ bits (1 සහ 0) විදිහට තමයි ඔන්න transport layer එක මගින් data එහා පැත්තට යවන්නේ.

    ඒක නිසා මතක ති‍යා ගන්න
    transport layer එකේ PDU එක එහෙම නැත්තම් protocol data unit එක වෙන්නේ Bits

    ඒ වගේම තමයි DTE සහ DCE කියන සංකල්පයන් අපි භාවිතා කරන්නේ මේ 01 වෙනි layer එකේදි. මොකක්ද DTE සහ DCE ??

    DTE (Data terminal Equipment)
    DCE (Data Communication Equipment)

    මේ දෙක ගැන මම මෙතනදි කතා කරන්න යන්නේ නෑ‍ මොකද එහෙම කලොත් ඔයගොල්ලන්ට තේරෙන්නේ නෑ. මේ ගැන අපි routing පාඩමත් එක්ක වැඩි දුර කතා කරමු එතකන් මෙන්න මෙහෙම මතක තියාගන්න

    අපි දැන් internet connection එකක් අරන් තියෙනවා කියලා හිතමු. එතකොට අපේ service provider (SLT, mobitel, dialog) ඉදලා අපි අපේ PC එක මොන ආකාරයකින් හරි සම්බන්ධ වෙනවානේ ඒ සම්බන්ධ ‍වීමේදි service provider ගේ පැත්තට කියන්නේ
    DCE. ඒ වගේම අපේ පැත්ත DTE. මේක ඒ දෙදෙනා අතර communication එක සාදා ගැනීම සදහා උපකාරී වන ‍උපකරණ දෙකක් කිව්වත් හරි (router, CSU/DSU unit).

    අපි ඊළගට බලමු Physical Layer එකේදි භාවිතා කරන උපකරණ මොනවද කියලා. මම මීට කලින් සමහර layers වලදි භාවිතා කරන උපකරණ ගැන කිව්වා මතක ඇති

    Layer 03 (Network Layer) - Routers and layer 3 switches

    Layer 02 (Data-Link Layer) - Switches and Bridges

    එතකොට අපි Layer 01 වලදි එක උපකරණයක් ගැන කතා කරනවා. ඒ තමයි HUB

    DUB-H4_right.jpg


    ඔන්න පටලවා ගන්න එපා HUB කියන්නේ
    Physical Layer device එකක්.

    එතකොට ඔයගොල්ලෝ දැනටමත් දන්නවා ඇති HUB එකක් මගින් කිසිම විටක collision domain හෝ broadcast domain කඩන්නේ නැති බව. ඒ ගැන අපි මීට කලින් විස්තර ඇතුව කතා කරලා තියෙනවා මතක නැත්තම් පහත link ගිහින් බලන්න

    http://www.elakiri.com/forum/showpost.php?p=11304098&postcount=122

    ‍හොදයි ඔන්න එහෙනම් අපි OSI Layers තට්ටු හතේ නිර්මාණය ගැන කතා කරලා ඉවර කලා.

    හැබැයි ඔන්න ඉවරයි කිව්වට ඉවරම නෑ මම ඔයගොල්න්ගේ පහසුව පිණිස මේ layers 07 එකපාරටම මතක තියාගන්න පොඩි table එකක් හැදුවා. ඒකේ මේ අපි කතා කරපු හැමදෙයකම සාරාංශය ඇතුලත්
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මෙන්න මම OSI layers වල සාරාංශය. මම excel file එකත් දාන්නම් එතකොට ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනස් කම් කරගෙන පාවිච්චි කරන්න පුලුවන්.

    osilayers.jpg



    මෙන්න excel file එකේ link එක

    http://www.mediafire.com/?28un1rbnlnv44vq


    හරි අපි ඊට පස්සේ DOD MODEL වලින් හම්බ වෙමු.
     

    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    ape clz 1e den CCNA karanawa mata hodata therenawa , mata supiriyata kadda puluwanne akai :sorry::sorry::sorry:

    api wage kela wechcha ewnta lokuma loku udawwak sahoo ....

    godaaaak pin sahodaraya...... :):)
    digatama liyanada monama hethuwakatawath nawaththanada nam epooo......
    me widiyatama karanad epei api wage brite porawal walata therenda;););)
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ape clz 1e den CCNA karanawa mata hodata therenawa , mata supiriyata kadda puluwanne akai :sorry::sorry::sorry:

    api wage kela wechcha ewnta lokuma loku udawwak sahoo ....

    godaaaak pin sahodaraya...... :):)
    digatama liyanada monama hethuwakatawath nawaththanada nam epooo......
    me widiyatama karanad epei api wage brite porawal walata therenda;););)

    Thanks for reply. උදව්වක් ඕනේනම් ඉල්ලන්න.
     

    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    gatway 01 ක් කියන්නේ මොකක්ද ? , bridge 01 ක් කියන්නේ මොකක්ද ?

    gatway එකෙයි roter එකෙයි වෙනස මොකක්ද ,

    switch එකෙයි bridge එකෙයි වෙනස මොකක්ද ,
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    gatway 01 ක් කියන්නේ මොකක්ද ? , bridge 01 ක් කියන්නේ මොකක්ද ?

    gatway එකෙයි roter එකෙයි වෙනස මොකක්ද ,

    switch එකෙයි bridge එකෙයි වෙනස මොකක්ද ,



    Gateway
    මේවා දැන් ඇත්තටම පාවිච්චි කරන්නේ නැති තරම්. මේකෙන් කරන්නේ Network එකක් හරහා එක එක protocol වලින් එන massages අනිත් අන්තය වෙත යොමු කිරීම මෙහිදී අදාල protocol change කිරීම Gateway හරහා කරනවා. නමුත් Gateway වලින් කවදාවත් path selection කිරීමක් සිදු වෙන්නේ නෑ. හරියටම කිව්වොත් Gateway එකක් පාවිච්චි වෙන්නේ data exit/entry point එකක් විදිහට.

    අපි පොඩි උදාහරණයක් ගත්තොත් බිල්ඩින් එකක elevator system එක ගනිමු. යම් පුද්ගලයෙකුට අවශ්‍ය තට්ටුව සදහන් කලාම ඒ අදාල තට්ටුවට අරගෙන යනවා මේක Router එකේ ක්‍රියාවට සමාන කරන්න පුලුවන්. එතකොට අදාළ තට්ටුවට ආවම දොර ඇරිලා අපිට ඒ තට්ටුවට යන්න අවස්ථාව සලසනවා ඒ කියන්නේ ඒ තට්ටුවට enter වෙන්න අවස්ථාව ලැබෙනවා අන්න ඒ අවස්ථාව අපිට Gateway එකක කාර්්‍යයට සමාන කරන්න පුලුවන්



    Bridge
    මේ උපකරණයත් දැන් වැඩිය දකින්න ලැබෙන්නේ නෑ. මේක බොහෝ දුරට Switch එකට සමානයි switch එක වගේම මේකේ port ගානට සමානව collision domain තියෙනවා. Switch එකයි bridge එකයි අතර වෙනස් කම් කිහිපයක් තියෙනවා.

    Switch වල

    • Hardware Base
    • More Ports than Bridge මේක නිසාම Switch එකක් multi-port Bridge එකක් කියලා කියනවා
    Bridge වල



    • Software Base
    • Usually less ports than switch

    මම හිතන්නේ ඔබට පිළිතුරක් ලැබෙන්න ඇති. පැහැදිලි නැති තැනක් තියෙනවනම් අහන්න.
     

    N..A..1n kelauna

    Junior member
  • Mar 25, 2012
    71
    1
    8
    ගොඩක් පහේදිලි උනා සහෝ ගොඩක් ස්තුතියි ,
    පොඩි ගෙටළුවක් තියනවා ,, gatway 1 දී එයා mac addras 01 අදුන ගන්නේ නෙද්ද අදාල host ගේ ?, router & switch වලදී වගේ ?
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    ගොඩක් පහේදිලි උනා සහෝ ගොඩක් ස්තුතියි ,
    පොඩි ගෙටළුවක් තියනවා ,, gatway 1 දී එයා mac addras 01 අදුන ගන්නේ නෙද්ද අදාල host ගේ ?, router & switch වලදී වගේ ?

    අදුනගන්නවා නමුත් මූලිකවම IP Address එකෙන් තමයි filter කරන්නේ.
     

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    yaluwa mata podi awulak thiyenawa dynamic NAT ekan host 10(any number) ekawara internet access karanna denna puluwanda.

    පුලුවන් හැබැයි අපි හදපු Dynamic NAT pool එකේ real IP එහෙම නැත්තම් Public IP 10 ක range එකක් තියෙන්න ඕ‍නේ.

    Dynamic NAT වලදි අපි හදන pool එකේ තියෙන IP ගනනට සමාන Host ලා ගනනකට එකවර internet access කරන්න පුලුවන්

     
    • Like
    Reactions: gama22